Monday 8 December 2014

නිදහස සමරා

දැන් යුද්දය ඉවරයි. එය සදහා හමුදාව, ආරක්ෂක ලේකම්, හමුදාපති, හා අනිකුත් සන්නද්ධ හමුදාපතිවරුන් පොලිසිය සහ ජනපති තුමා කල මහගු සේවාව ජන සිත් තුල සදා නොමියන මතකයන් වී ඇත. යුද්ධ ජය ලැබූ දින රුසියාවේ අප නේවාසිකාගාර පරිසරය තුල ලංකා කොඩි රැගත් ශිෂ්‍ය පෙළපාලිය තවම මට මතකය. මගෙන් අලුත් යෝජනා කීපයක් අලුත් අභියෝග වශයෙන් ඇත. ඒවා පැරදවීමට කටින් නොව වැඩෙන් සටනට බැසීමට ආණ්ඩුවට සිදුවනු ඇත.
1) ලංකාව ණය බරින් නිදහස් කිරීම.
2)ලාංකික සියලු පවුල් සදහා ඉස්තිර අදායම් මාර්ග හෝ රැකියාවක් සැම පවුලක අයෙක්ටම ලබාදීම. නිසි වැටුපක් දීම.
3)සැම හිසට සෙවනක් ලබා දීම.
4)මහ පක්ෂ දෙකේ විකාර වැඩ නොව දේශපාලන ජාතික ප්‍රතිපත්තියක්.
5)ලංකික ඒකීය භාවයට හානි කරන විදෙස්ගත ලාංකිකයන් මෙන්ම විදේශිකයන් හේතු සාධක සහිතව තනු විනිවිද පෙනෙන නීති පද්දතියක් හරහා දඩුවම හෝ පුරවැසි භාවය අත්හිටුවීමේ පිළිවෙතක්.(මෙය ආන්දෝලනාත්මක නමුත් කාලීන අවශ්‍යතාවක් වෙමින් පවතී.රුසියාව,චීනය ඇමරිකාව,ඉන්දියාව සමාජවාදී දකුණු ඇමෙරිකානු රටවල් ක්‍රියාත්මක කරයි. වැඩිවිස්තර සුප්‍රසිද්ද ඇමෙරිකා රුසියා මග්නිට්ස්කි ලැයිස්තු පිළිබද කියවීමෙන් දැනගත හැකි වනු ඇත.)
6)රට තුල පළමු රටට අවශ්‍ය සියලු අහාර නිපදවීමේ වැඩ සටහනක්.(ඉතාමත් දරුණු අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. කෘෂිකාර්මිකව ස්වයන්පොෂිත අනිත් රටවල් අන්තර්ජාලය තුල බලන්න.)
7)ඉවක් බවක් නොමැතිව ඉන්දියානු චීන භාණ්ඩ වලට අප රට වෙළඳ පොලක් කරදීමට වඩා තාක්ෂනය නිරන්තරයෙන් අනෙත් රටවලට නොමිලේ හෝ අඩු වියදමින් ලබාදෙන රුසියාව, කියුබාව, වැනි රටවලින් දැනුම ලබා දේශීය තාක්ෂණ නිපැයුම් වැඩි කිරීම. විදේශ වලින් මෙරටට ගෙන්වන නිෂ්පාදන අඩු කර ඒවා දේශීයව නිපැයීම.
