Saturday, 10 March 2018

මතුදාක

වරදින්න ඇති. අපි වෙන් වෙලා යන්න ඇති.
වැරදි මගේ අත ඇති.
සිතේ දුක් පුරවන් හිතැති.
අපි වෙන් වෙලා යන්න ඇති.
සසර දිගු බව දනිමි,
නුඹව දුක් පාරෙන් පැන්නුවෙමි
මතුදාක හමු වේවි අපි
කොතැනහෝ අහම්බෙන් වගේ.

මම දන්නවා ආදරේට පයින් ගැහුවම ඒ මිනිස්සු ගල් වගේ වෙනවා. එයත් එහෙම හිටියා කාලයක්. මම කොච්චරනම් ඒක කියා කියා බැන්ද?
ඉතින් අයෙත් ඒවගේම වේවි ඔයා. අපි වෙන් උනා. හිත ගඩොලක් වගේ වේලිලා තදවෙලා පිච්චිලා ඉවර උන දවසක මාව අමතක වේවි.
අයේ මතක් නොවුනට මම දන්නවා. අපි හමු නොවේවි මේ භවයේ. එත්...
අයේ කොහේ හරි කවදාහරි මේ චරිත විදියටම නොවුනත් අපි හමුවේවි. එදාට වෙර නොකර ඉන්න පුලුවන්නම්.
(ලංකාවටම එෆ්බි බ්ලොක් දවස් කීපයක්. ,,,, මාව එෆ්බි එකෙන් පැන්නුවත් මම නිකන් ඒ පැත්තේ ඇවිත් යනවා. මේදවස් ටිකේ එකත් නැහැ. අඩුම ගන්නේ ඒ ප්‍රොෆයිල් එකවත් දකින්න බැහැ.රජය උඹලටත් හෙනගහයි කවදාහරි මට වගේම.)
 

No comments:

Post a Comment