Thursday, 12 April 2018

සුබ අලුත් අවුරුද්දක්

අවුරුදු ලබනවා. මම හිතනවා ඔයා අම්ම එක්ක ශෝපින්ග් කරන්න ඇති කියල. වෙන කෙනෙක් එක්ක කලත් මම වෙර කරන්නේ නැහැ. මොනවා උනත් ඔයාගේ හිත සතුටු වෙනවනම් එක ලොකු දෙයක් මට. අප පලවෙනි වරට හමු වෙලත් මම ඔයාගෙන් ඇහුවා ඔයාට සතුටුද සතුටුද කියල. මට මතකයි. එහෙම ඇහුවේ ඇත්තටම මට දැනිච්ච සතුටට. ඔයා කිව්වා මතකයි ගහක් හිටවනවානම් ඔයාගේ කාමරය ලගින් හිටවන්න මාව මතක් වෙන්න කියල. මම අද එකක් හිටවනවා. කාමරේ ළඟ. මීට ඉස්සරවෙලත් එහෙම එකක් හිටෙව්ව්වා. ඔයා මම මෙහෙ එන්න ලෑස්ති වෙලා අප්සට් එකේ ඉන්නකොට කිව්වේ ඔයා යන්නේ මිනිස්සුන්ට සේවය කරන්න කියල. මම තවම ඒ වචනටික කනේ තියාගෙන වැඩ කරන්නේ. අද උදෙත් අමතර පැය දෙකක් වැඩකලා. ඒවා ඔක්කොම ඔයා වෙනුවෙන් හා ඔයා නිසා. මම හිතනවා බබා ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම හොඳින් කියල. මගේ අම්මලට වගේම එයාලටත් දිගාසිරි වේවා. මට මතකයි අම්ම අසනීප වෙච්ච වෙලාවේ ඔයා ගොඩක් අමාරුවෙන් හිටියේ. හැමදේම මතකයි අපි වෙන් උනත්. අපි එහෙම උනත් මම හැමදාම හිතන්නේ හේතුවක් තියෙන්න ඇති අපි හමු වෙන්න. මට වෙර කලත් අපි වෙරක්කාරයෝ නොවී ඉමු. මම අයේ කොහේ හරි ඉන්නවා. මම ගොඩක් හොඳවෙලා ඉඳීවි. මම ගොඩක් විස්වාසවන්ත වෙලා ඉඳීවි. මම ගොඩක් කාරුණික වෙලා ඉඳීවි.(මම දැන් මෘගයෙක්). මෘගයෙක්ට ආදරේ කරන්න පුළුවන් දේවතාවියෙක්ට විතරයි මම හිතන්නේ. ඔයා එහෙම කලා. දුක් වෙන්න එපා. මට දුක කවදාහරි ඔයා ඔයාගේ පොරොන්දු එක්කක් නැර කඩල දැම්මොත්. අපේ අන්තිම පොරොන්දු නොකඩ ඉන්නයි අපි තීරණය කලේ. අඩුම ගානේ අවසන් කීපය හරි තියන්න බබා. ඔයා මට රිද්දන්න ඔවම කරන්න ඕන නැහැ. දවසක් එයි රිද්දන්නත් හොඳටම. එදාට අයේ පව් පින් බලන්න එපා බබා. රිදවන්න කමක් නැහැ. ඒක කරන්න මට ඇස්දෙකට අන්නවගේ අඩෙන්න, ඇඟ කෑලිවලට කපනවා වගේ වේදනාව දැනෙන්න. එක කරන්න. මම වින්ද්වන්න ඕන. හැබැයි පොරොන්දු කීපය කඩන්න එපා අනේ.

