Monday, 26 March 2018

living with the neighbour named pain.

හිරගේක හිටපු මිනිසෙක් අහසට ආදරේ කරනවා වගේ දේවල් ලෝකේ වෙන්නේ නැද්ද?
හැමදේම දැන් දුන්න වෙස්සන්තර ජාතක කතාවේ බෝධිසත්ව තුමා කෙතරම් වේදනාවෙන් ඉන්න ඇතිද?
දෙපැත්තටම වේදනාව විතරක්ම නෙවේද? ආදරේට පයින් ගහල සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවද?
නරුමයන්ට මුරුගයන්ට වේදනාව කියන දෙය දැනෙන දෙයක් නෙවේද?
ලංවෙන හැමකෙනාටම වද දෙන මිනිස්සුන්ට උදාහරණයක් වෙලා මම.
මට තවම මතකයි මම ඔයාට බැනපුව. මම දන්නවා අමතක කරලා ඇති මාව මේ වෙනකොට.
එත් මම තවම දවසේ ගොඩ වෙලාවක් ජිවත් වෙන්නේ මනුතාපය කියන එක ඇතුලේ,
ආත්ම වේදනාව කියන එක ඇතුලේ. නරුමයෝ ගොඩක් සාර්ථක වෙනවනම් ඒ හෘද සාක්කිය හා හිතක් නැති එවුන්ම තමා.
තවම මතක් වෙනවා ඔබගේ ඇස්වල කදුළු පිරුනහැටි. ඒ වෙලාවට තෙතමනයක් කියල දෙයක් හිතේ නැතුවාක් මෙන් මම කැගහපු හැටි.
මට පපුවේ කැක්කුමක් ආව හැටි. හිත් කඩපු එවුන්ට පපුවේ කැක්කුම් නොඑවිද? ඔයාට වේදනාව තේරෙන්නේ නැහැ කියපු හැටි.
ඒවා දැනෙන මිනිහෙක් නෙවේ මම වගේ මම ඉඳපු හැටි. ආදරේ හැම තැනටම ඔය විදියට රිංගනවා කියල දන්නවනම්. මම කෙසේවෙතත් ඔබ
මේ විදියට දුකට පත්කරන පාරක මම යන්න යන්නේ කියල දන්නවනම් මම එදා එන්නේ නැහැ. එහෙමනම් අපි අත් අල්ලාගෙන කොළඹ පාරවල් වල ඇවිදින්නේ නැහැ. ආදරේ අපිට අපි අතරේ දැනෙන එකක් නැහැ. අපි නන්නාදුනන මිනිස්සු එහෙමනම්. විනාඩියකට හරි ඔයාව ඒ හමුවීම මම නරකයි කියන්නේ නැහැ. සංසාරේ අපි ගොඩක් හම්බවෙන්න ඇති. මේ වාරෙත් එහෙමමයි. කරුමෙට මොකක්ද උනා. ඒවගේම මම දෙපයින් ඉන්න මුරුගයෙක්. හැබැයි අපි මේ ආත්මෙත් හමුවෙලා. හැමෝටම පෙනෙන්න මම හිනාවෙලා වගේ ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ මම හිතක් පපුවක් නැති තෙතමනයක් නැති මිනිහෙක් නැත්නම් නරුමයෙක් කියල. මම දන්නවා. මේ සංසාරේ කවදාවත් මම ලඟට අයේ ආදරේනම් එන්න එපා!! මම ඒවා ලබන්න තරම් සුදුසු නැහැ කාගෙන්වත්.




No comments:

Post a Comment