Thursday, 31 May 2018

නිදි නැති රෑ සදහටම.

බබා මම දන්නවා ඔය ගොඩක් දුකෙන් කියල.
හෘද සාක්කියට විරුද්දවත්, ආදරේට පිටුපාලත්(හිතට එකගව නෙවේ)
ආදරේ නැහැ වගේ රඟපාල, බැනල වෙන් කරපු ආදරේ වේදනාව මම විදිනවා බබා.
කවදාහෝ යම් දිනක ඔයා දැක්කොත් මගේ ලිපි දැනගනී ආදරේ වේදනාව මමත් වින්ද කියල.
මම අර්ත්මර්ථකාමී වගේ සද්ද නැතුව ඉන්නවමත් නෙවේ බබා. ඔයාට තව දුක් දෙන්න මගේ හිත වාවන්නේ නැහැ.
එත් මම ඔයා ගැන තවමත් ගොඩක් හිතනවා.(අනේ මම කවදාවත් ඔයාට යේ රිද්දන්නේ නැහැ) ඔයාට මාව වේදනාවක් මම දන්නවා හැංගිලා ඔයා දිහා බැලුවොත් මිසක් බබා මම ඔයා ඉස්සරහට ඇවිත් රිද්දවන්නේ නැහැ. මට හැමවෙලාවෙම මතක් වෙනවා අපි ටොරින්ග්ටන් වල ඇවිදපු හැටි. අත් අල්ලාගෙන හිනා උන හැටි, සෙල්ෆි ෆොටෝ ගත්ත හැටි. මට ආදරේ දැනුන. මමත් ආදරේ කලා කරාවි හැමදාටම.
මාව අමතක කලාට කමක් නැහැ. මම දන්නවා මේ වේදනාව දුන්න එවුන් හැමගහන්න ඕන. මම ඒවගේ මෘගයෙක්.
මට ආදරේ දැනුන. ඔයා බබා මෘගයෙක්ටත් ආදරේ කරපු සුරංගනාවියක්. මම හිතින්ම කියන්නේ.
ඔයා හොඳින් ඉන්න. මටනම් ඔයාව අමතක කරන්න වෙන එකක් නැහැ මම මැරුණත්.
අයේ ලියන්නම් රත්තරන්. නින්ද යන්නේ නැහැ. මතක් වෙනවා ඔයාව.

දුකින් අප දෙදෙනාම.

ඔයා ඔයාගේ දුක තුනී කරගන්න ගහන හැම පාරක්ම-
ඉවසන්නම් බබා පැණි රසක් කියල හිතල.
වැරදි මම. මම දන්නවා. එත් මට ආදරේ හිතුන. ආදරේ ගොඩක් දැනුන.
මම ආත්මාර්ථකාමී වෙන්න ඇති මට නොදනිම.
මම කවදාවත් ඔයා කරන, කල දේකට තරහ නැහැ රත්තරන්.
ඔයා මාව අමතක කලත් මට ඔයාව කවදාවත්ම අමතකවෙන්නෙත් නැහැ, අමතක කරන්නත් බැහැ. අමතක කරන්නෙත් නැහැ.
හොඳින් ඉන්න.

