Friday, 31 August 2018

we walked in our path. holding hands together.

ඔයා හොඳින් ඇති කියල හිතනවා බබා. හොඳින් ඉන්න කියල පතනවා.
මට ඔයාව නිතරම මගේ හිතේ ඇතුලේ තියාගෙන ඉන්නවා. මතක් වෙනවා. හැමදාම-
එකමදේ කියනවා ලියනවා නෙවේ. එත් මට හැමදාම ඔයාව මතක් වෙනවා. මට දැනෙනවා.
එත් සමහර වෙලාවකට දුකක් එනවා. මට තේරෙනවා මාව දැන් මතක මායිමකවත් නැතුව ඇති කියල.
අදත් මම ඔයාව මතක් කරනවා. නින්ද අඩුයි. අපේ රූප මතක මැවෙනවා හැම අසිපියක් වාරයේම.
මතක් වෙනවා අපි සපෝර්ට් මිනිස්ට්‍රියේ චයිනිස් කැෆේ එකේ ලන්ච් ගත්ත විදිය. මතකයි එතන හිටපු තාරාවෙක් එක්ක-
ඔයා පින්තුර ගත්ත. මතකද?
මතකද එතන පාරදිගේ ඇවිදගෙන අවා සෙනසුරාදට එතන පුංචි පොළකුත් තියෙනවා.
ඔයාගේ අත අල්ලාගෙන මිරිකගෙන මම සතුටෙන් ඇවිදිනවා. ඔයා එක්ක මොකක්හරි කියල හිනාවෙනවා.
එතන තිබුන පුංචි පොකුණ ළඟ වැඩිවෙලා හිටිය ඔයාව අත්දෙකේ තියන්.
කාලය ගෙවෙනවා දැනෙන්නේ නැහැ හවස 4 ලන්වෙනකන්. පස්සේ දුකෙන් ගෙදර යනවා මම. මොකද ඊට පහුවදා හවසම-
මම ආයෙත් සති කීපයකට ඔයාගෙන් දුරස් වෙන නිසා. මම දුකෙන් පිස්සු හැදෙන නිසා.
මම මේක ලියනකොට ඔයා නිදි ඇති බබා. එත් ඔයා මගේ හිතේ. මම ඔයාව සිහිකරනවා. දැනෙනවා ඔයාව.
හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment