Wednesday, 3 December 2014

මානව හිමිකම් සම්මාන ලැබිය යුත්තෝ.














පසුගිය දිනක කොළඹ යම් ස්ථානයක මානව අයිතිවාසිකම් සම්මාන උත්සවයක් තිබුණා (2014). හොදක් කරලා තියෙනවනම් අනිවාර්යෙන්ම සම්මානයට පාත්‍ර වියයුතුයි. නමුත් මේ සම්මාන ගත්ත සමහර අය රටේ මානව අයිතීන් රැකුමට කළදේ මොනවාද? යන්නත් කිව්වනම් කොච්චර වටිනවද?(දන්නා කවුරු හරි මේ හේතු දන්නවනම් කරුණාවෙන් අපිටත් ලියා දන්වන්න.) තරහින් කියන දෙයක් නෙවේ මානව අයිතිවාසිකම් සම්මාන අරන් ෆොටෝ සිය ගණන් ගහල ෆේස්බුක් එකේ දැම්මට සම්මා ගන්න තරම් මේ ය කලේ මොනවද කියල මට සැකයි. පුදුමයි මානව දයාව පතුරන තවත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අයට ලැබුණු සම්මනයක්නම් නැහැ.තව ගොඩක් මානව හිමිකම් සුරැකීමේ සම්මානයට පාත්‍ර වියයුත්තෝ ඉන්නවා. නමුත් ඔව්න් සැමදාම නිහඩ සේවයක් කරන්නේ. ඇයි ඒවා සමහර මාධ්‍ය ආයතනවලට , සමාජ ක්‍රියාකාරීන්ට , රාජ්‍යනොවන සංවිධාන වලට නොපෙනෙන්නේ?  සම්මාන දෙනවනම් මිනිස්සු තව කොච්චර ඉන්නවද මේ රටේ සම්මානනීය අය. මේකියන සම්මාන උළෙලෙත් අපිට පසක් උනේ මාර්කට් කරන්න බැරි මිනිසුන්ට සම්මාන දීමෙන් වැඩක් නැහැ කියන අඥාන රීතිය/නීතිය නැවත සිහි කැඳවීමක් පමණක් යයි මම සිතමි.මානව සම්ම්මාන යන්නෙත් මානව අයිතීන් රැකපු මිනිසුන්ට වඩා ජනමාද්‍ය තුල නට නට ඉන්න නිළියන්ට නළුවන්ටද?
මම 5 දෙනෙක්ගේ නම් කියනවා ඇත්තටම මානව හිමිකම් සම්මානයක් ලංකාවේ ලැබියයුතු. හිතල බලන සේක්වා.(මේ සමහර අයත් ජනප්‍රිය තමා නමුත් ඇත්තටටම වැඩක් කරලා තියෙන අය).
සුනිල් මාදව ප්‍රේමතිලක.(සාහිත්‍ය හරහා කළ කී දේ)
එඩ්වර්ඩ් ජයකොඩි (සාහිත්‍ය හා ගායනය.)
හසන්ත හෙට්ටිආරච්චි.(මම දොරමඩලාවේ ලොකු රසිකයෙක් නෙවේ නමුත් එකෙන් සමාජයේ කොච්චර අයිතිවාසිකම් ගැන කතා වී ඇතිද?)
දරණාගම කුසල ධම්ම (මම ආගම පටලවා ගත්ත කියන්න එපා. මම බුද්ධාගමේ කෙනෙක් නිසා මේ නම යෝජනා කලේ. හැබැයි අගරදගුරු තුමත් හොඳ මිනිසෙක්. යෝජනා කලයුතු කෙනෙක්)
මොහාන් සමරනායක(ලංකාව,ලංකාවේ මිනිස්සුන්ගේ අයිතීන් හා සුබසෙතවෙනුවෙන් මානව වර්ගයේ යහ පැවැත්ම වෙනුවෙන් වැඩකරපු පුදුම අවංක නිවුණු මිනිසෙක්)



ඇත්තටම කියන්නම් තව නම් කී නොකී ගොඩක් අය ඉන්නවා. මීට වඩා සේවාවන් කළ මිනිසුනුත් ඇති.(මම දන්නා තරමින් ආරක්ෂක හමුදාවකට කවදාවත් මේවගේ සම්මාන දෙන්නේ නැහැ. නමුත් ලංකාවේ හමුදාවේ මහා උත්තමයෝ යුද්දයේ අවසන් අවුරුදු දෙක තුල ජීවිත 6500 පමණ පරිත්‍යාග කර, ලොව විශාලතම ත්‍රස්තවාදයෙන් දුකට පත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම අති සාර්ථකව නිමකළ බව මතකද? ගුණ නොගැයූ මානව හිතවාදීන් පිරිසක් නොවේද? සමහර හමුදා විරුවන්ගේ මළ දේහයවත් හමු වී නැහැ.)

මානව හිමිකම් සම්මාන ගත්ත අයට මානව හිමිකම් ගැන අවම වශයෙන් පාටමලාවකට නිදහස් ශිෂ්‍යත්වයක් වත් දුන්නනම් කියල සිතෙනවා. මොකද මේ සම්මාන ගත්ත සමහරුන් වැඩිපුර කරලා තියෙන්නේ අඩනිරුවත් රංගන කිරීම පමණක් නිසා.
වීරයන්, සම්මනනියයන්, නායකයන්, තෝරන විට අපි මිට වඩා හිතන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. ඔය සමහර සම්මාන ගත්ත අයට වඩා යාපනේ බිම්බෝම්බ ගලවන තවම විවහයක්වත් කරගත්තේ නැති අහිංසක මනවහිතවාදීන් කියක් ඉන්නවද? මේවා තරහින්,මඩ ගහන්න, චරිත ඝාතනයට කියන දේවල් නෙවේ. හිතේ වේදනාවට කියන දේවල්.


කිලිනොච්චි ඉදිරි ආරක්ෂක වළල්ල බින්දහෙලිමේ ,එහෙයුමේදී දිවි පිදුවන් පහත දැක්වේ. මේවා කලේ කවුරුන් වෙනුවෙන්ද?. (ඔබලාට මොවුන් ගැන මතකයක් තිබේද?)මේ මිනිස්සු මෙහෙම වැටිලා පොලව බදාගෙන, පස ඉඹගෙන, අවසන් හුස්ම ඇරියේ උඹල අපේ මනවහිමිකමක් වෙච්ච නිදහසේ ජීවත්වීමේ අයිතිය රකින්න. 

























මේ වගේ ලාභ,බාල, නිසි තේරීමක් නැතුව දීපු සම්මාන වලට වඩා වටිනා විදියේ සම්මාන වලින් අපේ සබැ මානව හිතවාදීන් අගයිමට ලක්වේවා! ඉන් තවත් අපේ පරපුර දිරිමත් වේවා! යයි පතමි.

Saturday, 29 November 2014

අපේ සිත් සතන් පුරුදු වෙනත් රටුනට පවා දෙමුද?

අපි හින්දු මිනිස්සු නෙවේ. අපි සිංහල බෝධ්ධයෝ ඒ වුනත් අයි අපි අපේ වගකීම්, නිවහල් කම තරුණ කම මෙවැනි පිටස්තර සරුව පිත්තල වැඩ වලට පවල දෙන්නේ? ඉන්දියාවෙන් එන හෝලි උත්සවෙත් ඇමෙරිකාවේ හැල්ලෝවින් එකත් සමරන්න අපේ අයට පිස්සුවෙන් වගේ උනන්දුවක් තියෙන්නේ. අලුත් අවුරුද්දටවත් අපේ එවුන්ට ඔච්චර ගැම්මක් ඇවිත් නැතුව ඇති. අපේ එවුන් හිතල කරපු නිර්මාණාත්මක දෙයක් කසිම තැනක නැතිදොයි මටනම් බයයි. සංස්කෘතිය, චින්තන ඇමෙරිකාවට හා ඉන්දියාවට පාවාදීමෙන් පසු සම්පත් සියල්ල චීනයට ලියා දීමටද අපි බලන් ඉන්නේ? පහුගිය දවසක මම දැක්ක අපේ ඉස්කෝලේ එවුන් කට්ටියකුත් හොලී සමරලා. මගේ ඉස්කෝලේ කොළඹ ප්‍රධාන බුද්ධාගමේ පාසලක්.අනිත් එවුන්ට කෙසේ වෙතත් මට මගේ ඉස්කෝලේ එවුන්ගේ වැරැද්ද කියන්න උරුමයක් තියෙනවා. අනේ ඉස්කෝලේ මෝඩ පරයිනේ උඹල බැංකුවල,ලිපිකරු රස්සාවල,පොඩි පොඩි බිස්නේස් වල ඉඳල හොයා ගත්ත පඬියාලමෙන් ඇඟේ පාට කුඩු ගාගෙන ගොන්නු වගේ නටපිය කාලකන්නි. අපේ රටේ එවුන් කට ඇරියොත් කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ කියල. උඹට මතක නැද්ද මල්ලියේ උඹ අලුත්ම සැම්සුන් ෆෝන් අරන් හැලොවින් පාර්ටි ගිහින් කාම ක්ලබ් එකේ ජරා ගැණු එක්ක සමයන් නටල,සෙල්පි ෆොටෝ ගහල, ලොකු ගණන්වල බිර,අරක්කු,විස්කි එක ඇතුලේ බීල අවා. උඹලගේ ගොන් පාට් වල ෆොටෝ හැම තැනම. යකෝ උඹල සල්ලි නැහැ,කන්න නැහැ කියා කියා ඔය වියදම් කලේ ඇටෙද?

https://www.facebook.com/media/set/?set=a.991608470856191.1073742319.371721489511562&type=1 (එවැනි බුරු රැලක් මෙම ලින්ක් එකෙන් දැක්වේ.)

Friday, 21 November 2014

යුද්ධය හා සාමය

අපේ හුගක් අයට යුද්දය අමතක යුද්දේ යුද්දේ ස්වරුපෙන්ම අපේ නගරෙට ගමට ආව නැති නිසා. අපේ ගෙවල් කුඩු උනානම්, හිත මිතුරෝ ඥාතියෝ මරුනනම්, අපේ කෙල්ලෝ, ගැහැණු දුෂණය උනා නම්, අපේ ඉඩම් ත්‍රස්තයෝ අල්ල ගත්තනම් රැට නින්ද නොයන්නම් වෙඩි වරුසා තුබුනනම් ලගපාතම අපිට යුද්දේ සතවර්ෂ ගානක් මතක හිටීවි. යුද්දේ තිබුනේ උතුරෙනේ. සිංහල හමුදාවේ කොල්ලෝ දුක් වින්ද. අපේ ගමවල් වල නගරවල එවුන් දුක් වින්දේ නැහැ. ඉඳල හිටලා බෝම්බයක් පිපුරුනාම බය උනා එච්චරයි. යුද්දේ ඇත්තටම ආවනම් කොළඹ අපේ මිනිස්සු ඔයිට වැඩිය නිදහස ගැන හිතනවා. පිනකට වගේම කරුමෙකටත් යුද්දේ එහෙම උනේ නැහැ. රණවිරුවන්ට තුති. යුද්දෙන් බේරුනා අපේ සමහර සිංහල නරි දැක්කම නොදකින් කියල හිතෙනවා. එහෙම සක්කිලිත් ඉන්නවා. දෙවනි ලෝක යුද්දේ නගර මිනිස්සු විනාස වෙච්ච විදිය බලපල්ලා. නැතිනම් උඹලගේ කුහක කම යන්නේ නැහැ. උඹල ඔය ජිවත් වෙනවා නෙවේ.අහිංසක හමුදා කොල්ලෝ උඹල වෙනුවෙන් ඉස්සරහට පැනල බැමි බිඳලා කොටි මරල පන්නල ගත්ත නිදහස මේක. උඹල කැෆේ වල බාල් නටනකොට, මැක් එකේ බනිස් කකා සෙල්පි ෆොටෝ ගහනකොට,ඉංගිරිස් වචන දදා සොබ්බේ දානකොට,හැලොවින් යනකොට මතක් කරපල්ලා ටිකක් හරි. කොටි හමුදාව කොළඹ ආවනම් උමබලට වෙන දේ. ඒක වලක්කපු එවුන්ව උඹලට මතක නැහැ.ගුණමකු රැලක් වෙන්න එපා.