ලෝකේ හැමදේම හැමවෙලාවෙම වැරදියට උනත්. මාව හැමවෙලාවකම වෙර කරන්න මිනිහෙක් විදියට පෙනුනත් මම වෛරය සදහාම විතරකුත් නෙවේ ඔයා ටිකක් හිතන්න. එකමදේ මම ඔයාව දුක පාරක ඇදගෙන ගියේ නැති එක. සමහර වෙලාවක මම ඔයාට බැන්න විදිය වැරදි. මම දන්නවා. මම එහෙම කලේ වෛරෙකින් නෙවේ බබා. හිතින් අඬ අඬ මම එහෙම වචන කිව්වේ. මම කියන වචනවලින් ඔයාට වෙච්ච වේදනාව මතක් වෙලා මම රෑ තිස්සේ ඇඬුවා. පස්සේ උදේට මගේ ඔලුව පුපුරන්න වගේ කැක්කුම හදුනා. පැනඩෝල් අපිට යා දෙයිද? කැක්කුම අඩුකරන්න කරපු ඒවා මම විතරයි දන්නේ. හැබැයි බලු වැඩ කලේ නැහැ. මම කිව්ව දම්මිකා කියල කෙනාව පටලවලත් මට දවසක් ඔයා අනංමනං කිව්වා බබා. ඒවා වෙන මිනිසුන්ටනම් හිත පැරවෙන දේවල්. එත් මම මොකුත් කිව්වේ නැහැ. මොකද මමත් ඔයාට දුක් දුන්නේ. මම දැනගෙන හිටිය ඔයාගේ වේදනාව. මම මගේ වැරදිවල වේදනාව, ඔයාට දැනෙන දුකේ වේදනාවත් වින්ද. බොරුනම් නෙවේ. ඇත්තමයි. ඔයා ඒවගේ ඒවා කිව්වත් මම ඒවා ගණන් ගත්තේ නැහැ. මම වේදනාවට එහෙම දෙයක් පැතුවේ නැහැ. සන්තුවරු වෙන්න පෙරුම්පිරුවේ පින්කරයෝම විතරද? අපිවගේ මිනිස්සු හැමදාම දුක් වින්ද කියල ලෝකෙම දන්නේ නැහැ. මම දන්නවා ඔයා විඳපු දුකත් බබා. ඔයා අඬනකොට කිසැරයක් මම ඔයාගේ ඔළුව මගේ අත් දෙකේ රඳවාගෙන හිටියද? අපි විඳපු ඒවා දන්නේ අපිමයි. දෙය්යෙක් කියල කෙනෙක් හිටියොත් එයත් දකීවි. මේ ලියුම ලිව්වේ සිංහල අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියල. මේකේ දෙවැනි චෙදේ ලිව්වේ ගොඩක් රැවෙලා. නින්දගියේම නැහැ. ඔයා වරක් මගේ මේ ලිපි බැලුව. ඔයාට අයේ මතක් වෙලා බලපු දවසක කියවන්න. සුබ අලුත් අවුරුද්දක් ඔයාට හා පව්ලේ අයට. මම අම්මට තාත්තට ඔයාට දිගාසිරිම පතනවා. මම මැසේජ් කරන්නේ නැත්තේ ලොකුකමට, කුහක කමට, මනුස්සකමක් නැති කමට හෝ ආදරේ කියල නාමයක්වත් ගැවිලා නැති කමට නෙවේ. මම මැසේජ් නොකරන්නේ මම ලංවෙන හැම තැනටම වේදනාව විතරයි නිසා. කෙසේවෙතත් මගේ මේ ලියන ඒවා කවදාහරි දකින්න ලැබේවි. මම අවුරුද්දට සුබ පතන එක අමතක කලේ නැහැ ඔන්න. ගොඩක් මතක් උනා. මගේ කාමරේ ළඟ එහේ ක්වාටස් එකේ ජනේලේ පැත්තේ අඹ ගහක් අද හිටෙව්වා. ඒක හිටෙව්වේ ඔයාව මතක් කරන ගමන්. කාමරේ ළඟ ඔයා වෙනුවෙන් එකක් හිටවන්න කිව්වා මතකයි තවමත්. පොරොන්දු කඩන්න එපා බබා. තෙරුවන්ම සරණයි.සුබ අලුත් අවුරුද්දක්!.

No comments:

Post a Comment