Monday, 16 April 2018

මෘගයකු විසින් ලියන ලදී.

සින්දුවක් ඇහුවම එක හරියට මටම කරන බැනීමක් වගේ බොහෝ වෙලාවට. මගේ වැරදි මම නැහැ කියන්නේ නැහැ. මම දන්නවා. විඳවනවා. ඔයා මම බොරුවක් විදියට විසි කරලා දැම්මට මම තරහවක් නැහැ. ඒක එහෙම කලාට මම තරහ ගන්නේ කොහොමද? මම ඒ කියන නපුරු මිනිසාමනම් ඇයි මම තවමත් මේ විදියට දුක් වෙන්නේ?එහෙම හංවඩු ගහනකොට මම ඉන්නම්. මම තරහෙන් නෙවේ බබා මේවා කියන්නේ. අපි වෙන් උනාට මම ඔයාව දුරස් කලේ වෛරෙකට නෙවේ. ඒවගේ දෙයක් මේලෝකේ මිනිස්සු කරන්නෙත් නැහැ කරලත් නැහැ වෙන්න ඇති. එත් මට ඔයාව දුකක ගිල්ලවල දාන්න ඕන උනේ නැහැ. ඔයා දැන් පෙනෙන්න ඉන්නෙවත් නැත්තේ බොහෝවිට මට තරහෙන් වෙන්න ඇති. මාව බොරුවකට මායාවකට රැවටීමකට සමාන කලාට කමක් නැහැ. මට දැනුනු ඒ දේත් මායාවක්ද එහෙමනම්? (මම ඔයාට ඇනුම්පද කියනවා නෙවේ.). ආදරය දැනීම කිරීම වරදක් වෙලා. ඒකයි මම මෙහෙම ඉන්නේ අද. එහෙම හිතට දැනෙන, දැනුනු එක වැරදිද. ආදරේ ආත්මාර්ථකාමී වගෙත් තමා. එත් මම හැමදේම අත්මර්තයටමද යෙදෙව්වේ බබා? මට ඔයාගේ දුක දැනුනේ නැද්ද කවදාවත්ම? ඔයාගේ ෆේස්බුක් එකේ අන්තිම පොස්ට් එක මට කෙලින්ම ඔලුවටම ගහපු ගල් පාරක් වගේ. හරි මම වැරදි. එත් මම හීනෙකින්වත් හිතල මිනිස්සුන්ට රිද්දවන්නේ නැහැ. මිනිස්සුන්ට රිදෙනවා දකිනකොට මට රිදෙනවා. ඔයාට රිදුන වෙලාවලට මම කොච්චරනම් දුක් උනාද? ඒවා හැමදේම අද නම් කරන්නේ බොරු කියල(බොරු ආදරේ කියල){බොරු ආදරේ කියල දවසක් බැනගෙන අපි ගිය රණ්ඩු මතකද?} කමක් නැහැ මුළු ලෝකෙම එහෙම කිව්වත් කමක් නැහැ. හැමදේම වැරදුනානම් මම කවදාහරි දවසක හදාගන්නම්. මම කොහෙහරි අයේ ඔයාව හමු වේවි. අවුරුදුත් ඉවරයි. ගිය සැරේ අවුරුදු මතක් වෙනවා. මට මොන අතීතේ තිබුනත් සිංහල අවුරුද්දකට ඇඳුම් ගන්න මම ඔයා එක්ක තමා පළමු වරට ගියේ. ඒවා අමතක කලාට මම වෛර නැහැ. නින්ද යනවා හරි අඩුයි. මෘගයන්ට එහෙම වෙනවා ඇති.

No comments:

Post a Comment