Thursday, 20 November 2014

ආච්ච්චිට ලිවූ පණිවුඩ කඩදාසිය

ආච්චියෙ මේවා හුගක් දකින්න අච්ච්චි මේලෝකේ නොහිටින්න තරමට ආච්චි ගොඩක් පින්කරලා. ආච්චිගේ ලොකුපුතා මේ නිතර දකින විකාර ටිකක් ලියල එවන්න හිතුවා. ආච්චියෙ මතකද අපි අසාවෙන් කොස් සම්බෝල කරවල හොදි සමග කැව? දැන් ඒ කෑම හුගක්ම අඩුයි. කොස් ගසුත් නැහැ වැඩිය. කොහොමත් අද දවල්ට කෑවේ කොස් කියල කියන්න අපි ලැජ්ජයි ආච්චියෙ. ඒ වුනාට මට ඒ රස තවම මතකයි. නොකිව්වත් අනිත් එවුන්ට මම ඉඳල හිටලා කොස් උයවගන්නවා අම්මට කියල. මේ ලෝකෙම මේ කෑම ජාති කන එක මහා නොන්ජල් වැඩක් වගේ දැක්කට මට ඒ රසයෙන් ගැලවෙන්න බැහැ. දැන් මගේ යාලුවෝ හුගක් වෙලාවට දහවල් කන කෑම එකේ ෆොටෝ එක ගහල අන්තර්ජාලයට එවනවා. ඒක මගේ හුගක් තව යාලුවන්ටත් පේනවා. ආච්චියෙ අන්තර්ජාලය කියන්නේ අලුතෙන්ම ආව ලෝකයේ විස්තර ඉන්මනින් බෙදා හදා ගන්න අපි හැමෝම ටැලි ග්‍රෑම් එකකටත් වඩා ඉක්මනට ලන්කරන සේවාවක්. මේවගේ දේවල් අහල ආච්චිගේ මොළෙත් අවුල් වෙයිද? කෙසේවෙතත් ලියුමේ කොපියක් ඔයකියන අන්තර් ජාලෙටත් යනවා. තරහා වෙන්න එපා. ඉතින් ඔය හැමෝම කන සැප කෑම අතරට මම කන කොස් පිගානේ පින්තුර දාන්න මම යන්නේ නැහැ. දැන් හරි ඉක්මනට අපි කන බොන දෙයක් නිසා උනත් අපිව කොන්වෙන්න යන්නේ තත්පර ගානක්. පුදුමාකාර සැප කෑම ජාති දැන් තියෙන්නේ. අපේ ගමේ දැන් සුපර් මාර්කට් එකක් තියෙනවා. ආච්චි සමහර විට කොළඹ ගිය වෙලාවක දැකලත් ඇති මහා සිහින කඩ. ඒ වගේ කාර්ගිල්ස් කඩයක්. දැකල තියෙනවද අහල තියෙනවද කොළඹ කාර්ගිල්ස් සුපිරි වෙළදපොල ගැන ඒ කාලේ? අන්න ඒවා දැන් රට පුරාම. ඉස්සර මතකද ආච්චියෙ අපේ ගෙදර තිබුන කොස් ගස් 5 මුළු ගමෙන් බාගෙකට බඩ පුරවන්න වුනත් ඇති. මතකද කොස් ඉල්ලගන්න මිනිස්සු අවම අපි ඒවා නිකන් දුන්න සතුට? අපේ ගෙදර කොස් ගෙඩියෙන් බාගයක් එහා ගෙදරටත් යැවුවා? දැන් මිනිස්සු කොස් කන්නේ නැහැ. ගමේ ගොඩේ විතරක් නෙවේ අපේ කොස්ගස් වලත් ගෙඩි නිකන් වැටිලා යනවා. මිනිස්සු ඒවගේ කෑම වේලක්වත් කන්නේ නැහැ. හැබැයි හැමෝම කියන්නේ මේ රටේ කන්න දේවල් නැහැ කියල. දැන් ලොකු ලොකු මිනිසු විතරක් නෙවේ නැති බැරි මිනිහත් කොස්ගෙඩි ලෙලි ඇරලා කලා, ළඟ අයටත් දීල, අටුකොස් හදල තියාගන්න අය නෙවේ. කොහොල්ලා ගාගෙන ඕව කරන්නේ කවුද කියල කියයි. ජිවත් වෙන්න අමාරුයි තමා හැබැයි තවම බඩගින්නේ මැරෙන්න තරම් අහේනියක් නැහැ. හැබැයි බගින්න නිවාගන්න තියෙන දේ අපේ මිනිස්සුන්ට දැන් පේනවා අඩුයි. දැන් පොඩි මිනිහ වුනත් හැමදාම බටර් වගේ කෑම වරද්දන්නෙ නැහැ. හැබැයි ඒක වැරදි නැහැ. අපිත් කොච්චර ආසද ඒවා කන්න ඉස්සර? දැන් ඒවා නිතර පාවිච්චි වෙනවා. හැබැයි ආච්චියෙ අපි හිතන් හිටිය වගේමත් නෙවේ ඒ කෑම හැමදාම කන මින්නිස්සු ඉක්මනට ලෙඩ වෙනවා. ඒවායේ මොන මොනවහරි නරකක් තියෙනවා කියලා දොස්තර මහත්තුරු වේද මහත්තුරු නිතර කියනවා. ඉස්සරනම් ඔයවගේ නැහැ නේද? දැන් ඒ ආච්චිලගේ කලේ මේ කලේ වෙනස බලන මිනිස්සු,වෙනස කතාකරන මිනිස්සු හරි හරියට කොන් වෙනවා. හැබැයි විසතිබුනත් ඕන කෙහෙල් මලක් කියල මිනිස්සු ඒවා කනවා. ආච්චියෙ මතකද අපේ ආතාගේ සහෝදර පරම්පරාව? ඔක්කොම සීයට ඔන්න මෙන්න කියල තියෙද්දී තමයි එලොව ගියේ. දැන් තියෙන ලෙඩ දැක්කම පිස්සු හැදෙනවා මටත්. කොස් දෙල් කන්කුන් ඔය කැමජති දැන් කොන් උනාට ආච්චියෙ මට එකක් හරිම විස්වාසයි. තව අවුරුදු 10 මිනිස්සු කොස් කන්න කොළඹ තියෙන හොඳම හෝටල් වලට යයි. වත්තේ හැදීල තියෙන මහා ගෙඩි හැදෙන දාර ගහ කොස් කියලවත් හුග දෙනෙක් දන්නා එකක් නැහැ ඒ කාලෙට. මොකද දැනටමත් හුගක් මිනිස්සු සාරන, නිවිති, මුකුණුවැන්න,රණවරා බෙලි,තිකිරිදිය,ඉරමුසු,හාතාවාරිය අදුරනේ නැහැ. ආච්චි දන්නවද මම කොළඹ නැවතිලා හිටපු කලේ බිත්තරයක් දාපු දවල් කෑම එකක් රුපියල් 150. ආච්චියෙ මම කෑවේ හොඳ කඩේකින්. බලන්න පුදුමේ. එකේ තියෙන්නෙත් කන්කුන් තෙල් දාල. ගමේ හිටපු අපි ගොඩේ කෑම කියල කොන් කරපු කෑම අයේ නගරේ හෝටලේ බත්පතේ. දැන් අපි ඒවා මහා ගණන් ගෙවල කනවා. වත්තේ ලිඳ වටේ වැවිල තියෙන මහ ගාල කන්කුන් කියල අපී දන්නේ නැහැ. ආච්චි දන්නවද මෙහෙ තියෙනවා අමෙරිකාවෙන් ඇවිත් ලංකාවේ ඇරපු කෑම කඩ කීපයක්. ඒවායේ බත් නැහැ. බනිස් වර්ගමයි තියෙන්නේ. මස් පෙති,සලාද,චීස්,බටර් තක්කාලි ජුස් ඒවායේ මැද්දට පුරෝලා හුගක් රසයි තමයි ආච්ච්චියේ අපිට ඒවා නිතර කන්න බැහැ. එක බනිසක් රුපියල් 600 විතර. ආච්චියෙ ඔයාල අනුරාධ පුරේ වන්දනාවේ යනකොටත් රුපියල් 600 ගෙනිච්චේ නැහැ නේද? ආච්චිලා අනුරාධපුරේ සතියක් ඉඳල අවා. ආච්චියෙ දැන් ලොකු පුතා ආච්චිගේ හොඳ රස්සාවක් කරනවා. මට හොඳයි දැන්. දන්නවද ආච්චියේ මම කොලම්බගිය දවසට රුපියල් 600 කියන්නේ එන්න ටිකට් ගන්නත් සල්ලි මදිවෙන ගානක්. හැමදේම හරිම ගණන්. දැන් කඩවල හීනියට ලියපු පළා වර්ග පැකට් කරලා තියෙනවා. හරිම ගණන්. අපි දැන් ඔය කොලවල හැඩය දන්නෙත් නැහැ. හැබැයි ඔය කොලජාති ගොඩක් වතුවල,පොලේ,ගමේ ජනහස කඩේ තියෙනවා.අපේ අම්මනම් තවම දෙය්යනේ කියල ගෙදර වත්තේ වැවෙන කොළ,මයියොක්ක,කොස්,පලා උයනවා. එහින්ද දෙය්යනේ කියල අපේ ගෙදර අයනම් මෙරටේ කන්න දෙයක් නැහැ කියල සාප කරන්නේ නැහැ. ඒ වුනාට ආච්චියෙ මට හොඳට තේරෙනවා වැඩ ලේසි කරන්න කියල හදාගත්ත හුගක් ක්‍රම වලින් අපේ ජිවිතේ තවත් අවුල් වෙලා. සමහර ගේක ගෑනියි මිනිහයි එකතු වෙලා එකට බත් උයල කාපු දවසක් නැහැ. ඒ අය හුගක් සල්ලි තියෙන උදවිය. ගෙදර උයපු එක දෙන්න දරුවෝ මල්ලෝ එක කන එක එච්චර රසක් විදයට පෙන්න නැහැ. හැමෝම සුපිරි හෝටල් කෑම  ජීවිතේට පුරුදුයි හොඳටම. පොඩි මිනිහ උනත් දැන් උත්සාහය කොහොම හරි ලොකුම මිනිහෙක් වෙලා අර කිව්ව හරිම කලබල ජීවිතේට එන්න. ආච්චිගේ ලොකු පුතාට එයා ගැනම දුකයි බයයි. ආච්චියෙ අපේ ගමේ දැන් ආස්මි හදන්න දන්න කෙල්ලෙක්,ගැනියෙක් නැහැනේ. අවුරුද්දට තමා තේරෙන්නේ ඇමෙරිකන් කඩවල උන් ආස්මි විකුනන්නේ නැහැ කියලා. දැන් අපි හැමෝම ලංකාවක් විදියට අවුරුදට අපි අපිවම රවට්ට ගන්නවා. ඇයි? අපි අවුරුදු කෑම මේසේ කෑම කඩෙන් ගන්නවා. ආච්චි හිටියනම් ආච්චිට පපුවේ අමාරුවක් හවෙනවා මට විස්වාසයි. ආත කුන්හරුප කියන්න බැරි හින්ද තරහෙන් නිදා ගනීවි. දැන් අවුරුද්ද වෙසක් පොසොන් ඇල් මැරුණු උත්සව වෙලා. වෙසක් කුඩුත් දැන් විකුනන්න තියෙනවා.අගෝස්තු මාසේ පොඩි එවුන්ට අරින්න සරුංගල් හදල අපිට එවන්නේ චීන්නු. ආච්චි දන්නවද උත්සව වගයක් හෝලි උත්සවය,හැලොවින් උත්සවය,නත්තල් නෙවේ ක්‍රිස්මස් උත්සවය කියල? දැන් මේ උත්සව බෞධ්ධයො ඉහල්ලින්ම සමරනවා. හෝලි ආච්චියේ පාට පාට කුඩු ඇගේ ගා ගන්න ඉන්න්දියානු හින්දු උත්සවයක්. හැලොවින් ඇමෙරිකාවේ අමුතුම උත්සවයක්. ආච්චි දන්නවද දැන් සමහර වෙසක් දන්සල් වලට හිගන්නන්ව ගන්නේ නැහැ.ආච්චියෙ සමහර මිනිස්සු ලොකු ලොකු උදවිය සමහර කොළඹ කඩ සිංහලෙන් කතාකරන මිනිස්සු ගියාම වැඩිය ගණන් ගන්නේ නැහැ. නොන්ජල් මිනිස්සු ගානට දාල. කොළඹ ලොකු පවල්, ලොකු ඉස්කෝල වල අය හිතන් ඉන්නේ මේක ඉංගිරිසි රටක් කියල. මේක තවම එංගලන්තේ කොලනියක් කියල. සමහරු සිංහල කතා කරන මිනිහව නොන්ජල් කරනවා. සමහරු සිංහල බැරි එක මහා නම්බුවක් විදියට හිතනවා. දැන් ඉන්න හුගක් පොඩි දරුවෝ සිදුහත් කුමාරයව දන්නේ නැහැ. වෙන වෙන වල් පල් කතා ඔක්කොම දන්නවා. ඉතින් ආච්චියෙ අපිට බයයි. ආච්චිගේ පුතාල දුවල ආච්චිට සැලකුව හොඳට. වරදක් අපෙන් උනානම් ආච්චි ඒවා හිතේ තියාගන්න එපා. මම දන්නවා ආච්චිලා එහෙම මිනිස්සු නෙවේ කියල. අපිට වයසට ගියාම මොනවා වෙයිද? පිනක් කරලා තිඋනොත් ඒවා හොඳට පලදෙයි කියල හිත හදන් ඉන්නවා මමනම්. ආච්චියේ ආච්චි වැඩිය මේවා ගැන හිතන්න එපා. ඉන්න තැනක ඉඳල උනත් මේවා දිහා බලන් ඉන්න එපා. දුක්වෙන්න එපා. ආච්චි වෙලාවට ආතා වගේම ඔය ගිය තැන හොඳින් ඉන්නවා මට විස්වාසයි. මේක කියෝලා ආච්චි තවත් මේ සසර ගැන කලකිරෙන්න. ආච්චිලා හුගක් ලංවෙලා ඉන්නේ ආච්චියේ. අපි තව කොච්චර ඇවිදියි ද දන්නේ නැහැ. කමක් නැහැ. ඔහොමම තමයි. ඊලග උත්තමයාගේ කළේවත් අපිට උන්නාන්සේගේ වචන ටිකක් අහගන්න පුළුවන් උනොත්. ආච්චි ආතයි නම් මේ ගමන එච්චර දුර අදින්නේ නැහැ. අපි එච්චර ඉක්මනට මේවා අහවර වෙන්න තරම් රස්කරපු දේවල් නැහැ. ආච්චිලා කොච්චර දාන දුන්නද? ආච්චියෙ කියන්න ඕන උනේ අපි අමාරුවෙන් හරි තවම වැඩි වෙන්නසක් නොවී ඉන්නවා. වයසටනම් යනවා වේගෙන්. ආච්චියි ආතටයි නිවන් ලැබෙන්න ඕන.