8)විදේශ කොම්පැනි හා විදෙස් පුද්ගලයන්ට අයත් ලංකාවේ මාධ්‍ය කොම්පැනි අධ්‍යනයට, පාලනයට හා ලංකාවේ සුබ සිද්ධිය උදෙසා රජයේ මාධ්‍ය කොමිසමක් පත් කිරීම(ඇතැම් ලාංකික ඉංග්‍රීසි.දෙමළ,සිංහල, පුවත් පත්. සැමදා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක ඉන්දියානු සිරස, බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රියාත්මක සංදේශය, වැනි වැඩ සටහන් කෙතරම් ලංකාවට විස ප්‍රචාර ගෙන යයිද? රුසියාවේ Russia today මාධ්‍ය ජාලය තම රටේ වටිනාකම,සංස්කෘතිය දේශපාලන ප්‍රතිපත්ති ඇමෙරිකාව තුලට, බ්‍රිතාන්‍ය තුලට සාර්ථකව ගෙන යන අන්දම බලන්න. අප රටෙනම් සංදේශය නම් බ්‍රිතාන්‍ය ගැති මාධ්‍ය සිංහල ප්‍රවුත්ති නාමයෙන් ලංකාවට බ්‍රිතාන්‍ය දේශපාලන හා ප්‍රතිපත්ති හදුන්වා දෙමින් සිටි.)
9)සොරකම අනිවාර්යෙන්ම නවතා දැමීම.(අමාරුම කාර්ය වනු ඇත. නමුත් හරි දේ කර හෙට ගෙදර ගියත් එය නින්දාවක් නොවනු ඇත.)
10)සුදුස්සන්ට පමණක් අමාත්‍ය ධුර ලබා දීම. උදාහරණයක් ලෙස කට හැකර පවිත්‍රාට බලශක්ති අමාත්‍යවරිය ලෙස කල හැකි බිබික්කමක් නැති බව අප හැමෝම දනිමු. ගොනෙක්,හරකෙක්,බුරුවෙක්,තක්කඩියෙක්,අනුවණයෙක්,අධ්‍යාපනය නොලැබුවෙක් වන සජින් වාස්ට විදෙස් කටයුතු අමාත්‍යංශය අධීක්ෂණයට දීම ආණ්ඩුවේ ගොන්කමක් වී හමාරය.
11)සියලු රජයන් තේරුම් ගතයුතු දෙයක් නම් බලය ගත්පසු තම දරුවන්ට නිසි අධ්‍යාපනය දීමට ජනපතිට නීතිමය අයිතියක් ඇත. නමුත් රේස් පැදීම ජන ප්‍රසාදය,මෙන්ම රටේ සල්ලිද අපතේ යැවීමක් මෙන්ම පහත් වැඩකි. මේ වැරදි හදාගන්න.
12)මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රශ්න විමසීමට රාජ්‍ය ආයතනයක් මෙන්ම විනය පවත්වාගැනීමට නීති විශාරධයන්, හා විශ්ව විද්‍යාල කුලපතිවරුන්ගෙන් සමවිත ස්වාදීන ආයතන පිහිටුවීම.
13)රාජ්‍ය ඒකීයත්වයට හානි නොවන කොමිෂන් සභා වහා ආරම්භ කිරීම.
14)සියලුම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් නිරීක්ෂණයට රාජ්‍ය ආයතනයක් හා නිතිය ඔව්න්ට තදින්ම ක්‍රියාත්මක කිරීම.
වෙනත් දේ බොහෝ ඇත කියන්න. දැනට මේ ඇති. ඔබේ අදහස් ලියා දන්වන්න. නැතිනම් කොමෙන්ට් කරන්න. 

