Monday 29 October 2018

for you.

ඔයා හොඳින් කියල හිතනවා බබා. මට ඔයාව අද උදේ පන්දරින්මත්-
මතක් උනා. මම නැගිට්ටේ 4.55. මතකද? අදත් එහෙමමයි.
වෙනස නම් අපි දැන් ළඟ නැහැ. අපි දුරස් වෙලා. මම දන්නවා මමයි හේතුව.
නිතරම මතක් වෙනවා බබා. මතකද ඒ අපි හමු වෙන මන්සලේ හැමදාම ඔයා එනකොට-
මම ඔයාට නොපෙනෙන්න වගේ හැංගිලා ඉන්නේ. සමහර වෙලාවට ඉඳල හිටලා චොකලට්-
එකක් අරගෙනත් එනවා. මතකයි ඔයා මට කෑම කවපු හැටි. මතකද ඒ ලස්සනම කාලේ?
හැමදෙයම අමතක වෙලා යයිද බබා ඔයාට? සමහර පොරොන්දු නිකන්මද අමතක කලේ-
නැතිනම් අමාරු උනාද අමතක කරන්න? ඒ කියන්නේ අපි අතර පොරොන්දුවක් නැතිද?
ඔයා එක පොරොන්දුවක් ජීවිතේට කඩන්නේ නැහැ කියල පොරොන්දු උනා. මාව අමතක උනත් මම-
පතනවා ඒ පොරොන්දුව වරින් වර මතක් වෙන්න ඔයාට කියල. මට ඔයාව නොපෙනුනත් මම ඔයාව හිතින්-
දකින්න දැනෙන්න උත්සහ කරන්නම්. මම කවදාවත් තරහක් නැහැ. ආදරේ කරලා කරද්දී කොහොමද අමතක කරන්නේ.
හිතනවා අම්ම එහෙමත් සනීපෙන් ඇති කියල. එයාව බලා ගන්න. මතකයි එයාට පපුවේ කැක්කුමක් හැදුනු දවසේ අපි චැට් කලා.
ම්ම්ම් මතකද ඔයාට? මම කිව්වා ළඟ ඩොක්ට ලඟට ගිහින් ඊ සී ජී එකක් ගන්න කියල. වෙලාවට බෙහෙත් බොන්න කියන්න.
මම දන්නේ නැහැ බබා. මම හැමදේම හොඳ වෙන්න කියල ඔයා වෙනුවෙන් පතනවා. මම ටිකක් ප්‍රශ්න මැද්දේ-
හිටියේ. එනිසා නිතර ලියන්න බැරි උනා වගේ. උදේ රෑ වීමවත් මට තේරුනේ නැහැ. හැමවෙලාවෙම හරියට හිතන්න බබා.
රැල්ලට, පොෂ් වෙන මිනිස්සුන්ගේ රැල්ලට හිතන්න එපා. මාව මතක නැතත් ඒවා මතක තියාගන්න. අම්මල තාත්තලව හොඳින් බලාගන්න.

Sunday 28 October 2018

did you watch the concert by Anula students today?

