මට තවම මතකයි කිව්වා ඔයා මට රිද්දනවා මම යනවා. හොඳින් ඉන්න කියල. ජීවිතේම පපුව පුපුරලා ගිය වචන පේලිය. මම අනන්තවත් ඔයා මාව ගණන් නොගෙන ඉන්න වෙලාවට, මම කියන එක නොතේරුන වගේ ඉන්න වෙලාවට, ඔයා ගලක් වගේ හිටපු වෙලාවට ගොඩක් දුක් වෙලා තියෙනවා, ගොඩක් ඇඩුව(විස්වාස නොකලට කමක් නැහැ) මගේ ගෙදර පිටිපස්සේ තියෙන බෝතල් සාක්කි දෙයි මම කොහොමද හැමදාම රණ්ඩුවෙලා නිදා ගත්තේ කියල. ඒත් ඒ කාලේ මගේ ජිවිතේ මම ගොඩක් හොඳ දේවල් විඳපු කාලයක්. හැම රණ්ඩුවක් අවසානෙම අපි අයේ යාලු උනා ඒ කාලේ. දැන් අපි වෙන් වෙලා. මමම තමා ඒවා කලේ. මම තමයි ඔයාව පැන්නුවේ එක විදියකට. ඊට පස්සේ මම දන්නවා සාදාරන තීරණයක් ඔයා මාව පැන්නුව අපි පළමු වරට හමු වෙච්ච තැනින්. මම හැමවෙලේම බලන් ඉන්නවා. ඒ මොන වේදනාවටත් වඩා ඔයා වෙන් වෙද්දී කියපු වචන ටික මගේ හිත කම්පා කරනවනවා. මට සමහර වෙලාවට තරහ ගියෙත් මට දුක ඉවසන්න බැරි කමට. ඒවගේම මම ඒවාට තරහ නැහැ. ඔයා මම ගිය අවුරුද්දේ මාර්තුවල එනකොට කිව්වා ඔයා යන්නේ මිනිස්සුන්ට සේවය කරන්න කියල. මම සැර උනත් අදත් ඒ වචන මතක් කරනවා. ඒ විදියට වැඩ කලා. සමහරෙක් ඇවිත් කියනවා මහත්තය නිසා තමා මෙයාව බේරුනේ කියල. මම ඒ වෙලාවට ඒ වචන අපි අතර හුවමරුවෙච්ච, ඔයාගේ දිරි ගැන්වීම මතක් කරනවා. ඒවා ඔය නිසාම මම කරපුව වෙන්න ඇති. තවම මගේ මේසේ උඩ ඔයා දුන්න කොළ හුළගේ යනවට තියෙන පලිගු කැටේ තියෙනවා. ඒවා හැමදාම මතකයි. අවුරුද්ද ලගයි ඒවගේම මේ වැසි කාලේ. මට මතක් උනා ඊළගට එන්න තියෙන ඩෙංගු උවදුරු කාලේ. එකෙනුත් බේරිලා ඉන්න. මට පණිවිඩ යවන්න විදියක් නැහැ. ෆේස්බුක් එකේ ෂෙයාර් කලත් ඔයාට පෙනෙන එකක් නැහැ. මොකද ඔයා දැන් මගේ පිටුවේ නැහැ. මොනවා උනත් පරිස්සම් වෙන්න. අවුරුදු අපි සමරුවනම් අපි මේ දවස් වල මොනවා කරයිද? ඒවත් හිතෙනවා. කොහොම උනත් හොඳින් ඉන්න. වෙර කලාට කමක් නැහැ.
No comments:
Post a Comment