Friday, 24 October 2014

කොවුර්ලාගේ(ආබ්‍රහම් ටී කොවුර්) ජඩ ලෝකය හා ඔබ අප.

මෙම ලිපිය ලියන්නේ මහා බ්ලොග් කරුවකු වීමට නොවේ. පාඩම් කරමින් සිටින සමයේ විවේකයට මෙන් බැලු පොත් කිහිපයකින් අපගේ ආගමික මතවාදවලට සියුම්ව හා පසුව සංවිධානාත්මකව පහරගසා එම පොතේ පෙරවදිනින් අන් අය (ඔහුගේ අනුගාමිකයන්ගේ හෝ ප්‍රසිද්ධ අය වටා රොක්විමෙන් ඔව්න්ගේ රෙදිසේදිමෙන් ප්‍රසිද්ධියට පත්වීමට උත්සහ දැරූ, ලංකාව තුල තමා බුද්ධිමතෙක් යයි බලෙන් කියවාගත් උදවිය විසින්) ලියු පෙරවදනකට පිළිතුරු දීම සහාය. මුළු පොතේ පිටුවෙන් පිටුවට උත්තරදිමෙන් ඔව්න්ගේ මුග්ද මත බිඳ දැමුව යුතුව තිබුනද එවැන්නක් කිරීමට වැයකරන කාලය මෙවැනි අද්යාත්මික සංස්කෘතික ද්‍රෝහීන් තවත් ප්‍රසිද්ධියට පමුනවිමක් වනු ඇත. පොත ලියා ඇත්තේ ආබ්‍රහම් ටී කොවුර් නමැත්තෙකි. මෙම පොත ලියු ලේඛකයා ලංකවේ වාසය කොට ඇත. එමෙන්ම ඔහුගේ කෘතිය අගයකිරිමේදී වරදිගිය තැන්නම් ඔහුට ලංකාව තුල වඩාත්ම පිළිගැනීමක් ලැබී ඇත්තේ විදෙස් රටක විද්‍යා උපාධි ධාරියකු  ඒ විද්‍යා ගවේෂකයකු වීමය. ලාංකිකයන් ඉංග්‍රීසි යටත් විජිත වාදයෙන් පසු විදෙස් බුද්ධිමතුන්ට අනිසි බියක් යටහත් පහත් බවක් දක්වන බව මගේ අදහසයි. ඔබටද මේ ගැන අත්දැකීම් තිබිය හැක. එමෙන්ම ශාක විද්‍යාව පිලිබන්ධ උපධිදරයකු වන කොවුර් අදේවවදියකු වූ බව එම පොතින් කියයි. කොවුර් හෝ මෙම පොත ලියන්නා කොවුර් අදෙවවදියකු බව ඔප්පුකර පෙන්වන්නේ කෙසේද?(මෙය ඉතා සරලව කොවුර්ගේ පැත්තටම හරවාලු කවුර් විසින්ම ඉදිරිපත් කල තර්කයකි.) එවිට කොවුර් පැවසුවොත් මම විෂ්ණු දෙවි රුපයක් කඩා බිඳහෙලා පෙන්වමි කියා?(විශ්නුරුපයක් කැඩීමෙන් අදේව වාදියෙක් යයි 100% ඔප්පුකල හැකිද?) මම මගේ ලිපියේ සටහන් කරන්නා මෙන්ම කොවුර් උත්සාහ දරා ඇත්තේ ඔහුට සම්භාව්‍ය සෝ ඇසින් දැකිය නොහැකි ලෝකය තුල නැති බොහෝදේ ලොඋකික වශයෙන් නොපවතින බව පෙන්වීමට උත්සහ කිව්රිමකි. කතරගම ගිනි පැගීමේදී තත්පර 30 ගිනි මත නිසොල්මන්ව සිටියොත් දෙවියන් පිළිගන්නා බව පවසා ඇත.(බෝද්ධයෙක් නිසාත් මම කතරගම දෙවියන් විස්වාස නොකරමි. අදහන්නේ නැත.ක්‍රිස්තියානි දෙවිද අදහන්නේ නැත්තෙමි.එමෙන්ම මට අදේවවදියයි මා හදුන්වාදීමට උවමනාවක් නැත. හේතුව මම දෙවිවරු නොමැති බවද නොකියන නිසාවෙනි). කතරගම ගිනි පැගිමේදී මිනිසුන් වසර සියගණනක් ඔප්පුකිරීමට තැත් කලේ දෙවියන් සිටිනා බවනොවේ, දෙවියන් කෙරේ දේව භක්තියක් ඇති ජනයාගේ හිතේ තිබු භක්තියයි.කොවුර් තමන්ගේම නට්ටපගා සිටිමට ගර්හාවට ලක්ව ඇත්තේ එඉතිහාසික භුමියකයට වන්දනාවේ ගිය බැතිමතුන්ය. අනිත් අතට ගිනි පෑගීමේ මංගල්ලයේ මෙතුවක් කිසිම කාලයකට ගිනි මත කිසිවෙක් තප්පර 30 සිටියයුතුයි නීතියක්, රීතියක්, ආගමික රීතියක් තිබී නැත.(කොවුර්ගේ ම මනංකල්පිත ලෝකයේ දෙවියන් නැති බවකීමට ගත් උත්සහ.) මෙහිදී මම උත්සහ කරන්නේ දෙවියන් ඇති කීම නොවේ. කොළඹ ගණිත අංශයේ මහාචාර්ය වරයකු පවා තර්කනුකුලව නොසිතා කොවුර් වැන්නකුගේ මෝඩ තර්ක අගයා ඇති ආකාරයයි. සමහරවිට කොවුර්ගේ හොඳ හිතවතෙක් විය හැක. පුදුමාකාර දෙයනම් කොවුර් වැන්නවුන් ගුරුත්වාකර්ෂණ බලය, අවකාශ වක්‍රතාව, ක්වොන්ටම් අංශු පෙන්වපන් යයි විද්‍යාඥයන්ට අබියෝග කිරීම‍ට දැක්වූ මැලි කමයි. විද්යාවේද එක්තරා තලයක අව්‍යකෘත ප්‍රශ්න පවතී. ඒවාට උත්තර නැත්තේ ඉන් සමහර උත්තර සොයාගෙන නැතිනිසා නොව ඒවාට උත්තරදෙමිදී මින්පෙර සත්‍ය විද්‍යා මත ලෙස ගත හා පෙන්වූ බොහොමයක් මත බිඳවැටෙන නිසාය. ඉතින් කොවුර් හා අනුගාමිකයින් ඒවා ප්‍රශ්න නොකළේ නිකන් නොවේ. විද්‍යාවෙද පාදම බිඳ හෙලීමෙන් තම කකුල් තබසිටින ස්ථානය අහිමි වන බව දැන සිටි නිසාය. උදාහරණයක් ලෙස ක්වොන්ටම් විද්‍යාවේ අංශුවක් එක මොහොතක ස්ථාන දෙකක තිබියහැකිය යන මතය කොවුර්ගේ ශාකවිද්‍යා ලෝකයේ මහා පිපුරුමක් ඇතිකිරීමට සමත් විද්‍යාමක සොයාගැනිමකි. නමුත් මේවා කොවුර් හෝ අනුගාමිකයන් විශ්ලේෂණය කල දේ නොව. කිරීමට මැලි වුනු දේය. එමෙන්ම පොතේ සඳන් විදියට කොවුර් ලෝක පුජිත උගතකු බවට පත්කළ මිනසෝටා ආචාර්ය උපාදිය ඇමෙරිකාව තුල පිළිගැනීමක් නොමැති ආයතනයකි. එය එරට පිළිගත් විශ්විද්‍යාල ඇකඩමි ලැයිස්තුවල ආයතනයක් නොවේ. මෙම ආයතනය ඉතාම බාල ගනයේ වෙබ් පිටුවක් පවතී. නමුත් එය අවම වශයෙන් ඇමරිකාවේ අනෙත් විශ්වවිද්‍යාල මට්ටමට දියුණුකළ එකක්වත් නොවේ. එමෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාල ඇකඩමි මෙන් විකිපීඩියා පිටුවක්වත් නොමැත. අප[අපගේ කොළඹ, කැලණිය,මොරටුව විශ්වවිද්‍යාල වලට විකිපෙදියා පිටු පවතී. ඉතින් 2014 අවුරුද්දේ එවන් තත්වයක පවතින ආචාර්ය උපාධි ඇකඩමියක් යනු හොර උපාධි ආයතනයක් බව අමුතුවෙන් කිවයුතුද? නැතිනම් මෙය ඇමෙරිකාව තුලම පවා නොපිළිගන්නා ආයතනයකි. එහෙමත් නැතහොත් කොවුර් වැනිම තවත් පිරිසක් දෙන්නන් වාලේ දෙන උපාදියක් වියහැක. එසේත් නැතහොත් මෙම උපාධි වල වලංගු භාවය මෙර්වින් සිල්වා ඇමති තුමගෙන්ම ඇසිය යුතුය. කොවුර් වැන්නවුන්ගේ මත අසා අදේවවාදීන් මේ ජීවිතය ජීවත්වී නැසියන්නෙක් වීමට වඩා ආපසු ජීවිත තිබුනත් නැතත් ආගමික හරපද්දතියක සිට, ස්වයන් හික්මීමකින් ජීවත්වී මිනිසකු ලෙස ජීවත්වී මිය යාම නොවටිනේද? ආගම් මෙතරම් තිබී විසකුරු මිනිසුන් මෙතරම් සිටිනම්. දෙය්යෝ බුදුන් නැති, අදහන්නේද නැති ලොවක කොතරම් විසකුරු මිනිසුන් ගණනක් සිටිනු ඇතිද? මා දකිනා විදියට කොවුර් නම් මිනිසා කියූ ලෝකය එයයි. එය හරවත්ව ජීවත්වීමට වඩා ඔහේ සිට කන්දේ කා බොනදේ බී හැකිනම් තම අම්මාවද විකුණා මේ ජීවිතය වැයකර මල්වඩම් එපා ඔන්න මම මලා කියා මෙලොවින් පිටවන මගකි. නමුත් ඒ එවන් මුග්දයන්ගේ ලොවයි. ඔබ ඔබේ අගම අදහා නියම මිනිසකු වී. එම මිනිස් ආකල්ප ඔබේ පුතුන්ට උරුමකරදී මිනිසෙකු ලෙස මෙලොවින් නික්මිය යුතුව ඇත. කොවුර් වැන්නවුන් බුද්ධ කාලයේද, ජේසු තුමාගේ කාලයේද, හින්දු අගමේද හිඳ ඇත. නමුත් ඔව්න් උන්නා මලා මිනිසුන් මිස. ලෝකය ආලෝකවත් කල චරිත නොවේ.

