Saturday 29 November 2014

අපේ සිත් සතන් පුරුදු වෙනත් රටුනට පවා දෙමුද?

අපි හින්දු මිනිස්සු නෙවේ. අපි සිංහල බෝධ්ධයෝ ඒ වුනත් අයි අපි අපේ වගකීම්, නිවහල් කම තරුණ කම මෙවැනි පිටස්තර සරුව පිත්තල වැඩ වලට පවල දෙන්නේ? ඉන්දියාවෙන් එන හෝලි උත්සවෙත් ඇමෙරිකාවේ හැල්ලෝවින් එකත් සමරන්න අපේ අයට පිස්සුවෙන් වගේ උනන්දුවක් තියෙන්නේ. අලුත් අවුරුද්දටවත් අපේ එවුන්ට ඔච්චර ගැම්මක් ඇවිත් නැතුව ඇති. අපේ එවුන් හිතල කරපු නිර්මාණාත්මක දෙයක් කසිම තැනක නැතිදොයි මටනම් බයයි. සංස්කෘතිය, චින්තන ඇමෙරිකාවට හා ඉන්දියාවට පාවාදීමෙන් පසු සම්පත් සියල්ල චීනයට ලියා දීමටද අපි බලන් ඉන්නේ? පහුගිය දවසක මම දැක්ක අපේ ඉස්කෝලේ එවුන් කට්ටියකුත් හොලී සමරලා. මගේ ඉස්කෝලේ කොළඹ ප්‍රධාන බුද්ධාගමේ පාසලක්.අනිත් එවුන්ට කෙසේ වෙතත් මට මගේ ඉස්කෝලේ එවුන්ගේ වැරැද්ද කියන්න උරුමයක් තියෙනවා. අනේ ඉස්කෝලේ මෝඩ පරයිනේ උඹල බැංකුවල,ලිපිකරු රස්සාවල,පොඩි පොඩි බිස්නේස් වල ඉඳල හොයා ගත්ත පඬියාලමෙන් ඇඟේ පාට කුඩු ගාගෙන ගොන්නු වගේ නටපිය කාලකන්නි. අපේ රටේ එවුන් කට ඇරියොත් කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ කියල. උඹට මතක නැද්ද මල්ලියේ උඹ අලුත්ම සැම්සුන් ෆෝන් අරන් හැලොවින් පාර්ටි ගිහින් කාම ක්ලබ් එකේ ජරා ගැණු එක්ක සමයන් නටල,සෙල්පි ෆොටෝ ගහල, ලොකු ගණන්වල බිර,අරක්කු,විස්කි එක ඇතුලේ බීල අවා. උඹලගේ ගොන් පාට් වල ෆොටෝ හැම තැනම. යකෝ උඹල සල්ලි නැහැ,කන්න නැහැ කියා කියා ඔය වියදම් කලේ ඇටෙද?

https://www.facebook.com/media/set/?set=a.991608470856191.1073742319.371721489511562&type=1 (එවැනි බුරු රැලක් මෙම ලින්ක් එකෙන් දැක්වේ.)

