Friday, 30 March 2018

දින 4 නිවාඩුවක්

දින 4 නිවාඩුවක්. මතක් වෙනවා හැම නිවාඩුවේම ඔයාව හොයාගෙන දුවපු හැටි. ඒ කාලේ අවසන් උනත් හැමදාම හිතේ තියෙනවා. අයේ කවදාහරි මම එහෙම දුවගෙන එයි බබා. අපි මේ සංසාරේ අණේක වාරෙක එහෙම එකිනෙකා වෙත ඇවිත් ඇති. මේ වාරේ අපිට වැරදුනා. මම වැරද්දුවා. අපි අයේ එකිනෙකා එකා වෙත කාලෙක දුවයි. මතකද අපි යන්න හිටපු ගාල්ලේ ගමන? ජන්ගල් බීච් එක බලන්න. හැමදේම මගහැරුණ. අද ඔයා කොහේ ඇද්ද? ගමනක්ද? මම දැක්ක සෙම්බුවත්ත බලන්න ඇවිත් දාපු ෆොටෝ. ඒවා හරිම ලස්සනයි. එත් මට දැන් ඒවා පෙනෙන්නේ නැහැ. එත් මම හැමදාම ඇවිත් ඔයාගේ පින්තුරේ බලල යනවා. කමක් නැහැ නොපෙනෙන්න හිටියට. මාව අමතක කලත්. මාව අමතක කලවග අවම වශයෙන් අමතක කරන්න එපා. අද හිටියනම් අපි අද කොහේ යයිද? කමක් නැහැ. මම වෙන්වෙලා ගියත් මට නිතරම මතක් වෙනවා. මට අමතක කරන්න උවමනාවක් නැහැ. මම තවම ඒ මතක ඇතුලේ ඉන්නවා. මතකද මම කන්න දුන්න බල්ලෝ දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් නැහැ දැන්. එක්කෙනෙක් අපි දෙන්නවම අඳුනනවා. තවම ඉන්නවා. අවුරුද්දත් ලගයි. මට හැම අවුරුද්දෙම මතක් වෙයි. අවුරුද්දට ඔයා දීපු ටීෂර්ට් එක. තවම තියෙනවා. අපේ මතක. ඔයා හැමදේම අමතක කරපු කලෙකත් මම මේවා බොහොම ආදරෙන්, වේදනාවෙන්, අමාරුවෙන් මතක තියන් ඉන්නවා.


No comments:

Post a Comment