Saturday, 12 May 2018

අවුරුදු පහුවෙලා ගියා.

හැමදාම මෙතනට ඇවිත් මම ඔයාව මතක් කරලා යනවා. මේකත් ගොඩක් විශේෂ මාසයක්. කමක් නැහැ. අපේ මතක ගොඩක් මේ මාසෙත් ගොඩ ගලාවී. හැමතැනම මට චෝදනාව උනාට. ඒ මතක මට ගොඩක් වටිනා ඒවා. මතකයන් තියාගත්තේ, තිබ්බේ කුහක කමකට කියල තමා මම හිතන්නේ ඔයත් හිතන්නේ. එත් එහෙම දෙයක් නෙවේ. මම එහෙමනම් ඇයි ඒ මතක කැලි වලට ඉරල විසිකරලා අමතක නොකරේ. මම දන්නවා හැමදේකින්ම පෙනෙන්නේ මගේ නරක. එත් බබා කවදාවත් මම ඔයාට වෛර කරන්නෙත් නැහැ. තරහත් නැහැ. මට නරුමය කියල ගහපු ලේබලේට, මට අවස්ථා වාදියා කියල කියන වචනේටත් මම කැමති. විශේෂයෙන්ම ඔයා එහෙමනම් මාව හදුන්වන්න කැමති. මම දන්නවා මම ඔයාට දුන්න දුක් ගොඩයි. ආදරේට පයින් ගහල දාපු මිනිහෙක් මම. එත් එකට එකම හේතුව අදරේමද දන්නේ නැහැ. මට ඔයාව දුක් ගංගාවක දාල ඇදගෙන යන්න බැරි උනා. යම් දිනක ඔයාට මේවා කියවන්න උනොත් මම මේවා ලිව්වේ මගේ අවංක කමක් පෙන්වන්න නෙවේ (මම දන්නවා අවස්ථාවදිය, නරුමය මම කියල. මටම හොයාගන්න බැහැ මම තැබූ පියවර හරි කියල ඔප්පු කරන සමීකරණයක්. එකම දේ සමීකරණ, විද්‍යා, තර්ක, න්‍යායන්, රීති මොනවා උනත් මම ඔයාට වේදනා ගොඩක් දෙන එක නැවැත්තුව. එකේ ඇතුලේ කිසිම ජයක් දෙපැත්තටම නැති බව මම නොදන්නවා නෙවේ. අපි වෙන් උනාට මම හැමතැනම ඉන්නවා) මම වෙන් උනත් අයේ කවදාහරි මම හොඳ මිනිහෙක් වෙයි. වෙනවමයි. අයේ මොන ලෝකේ හරි මම එන්නම් ලගට. ගහල බැනල පන්නන්න. මට වේදනාවල් දෙන්න. පිසචයොත් තමන්ගේ පව් ගෙවල ඉවරකරාවී. මට වෙන්න ඇත්තේ අමනුස්ස හිතක් තියාගෙන දෙවි දූ වරුන්ට පෙම් කරපු එක වෙන්න ඇති. ආදරේ කියන එකත් හරි නැහැ. ඒක මගේ හිතටත් ඇතුළු උනා. සමහර විට ඇත්තටම ආදරේ කියන්නේ මම වගේ අයට තියෙන දෙයක් නෙවේ වෙන්න ඕන. මමත් වැරදි ඒක ඇවිත් මගේ හිතේ පැලවෙනකන් මම බලන් ඉඳල. මට වෛර කලත් දුක් වෙන්න එපා. හොඳින් ඉන්න.

No comments:

Post a Comment