Tuesday, 18 September 2018

lunch hour passed.

බබා. මම හිතනවා ඔයා හොඳින් කියල. පෙනුනේ නැතත් එහෙම දැනෙනවා.
දැන් මාව මතක නැහැ. මම දන්නවා. ඒක දුකක් උනත් මම තරහ නැහැ ඔයා එක්ක.
තවමත් මමනම් දවසේ බොහෝ වෙලාවක් ඔයාව මතක් කරනවා. මතක ඇතිද මම මේකාලේ-
අවුරුද්දකට ඉස්සරවෙලා ගස් හිටෙව්වා? ඔයා කිව්වා ඔයාගේ වැඩ හරි අමුතුයි කියල.
දන්නවා අපිට ගොඩක් ප්‍රශ්න උනා. මට ඕන උනේ ඔයාට ආදරේ කරන්න.
කොහේ හිටියත් ඔයා හොඳින් නම් එකයි වෙන්න ඕන. එකයි මම හිතන්නෙත් පතන්නෙත්.
අම්ම හොඳින් ඇති කියල හිතනවා. මතකද අපි කැෆේ එකේ කොල්ලුපිටියේ කෑම ගත්ත? අම්මත් හිටිය.
මම තවමත් හැමදෙයම ඊයේ උනා වගේ මතක තියන් ඉන්නවා. මේක ලියන්නේ ඔයා ලන්ච් එකට ඇවිත්-
ඇතුලට ගිහින් විනාඩි 30 පස්සේ. ඉතින් මතකද මම ඇවිත් යෝගර්ට් එකක් අරන්දිලා ගියා ඔෆිස් එක ළඟ සුපර්මර්කෙට් එකෙන්?
මතකද මුල්ම දවසේ ඔෆිස් එක ලඟට මම ආව දවස? මම දුරයන්න ඉස්සරවෙලා ආවේ.
ඉතින් හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment