Wednesday, 25 April 2018

මම වැනි මෘගයන්ට

ඔයාගේ අලුත්ම පින්තූරයක් දැක්ක. ඒක ගොඩක් ලස්සනයි. මට ඉතින් අයේඔයාට ඇඳුම් අරන් දෙන්න ගොඩක් කාලයක් යයි. එත් අයෙත් දවසක් එයි. මම එහෙම දෙයක් අයේ දකින්න පින් කරලත් නැහැ, ඒවගේම අයිතියකුත් නැහැ. හැබැයි ඔයාගේ ඇඳුම ඇත්තටම ලස්සනයි වැදගත්. අපි ශෝපින්ග් කරලා ගත්ත ඇඳුම් අයේ ඔයා අඳින එකක් නැහැ. ඒවාට වෛර කරයි. මම ඔයත් එක්ක ගිහින් ගත්ත ඇඳුම් පුදුම විදියට පරිස්සම් කරන් ඉන්නවා. අඳින්න දුකයි. සමහර වෙලාවට ඉඹල බලනවා සුවඳ. නරුමයන් මෘගයන් අසරණ වෙන්නේ නැද්ද? මමත් අසරණයි. මම මුලින්ම ඔයාට අරන් දුන්න ගවුම තවම තියෙනවද බබා? රතු පාටයි ඒක. කමක් නැහැ. මේක අපේ මතක වැඩිම මාසයක්. ආදරේ හිතුන එකත් වැරදි. මම දන්නවා. ඔයා එත් කවදාහරි මේක කියවන්න දවසක් අවොත් මතක තියාගන්න මම හැමදාම මෙතනට ඇවිදින් මගේ වේදනාව ලියල ගියා. ඔයාගෙන් ඇත් වුන එකේදී පවා මගේ කතාව මම විතරයි දන්නේ බබා. එත් මම ඔයාව වේදනා මාවතක ගෙනිච්චේ නැහැ. එත් ආදරේ නිසාමයි. එත් දැන් ඒවා වේදනාවල්ම විතරයි. මම සතුටින් සතුට කරා දිව්වා වගේ හැමදාම පෙනේවි. ඔයාගේ හිනාව ලස්සනයි. මම කොච්චරනම් ඔයාට ඇවටිලි කලාද ඉස්සර අපි හමු උනාම ඔයාට අද සතුටුද කියල? මම ඔක්කොම කරලා තියෙන්නේ ආත්මාර්ථයම විතරද කියන්න? මම ආදරයක් කරලම නැද්ද? ඔයා හොඳින් කියල හිතනවා බබා. නින්දක් නැහැ අදත්. ඔයා නැගිටින්න තව පැයකුත් විනාඩි 30 තියෙන්නේ. ඉස්සර 4.58 නැගිටලා බැලුවම ගුඩ් මොර්නින්ග් මැසේජ් පුදුමම කාලයක්. පුජනියම මතක වස්තු. මම මෘගයට හිටියත් මටත් කුමාරියෙක් ආදරේ කලා. දෙවදුතිකාවන්ටම පමණයි මම වැනි මෘගයන්ට ආදරේ කරන්න පුළුවන් වෙන්නේ,


No comments:

Post a Comment