Thursday, 20 November 2014

දෙවියන්ටත් පිස්සුද කොහෙද.

පිචර් එකක කැල්ලක්. මේකේ කියන සමහර ඒවා ඇත්ත නෙවේද බලපල්ලා කොල්ලනේ. ලේක්කනේ.මිනිසුනේ..විහිලු කතාවක් හැබැයි අපිටම හදපු එකක්.

ආච්ච්චිට ලිවූ පණිවුඩ කඩදාසිය

ආච්චියෙ මේවා හුගක් දකින්න අච්ච්චි මේලෝකේ නොහිටින්න තරමට ආච්චි ගොඩක් පින්කරලා. ආච්චිගේ ලොකුපුතා මේ නිතර දකින විකාර ටිකක් ලියල එවන්න හිතුවා. ආච්චියෙ මතකද අපි අසාවෙන් කොස් සම්බෝල කරවල හොදි සමග කැව? දැන් ඒ කෑම හුගක්ම අඩුයි. කොස් ගසුත් නැහැ වැඩිය. කොහොමත් අද දවල්ට කෑවේ කොස් කියල කියන්න අපි ලැජ්ජයි ආච්චියෙ. ඒ වුනාට මට ඒ රස තවම මතකයි. නොකිව්වත් අනිත් එවුන්ට මම ඉඳල හිටලා කොස් උයවගන්නවා අම්මට කියල. මේ ලෝකෙම මේ කෑම ජාති කන එක මහා නොන්ජල් වැඩක් වගේ දැක්කට මට ඒ රසයෙන් ගැලවෙන්න බැහැ. දැන් මගේ යාලුවෝ හුගක් වෙලාවට දහවල් කන කෑම එකේ ෆොටෝ එක ගහල අන්තර්ජාලයට එවනවා. ඒක මගේ හුගක් තව යාලුවන්ටත් පේනවා. ආච්චියෙ අන්තර්ජාලය කියන්නේ අලුතෙන්ම ආව ලෝකයේ විස්තර ඉන්මනින් බෙදා හදා ගන්න අපි හැමෝම ටැලි ග්‍රෑම් එකකටත් වඩා ඉක්මනට ලන්කරන සේවාවක්. මේවගේ දේවල් අහල ආච්චිගේ මොළෙත් අවුල් වෙයිද? කෙසේවෙතත් ලියුමේ කොපියක් ඔයකියන අන්තර් ජාලෙටත් යනවා. තරහා වෙන්න එපා. ඉතින් ඔය හැමෝම කන සැප කෑම අතරට මම කන කොස් පිගානේ පින්තුර දාන්න මම යන්නේ නැහැ. දැන් හරි ඉක්මනට අපි කන බොන දෙයක් නිසා උනත් අපිව කොන්වෙන්න යන්නේ තත්පර ගානක්. පුදුමාකාර සැප කෑම ජාති දැන් තියෙන්නේ. අපේ ගමේ දැන් සුපර් මාර්කට් එකක් තියෙනවා. ආච්චි සමහර විට කොළඹ ගිය වෙලාවක දැකලත් ඇති මහා සිහින කඩ. ඒ වගේ කාර්ගිල්ස් කඩයක්. දැකල තියෙනවද අහල තියෙනවද කොළඹ කාර්ගිල්ස් සුපිරි වෙළදපොල ගැන ඒ කාලේ? අන්න ඒවා දැන් රට පුරාම. ඉස්සර මතකද ආච්චියෙ අපේ ගෙදර තිබුන කොස් ගස් 5 මුළු ගමෙන් බාගෙකට බඩ පුරවන්න වුනත් ඇති. මතකද කොස් ඉල්ලගන්න මිනිස්සු අවම අපි ඒවා නිකන් දුන්න සතුට? අපේ ගෙදර කොස් ගෙඩියෙන් බාගයක් එහා ගෙදරටත් යැවුවා? දැන් මිනිස්සු කොස් කන්නේ නැහැ. ගමේ ගොඩේ විතරක් නෙවේ අපේ කොස්ගස් වලත් ගෙඩි නිකන් වැටිලා යනවා. මිනිස්සු ඒවගේ කෑම වේලක්වත් කන්නේ නැහැ. හැබැයි හැමෝම කියන්නේ මේ රටේ කන්න දේවල් නැහැ කියල. දැන් ලොකු ලොකු මිනිසු විතරක් නෙවේ නැති බැරි මිනිහත් කොස්ගෙඩි ලෙලි ඇරලා කලා, ළඟ අයටත් දීල, අටුකොස් හදල තියාගන්න අය නෙවේ. කොහොල්ලා ගාගෙන ඕව කරන්නේ කවුද කියල කියයි. ජිවත් වෙන්න අමාරුයි තමා හැබැයි තවම බඩගින්නේ මැරෙන්න තරම් අහේනියක් නැහැ. හැබැයි බගින්න නිවාගන්න තියෙන දේ අපේ මිනිස්සුන්ට දැන් පේනවා අඩුයි. දැන් පොඩි මිනිහ වුනත් හැමදාම බටර් වගේ කෑම වරද්දන්නෙ නැහැ. හැබැයි ඒක වැරදි නැහැ. අපිත් කොච්චර ආසද ඒවා කන්න ඉස්සර? දැන් ඒවා නිතර පාවිච්චි වෙනවා. හැබැයි ආච්චියෙ අපි හිතන් හිටිය වගේමත් නෙවේ ඒ කෑම හැමදාම කන මින්නිස්සු ඉක්මනට ලෙඩ වෙනවා. ඒවායේ මොන මොනවහරි නරකක් තියෙනවා කියලා දොස්තර මහත්තුරු වේද මහත්තුරු නිතර කියනවා. ඉස්සරනම් ඔයවගේ නැහැ නේද? දැන් ඒ ආච්චිලගේ කලේ මේ කලේ වෙනස බලන මිනිස්සු,වෙනස කතාකරන මිනිස්සු හරි හරියට කොන් වෙනවා. හැබැයි විසතිබුනත් ඕන කෙහෙල් මලක් කියල මිනිස්සු ඒවා කනවා. ආච්චියෙ මතකද අපේ ආතාගේ සහෝදර පරම්පරාව? ඔක්කොම සීයට ඔන්න මෙන්න කියල තියෙද්දී තමයි එලොව ගියේ. දැන් තියෙන ලෙඩ දැක්කම පිස්සු හැදෙනවා මටත්. කොස් දෙල් කන්කුන් ඔය කැමජති දැන් කොන් උනාට ආච්චියෙ මට එකක් හරිම විස්වාසයි. තව අවුරුදු 10 මිනිස්සු කොස් කන්න කොළඹ තියෙන හොඳම හෝටල් වලට යයි. වත්තේ හැදීල තියෙන මහා ගෙඩි හැදෙන දාර ගහ කොස් කියලවත් හුග දෙනෙක් දන්නා එකක් නැහැ ඒ කාලෙට. මොකද දැනටමත් හුගක් මිනිස්සු සාරන, නිවිති, මුකුණුවැන්න,රණවරා බෙලි,තිකිරිදිය,ඉරමුසු,හාතාවාරිය අදුරනේ නැහැ. ආච්චි දන්නවද මම කොළඹ නැවතිලා හිටපු කලේ බිත්තරයක් දාපු දවල් කෑම එකක් රුපියල් 150. ආච්චියෙ මම කෑවේ හොඳ කඩේකින්. බලන්න පුදුමේ. එකේ තියෙන්නෙත් කන්කුන් තෙල් දාල. ගමේ හිටපු අපි ගොඩේ කෑම කියල කොන් කරපු කෑම අයේ නගරේ හෝටලේ බත්පතේ. දැන් අපි ඒවා මහා ගණන් ගෙවල කනවා. වත්තේ ලිඳ වටේ වැවිල තියෙන මහ ගාල කන්කුන් කියල අපී දන්නේ නැහැ. ආච්චි දන්නවද මෙහෙ තියෙනවා අමෙරිකාවෙන් ඇවිත් ලංකාවේ ඇරපු කෑම කඩ කීපයක්. ඒවායේ බත් නැහැ. බනිස් වර්ගමයි තියෙන්නේ. මස් පෙති,සලාද,චීස්,බටර් තක්කාලි ජුස් ඒවායේ මැද්දට පුරෝලා හුගක් රසයි තමයි ආච්ච්චියේ අපිට ඒවා නිතර කන්න බැහැ. එක බනිසක් රුපියල් 600 විතර. ආච්චියෙ ඔයාල අනුරාධ පුරේ වන්දනාවේ යනකොටත් රුපියල් 600 ගෙනිච්චේ නැහැ නේද? ආච්චිලා අනුරාධපුරේ සතියක් ඉඳල අවා. ආච්චියෙ දැන් ලොකු පුතා ආච්චිගේ හොඳ රස්සාවක් කරනවා. මට හොඳයි දැන්. දන්නවද ආච්චියේ මම කොලම්බගිය දවසට රුපියල් 600 කියන්නේ එන්න ටිකට් ගන්නත් සල්ලි මදිවෙන ගානක්. හැමදේම හරිම ගණන්. දැන් කඩවල හීනියට ලියපු පළා වර්ග පැකට් කරලා තියෙනවා. හරිම ගණන්. අපි දැන් ඔය කොලවල හැඩය දන්නෙත් නැහැ. හැබැයි ඔය කොලජාති ගොඩක් වතුවල,පොලේ,ගමේ ජනහස කඩේ තියෙනවා.අපේ අම්මනම් තවම දෙය්යනේ කියල ගෙදර වත්තේ වැවෙන කොළ,මයියොක්ක,කොස්,පලා උයනවා. එහින්ද දෙය්යනේ කියල අපේ ගෙදර අයනම් මෙරටේ කන්න දෙයක් නැහැ කියල සාප කරන්නේ නැහැ. ඒ වුනාට ආච්චියෙ මට හොඳට තේරෙනවා වැඩ ලේසි කරන්න කියල හදාගත්ත හුගක් ක්‍රම වලින් අපේ ජිවිතේ තවත් අවුල් වෙලා. සමහර ගේක ගෑනියි මිනිහයි එකතු වෙලා එකට බත් උයල කාපු දවසක් නැහැ. ඒ අය හුගක් සල්ලි තියෙන උදවිය. ගෙදර උයපු එක දෙන්න දරුවෝ මල්ලෝ එක කන එක එච්චර රසක් විදයට පෙන්න නැහැ. හැමෝම