Thursday, 23 August 2018

12.30pm

මට ඔයාව නිතර මතක් වෙනවා. අද බොහෝවිට මම ඉක්මනින් වැඩ ඉවර කරලා ඔයාව බලන්න දුවගෙන එන දවසක්.
තවම මතක් වෙනවා ඔයාට අසනීප වෙලා හොස්පිටල් යවපු දවසේ මම කොච්චර වේගෙන්ද දුවගෙන ආවේ කියල.
වැසි සහිත කාලෙක ඔයාව එහෙ අසනීප උනේ. මගේ පපුව ඇතුලේ බෝම්බයක් පිපුරුව වගේ මට දැනුනේ.
තවමත් මතකයි නිල් කමිසයකුයි ඩෙනිම් එකකුයි ඇඳලා මම අවේ. එනවෙලාවේ ඔයාගේ අම්ම වෝඩ් එකේ හිටියා.
පුදුම දුකක් දැනුනේ ඔයා අසනීප මුහුණකින් ඉන්නවා දැක්කම. මට ඒ දැනුන හැමදෙයක්ම බොරුවක්ද එතකොට? ඔයා කියන්නේ එහෙමද?
මේ ලිපිය දැන් මම ලියින් ඉන්නේ ඔයාගේ දවල් විවේකෙට විනාඩි ගණනකට මෙපිටින්. මට ඔයා දැන් කතා නොකලත්, දකින්න නැති උනත් කෑම කන්නේවත් නැතිව ඔයා එනකන් මම බලන් හිටියා බොහෝ වෙලාවට. ඔයා අනන්තවත් මට කියල ඇති කන්න කියල. බොහෝවිට ඔෆිස් කාමරේ පාඩම් කරන ගමන් තමා මම ඔය එනකන් බලන් ඉන්නේ. මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා. ඔයා හොඳින් කියල හිතනවා. මට ඔයාගේ මුහුණ අනත මැවිලා පෙනෙනවා.
තව විනාඩි ගණනකින් ඔයා දවල් විවේකෙට එලියට එනවා. මට මතකයි අපි සුපර් මාකට් එකේ අතුලේදීත් හමු උනා. මම ඔයා එනකන් පහල පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ඉඳගෙන හිටිය. දුකින් ඉන්න එපා බබා. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment