Thursday, 25 January 2018

මගේ මතක.(කිසිවක් කිසිවෙක් අමතක නැහැ.)

මම අද ගමනක් ගියා ඇඳගෙන ගියේ ඔයා මට දීපු කමිසේ. මම එකට ගොඩක් කැමතියි. ඒක මට ලස්සනයි. හැම දවසෙම මතක් වෙනවා. මෙසේ උඩ කොළ හුලගේ යනවට තියෙල තියෙන ලස්සන පලිඟු කැටේ ඔයා මට දීපු මුල්ම තෑග්ග. හැමදේම හැමදාම මට මතක තියේවි.මම උත්සාහ කරනවා කොළඹ එන්න. කොළඹ හැම පාරක්ම අපේ මතකය හංගගෙන ඉන්න තැන්. කොළඹ මම යනකොට මට මතක් වෙනවා අපි ඇවිදපු තැන්. එත් මම ඒවා අමතක වෙනවට කැමති නැහැ. හොස්පිටල් එක ඉස්සරහ නිල් මානෙල් මලක් පිපිලා. දවසක් එකේ ෆොටෝ එකක් එවල. ඔයා ඒවගේ කිව්වා මට මතකයි. අපි ඈත් උනත් ඒවා මට මතකයි. අපි අයේ එකතු නොවුනත් අපේ මතකය හැමදාම ඒ පාරවල් වල අත් බැඳගෙන අවිදිවී. අපි මතු භවයක හරි හමු වේවි. ඔයා මාව අඳුන ගනීවිද? ඒ වාරයේ මගෙන් පලි ගන්න. පස්සේ අයේ වාරයක් අපි සන්තෝසෙන් හමු වෙයි. ඔයාගේ ලස්සන පින්තුර වගයක් දැක්කා. ඒවා ලස්සනයි. සපත්තු දෙකනම් මම දීපු තෑග්ගක් කියල දැක්කම මම ගොඩක් සතුටු උනා. මුද්දනම් අදුනගන්න අමාරුයි. ඒක දාගෙන ඉන්න. හන්දියේ මම තේ බොන කඩේ මතකද? ඔන්න එතනින් මට කතා කරනවා එන්නලු තේ බොන්න. ඒ මිනිස්සු හිතන්නේ මම හරිම අහිංසක කෙනෙක් කියල. මම ඒ වුනාට මිනිස්සුන්ට රිද්දන වැද්දෙක්. එයාලට මම අහිංසකයෙක්. මිනිස්සු ලෝකෙට පෙනෙන විදි. ඔය මම යන පාරෙත් අපි අනන්තවත් ටෙලිපොන් එකෙන් කතා කර කර ගිහින් ඇති. මම ගිහින් එන්නම්.

No comments:

Post a Comment