මවු භාෂාවේ අගය

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වෙබ් පිටුවේ හා ට්විටෙර් පිටුවේ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉංග්‍රීසි ඉගෙන ගන්නා ලෙස පොස්ටුවක් දැක්කෙමි. දැන් ලංකාව තුල ඉංග්‍රීසි නොදත් අයට අනාගතයක් නොමැතිද? අපේ රටේ බොහොමයක් අම්මල තාත්තල ඉංගිරිස් හොඳින් දන්නේ නැති උනාට මෙරටේ හොඳින් ජීවත් උනා නේද? එමෙන්ම ඒ කියන විදියට අපි ඉංග්‍රීසි දන්නේ නැත්නම් අපිට අනාගතයක් ඇත්තෙම නැතිද? අනාගතය අදුරුද? මෙයට දිය හැකි පිළිතුර අපි ඉංග්‍රීසි ඉගෙනගතයුත්තේ අප දැනුම, අපේ වැඩ පහසු කරගැනීම සදහා බවයි. එමෙන්ම කිවයුත්තේ ඉගෙන ගත්තේ අහකනොයන බවයි. එමෙන්ම අපි හැමෝම ඉංග්‍රීසි පොඩි පඅන්තියේ සිටම ඉගෙන ගන්නා බවයි. එමෙන්ම අපි මෙම භාෂා හොඳින් ඉගෙන ගත යුතුමය. නමුත් මේ භාෂාව ඉගෙන ගතයුත්තේ සුපිරි මාර්කෙට් එකේ බඩු ,මිලට ගන්නා විට වටපිටාවේ ඉන්න අය ඉදිරියේ රැගීමට නොවේ. ආපන ශාලාවේදී හෝ අහර ගන්නා තැන බොරු රැගුම් ඉදිරිපත් කිරීමට නොවේ. කිසිවකු තමන් ඉගෙනගත් ඉංග්‍රීසියෙන් අනාගතය ආලෝකමත් කරගැනීම වරදක් නොවේ. නමුත් ලංකාව තුල සිංහල බැරිකම නම්බුවක් වීම වැරදිය. ඇතැම් මහා නෝනා මහත්මයන්ට සිංහල බැරිය එමෙන්ම එය උන්ට නම්බුවකි. මෙය සාමාන්‍ය තත්වයක්ද? සිංහල බැරි ලාංකිකයන්? මේ අය ඉංග්‍රීසි කපර්ල උනාට එංගලන්තෙට යන්න බල්ලොවගේ ගිහින් වීසා ගන්න ඕන. තව ඉතින් ඔය මහ ඉංගිරිසි රට රාජ්ජවල ගිහින් සිංහල අමතක කරලා සුද්දගෙන්ම කෙලව ගත්ත දවසට අපහු එන්න තියෙන්නේ මේ අපේ සිරිලකටම තමා. එහෙම වෙච්ච සමහර අයට තවමත් සිංහල මතක් වෙලා නැහැ. කරුමේ ඔය ඉංගිරිස් කාරයන්ගේද? නැතිනම් ඔය පව්කාරයන්ගේ බර දරා සිටි ලංකාවේද? ඇමෙරිකානු එංගලන්ත රටවලට අප රටවල් තුල ඒ අයගේ එජතයන් අවශ්‍යවී ඇත. නමුත් ඇමරිකාවට හෝ ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි හොඳින්ම දන්නා ලංකා දේශප්‍රේමින් කිසිදිනක අවශ්‍ය වී නැත. අයි? ඔවුන්ගේ කොන්ත්‍රාත් ක්‍රියාකළ යුත්තේ ලංකාවට ආදරය කරන්නන් අතින් නොවන නිසාය. එයට හේතුව උන්ගේ සමහර සැලසුම් අපට විසකුරු ඒවා නිසාය. මින් කලකට පෙර මෙවැනි කොන්තරාත්තු නිරන්තරයෙන් කරගැසුවේ කොළඹ සුපිරි පන්තියේ ජාත්‍යන්තර පාසල් වලින් පිටවූ සිංහල බැරි හෝ අමතක ඉංග්‍රීසි සිංහල හෝ ලාංකිකයන් අතිනි. නමුත් වසර කිහිපයකට පෙර සිට ඔය තානාපති සේවාවලට අවබෝධ වුයේ ජනතාව අතරට ඉක්මනින් යාමට හෝ නියම සේවාව ලබා ගැනීමට සාමාන්‍ය ලංකික ශිෂ්‍යන් පොළඹවා ගතයුතු බවයි. ඉතින් එදා ඉඳන් ඔන්න ඔයවගේ ඉංගිරිසි සැලසුම් අප වෙත එනවා. ඔබ හැමෝම ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගත යුතුයි. නමුත් ඒ අපේ ඉංග්‍රීසි අධ්‍යාපන සුද්දන්ට කත් ඇදීමට හෝ උන්ගේ අපේ ජාතියට විස කැවීමේ සැලසුම් වල බින්කුන්ඩන් වැනි අතකොලු වීමට නොවේ. ඉංග්‍රීසි ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලංකික ප්‍රජාවගේ උන්නතිය සදහාය. අපේ අවභෝදය සහාය. මගේ සහෝදරයනි සහෝදරයනි මේ රටේ බැංකුවක, කාර්යාලයක, රෝහලක,පාසලක විශ්ව විද්‍යාලයක හෝ ඕනෑම තැනක සිංහල භාෂාව කතාකළ හැක. එයට ඔබට ලාංකිකයන් වශයෙන් අයිතියක් ඇත. ඉතින් එය කිරීමට මැලි වෙන්න එපා.

තව ඔබලා දන්නවද යුරෝපය තුල පවා අපට වඩා කුඩා රටවල් තම භාෂාවෙන් පමණක් වැඩ කරයි. ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා තම භාෂාවෙන් ලබා දෙයි. ඉරානයේ ජානාධිපති රෞහනි එංගලන්තයේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිධාරියෙකි නමුත් ඔහු ජාත්‍යන්තර සාකච්චා සම්මන්ත්රණ පවත්වන්නේ මවු බසිනි. මෙය ජාතියක ජාති ආලයයි. රුසියන් ජනපති පුටින් ඉංග්‍රීසි බස ඉගෙනගනිමින් සිටි. නමුත් ඔහු භාවිත කරන්නේ රුසියන් භාෂාවයි. ජෙර්මන් චාන්සලර් වරිය ඉංග්‍රීසි භාෂාව දනී නමුත් ඇය කතාකරන්නේ ජෙර්මන් භාෂාවයි. ඉතින් අප අපේ රට තුල සිංහල කතාකිරීමට මැලි ඇයි? අපි ලජ්ජා අයි? අපි පැකිලෙන්නේ ඇයි? දෙස බස ආගම අපේ සංස්කෘතිය රැකගැනීම අපේ වගකීමකි. ඔබේ අවධානය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ට්විට්ටර් පොස්ටුව පලකිරීමට බැලීමේදී මා එම වෙබ් ට්විට්ටර් පිටුවෙන් අස්කර මාහට අහි කිසිවක් බැලිය නොහැකි වන සේ පිටුව වෙනස් කර තිබුණි. මෙයට බොහෝවිට මා එම පිටුවේ පලකල පිළිතුර හේතුවන්නට ඇත. කම් නැත. මම ඔබෙන් ඉල්ලන්නේ අප රටට ආදරය කරනා ලසයි. එවිට තානාපති උගුල්වල අපි නොවටෙනවා ඇත.

Wednesday, 22 October 2014

යුරෝපා සංගමයේ මලකෙලි අවලකෙලි අසල අපි.

