Sunday, 2 September 2018

words are not enough.

ඔයා හොඳින්ද බබා? මට ඔයාව වරක් දෙවරක් නෙවේ හැම වෙලාවේම මතක් වෙනවා.
අත් අල්ලාගෙන අපි කොච්චරනම් අවිද්දද? මතකද කීපවාරයක් විහාරමහාදේවි පාර්ක් එකේ ඇවිද්ද?
ඔයා එනකන් බලන් ඉඳල හැංගිලා මම හිටිය මතකද කීපවාරයක්. ඔයාව බලන්න එනගමන් මම සමහර වෙලාවට-
චොකලට් එකක් අරගන්නවා විහාරමහාදේවි එක ළඟ ෆිලින් ස්ටේෂන් එකේ සුපර් මාකට් එකෙන්. හැමදාම-
හැමදේම ලස්සනම මතක. ඒවත් එක්ක තමා මම ජිවත් වෙන්නේ. මම දන්නවා ඔයා කොච්චරනම් වේදනාවෙන්ද කියල.
හිතන්න මමත් ඊට වැඩි හෝ අඩු වශයෙන් වේදනාවකින් ඉන්නේ කියල බබා. මතකද සමහර දවසට අපි කොච්චර අවිද්දද කියල.
වෙහෙසක් නම් දැනුනේ නැහැ නේද? මම විහිලු කලා, විහිලුවට ඇනුම්පද කිව්වා මොකද කුඩේ යටම යන්නේ අව්වෙත් යන්න කියල.
හැමදේම ලස්සනම ඇතිතේ. මගේ. මට තවම ඔයාගේ ගැන හැගීම් එහෙම්මමයි. අපි හිනවෙච්ච, අඬපු හැම
මතකයෙක්ම මගේ හිස ඇතුලේමයි. මතකයි. ඒවගේම මම තවම ඔයාට එහෙම්මමයි. මම මේ වචන ලියන්නෙත් වේදනාවෙන්.
මම මෘග මිනිහෙක්ම නම් මම මෙච්චර වේදනාවෙන් ඉඳීවිද? කමක් නැහැ. ඔයා හොඳින් ඉන්න රත්තරන්.

No comments:

Post a Comment