Friday 21 November 2014

යුද්ධය හා සාමය

අපේ හුගක් අයට යුද්දය අමතක යුද්දේ යුද්දේ ස්වරුපෙන්ම අපේ නගරෙට ගමට ආව නැති නිසා. අපේ ගෙවල් කුඩු උනානම්, හිත මිතුරෝ ඥාතියෝ මරුනනම්, අපේ කෙල්ලෝ, ගැහැණු දුෂණය උනා නම්, අපේ ඉඩම් ත්‍රස්තයෝ අල්ල ගත්තනම් රැට නින්ද නොයන්නම් වෙඩි වරුසා තුබුනනම් ලගපාතම අපිට යුද්දේ සතවර්ෂ ගානක් මතක හිටීවි. යුද්දේ තිබුනේ උතුරෙනේ. සිංහල හමුදාවේ කොල්ලෝ දුක් වින්ද. අපේ ගමවල් වල නගරවල එවුන් දුක් වින්දේ නැහැ. ඉඳල හිටලා බෝම්බයක් පිපුරුනාම බය උනා එච්චරයි. යුද්දේ ඇත්තටම ආවනම් කොළඹ අපේ මිනිස්සු ඔයිට වැඩිය නිදහස ගැන හිතනවා. පිනකට වගේම කරුමෙකටත් යුද්දේ එහෙම උනේ නැහැ. රණවිරුවන්ට තුති. යුද්දෙන් බේරුනා අපේ සමහර සිංහල නරි දැක්කම නොදකින් කියල හිතෙනවා. එහෙම සක්කිලිත් ඉන්නවා. දෙවනි ලෝක යුද්දේ නගර මිනිස්සු විනාස වෙච්ච විදිය බලපල්ලා. නැතිනම් උඹලගේ කුහක කම යන්නේ නැහැ. උඹල ඔය ජිවත් වෙනවා නෙවේ.අහිංසක හමුදා කොල්ලෝ උඹල වෙනුවෙන් ඉස්සරහට පැනල බැමි බිඳලා කොටි මරල පන්නල ගත්ත නිදහස මේක. උඹල කැෆේ වල බාල් නටනකොට, මැක් එකේ බනිස් කකා සෙල්පි ෆොටෝ ගහනකොට,ඉංගිරිස් වචන දදා සොබ්බේ දානකොට,හැලොවින් යනකොට මතක් කරපල්ලා ටිකක් හරි. කොටි හමුදාව කොළඹ ආවනම් උමබලට වෙන දේ. ඒක වලක්කපු එවුන්ව උඹලට මතක නැහැ.ගුණමකු රැලක් වෙන්න එපා.

Thursday 20 November 2014

දෙවියන්ටත් පිස්සුද කොහෙද.

පිචර් එකක කැල්ලක්. මේකේ කියන සමහර ඒවා ඇත්ත නෙවේද බලපල්ලා කොල්ලනේ. ලේක්කනේ.මිනිසුනේ..විහිලු කතාවක් හැබැයි අපිටම හදපු එකක්.