http://en.wikipedia.org/wiki/Magnitsky_Act
http://en.wikipedia.org/wiki/RT_%28TV_network%29
http://www.bbc.com/news/world-europe-19644897
සංවර්ධනයට ගෙන යන චීන ඉන්දීය ව්‍යාපෘති ඇත්තටම අපිට ඇති ආදරය නිසාද?
http://humansarefree.com/2011/10/muammar-gaddafi-truth.html
https://www.youtube.com/watch?v=PCJ8JqtGahQ

නිකන් ඉන්නවනම් මෙන්න වැඩක්

අපේ සිංහල කොල්ලෝ හුගක් වෙලාව බෝක්කු උඩනේ ගතකරන්නේ. ඒ වුනාට අපේ රටේ අනිත් ජාතින් වල අය අපට වඩා ඉගෙනීමේ වටිනාකම දන්නවා. බනිනවා නෙවේ. අපි මේවා දැන ගන්න ඕන. බිස්නස් ඇඩ්මිනිස්ට්‍රසන්. ඇම් බි ඒ උපාදි හුගක් ගන්නේ මුස්ලිම් කාන්තාවෝ. තරහක් නැහැ. ඉගෙන ගන්න ඕන. රවුෆ් හකීම් අධිකරණ ඇමති කමම ඉල්ලනේ ඇයි? ඇයි හොර කරලා හරි මුන් ඒ ජාතියේ අය වැඩිපුර නීති විද්‍යාලයට ගත්තේ? ලංකාවේ දැනට පවතින ෂරියා නීතිය තව තවත් පුළුල් කිරීමටයි. මේව කිව්වට අපේ ඔලුවලට තවම වදින්නේ නැහැනේ. තව අවුරුදු 50 විතර අපිව විඳවනකොට තේරේවි අපිට. අයි විග්නේශ්වරන් මහත්තය (ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන මොහු මහත්තයෙක් කිවහැකිද?) මොහු ඇමරිකන් තානාපති කාර්යාලේ මගඩි කාරයන් අල්ලාගෙන ඇමෙරිකන් සෙන්ටෙර් හදල දෙමල අයට උගන්වන්න යන්නේ ඇයි? දකුණට නැති ඇමරිකන් සෙන්ටර් උතුරට විතරක් ඇයි? අධ්‍යාපනයෙන් අපව පැරදවූ පසු අප ඉතා පහසුවෙන් පැරදිය හැකි  නිසාවෙන් නොවේද? ඔබ දන්නවාද අන්තර්ජාලය හරහා දැන් බොහෝ දේ නොමිලේ ඉගෙනගත හැකි බව. සහෝදර සහෝදරයනි අපිට හරියමටනම් විශ්ව විද්‍යාලේ යන්න සල්ලි නැතත් මෙකකින් හරි ඉගෙන ගම්මු. උපාධි ලේබලේ නැතත් වැඩකාරයා වැඩකාරයා තමයි.

Wednesday 3 December 2014

මානව හිමිකම් සම්මාන ලැබිය යුත්තෝ.














පසුගිය දිනක කොළඹ යම් ස්ථානයක මානව අයිතිවාසිකම් සම්මාන උත්සවයක් තිබුණා (2014). හොදක් කරලා තියෙනවනම් අනිවාර්යෙන්ම සම්මානයට පාත්‍ර වියයුතුයි. නමුත් මේ සම්මාන ගත්ත සමහර අය රටේ මානව අයිතීන් රැකුමට කළදේ මොනවාද? යන්නත් කිව්වනම් කොච්චර වටිනවද?(දන්නා කවුරු හරි මේ හේතු දන්නවනම් කරුණාවෙන් අපිටත් ලියා දන්වන්න.) තරහින් කියන දෙයක් නෙවේ මානව අයිතිවාසිකම් සම්මාන අරන් ෆොටෝ සිය ගණන් ගහල ෆේස්බුක් එකේ දැම්මට සම්මා ගන්න තරම් මේ ය කලේ මොනවද කියල මට සැකයි. පුදුමයි මානව දයාව පතුරන තවත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අයට ලැබුණු සම්මනයක්නම් නැහැ.තව ගොඩක් මානව හිමිකම් සුරැකීමේ සම්මානයට පාත්‍ර වියයුත්තෝ ඉන්නවා. නමුත් ඔව්න් සැමදාම නිහඩ සේවයක් කරන්නේ. ඇයි ඒවා සමහර මාධ්‍ය ආයතනවලට , සමාජ ක්‍රියාකාරීන්ට , රාජ්‍යනොවන සංවිධාන වලට නොපෙනෙන්නේ?  සම්මාන දෙනවනම් මිනිස්සු තව කොච්චර ඉන්නවද මේ රටේ සම්මානනීය අය. මේකියන සම්මාන උළෙලෙත් අපිට පසක් උනේ මාර්කට් කරන්න බැරි මිනිසුන්ට සම්මාන දීමෙන් වැඩක් නැහැ කියන අඥාන රීතිය/නීතිය නැවත සිහි කැඳවීමක් පමණක් යයි මම සිතමි.මානව සම්ම්මාන යන්නෙත් මානව අයිතීන් රැකපු මිනිසුන්ට වඩා ජනමාද්‍ය තුල නට නට ඉන්න නිළියන්ට නළුවන්ටද?
මම 5 දෙනෙක්ගේ නම් කියනවා ඇත්තටම මානව හිමිකම් සම්මානයක් ලංකාවේ ලැබියයුතු. හිතල බලන සේක්වා.(මේ සමහර අයත් ජනප්‍රිය තමා නමුත් ඇත්තටටම වැඩක් කරලා තියෙන අය).
සුනිල් මාදව ප්‍රේමතිලක.(සාහිත්‍ය හරහා කළ කී දේ)
එඩ්වර්ඩ් ජයකොඩි (සාහිත්‍ය හා ගායනය.)
හසන්ත හෙට්ටිආරච්චි.(මම දොරමඩලාවේ ලොකු රසිකයෙක් නෙවේ නමුත් එකෙන් සමාජයේ කොච්චර අයිතිවාසිකම් ගැන කතා වී ඇතිද?)
දරණාගම කුසල ධම්ම (මම ආගම පටලවා ගත්ත කියන්න එපා. මම බුද්ධාගමේ කෙනෙක් නිසා මේ නම යෝජනා කලේ. හැබැයි අගරදගුරු තුමත් හොඳ මිනිසෙක්. යෝජනා කලයුතු කෙනෙක්)
මොහාන් සමරනායක(ලංකාව,ලංකාවේ මිනිස්සුන්ගේ අයිතීන් හා සුබසෙතවෙනුවෙන් මානව වර්ගයේ යහ පැවැත්ම වෙනුවෙන් වැඩකරපු පුදුම අවංක නිවුණු මිනිසෙක්)