සුපිරි හෝටල් කෑම  ජීවිතේට පුරුදුයි හොඳටම. පොඩි මිනිහ උනත් දැන් උත්සාහය කොහොම හරි ලොකුම මිනිහෙක් වෙලා අර කිව්ව හරිම කලබල ජීවිතේට එන්න. ආච්චිගේ ලොකු පුතාට එයා ගැනම දුකයි බයයි. ආච්චියෙ අපේ ගමේ දැන් ආස්මි හදන්න දන්න කෙල්ලෙක්,ගැනියෙක් නැහැනේ. අවුරුද්දට තමා තේරෙන්නේ ඇමෙරිකන් කඩවල උන් ආස්මි විකුනන්නේ නැහැ කියලා. දැන් අපි හැමෝම ලංකාවක් විදියට අවුරුදට අපි අපිවම රවට්ට ගන්නවා. ඇයි? අපි අවුරුදු කෑම මේසේ කෑම කඩෙන් ගන්නවා. ආච්චි හිටියනම් ආච්චිට පපුවේ අමාරුවක් හවෙනවා මට විස්වාසයි. ආත කුන්හරුප කියන්න බැරි හින්ද තරහෙන් නිදා ගනීවි. දැන් අවුරුද්ද වෙසක් පොසොන් ඇල් මැරුණු උත්සව වෙලා. වෙසක් කුඩුත් දැන් විකුනන්න තියෙනවා.අගෝස්තු මාසේ පොඩි එවුන්ට අරින්න සරුංගල් හදල අපිට එවන්නේ චීන්නු. ආච්චි දන්නවද උත්සව වගයක් හෝලි උත්සවය,හැලොවින් උත්සවය,නත්තල් නෙවේ ක්‍රිස්මස් උත්සවය කියල? දැන් මේ උත්සව බෞධ්ධයො ඉහල්ලින්ම සමරනවා. හෝලි ආච්චියේ පාට පාට කුඩු ඇගේ ගා ගන්න ඉන්න්දියානු හින්දු උත්සවයක්. හැලොවින් ඇමෙරිකාවේ අමුතුම උත්සවයක්. ආච්චි දන්නවද දැන් සමහර වෙසක් දන්සල් වලට හිගන්නන්ව ගන්නේ නැහැ.ආච්චියෙ සමහර මිනිස්සු ලොකු ලොකු උදවිය සමහර කොළඹ කඩ සිංහලෙන් කතාකරන මිනිස්සු ගියාම වැඩිය ගණන් ගන්නේ නැහැ. නොන්ජල් මිනිස්සු ගානට දාල. කොළඹ ලොකු පවල්, ලොකු ඉස්කෝල වල අය හිතන් ඉන්නේ මේක ඉංගිරිසි රටක් කියල. මේක තවම එංගලන්තේ කොලනියක් කියල. සමහරු සිංහල කතා කරන මිනිහව නොන්ජල් කරනවා. සමහරු සිංහල බැරි එක මහා නම්බුවක් විදියට හිතනවා. දැන් ඉන්න හුගක් පොඩි දරුවෝ සිදුහත් කුමාරයව දන්නේ නැහැ. වෙන වෙන වල් පල් කතා ඔක්කොම දන්නවා. ඉතින් ආච්චියෙ අපිට බයයි. ආච්චිගේ පුතාල දුවල ආච්චිට සැලකුව හොඳට. වරදක් අපෙන් උනානම් ආච්චි ඒවා හිතේ තියාගන්න එපා. මම දන්නවා ආච්චිලා එහෙම මිනිස්සු නෙවේ කියල. අපිට වයසට ගියාම මොනවා වෙයිද? පිනක් කරලා තිඋනොත් ඒවා හොඳට පලදෙයි කියල හිත හදන් ඉන්නවා මමනම්. ආච්චියේ ආච්චි වැඩිය මේවා ගැන හිතන්න එපා. ඉන්න තැනක ඉඳල උනත් මේවා දිහා බලන් ඉන්න එපා. දුක්වෙන්න එපා. ආච්චි වෙලාවට ආතා වගේම ඔය ගිය තැන හොඳින් ඉන්නවා මට විස්වාසයි. මේක කියෝලා ආච්චි තවත් මේ සසර ගැන කලකිරෙන්න. ආච්චිලා හුගක් ලංවෙලා ඉන්නේ ආච්චියේ. අපි තව කොච්චර ඇවිදියි ද දන්නේ නැහැ. කමක් නැහැ. ඔහොමම තමයි. ඊලග උත්තමයාගේ කළේවත් අපිට උන්නාන්සේගේ වචන ටිකක් අහගන්න පුළුවන් උනොත්. ආච්චි ආතයි නම් මේ ගමන එච්චර දුර අදින්නේ නැහැ. අපි එච්චර ඉක්මනට මේවා අහවර වෙන්න තරම් රස්කරපු දේවල් නැහැ. ආච්චිලා කොච්චර දාන දුන්නද? ආච්චියෙ කියන්න ඕන උනේ අපි අමාරුවෙන් හරි තවම වැඩි වෙන්නසක් නොවී ඉන්නවා. වයසටනම් යනවා වේගෙන්. ආච්චියි ආතටයි නිවන් ලැබෙන්න ඕන.

