Friday, 16 March 2018

ඔබට ලියු කවි.

සීතල හදවතක් වේදනා හදුනනු නැති සේම,
ආල හැගුම් වෙත පිටුපෑ සිතම,
ගල්ගසුනු වේදනා නොහදුනන ගලක්ම
වේදනා නැතිලෙසම හිඳි ගලක්මය මම

අත් වැල් බැදන් සිටි මොහුමද ඒ
දිනයේ පෙර සිනාවෙන් සිටි මේ?
සාහසික කමමද මේ ආල පෑ ඔහුගේ?
වේදනා ගෙන ආ ආල කුමරාමද දෙවියනේ?

ඔබට අනන්තවත් මෙහෙම හිතෙනවා ඇති. මම දන්නවා. මම කන්නාඩිය ඉස්සරහට යන්නේ නැහැ.
ඇඩිලේ ඔබේ පෙම්වතාත් මෙහෙමමමද ඔබව දිනෙක හැර ගියේ? පුදුමයි ඒ මිනිහත් මම එයාට කිව්වා වගේම
මාව අමතක කරන්න එපා කියල. පුදුමයි ඒ මම වගේම කෙනෙක් වෙන්න ඇති රිදවීම විතරක්ම උන. නුඹේ සින්දුවේ ඒ
වේදනාව කෑගහන විදිය. අනේ එත් අයේ මම වගේ මිනිහෙක්ව? මාව කොහොම හරි ඔයා අමතක කරයි.
එත් තරහ වෙන්නේ නැහැ. තරහ වෙන්න මට බැහැ. එංගලන්තේ උනත් මම වගේ එවුන් ඉඳල. පුදුමයි එකත් කියල මාව අමතක කරන්න එපා කියල.
ලෝකෙට මාව පෙනෙන්නෙත් කවියේ තියෙන විදියටමයි. ඇඩිලේ උඹට වෙනස් උනත් වෙන විදියකින් ඒ විදියටම පෙනිලා. යමක් පිච්චෙමින් මුළු අත්මේම අළු කරනවා.




No comments:

Post a Comment