ආච්ච්චිට ලිවූ පණිවුඩ කඩදාසිය

ආච්චියෙ මේවා හුගක් දකින්න අච්ච්චි මේලෝකේ නොහිටින්න තරමට ආච්චි ගොඩක් පින්කරලා. ආච්චිගේ ලොකුපුතා මේ නිතර දකින විකාර ටිකක් ලියල එවන්න හිතුවා. ආච්චියෙ මතකද අපි අසාවෙන් කොස් සම්බෝල කරවල හොදි සමග කැව? දැන් ඒ කෑම හුගක්ම අඩුයි. කොස් ගසුත් නැහැ වැඩිය. කොහොමත් අද දවල්ට කෑවේ කොස් කියල කියන්න අපි ලැජ්ජයි ආච්චියෙ. ඒ වුනාට මට ඒ රස තවම මතකයි. නොකිව්වත් අනිත් එවුන්ට මම ඉඳල හිටලා කොස් උයවගන්නවා අම්මට කියල. මේ ලෝකෙම මේ කෑම ජාති කන එක මහා නොන්ජල් වැඩක් වගේ දැක්කට මට ඒ රසයෙන් ගැලවෙන්න බැහැ. දැන් මගේ යාලුවෝ හුගක් වෙලාවට දහවල් කන කෑම එකේ ෆොටෝ එක ගහල අන්තර්ජාලයට එවනවා. ඒක මගේ හුගක් තව යාලුවන්ටත් පේනවා. ආච්චියෙ අන්තර්ජාලය කියන්නේ අලුතෙන්ම ආව ලෝකයේ විස්තර ඉන්මනින් බෙදා හදා ගන්න අපි හැමෝම ටැලි ග්‍රෑම් එකකටත් වඩා ඉක්මනට ලන්කරන සේවාවක්. මේවගේ දේවල් අහල ආච්චිගේ මොළෙත් අවුල් වෙයිද? කෙසේවෙතත් ලියුමේ කොපියක් ඔයකියන අන්තර් ජාලෙටත් යනවා. තරහා වෙන්න එපා. ඉතින් ඔය හැමෝම කන සැප කෑම අතරට මම කන කොස් පිගානේ පින්තුර දාන්න මම යන්නේ නැහැ. දැන් හරි ඉක්මනට අපි කන බොන දෙයක් නිසා උනත් අපිව කොන්වෙන්න යන්නේ තත්පර ගානක්. පුදුමාකාර සැප කෑම ජාති දැන් තියෙන්නේ. අපේ ගමේ දැන් සුපර් මාර්කට් එකක් තියෙනවා. ආච්චි සමහර විට කොළඹ ගිය වෙලාවක දැකලත් ඇති මහා සිහින කඩ. ඒ වගේ කාර්ගිල්ස් කඩයක්. දැකල තියෙනවද අහල තියෙනවද කොළඹ කාර්ගිල්ස් සුපිරි වෙළදපොල ගැන ඒ කාලේ? අන්න ඒවා දැන් රට පුරාම. ඉස්සර මතකද ආච්චියෙ අපේ ගෙදර තිබුන කොස් ගස් 5 මුළු ගමෙන් බාගෙකට බඩ පුරවන්න වුනත් ඇති. මතකද කොස් ඉල්ලගන්න මිනිස්සු අවම අපි ඒවා නිකන් දුන්න සතුට? අපේ ගෙදර කොස් ගෙඩියෙන් බාගයක් එහා ගෙදරටත් යැවුවා? දැන් මිනිස්සු කොස් කන්නේ නැහැ. ගමේ ගොඩේ විතරක් නෙවේ අපේ කොස්ගස් වලත් ගෙඩි නිකන් වැටිලා යනවා. මිනිස්සු ඒවගේ කෑම වේලක්වත් කන්නේ නැහැ. හැබැයි හැමෝම කියන්නේ මේ රටේ කන්න දේවල් නැහැ කියල. දැන් ලොකු ලොකු මිනිසු විතරක් නෙවේ නැති බැරි මිනිහත් කොස්ගෙඩි ලෙලි ඇරලා කලා, ළඟ අයටත් දීල, අටුකොස් හදල තියාගන්න අය නෙවේ. කොහොල්ලා ගාගෙන ඕව කරන්නේ කවුද කියල කියයි. ජිවත් වෙන්න අමාරුයි තමා හැබැයි තවම බඩගින්නේ මැරෙන්න තරම් අහේනියක් නැහැ. හැබැයි බගින්න නිවාගන්න තියෙන දේ අපේ මිනිස්සුන්ට දැන් පේනවා අඩුයි. දැන් පොඩි මිනිහ වුනත් හැමදාම බටර් වගේ කෑම වරද්දන්නෙ නැහැ. හැබැයි ඒක වැරදි නැහැ. අපිත් කොච්චර ආසද ඒවා කන්න ඉස්සර? දැන් ඒවා නිතර පාවිච්චි වෙනවා. හැබැයි ආච්චියෙ අපි හිතන් හිටිය වගේමත් නෙවේ ඒ කෑම හැමදාම කන මින්නිස්සු ඉක්මනට ලෙඩ වෙනවා. ඒවායේ මොන මොනවහරි