ආදරේට ගහල බැනල පන්නපු අයත් ලෝකේ ඉන්නවා. මට බැරි උනා ඔයාව තව තවත් දුක් මාවතක ඇදගෙන යන්න. ඔයා අන්තිම දවස් කීපයේ අඬපු ඒවා මගේ ඔලුව ඇතුලේ තවම ඇහෙනවා. ඒවා හැමදාම මට ඇසේවි. ඔයා ඒවා ඔක්කොම අමතක කරන්න. ඔයාට තේරෙයි මේ දුක කියල ඔයා කීප වතාවක් කිව්වා. මම ගලක් වගේ ඉඳල පෙන්නුවා. මම දන්නවා එත් ඇතුලේ මම කොච්චර ඇඩුවද. එත් වරද තිබුනේ මගේ අතේ. හදන්න බැරි වරදක්. ඔයා මතකද කලුපාට ගව්මක් ඇඳන් ආවේ එදා. ගොඩක් ඇඩුව. ඔයා විතරක් නෙවේ. මමත් ඇඩුව අන්තිමට මට පපුව කක්කුමකුත් අවා. ඒ බයවුන වාරයේ ඔයා දුකෙන් කිව්වා හරි මම ඔයාට යන්න දෙනවා කියල. මට හැමදේම මතකයි. මගේ මතකේ එච්චර හොඳ නැහැ. එත් අනේ මට ඒවා හැමදාම මතක තිබේවා! අපි කොච්චරනම් ඇඩුවද? මම දන්නවා.මටයි යන්න උනේ. මමයි ගියේ. අයේ නම් මම මගේ හිතට ආදරේ වැද්දගන්නේ නැහැ. කරපු එක හැමදාම මතක තියේවි මට. සංසාරේ අපි අයේ හමු වේවි. මට දඩුවම් දෙන්න එදාට. එත් කොහොම හරි අපි හමු වෙයි.නින්ද යන්නෙත් නැහැ. මම මතක් කරගන්නේ මම කොච්චර නරක කෙනෙක්ද කියල. නිදිපෙති බීලා නිදියන්න වෙලා තියෙන්නේ. නැත්නම් වෙන මොනවහරි බීලා නිදියන්න වෙන්නේ.
No comments:
Post a Comment