වසර ගණනාවක තහනම අවසන් කරමින් එල්ටීටී තහනම යුරෝපය පුරා ඉවත්වී යනු ඇත. නමුත් බහුතර සිංහලයන් වශයෙන් අප අවට සමාජයද එමෙන්ම පාර්ලිමේන්තුව කුමක් මේවනවිට කර තිබේද? ඉතාම පුදුම සිදුවීමනම් මෙම තහනම ඉවත්කිරීමේ සිද්ධිය අප විදේශ කටයුතු අමාත්‍යංශය හරහා හෙලා දැකීමක් සිදුවී නොමැතිකමයි.(චන්ඩි සජින් ගුනවර්දනද මන්ම මහැදුරු පිරිස් ද නිද්‍රගතව ඇත) එමෙන්ම යුරෝපා හවුල තුල ඇති කිසිම ලංකික තානාපති කාර්යාලයක් මෙම සිදුවීම හෙලනොදැකීමට දැඩි ලෙස වගබලාගෙන ඇත. මේ ඇයි? මෙරට කවුරුකෙසේ කියුවද මෙවර ජනපති වනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයා බව අප කවුරුත් දනිමු. එසේම මෙම මොහොතේ වියයුත්තේද එය බව ශ්‍රී ලාංකිකයනට අවබෝධ වියයුත්තේ මෙය පක්ෂයේ පාට කන්නාඩිය තුලින් බැලීමෙන් පමණක් නොවේ. අප පක්ෂ දේශපාලනය සැම තීරණාත්මක මොහොතකදීම පෙරටගෙන ඇත්තෙමු. අපට මාළු තහනමක් සමග යුරෝපයේ කොටි තහනම ඉවත්කිරීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අප රට දැඩි අපහසුතාවයකට පත්කිරීමේ පියවරක් බව අප ඉක්මනින් වටහාගත යුතුය. මම දැනට ලංකාව තුල පවතින දේශපාලනය කිසිලෙස අනුමත නොකරමි. නමුත් මෙම මොහොතේ මා රාජ්‍ය බලය වෙනස්කිරීමට භාවිතා කරන චන්දය එල්ටීටී කොටි සක්කිලි රැල ශක්තිමත්කිරීමක් වනු ඇති බව මට අවබෝධ වී ඇත. එමෙන්ම ලංකික ඔබ දැනගත යුතුම දෙයක්නම් රජය නිදහස්පක්ශයද,සන්ධානයද,යුඑන්පියද යන්න නොව ජනතා චන්දයෙන් වැඩි මනාපයෙන් පත්වෙන ඕනෑම රජයක් අපේ රජය බවය. ඉතින් ජය තිබියදී එය අස්ථාවරකිරිම කිරීම යනු එදා උඩරට පාවාදීම මෙන් ක්‍රියාවක් වනු ඇත.(මම ලංකාව සුද්දට දීමට කටයුතුකළ කිසිවෙක් ජාතික වීරයෙක් ලෙස නොසලකමි එනිසා මගේ ජාතික වීර ලයිස්තුවේ කැප්පෙටිපොල නමින් නමක් නොමැත. රටතුල ප්‍රශ්නය රටතුල සිදුවූ අරගලයක්ම පමණක් කරනොගෙන සුද්දන්වෙත දුව කුමනවීරකම් පෑවත් මට ඉන් කම් නැත. කිම්ද? සුද්දවෙත දුවා රජය අස්ථාවර කරිරිමෙන් කැප්පෙටිපොල දිනුදෙයක් තිබේද?) මෙවැනි ප්‍රකාශ මම ද්‍රෝහියකු ලෙස නම් කිරීමට හේතු විය හැකි නමුත් සත්‍ය තත්වය අපට අමිහිරි උවත් ඉතිහාස පාඩම් හොදින් බලා තෝරා බේරාගතයුතුව ඇත. එමෙන්ම අපරට අතිශය තර්කානුකුල පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ කියන කිසිවක් මම විස්වාස නොකරන්නේ කිම්ද? ජනතා විමුක්ති පෙරමුණ ඒකීය රටක් යන සංකල්පය පිළිගන්නට 1999 තරම් කලක් ගතවීම මෙන්ම අනුර කුමාර වැන්නවුන් පුන පුනා කියන සමාජවාදයේ පැවැත්ම යන සංකල්පය තුල ආගම ජාතිය යන මත යට ගසන පාගා දමන සංකල්ප වීමය. ඒ ඇයි රුසියාව චීනය වැනි රටවල් සමාජවාදයේ මුල්ගල් බැස්සවීමට ආගම දරුණු ලෙස මර්දනය කිරීමයි. බටහිර මුල්ගල්මත ඉදිවූ සමාජවාදී මත අපරටතුල නිරන්තරයෙන් ප්‍රතික්ෂේප වීම සමසමාජ පක්ෂය බිදවැටීම  ජනතාවිමුක්ති පෙරමුණේ බල අරගලය බිදවැටීම තුලින් පෙනීයයි. නමුත් තවමත් ජනතාවිමුක්ති පෙරමුණ රට වෙනුවෙන් නොව සමාජවාදය වෙනුවෙන් පෙනීසිටීමට දරන උවමනාවෙන් පෙනීයයි. නමුත් අද ලෝක බල අරගලය හමුවේ ආරක්ෂාවීම උදෙසා රටවල් සමාජවාදී මත වලට වඩා ජාතික වාදී මත වෙත යොමුවන කලක අප අපරට තුල අපගේ ජාතිකත්වය රැකගැනීමට තැත් නොකර සමාජවාදය පිහිටුවීමේ සිතින් කාරණා අමනොඥ ක්‍රියාව හරහා රට කුමන රජයක් යටෙතේ උවත් දුබල රජයක් කිරීමේ ගමන දැනටමත් ආරම්භවී ඇත. එමෙන්ම යුඑන්පිය තුල ජාතික නායකත්වයක හිඟ කම නිසා අද පක්ෂය අතිශය දුර්වල තත්වයට පත්වීමෙන් වාසි ලබන්නේද සන්ධානය හා ජනතාවිමුක්ති පෙරමුණය. යුඑන්පියේ නැගීම යන  තේමාව ගතහොත් එය සිදුවනු ඇත්තේ හෝ කල හැක්කේ ආර්ථිකය ගැන ආචාර්ය හිරන්ගේ ගොන්කතා හෝ රවී ගේ අචේතනික වක්යංශ හරහා නොවේ. ජාතිකත්වය යන සංකල්පය ශක්තිමත් කිරීම මතය. අද රටේ තරුණ මදිවයස් කාණ්ඩ ජාතික මතයක් ජාතික ආණ්ඩුවක් ඉල්ලා හඩ නගන කල ආණ්ඩුව බිහිරකු සේ සිටීමත්. යුඑන්පිය ඇමෙරිකන් ඔත්තුකරයාගේ චරිතය රඟපෑමත් නිසා ශක්තිමත් රජයක් යන සංකල්පය සිහිනයක් වී ඇත. අපේ මෝඩකම් තුල එල්ටීටිය නැවතත් දළුලා වැඩෙමින් සිටියි. අප මෙවරද කැවුම් කැමට සුරයාගේ චරිතය රඟපානවද නැතිනම් ජාතික සංකල්ප මත ශක්තිමත්ව ගොඩනැගු ආණ්ඩුවක් හා රටක සතුටින් සිටිනවාද කියා අප සිතිය යුතුය. එමෙන්ම මහින්ද රාජපක්ෂ අප ජනපති තුමා දැන් අප රට ඉල්ලා සිටින්නේ ජාතික සංකල්ප මත ඉදිවූ අන්තවාදී මත ධාරීන් අපට අභියෝග හමුවේ නොනැමෙන ආණ්ඩුවක් බව රජය මෙන්ම ඔබ අප සැම තරුම්ගතයුතුය. එවන් ආණ්ඩුවක් තුල ජන ගහනය නිරිපනය වන පරිදි රට තුල තීරණ ගැනීම් සිදුවනු ඇත. එවිට ආණ්ඩුව මෙන්ම රටද විපක්ෂයද හකීම්,තොණ්ඩා වැන්නවුන්ගේ පිහිට නොපතනු ඇත. තොණ්ඩා හකීම් එවිට සහජීවනය යන මත පිළිගනු ඇත. එමෙන්ම දෙමල ජාතික සන්ධානය වැනි කොටි අතකොලු ප්‍රජාතන්ත්‍ර වාදය පිළිගනු ඇත. එවිට ඔවුනට ඇමෙරිකන් තානාපති දෙන මස්කටුවලට වඩා රටක් තුල ප්‍රතිපත්ති ඇති පක්ෂයක් වශයෙන් සිටීමේ වැදගත්කම තේරෙනු ඇත. මෙම මාර්ගයේදී සරත් සිල්වා වැනි හොර උපාසක බලලෝභී ගොන්තඩි කියන කතා මායිම් කල යුතුනොවේ. ඔවුන් නීතියේ නාමය, ආගමේ නාමය විකිනු හොරුන් මිස ඉන් මෙහා අය නොවේ. එමෙන්ම සරත් ෆොන්සේකාට මෙරට මිනිසුන්ගේ අනුකම්පාව ලබියයුත්තේය. අයි? කොටි පරදවා දිගුගමනකට යන්න සිට ජනතාවිමුක්ති පෙරමුණ යුඑන්පිය ගෙතු දැලේ වැටුණු වීරයෙක් නිසාය. ඔහු මතක තියාගත යුතුවන්නේ ඉනිමගට පයින් ගැසීම හොඳ නැති බවය.