Friday, 24 October 2014

කොවුර්ලාගේ(ආබ්‍රහම් ටී කොවුර්) ජඩ ලෝකය හා ඔබ අප.

මෙම ලිපිය ලියන්නේ මහා බ්ලොග් කරුවකු වීමට නොවේ. පාඩම් කරමින් සිටින සමයේ විවේකයට මෙන් බැලු පොත් කිහිපයකින් අපගේ ආගමික මතවාදවලට සියුම්ව හා පසුව සංවිධානාත්මකව පහරගසා එම පොතේ පෙරවදිනින් අන් අය (ඔහුගේ අනුගාමිකයන්ගේ හෝ ප්‍රසිද්ධ අය වටා රොක්විමෙන් ඔව්න්ගේ රෙදිසේදිමෙන් ප්‍රසිද්ධියට පත්වීමට උත්සහ දැරූ, ලංකාව තුල තමා බුද්ධිමතෙක් යයි බලෙන් කියවාගත් උදවිය විසින්) ලියු පෙරවදනකට පිළිතුරු දීම සහාය. මුළු පොතේ පිටුවෙන් පිටුවට උත්තරදිමෙන් ඔව්න්ගේ මුග්ද මත බිඳ දැමුව යුතුව තිබුනද එවැන්නක් කිරීමට වැයකරන කාලය මෙවැනි අද්යාත්මික සංස්කෘතික ද්‍රෝහීන් තවත් ප්‍රසිද්ධියට පමුනවිමක් වනු ඇත. පොත ලියා ඇත්තේ ආබ්‍රහම් ටී කොවුර් නමැත්තෙකි. මෙම පොත ලියු ලේඛකයා ලංකවේ වාසය කොට ඇත. එමෙන්ම ඔහුගේ කෘතිය අගයකිරිමේදී වරදිගිය තැන්නම් ඔහුට ලංකාව තුල වඩාත්ම පිළිගැනීමක් ලැබී ඇත්තේ විදෙස් රටක විද්‍යා උපාධි ධාරියකු  ඒ විද්‍යා ගවේෂකයකු වීමය. ලාංකිකයන් ඉංග්‍රීසි යටත් විජිත වාදයෙන් පසු විදෙස් බුද්ධිමතුන්ට අනිසි බියක් යටහත් පහත් බවක් දක්වන බව මගේ අදහසයි. ඔබටද මේ ගැන අත්දැකීම් තිබිය හැක. එමෙන්ම ශාක විද්‍යාව පිලිබන්ධ උපධිදරයකු වන කොවුර් අදේවවදියකු වූ බව එම පොතින් කියයි. කොවුර් හෝ මෙම පොත ලියන්නා කොවුර් අදෙවවදියකු බව ඔප්පුකර පෙන්වන්නේ කෙසේද?(මෙය ඉතා සරලව කොවුර්ගේ පැත්තටම හරවාලු කවුර් විසින්ම ඉදිරිපත් කල තර්කයකි.) එවිට කොවුර් පැවසුවොත් මම විෂ්ණු දෙවි රුපයක් කඩා බිඳහෙලා පෙන්වමි කියා?(විශ්නුරුපයක් කැඩීමෙන් අදේව වාදියෙක් යයි 100% ඔප්පුකල හැකිද?) මම මගේ ලිපියේ සටහන් කරන්නා මෙන්ම කොවුර් උත්සාහ දරා ඇත්තේ ඔහුට සම්භාව්‍ය සෝ ඇසින් දැකිය නොහැකි ලෝකය තුල නැති බොහෝදේ ලොඋකික වශයෙන් නොපවතින බව පෙන්වීමට උත්සහ කිව්රිමකි. කතරගම ගිනි පැගීමේදී තත්පර 30 ගිනි මත නිසොල්මන්ව සිටියොත් දෙවියන් පිළිගන්නා බව පවසා ඇත.(බෝද්ධයෙක් නිසාත් මම කතරගම දෙවියන් විස්වාස නොකරමි. අදහන්නේ නැත.ක්‍රිස්තියානි දෙවිද අදහන්නේ නැත්තෙමි.එමෙන්ම මට අදේවවදියයි මා හදුන්වාදීමට උවමනාවක් නැත. හේතුව මම දෙවිවරු නොමැති බවද නොකියන නිසාවෙනි). කතරගම ගිනි පැගිමේදී මිනිසුන් වසර සියගණනක් ඔප්පුකිරීමට තැත් කලේ දෙවියන් සිටිනා බවනොවේ, දෙවියන් කෙරේ දේව භක්තියක් ඇති ජනයාගේ හිතේ තිබු භක්තියයි.කොවුර් තමන්ගේම නට්ටපගා සිටිමට ගර්හාවට ලක්ව ඇත්තේ එඉතිහාසික භුමියකයට වන්දනාවේ ගිය බැතිමතුන්ය. අනිත් අතට ගිනි පෑගීමේ මංගල්ලයේ මෙතුවක් කිසිම කාලයකට ගිනි මත කිසිවෙක් තප්පර 30 සිටියයුතුයි නීතියක්, රීතියක්, ආගමික රීතියක් තිබී නැත.