දින හතරේ නිවාඩුවේ අවසාන දවස. අපි එකට හිටියනම් මම අද හවස නැතිනම් උදේ පාන්දරින් එනවා වැඩට. මතකද බස් එකේ එනගමන් ගිය වලි. මම සමහර දවස් වලට ඇඩුව එනගමන්.(පස්සේ කාලෙක ඔයා ඇඩුව මම නිසා){අඩවන්න නෙවේ හිතුවේ}. බනින්නේ නැහැ බබා, ඔයා කාලයක් ගලක් වගෙ මට සැලකුව.(කමක් නැහැ, මම ඒ මතක හැමදේටම ගොඩක් ආදරෙයි. ඒ මගේ වගේම අපේ අතීතේ) මම ඩෙනිම් අදින්නේ නැහැ කියල විහිලු කලා. මම වෙනස් උනා. අම්ම කිව්වත් ඩෙනිම් අඳින්නේ නැතිමම ඩෙනිමක් අන්ද.(එහෙම වෙනස් උනේ ආදරේ හින්දද? නැත්නම් අවස්ථාවාදියෙක් හින්දද මම?) ඔයා නම් එක වචනෙන්ම අවස්ථාවාදී කම කියයි. කමක් නැහැ. ඔලුව නමන් ඉන්නම්. මට ඔයාට දුක දැනෙනකොට දුක දැනුන. ඔයාගේ අම්ම අසනීප වෙනකොට මට දුකයි. මට හිත විකාර වෙනවා එතකොට. එකමයි මම ඔයත් එක්ක අම්මව විසේසඥ උපදෙස් ගන්න යවුවෙත්.(ඒවා හැමදේම අවස්ථාවාදී ක්‍රියා නේද බබා?) මම වැරදි උනා, රිදවුවා. එත් ආදරේ බොරුවක්ද මට දැනුනු? ඔයා කරන සමහර චෝදනා වේදනාවම තමා. කමක් නෑ. මම අනිවාර්යෙන්ම ඒවා විදින්න ඕන. ඔයාට මොකක්ද උවමනාවකට අම්ම නය උනා කිව්වම මගේ ඇස් වලින් කදුළු බේරුනා. මට නවත්ත ගන්න බැරි උනා.(ඒවා ඔක්කොම රඟපෑම් කියලම කියන්න. මම තරහ නැහැ.) ඔයා කන ගමන් මට කවපුව සිහි උනා. හැමදාම රෑට ඇස් වැහුවම ඔයා අඬපු හැටි පේනවා. ඔයා මට වංචා කාරය කියල ලියපු එක මතක් වෙනවා. අවුරුද්දට අපි ශෝපින්ග් ගියා මතකද? බම්බලපිටියේ අපි ශෝපින්ග් කලා මතකද? හැමදාම වටිනාම මතක. බබා හොඳින් ඉන්න.පොරොන්දු කඩුවට මම තරහ නැහැ ඒක දුක උනත්. දුකකදී කරදරයකදී කියන්න මම ඉන්නවා. මම හැමතැනම ඉන්නවා.
No comments:
Post a Comment