Saturday 30 June 2018

හැමවෙලාවෙම ඔයා ගැන මතකයක් මගේ හිතට එනවා.

ඔයා හොඳින් කියල හිතනවා බබා. පහුගිය දවස් වල රැට මොකුත් ලියන්න උනේ නැහැ.
මම උණක් හැදිලා ටිකක් අමාරුවෙන් හිටියේ. ඔයා අදගෙදර ඇත්තේ නේද.
බබා අම්ම තවම රස්සාවට යනවදනම් මම ඇත්තට කියන්නේ එයට කියන්න ඇති වෙන්න රෙස්ට් කරන කියල.
අනේ මන්ද ඒවා මට දැන් ඔයාට ලං වෙලා හැමවෙලාවෙම කියන්න වෙන්නේ නැහැ. එත් අනේ අමතක කරන්න එපා.
එයා මතකද අසනීප උනා එක සැරයක්? ඉතින් අයෙත් ඒක වෙන්න දෙන්න එපා. එයට කියන්න වෙයි රෙස්ට් කරන්න නැත්නම් වැඩ අඩු කරන්න-
කියලවත්. මම හිතනවා ඔයා එයාව කදියෝලොජිස්ට් ලඟට අයෙත් එක්කගෙන යයි කියල. එයාව පරිස්සම් කරගන්න බබා.
ඔයත් පරිස්සම් වෙන්න. අනේ ඔයාලගේ ඔෆිස් පැත්තේ ඊට පස්සේ ගෙවල් ඒරියා එක උනත් ඩෙංගු තියෙන පැති.
මම දන්නා මට මේවා කියන්න අයිතියක් නැහැ කියල. එත් මට මතක් වෙනවා රත්තරන්. ඔයාටත් මේවා මතක් වේවා කියල මම පතනවා.
හිටියනම් ළඟ මම එක්ක්කගෙන යන්න බලකරනවා අම්මව.
මම දන්නවා මම දැන් ඔයාගේ මතක මායිමකවත් නැහැ කියල. මට එක දැනෙනවා බබා.
කමක් නැහැ එහෙම උනාට. එත් කවදාහරි කියෙව්වොත් දැනගන්න. මේ ඔයාට මාව අමතක වෙච්ච කාලෙදිත් මම ගොඩක් ඔයාව මතක් කලා කියල.
ගොඩක් අපේ අතීත මතකවල මම තවම ජිවත් උනා කියල. මම හැමදාම ඔයාට හිතින් වෙනස් උනේ නැහැ කියල.
මම කවදාවත් මගේ හැගීම් ඔයාට නැවැත්තුවේ නැහැ බබා. මම හැමදාම ඔයගැන හිතනවා. කොච්චර වේදනා දැනුනත් කමක් නැහැ.
හැමදාම ඔයා මගේ ඔලුව ඇතුලේ සදහටම. ඒ නිකමට වෙන්න බැහැ. හොඳින් ඉන්න.

සැමදා ඔබගැන සිතමින්.

ඔයා හොඳින් ද මගේ රත්තරන්? ඔයාව ගොඩක් මතක් වෙනවා. මට ඔයාව මතක් වීම වරදක්ද?
මට ඔයාව මතක් වෙන එක වැරදිද බබා? මම මොනතරම් නපුරෙක් උනත්. මම මොනතරම් නරක උනත්-
හිතකට ආදරේ දුන්න උණුසුම අමතක වෙනවද? අත් අල්ලාගෙන එකට ඉග්‍ය හැටි අමතක වෙනවද?
ආදරේ මෙච්චර දුනු ඔයාව මම කොහොමද අමතක කරන්නේ? ඔයා මව අමතක කරලා ඇති. එත්-
මට එහෙම බහ බබා. මම තවමත් අපේ ලෝකේ ඇවිදිනවා. මල්පිපුනත් නැතත් උද්‍යානයක් උද්‍යානයක්ම තමයි.
අපේ මතකත් ඒවගේම තමයි. මල් පිපුනේ නැහැ කියන්නේ නැහැ බබා. මම නරක ආත්මයක් ලැබුවත් අයෙත් ඔයාව හොයනවා.
මට මතක් වෙනවා මගේ ලඟට අව නිහාල් කියල මිනිහෙක්. ආදරෙන් පැරදිලා. අපි ආදරෙන් පැරදුන නෙවේ බබා. අපිට වැරදුන වෙන්න ඇති.
එත් මම කියන්නේ නැහැ වැරදුන කියල. මොකද අයි වරදුනනම්. හෝ මම වගේ නපුරෙක් ඇවිත් වැරද්දුවනම් මගේ හිතේ තවමත් ආදරය තියෙන්නේ?
එහෙම වෙනවද? හෙම වෙන්නේ නැහැ බබා. හැම දෙකම මට තවම අපේ සුවඳ දැනෙන්නේ. මතක ඔයාට අපි ඇවිදපු හැටි. අපේ හිතේ වෛරයක් තිබුනද බබා?
මම දන්නවා ඔයා මව අමතක කරලා කියල. එත් මම මගේ හිතට තිබ්බුනු එකම සිසිලස අමතක කරන්නේ නැහැ. අමතක කරන්න බැහැ. මම පහුගිය දවස් ටිකේම අසනීපෙන් හිටියේ. ලියන්න පරක්කු උනා. වෙනදටනම් මහා ර නින්ද නැතුව ඉන්නවා ඔයාව මතක් කර කර. මම වේදනාව වැඩි නිසාම නිදියන බෙහෙතක් බිල නිදියනවා. ඔය හොඳින් ඉන්න රත්තරන්. හදවත කියන එක දිරන දෙයක්. එත් මගේ හිත හැමදාම ඔය වෙනුවෙන් තියෙනවා. අපි හමු උනේ නිකන් නෙවේ. මම සන්සරේම ඉන්නවා. මම යේ හොඳ කෙනෙක් වෙන්නම් මගේ වස්තුව.

Friday 29 June 2018

memory.

ඔයා අද වැඩට යන්න ඇති නේද බබා. මට මතක් වෙනවා සිකුරාදාට මම දුවගෙන අපු විදිය.
මිනිත්තුවක් වෙනුවෙන් පැය ගණනක් දහදිය හලලත් කිසිම වෙහෙසක් නොදැනුනු හැටිත්.
වාහනේ එලවාගෙන සුළගක් වගේ වේගෙන් අපු හැටි. එනගමන් කතා කර කර අපු හැටි.
මතකද වහනය නැවතුනු තැන් කීපය. අද එහෙමනම් මම එන දවසක්. හව හතර හමාරවත් වුණා-
මම එදවස් වල එනකොට. එනකන් ඔයා බලන් හිටිය. ඇවිත් අපි කතා කර කර ඔයාගේ ගෙවල් පැත්තට ගිය විදිය.
පුදුමයි මට ඊයේ ලියන්න බැරි උනා. මම උණක් හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියේ. අමතක උනා නෙවේ.
අතීතය වර්තමානයක් කරගෙන මම එකේ ජිවත් වෙනවා. අපි අයෙත් හමු වේවි බබා. ලෝකෙත් සංසාරෙත් හරිම පොඩි තැනක්.
අපි මේ හමු උනෙත් වරදකින්ම වෙන්න බැහැ. මම මෙතරන් නරකනම් මම මෙච්චර ඔයාව මතක් කරන්නේ ඇයි.
මම නරක බව මම දන්නවා. ඒත් හොඳක් මගේ ඇත්තෙම නැද්ද බබා? මම තවමත් ඒ අතීත මතකේ ජිවත් වෙනවා.
හැමතැනකම මගේ හැගීම් ඔයා වෙනුවෙන් තියේවි. මම හැමතැනකම ඉන්නවා. මගේ වටිනාම මතක අතරේ මම ජිවත් වෙනවා.
මට ගොඩක් දැනෙනවා ඔයාගේ වේදනාවත්. ඒවගේම මට දැනෙනවා ඔයා මාව ඔයාගේ මතකෙන් ඇත් කරන විදියත්. මම තරහ නැහැ රත්තරන්.
මම ඒ දඩුවම විදින්නම්. මට කවදාවත් ඔයාව අමතක කරන්න බහ. කරන්නෙත් නැහැ. එහෙම ඕනත් නැහැ. මම මගේ මතක සාගරේ ඇතුලෙම ඉන්නවා එතන ඔයා තවමත් ඉන්නවා. අපි තවමත් ඒ මතක කතාවේ ඉන්නවා. අපි හැමදාම ඉන්නවා. අපි යලි හමු වේවි. කොච්චර වේදනාවක් උනත් මම මේ මතකේ අමතක කරන්නේ නැහැ. පපුව පැලෙන්න දුකයි. එත් ඒවගේම දුකෙන් ඔයත්. මම ඉවසන් ඉන්නවා අපි යලි හමු වේවි.

Wednesday 27 June 2018

පෝය දින

අද පෝය දවස නිසැකවම ඔයා අම්ම එක්ක පන්සල් යන්න ඇති.
මම අද වැඩ. මම බොළඳයි කියල හිතයි. අකරුනිකයි කියල හිතයි. පිස්සු විකාර කියල කියයි.
එත් අද කීප දෙනෙක්ට උදව් කරලා මම ඒ පින් ඔයාටයි අම්මටයි ලැබෙන්න කියල හිතුව. ඇතිතරම් බැන්නත්, දඩුවම් දුන්නත් වෛරයක් කලත් කමක් නැහැ.(මට හිතෙනවා ඔයාගේ හිතේ මම ගැන වෛරයක් නැහැ කියල. තරහක් නම් ඇති) එත් මට දැනුන ගොඩක් බබා ඔයාට මව අමතක වෙලා යනවා වගේ.
එක මොකද දන්නේ නැහැ මට මගේ ඉතට තේරුණා. මතකද අපි පන්සල් යන්න ප්ලැන් කරන් උන්න. එත් යන්න බැරි උනා, එත් අපි නිකන් ඇත අල්ලාගෙන ඇවිද්දම විතරක් නෙවේ. ඔයයි මමයි පිනුත් කලා. මතකද පාරේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට අපේ අතේ තිබුන කීය කීය හරි දුන්න. කේ එෆ් සි එකෙන් එලියට එනගමන් අපේ කෑම වැඩකරන මිනිස්සුන්ට දුන්න? ගංවතුර අදර එකතු කරන තැනකට වතුර බෝතල් අරන් දුන්න. හැමදේකින්ම පිහිටක් අපිට තියෙයිනම් ඒවායින් ඔයවයි අම්මවයි නිදුක් නිරෝගී වෙන්න ඕන. තාත්තත් එහෙමයි. එත් තාත්ත හුගක් නිරෝගියි. මම දන්නවා.
මම ඔයා ගැන ගොඩක් කල්පනා කරනවා බබා. කවදාහරි සම්පුර්ණයෙන්ම මාව අමතක වෙලා පුවෘතයක් වගේ වෙයි. එත් මම ඒ ඉතිහාස කතාවේ තනිවෙලා ජිවත් වෙනවා. මටම එක දඩුවමක්. හැබැයි මම හිතනවා හැමදාම ඔයාටයි මටයි වෙන් වීමම උරුම වෙන එකක් නැහැ. මම තමයි වැරදි කලේ. එත් වෙන් වීම ලේසියෙන් උන දෙයක් නෙවේ. මම ගොඩක් දුක් විඳිනවා තවමත් වේදනාවෙන්. කවදාහරි බබා මේක දැක්කොත් දැනගන්න ඕන මම සතුටින් උද පැන පැන හිටිය ජිවිතේක හිටියේ නැහැ කියල. මම ගොඩක් ඔයාව මගේ ඔලුව ඇතුලේ තියාගෙන ඉන්නේ. කමක් නැහැ. අද පොසොන්. මට හිතෙනවා අද ඔයාල පව්ලේ කට්ටියම පන්සල් යන්න ඇති කියල. හොඳින් ඉන්න බබා. දුක් ගන්න එපා.

Tuesday 26 June 2018

පොසොන්

අද ඔයා පන්සල් යනවද අම්ම එක්ක?
මට තවම මතකයි. ඔයාල පන්සල් ගිය පහුගිය පොසොන් එකට වෙන්න ඕන. මට මතකයි ෆොටෝ දැම්ම ඔයා.
මතකද මේ පැත්තේ සල්පිලක් තිබුන? මතකද මම එකට ගියා? කාලය පහුවෙලා ගියත් මට තවම මගේ වටිනාම මතකය ඔයා.
ඔයා මතකද කිව්වා මම මෙහාට ඇවිත් තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න කියල? පෝය දවස අද මම අද වැඩ.
මතක ඉක්මනට විභාගේ පාස් වෙන්න කිව්වා? මම මගේ මතක වල ජිවත් වෙනවා. මොකද ඒවා ඇතුලේ හැමතැනම මට ඔයාව හම්බවෙන හින්ද.
ඒ හැමතැනකම ඔයා වගේම අපේ මතක ලස්සනයි, මම ඒවායේ ජිවත් වෙන්නම්. මට පහුගිය දවස් වල හිතට ලොකු වෙනසක් දැනුන. මම හිතන්නේ මගේ අන්තිමට තියෙන්න ඕන මතක සීමාවෙනුත් ඔයා ඇතට යන්න ඇති. මට දැනුන බබා මම තව දුරටත් ඔයාට දුවිල්ලක් තරන්වත් වැදගත් නැහැ වගේ හැගීමක්. එක ඔයාගේ හිතටත් එන්න ඇති ඔයා ගැනම මම ඔයාගෙන් ඈත් වෙච්ච දවසේ ඉඳල. මම දැන් එම වේදනාවෙන් ඉන්නවා. පුදුමයි ජිවත් වෙනවා. අපි මාරුවෙන් මාරුවට මේ දුක විඳිනවා. මම දැන් ඒ දුකෙනුත් ඉන්නවා. එත් මම දන්නවා මගේ හිතෙන කවදාවත් ඔයාව අයින් වෙන්නේ නැහැ. එහෙම කියන්නේ නරක අදහසකින් නෙවේ බබා. මම මොන කලෙක හරි මොන ලෝකෙකහරි ඔයාව හොයාගෙන එනවා මිට වඩා හොඳ කෙනෙක් වෙලා.
මම ඉතින් එතකන් ඔයා ගැවසුණු, ඔයා ඇවිදපු, ඔයා එක්ක මම ගියපු මතක මාවත් උද්‍යානවල ඇවිදිමින් ඉන්නවා ඔයා  ගැන මතකය අලුත් කර කර.
තෙරුවන් සරණයි මගේ රත්තරන්ට.