(කොවුර්ගේ ම මනංකල්පිත ලෝකයේ දෙවියන් නැති බවකීමට ගත් උත්සහ.) මෙහිදී මම උත්සහ කරන්නේ දෙවියන් ඇති කීම නොවේ. කොළඹ ගණිත අංශයේ මහාචාර්ය වරයකු පවා තර්කනුකුලව නොසිතා කොවුර් වැන්නකුගේ මෝඩ තර්ක අගයා ඇති ආකාරයයි. සමහරවිට කොවුර්ගේ හොඳ හිතවතෙක් විය හැක. පුදුමාකාර දෙයනම් කොවුර් වැන්නවුන් ගුරුත්වාකර්ෂණ බලය, අවකාශ වක්‍රතාව, ක්වොන්ටම් අංශු පෙන්වපන් යයි විද්‍යාඥයන්ට අබියෝග කිරීම‍ට දැක්වූ මැලි කමයි. විද්යාවේද එක්තරා තලයක අව්‍යකෘත ප්‍රශ්න පවතී. ඒවාට උත්තර නැත්තේ ඉන් සමහර උත්තර සොයාගෙන නැතිනිසා නොව ඒවාට උත්තරදෙමිදී මින්පෙර සත්‍ය විද්‍යා මත ලෙස ගත හා පෙන්වූ බොහොමයක් මත බිඳවැටෙන නිසාය. ඉතින් කොවුර් හා අනුගාමිකයින් ඒවා ප්‍රශ්න නොකළේ නිකන් නොවේ. විද්‍යාවෙද පාදම බිඳ හෙලීමෙන් තම කකුල් තබසිටින ස්ථානය අහිමි වන බව දැන සිටි නිසාය. උදාහරණයක් ලෙස ක්වොන්ටම් විද්‍යාවේ අංශුවක් එක මොහොතක ස්ථාන දෙකක තිබියහැකිය යන මතය කොවුර්ගේ ශාකවිද්‍යා ලෝකයේ මහා පිපුරුමක් ඇතිකිරීමට සමත් විද්‍යාමක සොයාගැනිමකි. නමුත් මේවා කොවුර් හෝ අනුගාමිකයන් විශ්ලේෂණය කල දේ නොව. කිරීමට මැලි වුනු දේය. එමෙන්ම පොතේ සඳන් විදියට කොවුර් ලෝක පුජිත උගතකු බවට පත්කළ මිනසෝටා ආචාර්ය උපාදිය ඇමෙරිකාව තුල පිළිගැනීමක් නොමැති ආයතනයකි. එය එරට පිළිගත් විශ්විද්‍යාල ඇකඩමි ලැයිස්තුවල ආයතනයක් නොවේ. මෙම ආයතනය ඉතාම බාල ගනයේ වෙබ් පිටුවක් පවතී. නමුත් එය අවම වශයෙන් ඇමරිකාවේ අනෙත් විශ්වවිද්‍යාල මට්ටමට දියුණුකළ එකක්වත් නොවේ. එමෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාල ඇකඩමි මෙන් විකිපීඩියා පිටුවක්වත් නොමැත. අප[අපගේ කොළඹ, කැලණිය,මොරටුව විශ්වවිද්‍යාල වලට විකිපෙදියා පිටු පවතී. ඉතින් 2014 අවුරුද්දේ එවන් තත්වයක පවතින ආචාර්ය උපාධි ඇකඩමියක් යනු හොර උපාධි ආයතනයක් බව අමුතුවෙන් කිවයුතුද? නැතිනම් මෙය ඇමෙරිකාව තුලම පවා නොපිළිගන්නා ආයතනයකි. එහෙමත් නැතහොත් කොවුර් වැනිම තවත් පිරිසක් දෙන්නන් වාලේ දෙන උපාදියක් වියහැක. එසේත් නැතහොත් මෙම උපාධි වල වලංගු භාවය මෙර්වින් සිල්වා ඇමති තුමගෙන්ම ඇසිය යුතුය. කොවුර් වැන්නවුන්ගේ මත අසා අදේවවාදීන් මේ ජීවිතය ජීවත්වී නැසියන්නෙක් වීමට වඩා ආපසු ජීවිත තිබුනත් නැතත් ආගමික හරපද්දතියක සිට, ස්වයන් හික්මීමකින් ජීවත්වී මිනිසකු ලෙස ජීවත්වී මිය යාම නොවටිනේද? ආගම් මෙතරම් තිබී විසකුරු මිනිසුන් මෙතරම් සිටිනම්. දෙය්යෝ බුදුන් නැති, අදහන්නේද නැති ලොවක කොතරම් විසකුරු මිනිසුන් ගණනක් සිටිනු ඇතිද? මා දකිනා විදියට කොවුර් නම් මිනිසා කියූ ලෝකය එයයි. එය හරවත්ව ජීවත්වීමට වඩා ඔහේ සිට කන්දේ කා බොනදේ බී හැකිනම් තම අම්මාවද විකුණා මේ ජීවිතය වැයකර මල්වඩම් එපා ඔන්න මම මලා කියා මෙලොවින් පිටවන මගකි. නමුත් ඒ එවන් මුග්දයන්ගේ ලොවයි. ඔබ ඔබේ අගම අදහා නියම මිනිසකු වී. එම මිනිස් ආකල්ප ඔබේ පුතුන්ට උරුමකරදී මිනිසෙකු ලෙස මෙලොවින් නික්මිය යුතුව ඇත. කොවුර් වැන්නවුන් බුද්ධ කාලයේද, ජේසු තුමාගේ කාලයේද, හින්දු අගමේද හිඳ ඇත. නමුත් ඔව්න් උන්නා මලා මිනිසුන් මිස. ලෝකය ආලෝකවත් කල චරිත නොවේ.

