දුටු ගැමුණු රජුරුවෝ රුවන්මැලි සෑය හැදුවේ තමන්ගේ නමින් නෙවේ. වෙනත් වෘක්ෂ දේවතාවෙක්ගේ නමින්. පුදුම හිතෙනවා. එත් තවත් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න ලැබෙන එක ලොකු දෙයක්. වෙන කෙනෙක්ගේ නමින් හොඳ කිරීමත් එහෙම දෙයක් කියල හිතෙනවා. එත් හොඳ කරන්න තරම් හොඳක් මගේ ආත්මයේ ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ? හොඳයි කියල කොටසක් මගේ නැහැ. මම කවදහරි මොන ආත්මෙකදී හරි හොඳ වෙලා හරි වෙලා එන්නම්. කුණු ගොඩක ඉන්න මිනිහෙක්ගේ ඇඟේ කොහෙද සඳුන් සුවද? කොතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්. මම ගැන කවි පවා ලියවිලා. රුක් ඇත්තන මල් සුවඳක් ජනේලෙන් එනවා. පුදුමයි. මම ඉන්න තැන් වලටත් එහෙම වෙනවද? පව් සේදෙන්නේ නැහැ. එත් මිනිසුන්ට පව් සෝදන්න කිව්වේ තව තව පව්කාරයන් වෙලා පලක් නැති නිසා.
කාලය යයි.
No comments:
Post a Comment