Wednesday, 30 May 2018

මගේ දිනය හා නිරර්ථක උත්සාහ

මට අප්පිරියම මගේ දවසේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන බලන් හිටිය ඉගියකින් හරි දෙයක් වේවිද කියල.
මෙච්චර අකටයුතුකම්, වේදනා දීල තව මේවගේ දවසක මොනවා බලාපොරොත්තු වෙන්නද?
කොහොම උනත් බබා හැමදාම වගේම හිත කකියනවා. මගේ පපුවත් ඒවගේමයි. මතකද දවසක් පපුවේ කැක්කුමක් අවහැටි?
මතකද මුලින්ම වරට පපුව රිදුන මගේ. මම දැන් ඒක ගැන වැඩිය හිතන්නෙත් නැහැ.
ඔයා හොඳින් ඉන්න. අද දවසත් ගෙවිල ගියා. මටත් කිසිම විශේෂයක්වත් දැනුනේ නැහැ.
සුබපැතුම් එකක්වත් නැහැ. මුළු දවසටම අද මාව මතක් උනේ ලංකා බැංකුවට විතරයි උන් එස් එම එස් එකක් එවල තිබුන.
කොහොම උනත් මේක මම දන්නවා මම විදින්න ඕන. ප්‍රතික්ෂේපය කියන එකේ වේදනාව ඔයා වින්ද. එතින් මේක පැණි රහක් කියල-
පිළිගන්න මමත් අද උත්සහ කරනවා. එත් මගේ වේදනාවෙත් ඉවරයක් නැහැ. අද හවස වේදනාව අඩු කරන්න නිරර්ථක උත්සහයක් මම ගන්නම්.
හොඳින් ඉන්න රත්තරන්.

Tuesday, 29 May 2018

මම කැමති නැහැ හෙට දවසට. ඒක මට එපා. May 30

අදත් ඉතින් වෙනද වගේම තමා. නරකක් නෙවේ. එත් ඔයාව මතක් වුණා.
මම හිතල නෙවේ බබා මගේ හිතට ආදරේ ගත්තේ. එත් මට ආදරේ හිතුන.
මට ඔයාව රවට්ටන්න ඕන වුනේ නැහැ. එත් මට ඔයාට ආදරේ කරන්න ඕන වුණා.
මම දන්නවා කවදාහරි ඔයා මගේ මේ පිටුව මතක් කරයි. මේක නිසා රණ්ඩුත් උනා.
එත් මම මේක ඔයා කියන විදියට පාවිච්චි කලේ නැහැ. කවදාහරි බැලුවොත් මතක් වෙයි-
මම මෙතනට ඇවිත් ගොඩක් වේදනාවෙන් උන්න කියල. ඔයා සතුටින් ඉන්න කාලෙක උනත්.
මාව අමතක කලාට මාව කොන් කලාට කමක් නැහැ. එහෙම කරන්න. මම ඒවගේ දේවල්-
අනන්තවත් විඳවන්න ඕන. ඔයා එක්ක හිටපු මගේ හැම විනාඩියක්ම හරිම පුජනියයි බබා. කමක් නැහැ-
බනින්න කවදාහරි බොරුකරන, නපුරු, ආදරේ අඳුරන්නේ නැති මෘගය කියල. ඔයා කියන ඕනෑම වචනයක් හරි බබා මාව හදුන්වන්න.
පුලුවන්නම් මගේ ශරීරෙ කැඩෙනකන් ගැහුවත් මම ඔයාට වචනයක් කියන්නේ නැහැ. මම කොහොමද එහෙම කරන්නේ බබා?
මම දන්නවා ඔයාට බැනල, රණ්ඩුවෙලා මමත් දුක් වින්ද. ඔයා විඳපු වේදනාව මතක් වෙනවා. මට නින්ද යන්නේ නැහැ.
ඔයා මගේ ජිවිතේ වසන්ත කාලය. මම ඒක ඉවර කරලා දැම්මත්. මමමැරෙනකන්ම දුකින් ඉන්නම්. හැබැයි මම ඔයාට වයිර කරන්නේ නැහැ.
මම මොකටද කොහොමද ඒක කරන්නේ? මමමයි හැමදේම වැලක්කුවේ. ඔයාව වේදනාවේ දැම්මේ මම. මට මේක ඉවරයක් වෙනකන්ම වේදනා වින්දත් ලොකු සැපක්. හෙට මගේ විශේෂ දිනයක්. මතක් වෙනවා ඔයා දුන්න තෑග්ග. අම්මත් එක්ක ගිහින් ගත්තේ කිව්වා. ඒක ගොඩක් වටිනවා මට. හැමදාම එකේ සුවඳ බලනවා. උපන්දින කාර්ඩ් එක බලල මම අනන්තවත් ඇඬුව බබා. සත්තයි. මම කොච්චර නරකයෙක්ද? අනේ දෙවියනේ ඔයාට මේ වේදනාව දීපු මට හොඳක් ඕන නැහැ. මම වේදනාවෙන් ඉන්නම්. හෙට මම ගොඩක් වේදනාවෙන් ඉඳීවි. ඔයාව මුළු හිත පුරාවට මතක් වේවි. කඳුළු ඇස්වලින් එලියට පනිවි මම නොදනිම. එත් මම දන්නවා මමම තමා මේ තත්වෙට වැටුනේ. ඉතින් මේ දවසේ අපි මොනවා කරාවිද මේ අපි එකට හිටපු කලයනම්. කමක් නැහැ. මට දුකම උනත් කමක් නැහැ මගේ රත්තරන් කොහේ හරි හොඳින් ඉන්නවනම්. ඔයා හොඳින් ඉන්න. සතුට ලැබේවා ඔයාට. සමාවෙන්න බබා.