නරකක් තියෙනවා කියලා දොස්තර මහත්තුරු වේද මහත්තුරු නිතර කියනවා. ඉස්සරනම් ඔයවගේ නැහැ නේද? දැන් ඒ ආච්චිලගේ කලේ මේ කලේ වෙනස බලන මිනිස්සු,වෙනස කතාකරන මිනිස්සු හරි හරියට කොන් වෙනවා. හැබැයි විසතිබුනත් ඕන කෙහෙල් මලක් කියල මිනිස්සු ඒවා කනවා. ආච්චියෙ මතකද අපේ ආතාගේ සහෝදර පරම්පරාව? ඔක්කොම සීයට ඔන්න මෙන්න කියල තියෙද්දී තමයි එලොව ගියේ. දැන් තියෙන ලෙඩ දැක්කම පිස්සු හැදෙනවා මටත්. කොස් දෙල් කන්කුන් ඔය කැමජති දැන් කොන් උනාට ආච්චියෙ මට එකක් හරිම විස්වාසයි. තව අවුරුදු 10 මිනිස්සු කොස් කන්න කොළඹ තියෙන හොඳම හෝටල් වලට යයි. වත්තේ හැදීල තියෙන මහා ගෙඩි හැදෙන දාර ගහ කොස් කියලවත් හුග දෙනෙක් දන්නා එකක් නැහැ ඒ කාලෙට. මොකද දැනටමත් හුගක් මිනිස්සු සාරන, නිවිති, මුකුණුවැන්න,රණවරා බෙලි,තිකිරිදිය,ඉරමුසු,හාතාවාරිය අදුරනේ නැහැ. ආච්චි දන්නවද මම කොළඹ නැවතිලා හිටපු කලේ බිත්තරයක් දාපු දවල් කෑම එකක් රුපියල් 150. ආච්චියෙ මම කෑවේ හොඳ කඩේකින්. බලන්න පුදුමේ. එකේ තියෙන්නෙත් කන්කුන් තෙල් දාල. ගමේ හිටපු අපි ගොඩේ කෑම කියල කොන් කරපු කෑම අයේ නගරේ හෝටලේ බත්පතේ. දැන් අපි ඒවා මහා ගණන් ගෙවල කනවා. වත්තේ ලිඳ වටේ වැවිල තියෙන මහ ගාල කන්කුන් කියල අපී දන්නේ නැහැ. ආච්චි දන්නවද මෙහෙ තියෙනවා අමෙරිකාවෙන් ඇවිත් ලංකාවේ ඇරපු කෑම කඩ කීපයක්. ඒවායේ බත් නැහැ. බනිස් වර්ගමයි තියෙන්නේ. මස් පෙති,සලාද,චීස්,බටර් තක්කාලි ජුස් ඒවායේ මැද්දට පුරෝලා හුගක් රසයි තමයි ආච්ච්චියේ අපිට ඒවා නිතර කන්න බැහැ. එක බනිසක් රුපියල් 600 විතර. ආච්චියෙ ඔයාල අනුරාධ පුරේ වන්දනාවේ යනකොටත් රුපියල් 600 ගෙනිච්චේ නැහැ නේද? ආච්චිලා අනුරාධපුරේ සතියක් ඉඳල අවා. ආච්චියෙ දැන් ලොකු පුතා ආච්චිගේ හොඳ රස්සාවක් කරනවා. මට හොඳයි දැන්. දන්නවද ආච්චියේ මම කොලම්බගිය දවසට රුපියල් 600 කියන්නේ එන්න ටිකට් ගන්නත් සල්ලි මදිවෙන ගානක්. හැමදේම හරිම ගණන්. දැන් කඩවල හීනියට ලියපු පළා වර්ග පැකට් කරලා තියෙනවා. හරිම ගණන්. අපි දැන් ඔය කොලවල හැඩය දන්නෙත් නැහැ. හැබැයි ඔය කොලජාති ගොඩක් වතුවල,පොලේ,ගමේ ජනහස කඩේ තියෙනවා.අපේ අම්මනම් තවම දෙය්යනේ කියල ගෙදර වත්තේ වැවෙන කොළ,මයියොක්ක,කොස්,පලා උයනවා. එහින්ද දෙය්යනේ කියල අපේ ගෙදර අයනම් මෙරටේ කන්න දෙයක් නැහැ කියල සාප කරන්නේ නැහැ. ඒ වුනාට ආච්චියෙ මට හොඳට තේරෙනවා වැඩ ලේසි කරන්න කියල හදාගත්ත හුගක් ක්‍රම වලින් අපේ ජිවිතේ තවත් අවුල් වෙලා. සමහර ගේක ගෑනියි මිනිහයි එකතු වෙලා එකට බත් උයල කාපු දවසක් නැහැ. ඒ අය හුගක් සල්ලි තියෙන උදවිය. ගෙදර උයපු එක දෙන්න දරුවෝ මල්ලෝ එක කන එක එච්චර රසක් විදයට පෙන්න නැහැ. හැමෝම සුපිරි හෝටල් කෑම  ජීවිතේට පුරුදුයි හොඳටම. පොඩි මිනිහ උනත් දැන් උත්සාහය කොහොම හරි ලොකුම මිනිහෙක් වෙලා අර කිව්ව හරිම කලබල ජීවිතේට එන්න. ආච්චිගේ ලොකු පුතාට එයා ගැනම දුකයි බයයි. ආච්චියෙ අපේ ගමේ දැන් ආස්මි හදන්න දන්න කෙල්ලෙක්,ගැනියෙක් නැහැනේ. අවුරුද්දට තමා තේරෙන්නේ ඇමෙරිකන් කඩවල උන් ආස්මි විකුනන්නේ නැහැ කියලා. දැන් අපි හැමෝම ලංකාවක් විදියට අවුරුදට අපි අපිවම රවට්ට ගන්නවා. ඇයි? අපි අවුරුදු කෑම මේසේ කෑම කඩෙන් ගන්නවා. ආච්චි හිටියනම් ආච්චිට පපුවේ අමාරුවක් හවෙනවා මට විස්වාසයි. ආත කුන්හරුප කියන්න බැරි හින්ද තරහෙන් නිදා ගනීවි. දැන් අවුරුද්ද වෙසක් පොසොන් ඇල් මැරුණු උත්සව වෙලා. වෙසක් කුඩුත් දැන් විකුනන්න තියෙනවා.අගෝස්තු මාසේ පොඩි එවුන්ට අරින්න සරුංගල් හදල අපිට එවන්නේ චීන්නු. ආච්චි දන්නවද උත්සව වගයක් හෝලි උත්සවය,හැලොවින් උත්සවය,නත්තල් නෙවේ ක්‍රිස්මස් උත්සවය කියල? දැන් මේ උත්සව බෞධ්ධයො ඉහල්ලින්ම සමරනවා. හෝලි ආච්චියේ පාට පාට කුඩු ඇගේ ගා ගන්න ඉන්න්දියානු හින්දු උත්සවයක්. හැලොවින් ඇමෙරිකාවේ අමුතුම උත්සවයක්. ආච්චි දන්නවද දැන් සමහර වෙසක් දන්සල් වලට හිගන්නන්ව ගන්නේ නැහැ.ආච්චියෙ සමහර මිනිස්සු ලොකු ලොකු උදවිය සමහර කොළඹ කඩ සිංහලෙන් කතාකරන මිනිස්සු ගියාම වැඩිය ගණන් ගන්නේ නැහැ. නොන්ජල් මිනිස්සු ගානට දාල. කොළඹ ලොකු පවල්, ලොකු ඉස්කෝල වල අය හිතන් ඉන්නේ මේක ඉංගිරිසි රටක් කියල. මේක තවම එංගලන්තේ කොලනියක් කියල. සමහරු සිංහල කතා කරන මිනිහව නොන්ජල් කරනවා. සමහරු සිංහල බැරි එක මහා නම්බුවක් විදියට හිතනවා. දැන් ඉන්න හුගක් පොඩි දරුවෝ සිදුහත් කුමාරයව දන්නේ නැහැ. වෙන වෙන වල් පල් කතා ඔක්කොම දන්නවා. ඉතින් ආච්චියෙ අපිට බයයි. ආච්චිගේ පුතාල දුවල ආච්චිට සැලකුව හොඳට. වරදක් අපෙන් උනානම් ආච්චි ඒවා හිතේ තියාගන්න එපා. මම දන්නවා ආච්චිලා එහෙම මිනිස්සු නෙවේ කියල. අපිට වයසට ගියාම මොනවා වෙයිද? පිනක් කරලා තිඋනොත් ඒවා හොඳට පලදෙයි කියල හිත හදන් ඉන්නවා මමනම්. ආච්චියේ ආච්චි වැඩිය මේවා ගැන හිතන්න එපා. ඉන්න තැනක ඉඳල උනත් මේවා දිහා බලන් ඉන්න එපා. දුක්වෙන්න එපා. ආච්චි වෙලාවට ආතා වගේම ඔය ගිය තැන හොඳින් ඉන්නවා මට විස්වාසයි. මේක කියෝලා ආච්චි තවත් මේ සසර ගැන කලකිරෙන්න. ආච්චිලා හුගක් ලංවෙලා ඉන්නේ ආච්චියේ. අපි තව කොච්චර ඇවිදියි ද දන්නේ නැහැ. කමක් නැහැ. ඔහොමම තමයි. ඊලග උත්තමයාගේ කළේවත් අපිට උන්නාන්සේගේ වචන ටිකක් අහගන්න පුළුවන් උනොත්. ආච්චි ආතයි නම් මේ ගමන එච්චර දුර අදින්නේ නැහැ. අපි එච්චර ඉක්මනට මේවා අහවර වෙන්න තරම් රස්කරපු දේවල් නැහැ. ආච්චිලා කොච්චර දාන දුන්නද? ආච්චියෙ කියන්න ඕන උනේ අපි අමාරුවෙන් හරි තවම වැඩි වෙන්නසක් නොවී ඉන්නවා. වයසටනම් යනවා වේගෙන්. ආච්චියි ආතටයි නිවන් ලැබෙන්න ඕන.