Monday 25 June 2018

අමතකවුන කාලයක ජිවත් වීම.

ඔයා හොඳින් ඉන්නවා නේද බබා? මට ඉතින් ඔලුව පුරාම මතක් වෙනවා ඔයාව.
හැමදාම හැමවෙලාවකම හිතෙනවා. හිතෙන දකිනවා ඇස් දෙකෙන්ම දැක්කේ නැතත්.
මට දැනෙනවා මම දැන් නරක හීනයක්, නරක මතකයක් හෝ අමතකවී ගිය නරක මතකයක් විතරම වෙලා කියල.
එහෙම පහුගිය දවස් වල ගොඩක් හිතුන දැනුන. මම දන්නවා ඒක ඇත්තටම වෙලා ඇති.
ඒවා කොහොම උනත් මට ඔයාව අමතක කරන්න කවදාවත් බැහැ. මම ඉතින් මේ මතක අතරේ ජිවත් වෙයි.
කොච්චර හරි කවදාහරි දවසක මේ හිතේ බර, හිතේ අමරුවෙන්ම තමා මම යන්නෙත්.
එත් මොන හරි කලෙක මතු කාලෙක මම ඔයාව හමුවට ඒවි. ඔයා මට මේ අපේ වර්තමානය මතක නැතත්-
ඒ කාලේදී මාව විසිකරලා දාවි. එත් මම අපහු අපහු නැවත ඒවි ඔයා ඉදිරියට. ඕනෑතරම් රිද්දවන්න. තරහ නැහැ.
අපි හමු උනේ නිකන් නෙවෙයි. වැරදුනත් අපි හමු උනේ හේතුවකට. ඒක විනාඩිය, දෙකක්, පැයක්, දවසක් නෙවේ.
අවුරුද්දක් දෙකක් නෙවේ. ජිවිත කාලයක් නෙවේ. ඊටත් එහාවට ගිය එකක්. මම අයෙත් එන්නම්. නරකකෙනේක්වෙලා නෙවේ.
මමත් ඔය වගේම හිතේ අමාරුවෙන් හිටිය කියල මතකයට නගාගන්න බබා. රිදවල පැනල ගියා නෙවේ. අහිමිවීමයි, රිදවිමයි, තවත් කෙනෙක් වේදනා විදිනවා දැනෙන වේදනාවයි හැමදේම හිතේ දරාගෙන තමා ඉන්නේ. මාව අමතක කලාට මම තරහ නැහැ බබා. හැමදාටම පරදෙන්නෙත් නැහැ. හැමදාම අපි දුක් විඳින්නෙත් නැහැ. හැමදාම අපි දුර ඉන්නෙත් නැහැ. හොඳින් ඉන්න.

Saturday 23 June 2018

ආදරෙන්

අදත් රෑට නින්ද අඩුයි. එත් කමක් නැහැ නින්ද නැතත් ඔයා මහේ හිත ඇතුලේ.
අද ගොඩක් මහන්සියි. එත් සිතට ඔයාවම එනවා. මතක් වෙනවා. අපි අත් අල්ලාගෙන ඇවිදිනවා.
මම කෙතරම් නපුරු උනත් ඔයාට ආදරේ කලා හැමදාම. හැමදාම එහෙමයි.
අදටත් සදාකලයටමත්. අදත් ඇස් පියවුන වෙලාවේ ඔයා එන්න මගේ හිතට.
ඔය තවමත් මගේ මතක ලෝකේ. අපි මොන ලෝකේ හිටියත්.
අපි මොන ලෝකේ හිටියත් තවමත් මගේ හිතේ, ඔලුවේ ඔයාගෙන් මතක පිරිලා.
ඔය හොඳින් කියල හිතනවා බබා. මට හිතෙනවා දැන් ඔයාගේ හිතේ මගේ ගැන මතක ඔක්කොම නැතිවෙලද කියලත්.
මට එහෙමත් දැනෙනවා. මම ඔයාගේ අමතක වෙච්ච, අමතක කරපු අතීතෙට වෙලා ඉන්නවා. හැමදාම.
අයෙත් කාලෙක අපි හමුවේවි. බුදුහාමුදුරුවෝ කිව්වෙත් ලෝකේ අපි අනන්ත වාර ගණනක් හමු වෙලා ඇති කියල.
මම ආයෙත් කලෙක ඔයාගේ තුරුලට දුවගෙන එනවා ආදරෙන්. හොඳින් ඉන්න බබා.

Friday 22 June 2018

මතක ගං ඉවුරේ

මම දන්නවා, මට හිතෙනවා මාව දැනටමත් අමතක කරන ඔරුවේ පාකරලා ඇරලා කියල.
මම මේ මතක ඉවුරේ රැඳිලා ඉන්නවා. හැමදාම. මේ මතක ගංගාවේ හැම වතුර බින්දුවකම අපේ මතක රන්දිල තියෙනවා. හැමදාටම.
මම කෙතරනම් නරක උනත්. ආදරේදී වේදනාව දැනෙනවා. ඔයා වේදනා විඳිනවා දැනිලත් මම වේදනා විඳිනවා.
කෙතරම් නරක යයි කිව්වත් නරක දෙයක් තුල හොඳ දෙයක් තිබෙන්නම බැරිද? මුළු ලෝකෙම නැහැ කිව්වත් මගේ හිතේ ආදරේ තිබිලම නැද්ද?
හඳේ ආවට තියෙන කාන්තාර භූමියක් කිව්වත් කවියෝ හඳේ ලස්සනක් දැකලම නැද්ද?
ගහක කොලක සුන්දරත්වය සතෙක් නොදැක්කත් වනගත මිනිසෙක් වනයකට පෙම් නොබැන්දාද?
නෙල්ලි ගෙඩි තිත්තයි කිව්වත් එකේ පැණි රසක් තිබිලම නැද්ද? මුළු ලෝකෙම ආදරේ නැහැ කිව්වත්, බොරු කිව්වත් මගේ හිතේ ආදරේ තිබිලම නැද්ද?
මහා ජන ගඟක් මැද්දේත් තනිකම නොදැනුනු අවස්ථා නැද්ද? මහා ගංවතුර ගැලුනත් වැස්සකට අසාවෙන් මිනිස්සු ඉඳල නැතිද? මට ආදරේ තිබිලම නැතිද? මම ආදරේ කරලම නැතිද?
මට හිතෙනවා බබා මම දැන් ඔයාගේ හිත ඇතුලේ ඇත්තෙම නැහැ කියල. එත් ඔයා මගේ හිත ඇතුලේ හැමදාටම ඉඳීවි.
මාව අමතක කලට මම තරහ නැහැ. මම එක මට ලැබෙන දඩුවමක් විදියට සලකන්නම්. ඒත් විඳගෙන ඉන්නම්.
මම හැම දවසකම අපි මතක අඩි පාරවල් උඩින් පිය මනින්න්නම්. මම ඒ උයන ඇතුලෙම හිඳින්නම්.
හොඳින් ඉන්න රත්තරන්.

Thursday 21 June 2018

උදේ 7.35. කොහුවලට ලන්වීම.

අසනීපෙන් හිටිය නිසා දවසක් ලියන්න බැරි උනා.
එත් මම මේක අද උදේ ලියන වෙලාවේ ඔයා බස් එකේ. බොහෝවිට ඔෆිස් එකට ලං වෙලා.
රත්තනපිටිය පහු කරගෙන කොහුවල පැත්තට ඇවිත්. අපි මේ කතා කර කර එන වෙලාවක් බස් එකේ.
මට සමහර ඔයා මට වචනයක් නොකියපු ඒවාට තද වෙලා මතකද බස් එකෙන් බහින්න පවා කිව්වා.
අනේ ඒ මගේ කුහක කමකට නෙවේ. හිතේ තියෙන අදරෙටම තමා. මම අද වගේ දවස් වලට ඉක්මනින් වැඩ ඉවර කරලා-
ඔයාව දකින්න කොළඹ දුවනවා මතකද? හැමදේම මතකයි රත්තරන්. අසනීපයෙන් හිටියත් අද උදෙත් හිත මුලින්ම මතක් කලේ ඔයාව.
ඔයා නැති හිතක් මට නැහැ. මාව ඒත් මේ වෙනකොට බොහෝ විට ඔයාගේ හිතේ නැතුව ඇති. කවදාහරි ඔයා මේක දැක්කොත්, බැලුවොත් හිතන්න මගේ හිතේ ඔයා ගොඩක් හිටිය බව. උදෑසන නැගිටිනකොටම මොන අමාරුව තිබුනත් ඔයාව මතක් වෙච්ච බව. පරිස්සමෙන් යන්න බබා. තෙරුවන් සරණයි මගේ බබාට.

