ඔයාව මතක් උනා. නිදියන්න හිතෙන්නත් නැහැ. මම මෙහෙම අනන්තවත් නිදි නැතිව ඉන්න ඇති අපි වෙන් උන දවසේ ඉඳල. හැමදේම හිතේ තදකරගෙන ඉන්න එක ලේසි නැහැ. මම දන්නවා ඔයත් එහෙමයි කියල. ඉස්සර ඔයාගේ ඇස් දිහා බැලුවම ආදරේ විතරක් නෙවේ ඒ ඇස් ඇතුලේ මාවත් පෙනුන. චායාවක් විතරක්ම නෙවේ හිතින්ම එන රුපයක් විදියට. මම දැන් ඒ ඇස් ඇතුලෙන් පන්නල දාල කියල දැනෙනවා. ඒවගේම තමා මගේ ගැන මතකත් දැන් අමතක වෙලා ඇති බබා ඔයාට. අමතක උනත් කරත් මම තරහ නැහැ බබා. හැමදාම මට කියන්න කියන්න තියෙන්නේ මම ආදරෙන් හිටිය, හැමදාටම එහෙම ඉඳීවි කියල. මම මගේ හිතට දැනෙනවා ඔයාගේ හිතින් මාව අමතක වෙලා යාම. එක දඬුවමක් විදියට කලත් මම තරහ නැහැ රත්තරන්. කවදාහරි මට පුළුවන් උනොත් මම හිටිය වේදනාව මේ වචන වලින් අඩුම ගානේ පෙන්වන්න ඒ මගේ ආත්මෙට අස්වැසිල්ලක් ගන්න නෙවේ. මේවා හැමදාම ඔයාව මතකේ තියාගන ලිව්වේ මගේ හිතේ ඔයා ඉන්න නිසා. මට ඕන නැහැ බබා මගේ හරි, හෝ මගේ හොඳ පෙන්වන්න. මට කවදාහරි ඔයාට වචනයක් කියන්න, ලියන්න ලැබුනොත් මට කියන්න ඕන මම ගැන නෙවේ. මගේ හිතේ ඔයාට ආදරේ ගොඩක් හැමදාම තියෙනවා හැමදාටම කියල.(හැමදාම කියනවා වගේ මම වැරදි කාරයෙක් උනත්) මම ඔයාට පෙනෙන්නවත් එන්නේ නැත්තේ කතා කලේ නැත්තේ මගේ අමන කමකට නෙවේ. මට බැහැ ඔය ඇස්දෙකේ කඳුළු බලන්න. මට බැහැ ඉවසන්න අත්දෙකෙන් මුහුණ වහන් අඬනවා බලන් ඉන්න. මම නරුම මිනිහෙක් වෙන්න ඇති එත් මමත් ආදරෙයි බබා. ඕනෑතරම් බනින්න. ඕන විදියකට දඬුවම් කරන්න. මම තරහ නැහැ. ගහන්න තියෙන හැම විදියකටම ගහන්න. දවසක දැක්කොත් මගේ මේ ලියුම් එකම එක දෙයක් තේරුම් ගන්න බලන්න. මම ඔයාට ආදරෙන් හිටිය කියල. හැමදාටම. හැම වෙලාවකම ජිවිතේ පුරාම. හොඳින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට.
No comments:
Post a Comment