Saturday, 1 September 2018

අසුරු සැනින් එක මොහොතකදී.

අද අපි හමුවෙන දවසක් අනිවාර්යෙන්ම. මතකද? මේ වෙනකොට මම අපේ ගෙවල් පැත්තට ඇවිත්.
බොහෝවිට අපි චැට් කරනවා. මම අනිවාර්යෙන්ම ඔයාව බලල ඇවිත් හෙට අයෙත් යන්න වෙනවනේ කියල-
පිස්සු හැදෙන්න පටන් අරන්. හැමදේම හැම තැනම මම කලේ ආදරෙයි. මම වැරදි ඇති. වැරදියි. හැබැයි බබා මම ඔයාට ආදරේ-
කලා. එක නැහැයි කියල කොච්චර කිව්වත් මම පිළිගන්නේ නැහැ. තවමත් මගේ හිත ඔයාව මතක් කර කර, හොය හොයා ඉන්නේ නිකන්-
නෙවේ. මතක හොයා හොයා ඒවා ඇතුලේ ජිවත් වෙන්නේ මොකද කියල මගේ හිතම තමා දන්නේ. අද සෙනසුරාදා ඔයා ගෙදර ඇති.
අම්ම මේවෙනකොට ගෙදර ඇවිත් ඇති. අපි අද හමු උනානම් මේ වෙනකොට ඔයා අම්ම එක්ක පොලට යනවා.. නැතිනම් ගිහින් එනගමන්.
මට පිස්සු හැදිලා, වේදනාවෙන් බැන ගන්නවා මොකද ඔයා ෆොනේ එක අන්ස්වර් කරන්නේ නැතුව. මට තිබුන වේදනාව මම දන්නවා.
දැනුත් එහෙමයි. මම දන්නවා ඔයාගේ වේදනාව. වේදනා දුන්න, මමත් වින්ද, තවම විඳිනවා, ඒවගේම ඒක ඔයාට වේදනාව දැනෙන එකේ වේදනාවත්-
දැනෙනවා. ඔයාව ගොඩක් මතක් වෙනවා බබා. හොඳින් ඉන්න. අම්මව බලාගන්න. ආයෙත් ලියන්නම්.

No comments:

Post a Comment