බබා ලියන්න අමතක කලා නෙවේ. ලියන්න බැරි උනා හේතු 2 නිසා.
එකක් ඔයාම මාව උනන්දු කරවපු දෙයක් නිසා. අනිත් එක මේ වැසි දවස් වල-
රෞටරය වැඩ නැති උන නිසාත්. මතක මම මේක සල්ලි වලට ගත්තේ ගොඩක් දුරකට ගිහින් කොළඹ දෙහිවලින්.
එකෙන් කරපු ලොකුම දෙයත් ඔයා එක්ක කතා කරපු එක. මම අද අපි ඇවිදපු පාරවල් කීපයක ගියා.
ඉතින් මට මොකුත් මතක් නොවී තියේවිද? මේ පාරවල් වලම නෙවේද බබා අපි අත් අල්ලාගෙන හිනා වේවි-
සක්මන් කෙරුවේ? මතක අපි හමු උන ඒ තුන් මුළු හන්දිය? මටනම් තවමත් මුල දවසේ ඉඳලම මතකයි.
වෙන් වෙලා වදදිල ගියේ මම කියල මම දන්නවා. එත් මගේ හිතේ ඔයාට කිසිම ආදරයක් නැහැ කියලද-
ඔයා කියන්නේ? එහෙම නෙවේ බබා මමයි දන්නේ මගේ හිතේ තියෙන දේ. ඕනෑතරම් බනින්න නැහැ කියන්න.
තරහ වෙන්නේ නැහැ. ආදරේ කරපු කරන කෙනෙක් එක්ක තරහ වෙන්න කොහොමද?
මගේ මතක බින්දුවක්වත් සමහරවිට ඔයාගේ හිතේ නැතුව ඇති බබා. එත් ඔයාගේ මුළු මතක ලෝකයම-
ඇතුලේ මම ජිවත් වෙනවා. මට ඔයාව ඇසට නොපෙනුනත් හැම වෙලාවේම හිතින් පෙනෙනවා.
දැකපු දවසක මේවා ඔයා කියාවි විකාර කියල. මම දන්නවා බබා දැන් මාව අමතක කරන්න හේතු ඔයාට නියම වශයෙන්ම-
ඇති කියල. එහෙම කරන අමතක කරන එකට මම තරහ නැහැ. කවදාහරි මගේ වචන ඇසකට හරි දැක්කොත් ටිකක්-
උත්සහ කරන්න තේරුම් ගන්න. මම අන්තිම නරක නපුරු මෘග මිනිහෙක් වෙන්න ඇති. මගේ හිතෙත් ඔයාට ආදරේ හැමදාම තිබුන කියල.
මම කොහේ හිටියත් ඔයාව මතක් කරනවා. ඔයා හොඳින් ඉන්න මගේ බබා.
තෙරුවන් සරණයි.

Thursday 25 October 2018

leasure times.

ඊයේ පෝය දවසක්. වෙන ගතවුණ කලයකනම් මම ඔයාව හොයාගෙන දුවල ඇවිත් නැද්ද ඊයේ?
මම මතක් කලා අපිට යන්න බැරි උන පන්සල් ගමන. ඉතින් එක ගැන මම හිතේ තියාගෙනම ඉන්නම්.
හැමදේම මට වැරදුනත්, අපිට වැරදුනත් මම කිසිමදෙයක් මගේ මතකෙන් මකල දාන්නේ නැහැ.
මතකද දකුණේ පැත්තකට ට්‍රිප් එකක් යන්නත් සැලසුම් කලා. තව මතකයි ඔයා ලස්සන තැන් වල-
පින්තුර මට එවනවා. මතක ඒ කාලේ බබා? මතකද නුවර යමු කියලත් කිව්වා එක දවසින් ගිහින් එන්න.
ඉතින් මතකනම් ගොඩයි. ඊයේ ආවානම් අපි කොච්චර කතාකරයිද? හිනා වෙයිද?
ඒ බලාපොරොත්තු ඔයා අමතක කරලා ගොඩක් කල් වෙන්න ඇති. ඒක එහෙම කරන එක කිසිම අසාදාරනයක් නැහැ.
නැතිනම් බබා ඔයා කොහොමද ඔයාගේ වේදනාව නිවාගන්නේ? ඉතින් එහෙම උනත් මම අමතක කරන්නේ නැහැ.
මම දන්නවා නුදුරේදී මම වේදනා දුන්න කෙනා විතරක් නෙවේ පයට දුවිල්ලක් තරම්වත් නොවටිනා කෙනෙක් වෙයි.
එවන් තත්වෙක උනත් මම ඔයාව අමතක කරන්න අදහසක් නැහැ. මම ඔයාව වෙනුවෙන් හැම තැනම ඉඳීවි.
හැමදාම හැමදේම මතකයි.
හොඳින් ඉන්න.

Tuesday 23 October 2018

everyday

බබා ඔයා ඉතින් හොඳින්ද කියල අදත් හැමදාමත් මම අහනවා.
මම ඔයාගේ සතුට බලල සතුටු උන කෙනෙක්. මම ඔයාගේ කන්ට ලංවෙලා-
ඔයාට අද සතුටුද කියල අහල නැතිද? ඔයා නැහැ කියාවිද? මම අහල තියෙනවා බබා-
ගොඩක් වාර ගණනක්. මම ඔයාට රිද්දන්න කවදාවත් හිතුවේ නැහැ.
ආදරේ කරලා හා කරද්දීත් එහෙම කරන්නේ කොහොමද? මම හැමදාටම ආදරෙයි.
ඉතින් ඔයා අනන්තවත් කියයි මම ආදරේ නැහැ කියල. මගේ හිත කෑගසාවි ඔයාගේ නම.
ඒ මොකද කියල දන්නෙත් මගේ හිතම තමා. ඉතින් ඔයා මට රිද්දුවත් මම ඔයා දෙන දේ ඉවසන්නම්.
මම නොදන්නවා නෙවේ මම දුන්න වේදනා. මම ආදරෙත් දුන්නේ නැතිද?
මම ආදරේ කලේම නැතිද? මම ඔයාට දැනුනේම නැතිද? මට ඔයාව හැමවෙලාවෙම මතක් වෙන්න-
හේතුව දන්නෙත් මමම තමා. මමනම් කවදාවත් හිතන්නේ නැහැ අපි නිකන්ම හමු උනා-
කියල. අපි හමුවිමේත් හේතුවක් ඇති. ආදරෙත් හේතුවක් තමා.
මට ඔයාව නොපෙනුනත් නොඇසුනත් මට ඉතින් ඔයාව හැමදාම මගේ මතක ඇතුලේ.
හොඳින් ඉන්න බබා.

Monday 22 October 2018

long nights, hard times.

බබා ඔයා හොඳින්ද? මට ඉතින් ඔයාව නිතර මතක් වෙනවා.
සමහර වෙලාවට වැරදිලා හරි මාවත් මතක් වෙනවා අතිද?
මම නොදන්නවා නෙවේ මාව අමතක කරන්න ගොඩක් හේතු වගේම-
හොඳම හේතුත් ඔයාගේ අතේ තියෙනවා. එත් අපි හමු උනේ නිකන්මද?
තවමත් මට ඔයාගේ හැඟීම් දැනෙනවා. මම ඒ ඉස්සර මතක අතරේ ඉන්නවා.
ඒ ඇතිතේ අමතක වෙන්නේ නැහැ. මට ඔයාව පෙනුනේ ඇහුනේ නැති උනාට මගේ හිතට-
ඔයාව නැතිව යන්නේ නැහැ. මම නරක වෙන්න ඇති. එත් මමත් ඔයා වෙනුවෙන් ඉන්නවා.
අමතක කලාට අමතක උනාට මම තරහ නැහැ බබා. අමතක කරන්න වඩා වැදගත් හේතු ගණනාවක් දැන්-
තියෙනවා ඇති. එත් මම තරහ නැහැ. මම කොහොමද මම ආදරේ කරපු කරන කෙනෙක්ට තරහෙන් ඉන්නේ?
කොහේ හිටියත් බබා ඔයා හොඳින් ඉන්න. කියෙව්වොත් කවදාහරි තේරුම් ගන්න තියෙන්නේ-
මෘග හිත් තිබුන මිනිහෙකුත් ඔයාට ආදරේ කලා කියල. කොයි කාලෙක හරි මම අයෙත් ඒවි බබා-
ඔයාගේ අත් දෙක අල්ලගන්න වෙනස් මිනිහෙක් වෙලා.
ආයෙත් ලියන්නම් තෙරුවන් සරණයි.

Saturday 20 October 2018

shortest

හැමදේම අමතක උන කාලෙකත් මම නුඹේ මතක තුල,
සැරිසරමි ආදරෙන් හැමදාමත්.
මෘගයන් යයි හංවඩු ගැසූ උන් තුලද නොයිපදේවිද හැගුම්.
පිළිතුරු එපා දනිමි මම. නුඹ හොඳින් නම්.

Friday 19 October 2018

හදේ කොතනකෝ හෝ හිඳී ඔබ...

බබා ඔයා හොඳින්ද? මට ඉතින් මතක් වෙනවා. මට මතක් වෙන එක-
නවත්තගන්න ඕන නැහැ. මතක් වීම වෙනවා.  මොකද කියල.
ඉතින් ඒක එහෙම වෙන එකට වැටක් ගහන්න නවත්තන්න බැහැ.
ඔයාට මාව මතක් උනත් තරහ යනවා වෙන්නත් පුළුවන්. ඒ හැමදේටම උඩින්-
මේ වනකොට මාව අමතක වෙච්ච දේ අතර තියෙන්නත් පුළුවන්. මම අමතක-
උනේ ඇයි කලේ ඇයි කියල අහන්නේ නැහැ. මම දන්නවා එහෙම කරන්න හොඳම-
හේතුවක් මමම කියල. පරණ හේතු සමහරවිට අලුත් හේතුත් තියෙන්න පුළුවන් මාව-
අමතක වෙන්න හෝ අමතක කරන්න. මට ඉතින් හැමදාම මතක් වෙනවා. මම තරහ නැහැ.
ඒ අමතක වෙච්ච කාලේ මම ඉන්නම් බබා. මම දන්නවා මම ඔයාට මෘගයෙක් කියල.
එහෙම උනත් මටත් ආදරේ කියන දේ තිබුනේ, තියෙන්නේ නැතිව නෙවේ.
ඔයා ඉතින් බනින්න බොරු කියල. මගේ හිතේ තියෙන දේ පෙනෙන්නේ නැහැ.
මට බැන්නට මම තරහක් නැහැ. මම කොහොමද ඔයා එක්ක තරහ වෙන්නේ?
ඉතින් මගේ මතකේ මම ඔයා එක්ක ඉන්නවා.
හොඳින් ඉන්න බබා.

Wednesday 17 October 2018

wish you were here.

i hope you are fine baba. i know i dont have the right to ask even.
but i never forget you too. on the other hand how can i forget you?
and i dont want to forget too. im writing this while you are definitely-
having a sleep. i just wanted to say i remember you a lot. i wish I had a walk-
holding your hand. yea that a i wish. i know those rights i dont heve anymore.
and i wish you were here. i know you found and you have the better reasons to forget me.
im not opposing those reasons. instead i know im the wrong one.
still i have you in my mind. and you always will be. i know im not the good one, but i hope-
and wish that you would understand that even animals can love someone. even beasts love some one.
i dont want to tell stories.
i hope you are fine. please stay safe. tc.

Tuesday 16 October 2018

you and I..... memories

බබා ඔයා හොඳින්ද?  ඉතින් ඔයාට මාව අමතක වෙන හැටි.
හැබැයි එකට බනින්න මට බැහැ ඒක දුකක් උනත්. මම දන්නවා ඔයාගේ හිතේ වේදනාවත්.
දුරස් උනත් මගේ හිතට දැනෙන්නේ නැතිද බබා ඔයාව? මට ඔයාව හැමදාම දැනෙනවා.
ඒවගේම මතක් වෙනවා. මට අමතක වීමක් නැහැ. මතකද කොල්ලුපිටියේ ෆිෂ් ෆුඩ් ෂොප් එකක-
ලන්ච් එක ගත්ත හැටි? ඉතින් අපිට අසුවේ කඩේටනම් යන්න බැරි උනා.
අපහු යන්න පුලුවන්නම් මම ආයෙත් දුවනවා අපි හමු උන පලවෙනි දවසට. ඔයාගේ අතේ පොඩි-
තෑග්ගකුත් තිබුන. හැමදේම මතකයි බබා. අමතක කරන්න මට උවමනාවකුත් නැහැ. අමතක-
වෙන එකකුත් නැහැ. ඉතින් පහුගිය දවස් දෙක හිතුවොත් ඉස්සරනම් අපි අනිවාර්යෙන්-
ඒ සති අන්තේ හමු වේවි. මතකද? මම දන්නවා ඉතින්. මටත් ලෙහෙසි නැහැ.
හැබැයි මට අමතක වෙන්නේ නැහැ.
හොඳින් ඉන්න මගේ බබා. තෙරුවන් සරණයි.

Sunday 14 October 2018

those days

මට ඔයාව පෙනෙන්නේ නැහැ දැන්. මම දන්නවා ඒක ඔයාට යම් ඉස්පහසුවක්.
මම තරහ නැහැ. දුර ඉඳගෙනත් සිතමින් ඉන්නම් ඔයා ගැන. දුරින් ඉඳන් ආදරෙන් ඉන්නම්.
අදත් ගොඩක් ඔයාව මතක් උනා. මම දන්නවා බබා ඔයා සමහර මතක පැත්තකට විසිකරලා දාවි.
නමුත් තරහක් මගේ හිතේ එන්නේ නැහැ. මම කොහොමද ඔයාට තරහවකින් ඉන්නේ.
තරහ ගිහින් නැතුව නෙවේ. ඒ ගිය ඒවාට හේතු තිඑනවා. මතකද අය්යත් එකක් එයාගේ ගර්ල්-
ෆ්‍රෙන්ඩ් ට තෑගි දෙන්න ගිය වෙලාවේ මම තරහවෙන් හිටිය. මම කොහොමද බබා වෙන කෙනෙක්ගේ තෑග්ගක්-
වෙන කොල්ලෙක් එක්ක ගිහින් ඔයා ඩිලිවර් කරනවා බලන්නේ. තෑග්ග දෙන එක ගැන නෙවේ මම කියන්නේ.
අයි මට තරහ ගියේ? අයි ඒවගේ ගමනක් තෑග්ගක් දෙන්න උනත් ඔයාගේ එක්ක මට ඉන්න බැරි ඇයි කියල.'
සහෝදරයෙක්ට උනත් ඔයාගේ ආදරේ මට වඩා ලැබෙන්න බැහැ වගේ දෙයක් මට තිබුනේ. මම එක ඉවසන්න බැහැ.
ඕනනම් බනින්න. මගේ ආදරේ එහෙම වෙන්න ඇති. විකාරයක්නේ, පිස්සුවක්නේ කියල කියන්න. කමක් නැහැ.
පිස්සුවෙන් උනත් මම ඔයාට ආදරේ කලා, කරාවි හැමදාටම. ඉතින් ඒක මතක් වෙලා ලිව්වේ නිකන්.
මට ඉතින් හැම මතකෙම ඊයේ වගේ. ඔයා හොඳින් කියල හිතනවා බබා. ආයෙත් ලියන්නම්.

Saturday 13 October 2018

saturday journey

හොඳින්ද බබා? අදවගේ දවසක අපි කොච්චරනම් අවිදිනවද?
මතකද? මතකද බර්ගර් කින්ග් එකේ කෑම කනවා? මතකද එකේ තිබුණු-
කාඩ්බෝඩ් ඔටුනු දාගෙන ෆොටෝ ගත්ත? කොච්චරනම් විනෝද වගේම-
අපි ලංවෙලා හිටපු කාලයක්ද? අපි කොච්චරනම් හිනාවෙන්න ඇතිද? නැහැ කියන්න ඕන-
නැහැ අපි කොච්චරනම් අඩන්න ඇතිද? ඒවගේම මතකද ටොරින්ග්ටන් රව්මේ අත් අල්ලාගෙන-
ඇවිදපු විදිය. මම දන්නවා බබා ඒවා ඔක්කොම නැති උනේ මගේ වරදින්. එත් මම කොහොමද හැමදාම-
ඔයාගේ හිත රිද්දවන්නේ? මම දන්නේ නැහැ බබා. මම වැරදි වෙන්න ඇති. මම හරි උනත්-
වැරදි උනත් මට ඔයා අඬනවා බලන් ඉන්න අමාරුයි. මම මාවම සදරණිකරන කරගන්න හදන්නේ නැහැ.
එහෙම කරන්න උවමනාවකුත් නැහැ. මම මගේ ඉතින් මගේ වරද දන්නවා.
මොනවා උනත් මම ඔයාට ආදරේ කලා බබා. ඒක මගේ හිත දන්නවා. හැමදාටම එහෙමයි.
ඔයා සතුටින් උන්නේ කියල මම කියන්නේ නැහැ. ඔයා විඳපු වේදනා මම දන්නවා.
ඔයා නොපෙනී උනත් හොඳින් ඉන්නවා කියල හිතනවා. හොඳින් ඉන්න බබා.

Friday 12 October 2018

memories.. you and I

බබා මම හිතනවා පතනවා ඔයා හොඳින් කියල. කොහේ හිටියත් මට ඔයාව-
නිතර මතකෙට එනවා. මම වැරදි ඇති. වැරදියි මම දන්නවා.  අපේ කාලේ මට තවම-
,ඒ විදියටම මැවිලා පෙනෙනවා. මතකද අදවගේ දවසක් නම් මම ඔයාව හොයාගෙන
එන දවසක්. එනවා විතරක් නෙවේ ඔෆිස් එක ලඟටත් බොහෝ වෙලාවට ඇවිත්.
දන්නවා දැන් ඒ මතක හා අතීතය, ඒ වගේම ඒ අපේ බැඳීම අමතකවෙලා ගිහින් කියල.
හෝ සමහර වෙලාවට පරණ කොලයක් වගේ ගුලි කරලා විසි වෙලා ගියා වෙන්නත් පුළුවන්.
ඒ කොහොම උනත් ඒවාට මගේ වැරදි හේතු බව ආයෙත් කියන්න ඕන නැහැ. මම දන්නවා බබා.
ඔයා කොච්චර වේදනා වින්දද කියල මට අහන්න ඕනත් නැහැ, මට අමුතුවෙන් හිතන්න ඕනත් නැහැ.
ඒක කොච්චර වින්දද කියල මට දැනුන. ඔයාගේ දුක හැමදාම මට දැනුන. මට පෙනෙන්නේ නැතිව හිටියත්-
නිතර ඉතින් ඔයා මගේ හිතට ඔලුවට එනවා. ඉතින් මම ඒ මතක එක්ක ඉන්නවා. මට ඔයාව අමතක වෙන්නෙත් නැහැ-
අමතක කරන්නෙත් නැහැ. ඉතින් හොඳින් ඉන්න බබා.

Wednesday 10 October 2018

a notice.

බබා ඔයා හොඳින් කියල හිතනවා. ඔයාට දැන් මාව මතක නැහැ කියල-
මට හොඳට දැනෙනවා. කොහොම උනත් එකට කමක් නැහැ.
අදත් ඇවිත් ලියල යන්නේ මට ඔයාව  මතක් උන නිසා. ඉතින් වෙන දවසකනම් අපි-
කොච්චර කතා කරයිද හිනා වෙයිද? හැමදාටම අපිට දුක තියෙන එකකුත් නැහැ.
ඒවගේම තමා අපි හමු උනෙත් වරදකින් නෙවේ. එකට හේතුවක් ඇති.
ඔයා කොහේ හිටියත් හොඳින් ඉන්න කියල මම පතනවා. හොඳක් වෙන්න කියල.
මට ඔයාව නොපෙනුනත් නොඇසුනත් මට හැමදාම මගේ මතක තියෙනවා,
ඉතින් හොඳින් ඉන්න බබා.

Tuesday 9 October 2018

you and I

ඔයාට අමතක කරන්න ඕන උනේ වේදනාව කියල මම දන්නවා.
එකට මම කවදාවත් තරහ නැහැ. ඒවගේම තමා අමතක කර ගියා උනත් මට-
ඔයාව අමතක වෙන්නේ නැහැ. හැමදාම උදේ ඉඳල ඔයාව මතක් වෙනවා.
4.55-5 මතකද අපි උදේ කතා කරන්න පටන් ගන්න වෙලාව? හැමදාම මටනම්
මතකයි. උදේ හයයි හතලිහට ඔයා බස් එකට නගින්නේ. එතන ඉඳලත් වැඩපලට
යනකන්ම අපි කතා කරනවා. ඊටපස්සේ අපහු නමයහමාර වෙනකොට. ඒ හැම මතකයක්ම මගෙත් එක්ක බබා.
අමතක වීමට මම බනින්නේ නැහැ. මොකද එකේ වරද මගේ අතේ නිසා.
ඔයා හොඳින් කියල හිතනවා. හොඳින් නම් හොඳයි. මතකද අපි ලංකා හොස්පිටල් ගිය දවස?
සෙල්ෆි ගහල ඉවරයක් නැහැ. මතකද අපි වැඩිවෙලා ඉඳපු හැටි?
විහිලු කරගෙනත් ඉවරයක් නැහැ. ඒ කාලේ ලස්සනම කාලේ. මට දැනුන ඔයාව.
ඔයා ඕනෑතරම් බනින්න. එත් මට ඕන උනේ ඔයාට ආදරේ කරන්න. ඉන්ටෙර්නෙට් තිබුනේ නැහැ. එනිසා ලියන්න බැරි උනා.
එත් කිසි වෙලාවක අමතක උනේ නැහැ. හොඳින් ඉන්න බබා. ආයෙත් ලියනවා.

Sunday 7 October 2018

sunday

අද ඉරිදා දවසක්. ඉස්සරනම් මම හවස මේ වෙනකොට එන්න පිටත් වෙලා. මග දිගට අපි-
කතා කරනවා. මතකද? වෙන්වීමේ අමාරුවටම වෙන්න ඇති රණ්ඩුත් වෙනවා බස් එකේම.
සමහර වෙලාවට ඔයා රිද්දවන්න වචන කියනවා මම යනකොටත්. මම දන්නේ මම අමාරුවෙන්-
අපහු යන්නේ කියල. ඊට පස්සේ කාලෙකනම් සෙනසුරාදා අපි හමු වෙලා මේ වෙනකොට අපි නින්දට යනවා ඉරිදා.
මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා. මම දන්නවා අමාරුවෙන්හෝ, ලේසියෙන් හෝ කොහොම හරි-
ඔයා මාව මේ වෙනකොට අමතක කරලා හිතෙන් අයින් කලා කියල මට දැනෙනවා මම දන්නවා.
දන්නවා කොච්චර අමාරුද කියල. දන්නවා ඔයාට තියෙන තිබුන දුකත්. මමත් දුකක් නැතුව හිටියා, ඉන්නවා-
නෙවේ. ඔයාගේ මතක මගේ හිතේ ඔලුවේ පිරිලා.හැම වෙලාවකම ඔයාව මතක් වීම මට අලුත් දෙයක් නෙවේ.
බබා මමත් ඔයාට ආදරේ කරනවා. කලා. කරාවි. ඔයා දෙන උත්තරේ මම දන්නවා. කමක් නැහැ.කියන්න ඕන වාර ගණනක් බොරු කියල.
හිතේ තියෙන දේ මගේ මට දැනෙන්නේ හැමෝටම වඩා, මමයි දන්නේ මගේ හිතේ තියෙන දේ. කමක් නැහැ බබා-
ඔයා හොඳින් නම් හොඳයි.

Friday 5 October 2018

before the sleep.

මම හිතනවා ඔයා හොඳින් කියල බබා. මට ඉතින් නිතර මතක් වෙනවා.
ඔයා කියාවි මතක් කරන්න එපා අමතක කරන්න කියල. මම දන්නවා ඒ වේදනාවට කියන්නේ කියල.
තරහත් ඇති. එත් මම තරහ නැහැ. මට ඔයාව පෙනුනේ නැහැ ඇහුනේ නැහැ කියල අමතක වෙන්නේ නැහැ.
ඉතින් අදත් මේ වෙලාවේ මතක් කරනවා. අපි කතා කරපු කාලයක් නම් මේ, මේ වෙලාවට තමා අපි නින්දට ගියේ.
හිතනවා ඔයාට දැන් මම ගැන මතක නැතුව ඇති කියල. මම චෝදනා කරනවා නෙවේ. දැනෙන දේ තේරෙන දේ ලියනවා.
අමතක වෙන්න කරන්න උනාට මම අමතක කරන්නේ නැහැ. අපේ හැම මතකයක්ම මට මතකයි.
නින්දට ගිහින් ආයෙත් නැගිට්ටවෙන්නේ උදේ 4.55-5 වගේ වෙලාවට. ඒ වෙලාවට ගුඩ් මොර්නින්ග් මැසේජ් එකක් එනවා.
ඒවා හැමදේම මට මතකයි ඊයේ වගේ.
හොඳින් ඉන්න බබා.

Thursday 4 October 2018

4.38pm

මම හිතනවා ඔයා හොඳින් කියල. ලියන්න බැරි උනා, මම ටිකක් අසනීප උනා.
බෙහෙත් ගත්ත නින්දගියා දන්නෙවත් නැතුව.
මේක ලියන වෙලාවේ ඔයා මග යන ගමන් ඇත්තේ. ඉතින් ඒ කාලෙනම්-
අපි මේ වෙනකොට ලොකු කතාවක. ඔයා බස් එකක් ඇතුලේ.
සද්ද ගොඩක් මැද්දේ අපි කතා කර කර යනවා. මතකද ඔයාට අපි කොළඹදී-
එකට බස් එකේ ගිය විදිය. මට නම් තවම මතකයි. මතකද එක එක ඒවාට තරහ ගිහින්-
දැන් බස් එකෙන් බහින්න කියල රන්ඩු උන විදිය. එහෙම කිව්වේ තරහකට නම් නෙවේ මම. තරහ ගිහින් තමා.
එත් හේතු .වෙන දෙයක්. ඒවගේම තමා ඉතින් බොහෝවිට එහෙම කිව්වේ ආදරේට.
වෙන්නම් මට හේතුවක් නැහැ. මට ඔයාට වෛරයක් නැහැ කවදාවත්. ඉතින් එහෙම උන එකම හේතුව ආදරේ තමා.
ඔයාව ඉතින් හැමවෙලාවකම මට මතක් වෙනවා. මට දැනෙනවා ඔයාට මාව අමතක වෙලා යන එකත්.
දුකක් උනත් එහෙම මාව අමතක වෙන එක මම අහිතක් හිතන්නේ නැහැ, මොකද මම දන්නවා ඔයාගේ පැත්තෙන් එක හරි කියල.
මාව අමතක වෙන්න අමතක කරන්න තවත් හේතු මේ වෙනකොට තියෙන්න පුළුවන් කියන එකත් මම නොදන්නවා නෙවේ.
කොහොම උනත් ඔයාවනම් මට අමතක වෙන්නේ නැහැ කවදාවත්. මේක ලියනකොට ඔයා බොහෝවිට ගෙදරයන-
පාරේ මැදක වගේ ඇත්තේ. ඉතින් කොච්චරනම් අපි එකිනෙකාට කතා කරන්න ඇතිද. මම දන්නවා කිසිදෙයක් ලෙහෙසි නැහැ ඔයාට දරාගන්න කියල. මටත් එහෙම්මම තමා. හොඳින් ඉන්න බබා.

Tuesday 2 October 2018

An October

ඔයා සිටින, හිටපු වේදනාව මම දන්නේ නැහැ  නෙවේ. මම මට තියෙන-
එවැනිම වේදනාව ගැන කියන්න යන්නේ නැහැ. හැබැයි මම කවදාවත් අමතක කරලා නැහැ-
ඔයාගේ ඇස්දෙක අඬපු හැටි. ඔයාගේ මුහුණ අල්ලාගෙන මම බලන් ඉඳපු හැටි.
මට හැමදාම ඔයාව මතක් වෙනවා බබා. එහෙම වෙන්නේ ඔයා හැමදේම අතැරලා ඉවතට ගියාටත් පහුව උනත්.
ඉතින් එක එහෙම මොකද හිතෙන්නේ වෙන්නේ කියන්න හේතු මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. මමම දන්නවා හේතුව.
නොපෙනන තෙක්මානෙකට ගියත් ඔයා මට ඔයාව මතක් වෙනවා. එහෙම ගියා කියල තරහ නැහැ. මම කොහොමද-
ඔයා එක්ක තරහ වෙන්නේ. ඔයාට හොඳ දෙයක් කලාට උනාට මම තරහ වෙන්නෙත් නැහැ වෛරයකුත් නැහැ.
ඉතින් පරක්කු උනත් ලියන්න අදත් ඔයාව මතක් කරනවා. හොඳින් ඉන්න බබා.

Monday 1 October 2018

today

මේ වෙලාවේ ඔයා ඔෆිස් එකේ.  එනවා ටී ටයිම් එකට එලියට.
ඉතින් ඒ වෙලාවේ අපි කොච්චරනම් කතා කරලා ඇතිද බබා? කොච්චර වාර-
ගණනක් නම් කියල ඇතිද තව ටිකක් ඉඳල යන්න කියල. 4 වෙනකොට වැඩ ඉවර වෙනවා-
ඒ විනාඩි කීපය කොච්චරනම් මිස්සින්ග් ෆිලින්ග් එකක්ද දෙන්නේ.
එලියට ආව ගමන් කතා කරන්න කියල කොච්චරනම් කියල ඇතිද? ඒවගේම-
එහෙම අපි කොච්චරනම් කතා කරලා ඇතිද? දුරස් උනත්, ඔයා නොපෙනී ගියත්-
ඒ හැගීම් මැකෙන්නේ නැහැ. කොච්චරනම් රණ්ඩුවෙලා ඇතිද වෙලාවට කතා නොකලාම.
ඔයා කියාවි හැමදේම බොරුවක් කියල. එත් මම දන්නේ මගේ හිතේ තියෙන දේ.
එකට කමක් නැහැ. මම තරහත් නැහැ. ඉතින් මට මතක් උනා ඔයාව. හැමදාම වගේ-
හැම වෙලාවකම වගේ. මම දන්නවා මාව ඔයාගේ මතක මායිමකවත් නැහැ කියල. හිටියත් මට දැනෙන්නේ නැහැ වගේ බබා.
පෙනෙන්නෙත් නැහැ. ඉතින් හමුවෙන්න කතා කරන්න නොහිතුව නෙවේ. එත් කවදාවත් ආයෙත් ඔයාට කරදර කරන්නේ නැහැ කියල මම මටම පොරොන්දු වෙලා ඉන්නේ. ඉතින් ඇස් වැහුවම පෙනෙනවා. හැමදාම මතකයි. හැමදාටම............
හැමදාටම.......... හොඳින් ඉන්න බබා.