Wednesday 20 June 2018

4.06pm

ඔයා හොඳින් කියල හිතනවා. අදත් හවස මම 4.06 වෙනකොට ඔරලෝසුව දිහා බලාගෙන හිටියේ.
හිතුනේ මම ඔයා දිහත් බලන් ඉන්නවා කියල. මම ඔයා හමුවෙන්න ආපු හැටි මතකද සමහර දවස් වලට සිකුරාදා?
පියාඹගෙන වගේ අවේ. සිකුරාදා වැඩ ඉක්මනට ඉවර කරලා. එනගමනුත් සමහර වෙලාවට ෆෝන් එකෙන් කතා කර කර ආවේ.
මගේ හිතේ ආදරේ තිබිලම නැහැ කියලද කියන්නේ මගේ බබා? මම කැමති නැහැ මම කොච්චර අමාරුවෙන්ද හිටියේ හා ඉන්නේ කියල කියන්න.
එත් මට ආදරෙත් තිබුනේ නැහැ කියන චෝදනාවත් හිතේ තියාගෙනමද ඉන්න වෙන්නේ?
හැමදාම මමත් වේදනාවෙන් ඉන්නේ. ඔයත් වේදනාවෙන් ඉන්නේ කියල මම දන්නවා බබා. මම සතුටින් ඉන්නවා කියන එක කියන්න එපා.
මමත් ඔයාගේ වේදනාවෙන්ම තමා. සමහර විට ඔයාට දැන් මාව අමතක වේගෙන යනවා ඇති කියලත් හිතෙනවා. ඒ මට එහෙම දෙයක් දැනෙන නිසා.
අමතක කලාට තුන් හිතකින්වත් ඔයා එක්ක තරහත් නැහැ. වෛරයකුත් නැහැ. එත් මට ඔයාව කවදාවත් මතු භාවෙකටත් අමතක කරන්න බැහැ.
මට අමතක කරන්න ඕනත් නැහැ අමතක කරන්නෙත් නැහැ. හැමදාම ඔයාව මට පෙනෙනවා මම ඇස් දෙක වහන මොහොතක් පාසාම.
ඒවගේම මතක් වෙනවා. මට හිතුන දැන් මාව ගොඩක් මතක කොනෙන් අමතක වෙලා ගිහින් කියල. මට එහෙම දැනෙනවා බබා. කමක් නැහැ.
මමනම් හැමවෙලාවෙම මතක් කරනවා. මම දන්නවා මම ගොඩක් නරකයි. එත් මම තවමත් ඔයා ගැන හිතනවා. මම ඔයාගේ අමතක වෙච්ච අතීතෙක ජිවත් වෙන්නම් අයෙත් අපිට ඇත අල්ලාගෙන සතුටින් ගිහින් ඉන්න පුළුවන් කාලයක් එනකන්. අත් අල්ලාගෙන විතරක් නෙවේ අපි ඉන් එහාටත් සදාකාලිකවම එහෙම ගමනක් යන කාලයක් එනකන්. මම ඒ කාලේදී මෘග ආත්ම ගෙවල හොඳ මිනිහෙක් වෙන්නම්. එත් ආදරේ හැමදාම එදත් අදත් හෙටත් තියේවි.
හොඳින් ඉන්න. හැමදේම කියන්නත් අමාරුයි. ඇස දෙකෙන් කඳුළු ගලනවා බබා. තෙරුවන් සරණයි රත්තරං. අයෙත් ලියන්නම්.

Monday 18 June 2018

නිදි වැරීම.