Wednesday, 24 September 2014

ලංකාව හා පිස්සු සිතිවිලි මගේ

සමහර දේශපාලකයන් තමන් එක යුගයක විප්ලවීය අරගලයේ යෙදුනු බව පිළිගනී, එමෙන්ම ඔව්න් කර ඇත්තේ සන්නද්ද අරගලයකි. මිනිසුන් මරණ ලද බව නොකියා කියනු පුවත්පත්වල දැක ඇත්තෙමි. එමෙන්ම නීතිඥයන් කපුටන් මෙන් මිනිසුන් සුරා කන අතර මහා විනිශ්චය කරුවන් කාරියන් කල හොරකම් වලට පිළිතුරු දියනොහැකිවත් තම තැන රැදෙන්නට ගුජුප්සා ජනක නාටක රඟපානු දකිමි. විශ්‍රාමික මහා විනිසුරුවන් පුද්ගලික න්‍යාය පත්‍ර මුදුන්පමුනුවනු වස් පක්ෂ කඩපිල් වන්දනා මාන කරනු දැක්කෙමි. මෙත්සිත් පහල වේවා යයි පතු මහා විනිසුරු දෙස්පලු මඩ ගොඩේ මඩ කෙලි කෙළිනු දැක්කෙමි. ආණ්ඩුවේ මැතිවරු ජන ධනය ගසාකනු දැක්කෙමි. බොරුවට මිනිසුන්ගේ දුකට පිහිටවන මන්ත්‍රී වරු දුටිමි. ප්‍රවෘත්ති ප්‍රසිද්ධිය චන්ද පතා තමාටම පුළු මුගුරු ගස්සවගන්නා මන්ත්රින්ද දුටිමි. එමෙන්ම ගොන්කම ඉහවහා යාම නිසා මිනිසුන්ටත් සෙසු මන්ත්‍රීන්ටත් පහරදෙන මන්ත්‍රීන් දුටිමී. චන්ද කැඩීමට අනුන්ගේ ලබුවල සබන්ගා සෝදන මහා සමාජවාදී අමන රැල් දුටිමි. මිනිස් මාංශය කන විශේෂඥ වෙදදුරන් දුටිමි. බොදු රට වනසන එම්බල වසල මුස්ලිමුන් දුටිමි. තම රටම විදෙස් වලට විකුණන මුදලාලිලා දුටිමි. බටහිර බෙහෙත් කුඩුකර දමා සාදන දේශීය බෙහෙත් විකුණන වෙද්දු දුටිමි. පන්සල විකුණා පාරට බැසි චිවරධාරින්ද දුටිමි. එමෙන්ම අහස උසට පන්සල් හදන ගමේ පන්සල පිරිහෙනවිට එය ඉදිරිපිට මහමෙව්නා මවනා මැජික් බුද්ධාගම දුටිමි. ඇත්ත බුදුදහම වනගතවනු දුකින් බලා සිටිමි. රට කඩන්න හදන උන්ට ඉනිමන් බදින දෙස්පල්ලෝ, ආචාර්රිය මහාචාරිය ජඩයන් දුටිමි. අප අසරනොදෝ සිතා හිසේ කැක්කුම සෑදුනි.

