Tuesday, 4 September 2018

lunch hour just passed.

ඔයා වැඩ කරනවා ඇති මම මේක ලියන වෙලාවේ. කෑම කාල ඔයා නැවත ඇතුලට-
යන්න ඇති. වෙලාව දැන් එකයි හතලිස් පහයි. අයෙත් එන්නේ එලියට ඉතින් තුනයි කාලෙන් පස්සේ.
ඔයා හොඳින් කියල හිතනවා. මම නිතර ඔයාව මතක් කරනවා. මට හැමදේම මතකයි. මම දන්නවා-
බොහෝවිට ඔයා අපේ ඇතිතේ අමතක කරන්න උත්සහ කරනවා ඇති. මම චෝදනා කරන්නේ නැහැ.
එත් මම තරහත් නැහැ. හැබැයි මගේ හිතේ හැමදාම ඔයා ඉන්නවා. මට නිතර මතක් වෙනවා අපි හිනවෙච්ච-
හැටි, රණ්ඩු උන හැටි, ඒවගේම අඬපු විදිය. හැමදේම මතකයි. වේදනාව මගෙත් හිතේ තියෙනවා. මම දනනවා ඔයත්-
වේදනාවෙන් කියල. ඒක මට දැනෙනවා. මට නිතර දැනෙනවා ඔයාට මාව අමතක වෙලා යනවා ඇති කියල.
දුකෙන් උනත් මම ඔයා කරන ඕනෑම දෙයක් දරා ගන්නම්. මම මේක ලියන්නේ යම් ගැස්මකින් වගේ. කෙටි ලියුමක් උනාට-
තරහ ගන්න එපා. හොඳින් ඉන්න බබා.හැමදේම පරිස්සමෙන්. මම ආයෙත් ලියන්නම්.

No comments:

Post a Comment