මම දන්නේ නැහැ බබා මොකද උනේ කියල ඊයේ. මම නින්ද යන්න බෙහෙතක් බිව්වා.
මගෙත් හිතේ වේදනාව උපරිමේටම තිබුනේ. මම බියර් එකක්වත් බිව්වේ නැහැ. මම දැන් වැඩකට නැති-
අවලංගු චරිතයක් ඔයාට. ඒත් ඔයාට දීපු පොරොන්දුව මම කැඩුවේ නැහැ. මම දැන් ඇල්කොහොල් ගන්න එක නවත්තල.
ඒ ඔයා නිසා. මතකද ඔයාට පොරොන්දු උනා? ඔයා මාව වෙනස් කරපු කෙනෙක් බබා. හැමදාටම ඔයා මගේ හිතේ, ඔලුවේ හින්දිවී.
හැමදාම ඔයාව මම මතක් කරනවා. මට මතක් වෙනවා. මම ඔයාව අමතක කරන්නේ නැහැ. ඒවගේම කවදාවත් අයේ ඔයාට භාදා කරන්නෙත් නැහැ.
ඒත් මම ඔයාට නොදැනෙන්න ඔයා දිහා බලාගෙන ඉන්නවා හැමදාම. මට දැන් ඔයාව පෙනෙන්නේ නැහැ ඉන්ටෙර්නෙට් එකේ. එත් මම දන්නවා ඒවා ඔයා වෛරයෙන් කරපු ඒවා නෙවේ කියල. ඔයා මාව අමතක කරලා පැත්තකට දැම්මත් මම මගේ හිතේ මගේ මට හමුවෙච්ච හොඳම චරිතය, හොඳම හැඟීම, හොඳම ආදරයත් තියාගෙන ඉන්නවා. මාව හොඳ කෙනෙක් කලෙත් ඔයාම තමා.
හැමවෙල්වේම මතක් වෙනවා. මම අමතක කරන්නේ නැහැ. මම හැමතැනම ඔයා වෙනුවෙන් ඉන්නවා. ඕනෑතරම් රිද්දවන්න කමක් නැහැ. මට එහෙම උනාවේ. එත් තරහක් නැහැ. හොඳින් ඉන්න බබා.

Sunday 17 June 2018

ඔබට.

එම්සී එක ලගින්, ආර්කෙඩ් එකලගින්, ටොරින්ග්ටන් වලින් අද මම ගියා.
මට පෙනුන බබා අපි අත් අල්ලාගෙන ඇවිදිනවා. මතකද මම මොකක්හරි කියපු දෙයක් නිසා හෝ රිද්දපු එකක් නිසා-
ගහක් යටට වෙලා ඔයා ඇඬුවා? මට එතන පෙනෙන මානයේ. මට අයෙත් ඒ කාලෙට යන්න උනා. වේදනාව, සන්තොසය-
ඔයා මම අපේ ආදරය. ඔයා මට දහස් වතාවක් බනින්න රත්තරන්. එත් මම ඒවාට සුදුසුයි. ඔයා මාව කැලි කරලා දැම්මත් කමක් නැහැ.
මම ඉන්නේ සතුටින් නෙවේ. සතුට මගෙන් ගියේ ගොඩක් කාලෙකට කලින්. ඔයා ඒක මට දුන්නා. ඔයා මගේ ජිවිතයට ආපු සුරන්ගනවියයි.
මම ඒ සෑම දෙයකම වේදනාව උණු වේදනාවේ උල්පතවගේ බබා. එත් මට ඔයාව තවම මතක් වෙනව. මම ඒ මතක වලට කැමතියි.
මට ඒවා අමතක කරන්න ඕන නැහැ. මට ඒවා සදාකාලිකවම ඕන. මම ඒ මතක ලෝකේ තවම ඉන්නවා. හැම ලෝකෙම මම ඉන්නවා බබා.
මම දන්නවා මම පැනල ගිහින් විකාර කියවනවා වගේ. බබා මම ඔයාව මට දෙන්න තිබුණු ඇතැම් වේදනාවලින් අයින් කලා. මම දන්නවා බබා ඔයා ඉන්න වේදනාව. මට නින්දක් නැත්තේ ඔයාගේ වේදනාව නගන හඬ නිසාම වෙන්න ඕන. ඒක මගේ හදවතට දැනෙනවා මගේ රත්තරන්. මම දුෂ්ටයෙක්නම් ඇයි මට වේදනාව දැනෙන්නේ? මම තවම මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන මගේ ආදරය වෙනස් කරලා නැහැ. කරන්නෙත් නැහැ. කරන්න ඕනත් නැහැ. කවදාහරි මම ඔයාට අදරෙන්ම ආයෙත් එනවා ඔයාව හොයාගෙන. ඔයා මුලින් මාව පන්නල දැම්මත් පස්සේ කාලෙක හරි මාව පිලිගන්නවා නේද? අපි ගංවතුරෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට වතුර අරන් දුන්න මතකද? අපේ අත්වලින් ආදරේ නාමෙන් සෙතක් වෙලාම නැහැ කියන්න බැහැ. අපේ ආදරේ තිබුන. මුළු ලෝකෙම මට බොරුකාරය, මෘගය කියල ගෝෂා කලත් මම මගේ ආදරේ හිතේ තියන් කල්පයක් ඉඳල හරි එනවා. හොඳින් ඉන්න රත්තරන්, තෙරුවන් සරණයි ඔයාට.

Saturday 16 June 2018

සුවද දැනුනා.