Monday, 28 May 2018

3.00am

මේ ලියුම ලියන්නේ ඔයා අද වැඩට යනවනම් ඔයා නැගිටින්න පැයකට එකහමාරකට කලින්.
මතක් වෙනවා හැමදාම උදේ පාන්දර 5 වෙන්න විනාඩි ගානකට කලින් නැගිටලා ඔයාගේ ගුඩ් මොනින්ග් මැසේජ් එක එනකන් හිටපු හැටි.
මට බොහෝ වෙලාවට නින්ද යන්නේ නැහැ බබා. මම ඔයාට දුන්න දුක් නිසා වෙන්න ඇති.
හැමදේම වැරදුනත්. හැම තැනම මම වැරදි උනත් මට ඔයාව මතක් වෙනවා. හැමදාම මතක් වෙයි.
මට ඕන දුකක් දෙන්න විදින්නම්. කමක් නැහැ. මම ජීවිතේට තරහත් නැහැ.
එහෙම කලා කියල මම ඔයාට තුන් හිතකවත් වෛරකුත් නැහැ.
ඔයා කවදාහරි මේවා කියවන දවසක දුක් වෙන්න දෙයක් නැහැ බබා.
වරද කලේ මම. මම පතනවා ඔයා මට දුන්නු අවසාන පොරොන්දු කීපය කඩන එකක් නැහැ කියල.
හොඳින් ඉන්න බබා.

Sunday, 27 May 2018

අදත්

ඔයා මට දකින්න නැති උනත් මට නිතර මැවිලා පෙනෙනවා.
හැමවෙලාවෙම මතක් වෙනවා. ඒ මම ඔයාට කලේ බොරු ආදරේ නිසාද?
බබා මට ඔයාට හානි කරන්න ඕනනම් නැහැ. මම එහෙම තුන් හිතකින්වත් හිතුවේ නැහැ.
මම ඔයාට නරක විතරක්ද? මගේ තිබුනේ නරක විතරමද?
හැමදාම නින්දක් නැහැ. හිත මගේ විඳවනවා. මට කොච්චර වෛර කලත් කමක් නැහැ බබා.
මම ජිවිතේටවත් තුන් හිතකින්වත් නරකක් කරන්න හිතුවේ නැහැ ඔයාට.
අද ඉරිදා ඔයා ගෙදර ඉන්න දවස. මට තවම මතක් වෙනවා. අද අපිට කතා කරන්නත්-
අමාරුවෙන වෙන දවසක්. මොකද අම්ම ගෙදර නිසා. මට එයාව උනත් මතක් වෙනවා.
ඔයාට එයා ගොඩක් ආදරෙයි. එයාව පරිස්සම් කරන්න. මම හිතනවා ඔයා එයාව ක්ලිනික් ගෙනියනවා ඇති කියල
දෙන්නම හොඳින් නම් එච්චරයි. හිතේ ගොඩක් වේදනාවකින් ඉන්නේ. මම දන්නවා ඔයත් එහෙමමයි කියල.
අනේ පරිස්සමෙන් ඉන්න බබා. මම පතනවා ඔයාට මේ වැහි කාලෙට පස්සේ මතක් වෙයි කියල මදුරුවෝ බෝවෙන කාලයක්.
අනේ අයෙත්නම් ඩෙංගු හදාගන්න එපා. දෙවැනි වතාවේ ඩෙංගු ට්‍රිට් කරන්න අමාරුයි.
තෙරුවන් සරනෙන් පරිස්සම් වෙයි කියල මම හිතනවා. ඩෙංගු ඔයාලගේ පැත්තේ වගේම කොළඹත් සුලබයි.
පරිස්සමෙන් ඉන්න. මට නිතර ඔයාව මතක් වෙනවා. නිතරම. ඔයා බොරු කියල කියයි.
හොඳින් ඉන්න.

