Wednesday, 6 June 2018

කඳුළු

වැඩ කරන ගමන් කඳුළු බින්දු කීපයක් කොලේ උඩට වැටුනේ ඔයාව මතක් වෙලාම තමයි. මතක් උනා ඔයා කොච්චර කඳුළු හලන්න ඇතිද කියල.
මම මෘගයෙක් උනේ ඇයි? ආදරේට පයින් ගහපු ආදරේ අඳුන ගත්තේ නැති මම වගේ මිනිස්සු මේ විදියට කදුළු සලනවා ඇති.
එත් මට දැනුන ඔයාගේ ආදරේ, මමත් ආදරෙයි. හැමදාටම. මම ජිවත් වෙනකන්ම ඊට පස්සෙත් මම මගේ ආදරෙන් හිත පුරවන් බලන් ඉන්නම් ඔබටම.
මම ඔයාට වගේම ඔයාගේ ආදරේටත් ආදරේ කලා මගේ රත්තරන්. ඔයා මට වස්තුවක්.
මම ඔයාව රිදවන්න හිතුවේ නැහැ බබා.
අදත් ඔයාව මට ගොඩක් මතක් උනා. හැමදාම වගේ. ඔයා බනිවි මට. කවදාහරි දාල ගිහින් බයිලා කියවනවා කියල.
මම දන්නවා බබා. එහෙම කිව්වට කමක් නැහැ. එත් මම මෙච්චර නපුරෙක් නම් ඇයි මට ඔයාවම හැමවෙලාවෙම මගේ හිතට එන්නේ?
කවදාහරි දවසක අයෙත් මට ඔයා මගේ නම කියල කතා කරාවි කියල මම හැමදාම හිතනවා බබා.
එක කරන්න අමාරුයි කියල මම දන්නවා. එත් මම ඒ බලාපොරොත්තුව ඇතුලේ ජිවත් වෙන්නම්. මට ජිවත් වෙන්න වෙන බලාපොරොත්තු ගොඩක් ගැන හිතන්න බැරි නිසා. මම ඔයාට තවමත් මගේ හැගීම් වෙනස් කරලා නැහැ. අනේ රත්තරන් ඔයාට කරදර කරන්න එන්නේ නැහැ. එත් මටත් හිතක් තියෙනවා. එත් හැමතැනම මම වැඩ කරලා තියෙන්නේ හිතක් පපුවක් නැහැ වගේ. මම දන්නවා එක. හැමදාම මම මොකක්හරි පොඩි හරි හොඳ දෙයක් කරලා මගේ රත්තරන්ට හිතින් හොදක් වෙන්න කියල පතනවා. ඔයාගේ උපන් දිනේ දවසේ ගහක් හිටෙව්වා මේ අවුරුද්දේ. පස්සේ මේවා ඔයා කියෙව්වොත් දකීවි. බලන්න ඒක ලස්සනද කියල. හැමදාම හැමෙලවේම ඔයාව මතක් වෙනවා. හොඳින් ඉන්න මගේ බබා.

No comments:

Post a Comment