Wednesday, 20 June 2018

4.06pm

ඔයා හොඳින් කියල හිතනවා. අදත් හවස මම 4.06 වෙනකොට ඔරලෝසුව දිහා බලාගෙන හිටියේ.
හිතුනේ මම ඔයා දිහත් බලන් ඉන්නවා කියල. මම ඔයා හමුවෙන්න ආපු හැටි මතකද සමහර දවස් වලට සිකුරාදා?
පියාඹගෙන වගේ අවේ. සිකුරාදා වැඩ ඉක්මනට ඉවර කරලා. එනගමනුත් සමහර වෙලාවට ෆෝන් එකෙන් කතා කර කර ආවේ.
මගේ හිතේ ආදරේ තිබිලම නැහැ කියලද කියන්නේ මගේ බබා? මම කැමති නැහැ මම කොච්චර අමාරුවෙන්ද හිටියේ හා ඉන්නේ කියල කියන්න.
එත් මට ආදරෙත් තිබුනේ නැහැ කියන චෝදනාවත් හිතේ තියාගෙනමද ඉන්න වෙන්නේ?
හැමදාම මමත් වේදනාවෙන් ඉන්නේ. ඔයත් වේදනාවෙන් ඉන්නේ කියල මම දන්නවා බබා. මම සතුටින් ඉන්නවා කියන එක කියන්න එපා.
මමත් ඔයාගේ වේදනාවෙන්ම තමා. සමහර විට ඔයාට දැන් මාව අමතක වේගෙන යනවා ඇති කියලත් හිතෙනවා. ඒ මට එහෙම දෙයක් දැනෙන නිසා.
අමතක කලාට තුන් හිතකින්වත් ඔයා එක්ක තරහත් නැහැ. වෛරයකුත් නැහැ. එත් මට ඔයාව කවදාවත් මතු භාවෙකටත් අමතක කරන්න බැහැ.
මට අමතක කරන්න ඕනත් නැහැ අමතක කරන්නෙත් නැහැ. හැමදාම ඔයාව මට පෙනෙනවා මම ඇස් දෙක වහන මොහොතක් පාසාම.
ඒවගේම මතක් වෙනවා. මට හිතුන දැන් මාව ගොඩක් මතක කොනෙන් අමතක වෙලා ගිහින් කියල. මට එහෙම දැනෙනවා බබා. කමක් නැහැ.
මමනම් හැමවෙලාවෙම මතක් කරනවා. මම දන්නවා මම ගොඩක් නරකයි. එත් මම තවමත් ඔයා ගැන හිතනවා. මම ඔයාගේ අමතක වෙච්ච අතීතෙක ජිවත් වෙන්නම් අයෙත් අපිට ඇත අල්ලාගෙන සතුටින් ගිහින් ඉන්න පුළුවන් කාලයක් එනකන්. අත් අල්ලාගෙන විතරක් නෙවේ අපි ඉන් එහාටත් සදාකාලිකවම එහෙම ගමනක් යන කාලයක් එනකන්. මම ඒ කාලේදී මෘග ආත්ම ගෙවල හොඳ මිනිහෙක් වෙන්නම්. එත් ආදරේ හැමදාම එදත් අදත් හෙටත් තියේවි.
හොඳින් ඉන්න. හැමදේම කියන්නත් අමාරුයි. ඇස දෙකෙන් කඳුළු ගලනවා බබා. තෙරුවන් සරණයි රත්තරං. අයෙත් ලියන්නම්.

No comments:

Post a Comment