මවු භාෂාවේ අගය

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වෙබ් පිටුවේ හා ට්විටෙර් පිටුවේ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉංග්‍රීසි ඉගෙන ගන්නා ලෙස පොස්ටුවක් දැක්කෙමි. දැන් ලංකාව තුල ඉංග්‍රීසි නොදත් අයට අනාගතයක් නොමැතිද? අපේ රටේ බොහොමයක් අම්මල තාත්තල ඉංගිරිස් හොඳින් දන්නේ නැති උනාට මෙරටේ හොඳින් ජීවත් උනා නේද? එමෙන්ම ඒ කියන විදියට අපි ඉංග්‍රීසි දන්නේ නැත්නම් අපිට අනාගතයක් ඇත්තෙම නැතිද? අනාගතය අදුරුද? මෙයට දිය හැකි පිළිතුර අපි ඉංග්‍රීසි ඉගෙනගතයුත්තේ අප දැනුම, අපේ වැඩ පහසු කරගැනීම සදහා බවයි. එමෙන්ම කිවයුත්තේ ඉගෙන ගත්තේ අහකනොයන බවයි. එමෙන්ම අපි හැමෝම ඉංග්‍රීසි පොඩි පඅන්තියේ සිටම ඉගෙන ගන්නා බවයි. එමෙන්ම අපි මෙම භාෂා හොඳින් ඉගෙන ගත යුතුමය. නමුත් මේ භාෂාව ඉගෙන ගතයුත්තේ සුපිරි මාර්කෙට් එකේ බඩු ,මිලට ගන්නා විට වටපිටාවේ ඉන්න අය ඉදිරියේ රැගීමට නොවේ. ආපන ශාලාවේදී හෝ අහර ගන්නා තැන බොරු රැගුම් ඉදිරිපත් කිරීමට නොවේ. කිසිවකු තමන් ඉගෙනගත් ඉංග්‍රීසියෙන් අනාගතය ආලෝකමත් කරගැනීම වරදක් නොවේ. නමුත් ලංකාව තුල සිංහල බැරිකම නම්බුවක් වීම වැරදිය. ඇතැම් මහා නෝනා මහත්මයන්ට සිංහල බැරිය එමෙන්ම එය උන්ට නම්බුවකි. මෙය සාමාන්‍ය තත්වයක්ද? සිංහල බැරි ලාංකිකයන්? මේ අය ඉංග්‍රීසි කපර්ල උනාට එංගලන්තෙට යන්න බල්ලොවගේ ගිහින් වීසා ගන්න ඕන. තව ඉතින් ඔය මහ ඉංගිරිසි රට රාජ්ජවල ගිහින් සිංහල අමතක කරලා සුද්දගෙන්ම කෙලව ගත්ත දවසට අපහු එන්න තියෙන්නේ මේ අපේ සිරිලකටම තමා. එහෙම වෙච්ච සමහර අයට තවමත් සිංහල මතක් වෙලා නැහැ. කරුමේ ඔය ඉංගිරිස් කාරයන්ගේද? නැතිනම් ඔය පව්කාරයන්ගේ බර දරා සිටි ලංකාවේද? ඇමෙරිකානු එංගලන්ත රටවලට අප රටවල් තුල ඒ අයගේ එජතයන් අවශ්‍යවී ඇත. නමුත් ඇමරිකාවට හෝ ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි හොඳින්ම දන්නා ලංකා දේශප්‍රේමින් කිසිදිනක අවශ්‍ය වී නැත. අයි? ඔවුන්ගේ කොන්ත්‍රාත් ක්‍රියාකළ යුත්තේ ලංකාවට ආදරය කරන්නන් අතින් නොවන නිසාය. එයට හේතුව උන්ගේ සමහර සැලසුම් අපට විසකුරු ඒවා නිසාය. මින් කලකට පෙර මෙවැනි කොන්තරාත්තු නිරන්තරයෙන් කරගැසුවේ කොළඹ සුපිරි පන්තියේ ජාත්‍යන්තර පාසල් වලින් පිටවූ සිංහල බැරි හෝ අමතක ඉංග්‍රීසි සිංහල හෝ ලාංකිකයන් අතිනි. නමුත් වසර කිහිපයකට පෙර සිට ඔය තානාපති සේවාවලට අවබෝධ වුයේ ජනතාව අතරට ඉක්මනින් යාමට හෝ නියම සේවාව ලබා ගැනීමට සාමාන්‍ය ලංකික ශිෂ්‍යන් පොළඹවා ගතයුතු බවයි. ඉතින් එදා ඉඳන් ඔන්න ඔයවගේ ඉංගිරිසි සැලසුම් අප වෙත එනවා. ඔබ හැමෝම ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගත යුතුයි. නමුත් ඒ අපේ ඉංග්‍රීසි අධ්‍යාපන සුද්දන්ට කත් ඇදීමට හෝ උන්ගේ අපේ ජාතියට විස කැවීමේ සැලසුම් වල බින්කුන්ඩන් වැනි අතකොලු වීමට නොවේ. ඉංග්‍රීසි ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලංකික ප්‍රජාවගේ උන්නතිය සදහාය. අපේ අවභෝදය සහාය. මගේ සහෝදරයනි සහෝදරයනි මේ රටේ බැංකුවක, කාර්යාලයක, රෝහලක,පාසලක විශ්ව විද්‍යාලයක හෝ ඕනෑම තැනක සිංහල භාෂාව කතාකළ හැක. එයට ඔබට ලාංකිකයන් වශයෙන් අයිතියක් ඇත. ඉතින් එය කිරීමට මැලි වෙන්න එපා.

තව ඔබලා දන්නවද යුරෝපය තුල පවා අපට වඩා කුඩා රටවල් තම භාෂාවෙන් පමණක් වැඩ කරයි. ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා තම භාෂාවෙන් ලබා දෙයි. ඉරානයේ ජානාධිපති රෞහනි එංගලන්තයේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිධාරියෙකි නමුත් ඔහු ජාත්‍යන්තර සාකච්චා සම්මන්ත්රණ පවත්වන්නේ මවු බසිනි. මෙය ජාතියක ජාති ආලයයි. රුසියන් ජනපති පුටින් ඉංග්‍රීසි බස ඉගෙනගනිමින් සිටි. නමුත් ඔහු භාවිත කරන්නේ රුසියන් භාෂාවයි. ජෙර්මන් චාන්සලර් වරිය ඉංග්‍රීසි භාෂාව දනී නමුත් ඇය කතාකරන්නේ ජෙර්මන් භාෂාවයි. ඉතින් අප අපේ රට තුල සිංහල කතාකිරීමට මැලි ඇයි? අපි ලජ්ජා අයි? අපි පැකිලෙන්නේ ඇයි? දෙස බස ආගම අපේ සංස්කෘතිය රැකගැනීම අපේ වගකීමකි. ඔබේ අවධානය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ට්විට්ටර් පොස්ටුව පලකිරීමට බැලීමේදී මා එම වෙබ් ට්විට්ටර් පිටුවෙන් අස්කර මාහට අහි කිසිවක් බැලිය නොහැකි වන සේ පිටුව වෙනස් කර තිබුණි. මෙයට බොහෝවිට මා එම පිටුවේ පලකල පිළිතුර හේතුවන්නට ඇත. කම් නැත. මම ඔබෙන් ඉල්ලන්නේ අප රටට ආදරය කරනා ලසයි. එවිට තානාපති උගුල්වල අපි නොවටෙනවා ඇත.