ඇත්තටම කියන්නම් තව නම් කී නොකී ගොඩක් අය ඉන්නවා. මීට වඩා සේවාවන් කළ මිනිසුනුත් ඇති.(මම දන්නා තරමින් ආරක්ෂක හමුදාවකට කවදාවත් මේවගේ සම්මාන දෙන්නේ නැහැ. නමුත් ලංකාවේ හමුදාවේ මහා උත්තමයෝ යුද්දයේ අවසන් අවුරුදු දෙක තුල ජීවිත 6500 පමණ පරිත්‍යාග කර, ලොව විශාලතම ත්‍රස්තවාදයෙන් දුකට පත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම අති සාර්ථකව නිමකළ බව මතකද? ගුණ නොගැයූ මානව හිතවාදීන් පිරිසක් නොවේද? සමහර හමුදා විරුවන්ගේ මළ දේහයවත් හමු වී නැහැ.)

මානව හිමිකම් සම්මාන ගත්ත අයට මානව හිමිකම් ගැන අවම වශයෙන් පාටමලාවකට නිදහස් ශිෂ්‍යත්වයක් වත් දුන්නනම් කියල සිතෙනවා. මොකද මේ සම්මාන ගත්ත සමහරුන් වැඩිපුර කරලා තියෙන්නේ අඩනිරුවත් රංගන කිරීම පමණක් නිසා.
වීරයන්, සම්මනනියයන්, නායකයන්, තෝරන විට අපි මිට වඩා හිතන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. ඔය සමහර සම්මාන ගත්ත අයට වඩා යාපනේ බිම්බෝම්බ ගලවන තවම විවහයක්වත් කරගත්තේ නැති අහිංසක මනවහිතවාදීන් කියක් ඉන්නවද? මේවා තරහින්,මඩ ගහන්න, චරිත ඝාතනයට කියන දේවල් නෙවේ. හිතේ වේදනාවට කියන දේවල්.


කිලිනොච්චි ඉදිරි ආරක්ෂක වළල්ල බින්දහෙලිමේ ,එහෙයුමේදී දිවි පිදුවන් පහත දැක්වේ. මේවා කලේ කවුරුන් වෙනුවෙන්ද?. (ඔබලාට මොවුන් ගැන මතකයක් තිබේද?)මේ මිනිස්සු මෙහෙම වැටිලා පොලව බදාගෙන, පස ඉඹගෙන, අවසන් හුස්ම ඇරියේ උඹල අපේ මනවහිමිකමක් වෙච්ච නිදහසේ ජීවත්වීමේ අයිතිය රකින්න. 

























මේ වගේ ලාභ,බාල, නිසි තේරීමක් නැතුව දීපු සම්මාන වලට වඩා වටිනා විදියේ සම්මාන වලින් අපේ සබැ මානව හිතවාදීන් අගයිමට ලක්වේවා! ඉන් තවත් අපේ පරපුර දිරිමත් වේවා! යයි පතමි.