Monday, 2 July 2018

ඔබ මතක් වී කඳුළු සලනෙමි.

මම කවදාහරි ඔයාගේ මතකෙන් වියැකිලා යාවි. එත් ඒ ඔයාගේ මතකෙන්.
මගේ මතකයේ හැමදාම ඔයා ඉන්නවා. හැමදාම එක ජිවත් වෙනවා. හැමදාකම ඒක අලුත් වෙනවා.
ඔයාගේ අමිහිරි ඇතිතේ මම ජිවත් වෙන්නම් බබා. වැරදිලාවත් මම ගැන මතකයක් අවොත් හෝ මේ මම ලියපු දෙයක්-
දැක්කොත් හිතන්න තියෙන්නේ ඔයාට ලගින් හිටපු මට ඔයාව අමතක කරන්න ඕන උනේ නැහැ කියන එකයි.
හැමදාම ඇවිල්ල මෙතන වචනයක් දෙකක් ලියල යනවා නෙවේ. හිතේ ලොකු බරක් සැහැල්ලු නොවෙන බරක් බව-
දැන දැනම නිහඬව හිතේ තියෙන දේ මෙතන ලියල යනවා. ඔයා හිතයි වෙන වැඩක් තිබුනේ නැද්ද කියල. බනිවි. එත්-
හැමදාම හැම වෙලාවේම ඔයා විඳින, විඳපු දුක මතක් කරකර මම ගොඩක් දුක් වෙනවා. ආදරේට පයින් ගහපු මිනිහෙකුගේ-
හිතේ තිබුනේ මේවා කියල හිතේවි. එත් මම දන්නවා ඔයාට යම් දිනක මේවා වැදගත් වෙන්නේ නැහැ. යම් දිනයකදී ආදරේ කලානම් මෙහෙම කියල-
හිතල මට වෛර කරාවි. එත් මට වෛරයක් හිතට එන්නේ නැහැ කවදාවත්. ඔයා මට ආදරේ දුන්න මිසක් පයින් ගැහුවේ නැහැ.
එහෙම කලේ මම. එහෙම උනේ මට ඔයාට දුක් දෙන්න බැරි නිසා බබා. අද ඔයා වැඩට යන්න ඇති නේද? මට මතකයි අකිල වෙන් උන දවසේ ඉඳල-
මාස ගණනක් යනකන් ආණ්ඩුව කිව්වා. දවසක් අම්ම එනකොට දන්නෙම නැතුව අඬල කොම්පුටරේ උඩ කඳුළු ගොඩක් වැටිලා තිබුන කිව්වා.
මට ඒවා දහස් වාරයක් මතක් උනා. මතක් වෙනවා. මතක් වේවි. දුකයි හැමදාම.
මම දුක නොදදෙන ගලක් නෙවේ බබා. මට වැඩියෙන්ම මගේ දුකයි ඔයාගේ දුකයි දෙකම දැනෙනවා. හොඳින් ඉන්න රත්තරන්. අයෙත් ලියන්නම්.

No comments:

Post a Comment