Saturday, 26 May 2018

ලස්සනයි -II

ඔයා හොඳින් කියල හිතනවා බබා. සතෙක් වගේ කෙනෙක්ට උනත්, සතෙකුට උනත් දුක දැනෙනවා බබා. ඔයා සමහර විට හිතනවා ඇත්තේ ඔයාව දුකට පත් කරලා මම ගියා කියල. එත් එක සම්පුර්ණයෙන්ම අත්තක් නෙවේ. මම ඔය කොච්චර දුක් විඳිනවා ඇත්ද කියල මැරී මැරී උපදිනවා. හැමදාටම එහෙම වේවි. මම කොහොමද ඔයාව අමතක කරන්නේ? අමතක කරන්න ඕනත් නැහැ. අමතකත් නොවේවා කවදාහරි මම ඉවරයක් වෙලා යනකන්ම. මට ආදරේ හිතුන එක වරදක් කියල මට දැනුනේ නැහැ බබා. ආදරේ දැනුන මටත්. මමත් ආදරේ කලා. මම ඔයාට බැනල තියෙනවා ඔයාගේ බොරු ආදරේ කියල. එත් මම දැනන් හිටිය මට දැනුන ඔයාගේ ආදරේ. මම ආදරේ කලා කරනවා කරාවි. ඔයාට දැනුනේම නැද්ද? මම දැන් එෆ්බි එවෙන්නේ නැහැ බබා. එත් මම හැමදවසේම වරක් ඇවිත් ඔයාගේ පින්තුරේ බලල යනවා. මම දුන්න දුක ගැන මතක් වෙලා දුක් වෙනවා. එනිසා ඔයා විඳවනවා මතක් වෙලා අපහු දුක් වෙනවා. අස්පියාගෙන නින්දට බොරු කරනවා. මම මෙච්චර නරක එකෙක්නම් ඇයි මම මෙහෙම වෙන්නේ? ඔයා කිව්වට මම වාසි ගන්න ආපු එකෙක් කියල මම එහෙම නැහැ බබා. මට වාසි ඕන නැහැ. කවදාවත්. ඔයා සමහර කරපු ඒ චෝදනා පපුවේ අනිල තාම කැක්කුම් දෙනවා. එත් මම දුන්න දුකත් එක්ක බලද්දී මේවත් වේදනාද කියල මම ඔහේ ඉන්නවා. අදත් නිදි නැහැ. ඊයේ ඔයාගේ ප්‍රොෆයිල් එකේ ලස්සන පින්තුරයක් දැක්ක බබා. ඔයා ලස්සනයි. මට ඔයා කවදාහරි එකත් නැති කරයි. එත් මම තරහ වෙන්නේ නැහැ. හැමදාම ඔයා මට මැවිලා පෙනෙනවා. ඔයා හොඳින් ඉන්න. මම අයේ කවදාවත් දුක් දෙන්නේ නැහැ. මට ඕනෑම දුකක් දීල දඩුවම් කරන්න. එත් සමහර පොරොන්දුනම් කඩන්න එපා. හොඳින් ඉන්න බබා.