Sunday, 21 September 2014

හරිත නගර

අපගේ අගනුවර හෝ වෙනත් නගරවල තද උෂ්ණත්වයක් තිබීමට හේතු මොනවා වියහැකිද? මම හිතන්නනේ නිතර රත්වෙමින් ඇති මහාමාර්ග, කොන්ක්‍රීට් ඉදිකිරීම්, අදික වාහන එමෙන්ම අඩු වෘක්ෂලතා කියන කාරණයයි සිතමි. මම ඇතැම් විදෙස් මාධ්‍ය තුල මහා මාර්ග අසලින් අයිනේ සිටුවා ඇති ගස් දැක ඇත්තෙමි. ඒවායින් සෙවන මෙන්ම අලංකාරයත්, සිසිලසත්, සැලසේ. නමුත් කොලඹ ප්‍රධාන අනෙකුත් නගරවල මෙම තත්වය නොමැත. තියෙන ගස්ද කපා වනසා ඇත. කාලෙන් කාලෙට පාර මැද්දේ කුඩා පඳුරු වර්ග හෝ මල් වැවීමට නිර් අර්ථ උත්සාහ ගනු අනන්තවත් දැක අතිමි. මම යෝජනා කරන්නේ කොළඹ වන ගහනය වැඩිකළ යුතු බවයි. එසේ වැඩිකළ යුත්තේ තේරුමක් ඇතුවය. අපි අලංකාරය සෙවන පමණක් නොව අධික උෂ්ණත්ව වැඩිවීම කොළඹ තුල පාලනය නැතිනම් යාමනය කල යුතුය. මේසදහා ශක්තිමත්, සිසිලස ගෙනදෙන අලංකාර, දේශීය වටිනාකමක් ඇති ශාක භාවිතා කල යුතු යයි යෝජනා කරමි. එවන් සුදුසු ශාකයක් ලෙස නා ගස දකිමි. ඔබද මේ පිළිබද හඩක් නගා ගසක් සිටුවා දැනටමත් ලක්මවට ප්‍රශ්නයක් වෙමින් පවතින උෂ්ණ අධික ශුෂ්ක දේශගුණය හා අදිරියේදී අපට විශාල ප්‍රශ්නයක් වීමට ඇති අඩු වර්ෂාපතන තත්ත්වය, හා දිගුකාලින ප්‍රශ්න වීමට ඇති පස නිසරු වීම වලක්වමු. ලංකාව දුහුවිල්ලෙන් පිරි උෂ්ණාධික කතරක් නොව. පල වැලින් පිරි හරිත බිමක් කරමු.


මාවතක් අයිනේ ඇති දර්ශනීය ගස් පෙළක්.නගර වල මෙවැනි හරිත වර්ණයක් මැවීමට හැකිය. කෙතරම් අලංකාරද?









ලංකාවේ ජාතික වෘක්ෂය, සාහිත්‍ය කතාවල එන ගසක් මෙන්ම මතු බුදුවන බුදුන්ගේ බුද්ධත්වයට සිසිලදෙන ගස ලෙස ප්‍රකට, සිසිල දනවන අතිශය සුවඳ මල් පිපෙන නා ගස.

Sunday, 14 September 2014

සාහිත පන්හිඳ

ලාංකික ලේඛකයන්ගේ පොත් නොකියවූ අතිශයින් තම පිළිබද අධි තක්සේරුවෙන් යුත් විචාරකයන් ඇතැමෙකුගේ බොලද බස ඇසූවෙමි. අපේ මවුබසට පෙරලුනු ඉංගිරිසි ඇතුළු වෙනත් භාෂා වල පොත් විශාල ගණනකි. මේවා කියවීම රසවිදීම ඉතා වැදගත්. නමුත් සංසන්දනය කල්පනාවෙන් කලයුතු දෙයක්. මේලෝකේ සියලුදේ සාපේක්ෂය. අපිට හොඳයි නොපෙනෙන සමහරදේ අන් යට ඉතා හොන්දවියැහැක. මෙලොව නිරපෙක්ෂදේ සෙවීම බොහෝවිට නිරර්ථක උත්සාහයන්ය. එනිසා යමෙකු ලොව දක්ෂම ස්රෙෂ්ටම ලේඛකයා තොල්ස්තොඉ යයි පවසයිනම් මම එකග නැත. කිම්ද එය ඔබට සාපේක්ෂ තීරණයක් නිසාය. අද සමාජයේ සමහර ලේඛකයන් විචාරකයන්ට හිමිව ඇති ප්‍රසිද්දිය උපයෝගී කරගෙන යමෙක් අන් අය තම මතයට නම්මවා ගැනීම අදහස් ඔලුව මත බලෙන් පැටවීමකි. මාටින් වික්‍රමසිංහ ලංකාවේ ශ්‍රේෂ්ටම ලේඛකයා යනුවෙන් ගුරුවරුන් අපට කරදෙන හදුන්වාදීම අපි අපිම රවටගනිමකි. එය මිනිසුන් ගනුලබන සාපේක්ෂ තීරණයකි. පොත කියවා බැලීමටත් පෙර ලේඛකයා ශ්‍රේෂ්ට යයි කීමෙන් පොත කියවා අවසන ගතයුතු පාඨක තීරණය පාඨකයා මත බලෙන් පැටවිමකි. ඇතැම් විට මෙවැනි හදුන්වාදීම් පාසල් පොත්වල,පුවත්පත්වල සහ පෙරවදනවල් වල බොහෝ ලියවී ඇත. මේ නිසා නොමගයන ළමුන් මිනිසුන් කොපමණවත් ඇත. සාහිත්‍ය රසවිදීමට යම් යම් ඉගැන්වීම් කල හැක. නමුත් කෘතියක අවසන් තීරණය කියවන්නා සතු මිසක ලේඛකයහෝ විචාරකයා සතුනොවේ. විචාරකයන් අපට රසාස්වාදනය ඉගැන්වියයුතුයි මම සිතමි. ලේඛකයා හා කෘතියේ හොඳ නොහොඳ තේරීම පාඨකයා සතු දෙයකි. අපේ පොත් අප මෙන්ම පිටරටියන්ද වෙනත් බසකට හරවන්නේ නැති කලෙක ලොව විශිෂ්ටම ලේඛකයන් ගොර්කියයි කීම, හෝ හෙමින්ග්වෙයි යයි කීම අපගේ අදුරු අනාගතය පිළිබද ඉඟි යයි නිතර සිතේ. මා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කල දර්ශනය ඉගැන්වූ ගුරුතුමියගේ නිවන ගැන අර්ථදැක්වීම අප සංස්කෘතිය හා පසුබිම විදෙස්වලට නිසි අයුරින් පෙන්වා නොදීම බව මට සිතුනි. යම් දිනක අප සාහිත්‍ය විදෙස් වලට ගෙනයාමට නම් අප සංස්කෘතික පසුබිම හා අනික්දේ ද ඔව්න්ට පහදා දියයුතුය. එවිට රසවිදීම කල හැක. අපගේ සාහිත්‍ය භාවිතයෙන් තොරව විදෙස් කෘතිවලට නම්බුනාම දීම අපගේ දීන කම හැරෙන්න්නට වෙන කිසිත්කියානොපායි. ඔබගේ උලුව හදවත මෙන්ම අපරටේ චින්තනයත් කුමනම හෝ අනිත් රටකින් තනන භාජනයක හැඩය ගන්නා දිය දෝතක් නොකරන්න. ඔබට, ඔබේ හිතට රටට ගැලපෙනදේ ගැනීමට ඔබගේ සරසය වැඩේවායි පතමි.