බබා ඔය හොදින් ඉන්නවා නේද? මගේ ඉතින් ඔලුව පුරාම ඉන්නේ ඔයාම තමා.
කවදාහරි දවසක මේක දැක්කොත් බැලුවොත් හිතන්න තියෙන්නේ බබා මම ඔයාව නිතර මතක් කලා කියල.
ඒ ඇයි කියල අමුතුවෙන් මට ලියන්න ඕන නැහැ. මොකද කියල මම හොඳින්ම දන්නවා. ඔයත් දන්නවා ඇති.
මම වෙන් උනේ හිතකින් නෙවේ. එත් මට ඔයාට තවත් දුක් දෙන්න බැරි උනා. මගේ හේතු කියල තව තවත් මම ඔයාව රිද්දන්නේ නැහැ.
එත් මම කවදාහරි කාලෙක ඔයා ලඟට දුවගෙන එයි.(අනේ බය වෙන්න එපා මම ඔයාගේ ජීවිතේට අගිල්ලක්වත් ගහන්නේ නැහැ මගෙමේ ජිවිත්දී)
මම ලං උනාම රිදෙන එකමයි වෙන්නේ. ආදරේ කලාම මිනිස්සුන්ට රිදීම විතරමයි වෙන්නේ. ඒක මම කරපු කරුමයක්ම වෙන්න ඇති. ඔයාගේ වැරදි නැහැ.
ඔයා මම වගේ කෙනෙක්ටත් ආදරේ දෙන්න ත්‍යාගශීලි උනා. එක මට දුන්න ලොකුම තෑග්ග ඔයා. එකගැන කියන්නේ මම මගේ මෙසේ උඩ ඔයා දුන්න තෑග්ගක් දිහා බලාගෙන. ඒවා මගේ සදාකාලික මතක. මම නිතරම ඔයාගේ මතකයේ ගිලිලා ඉන්නේ. හැමවෙලාවකම ඔයාව මතක් වෙලා මට දිග හුස්මක් පිටවෙනවා.
හදවතේ බරක් තියෙනවා. හදවතේ හැමදාම හැමදාටම හැමකාලේකම තියෙන දෙයකුත් තියෙනවා. ඒක මට හැමදාම තියෙනවා. මම හැම තැනම ඉඳීවි ඔයාව වෙනුවෙන් ඔයා දිහා බලාගෙන. අදත් මම ඔයාගේ ඔෆිස් එක ලගට ඇවිත් ගියා. මම බදා කරන්න නෙවේ අවේ. මම දන්නවා ඔයා අද එතන නැහැ කියල. මම එතනට ඇවිත් මගේ මතක අලුත් කරගත්තා. ඔයාගේ හිත වගේම සුවදත් මගේ හිතට දැනුන. මම හැමදාම ඔයා ගැන හිතනවා. ඔයා මට වෛර කලත් තරහ නැහැ මගේ බබා. එහෙම වෛරයක් එන එක හුගක් සාදාරනයි. මම හැමදාම ඔයාගේ පැත්තේ ඔයාටත් නොපෙනෙන්න ඉන්නවා. හොඳින් ඉන්න රත්තරන්.

Thursday 14 June 2018

සැම දවසෙම ඔයාව මතක් කරමින් සිටිමි.

ඔයා හොඳින්ද? මම අදත් නිදියන්න අමාරුවෙන් ඉන්නේ බබා.
මතකද මට පපුවේ කැක්කුමක් ආව දවස? ඔයත් ගොඩක් බය උනා.
හැමදේම එහෙමයි.
මට ඔයාව නිතර මතක් වෙනවා. ඔයා මාව අමතක කරන්න හදනවා ඇති.
ඒ නිසාමද මට මෙතරම් ඔයාව මතක් වෙන්නේ?
මම ඔයාට වේදනා දුන්නේ ඔයා වේදනා විදින්න ඕන කෙනෙක් නිසා නෙවෙයි බබා.
මට ඔයාව මගේ වේදනා මාවතේ තවත් ඇදගෙන යන්න බැරි උන නිසා.
මට මතකයි අපේ අවසාන වචන කීපය පටන් ගත්ත හැටි. ඔයා කිව්වා බබා ඔයා මට රිද්දනවා කියල.
මම දන්නවා බබා. මගේ ඇස්වල ඒක මතක් වෙන හැම වාරෙකම කඳුළු.
හැමදාම ඔයා මට ගොඩක් වටිනවා බබා. තවම මතකයි ඔය අත් දෙකෙන් මට කෑම කවපු හැටි.
මතකද කොළඹ දියත උයනේ ඇවිදපු හැටි? මට හැමදේම අදවගේ මතකයි. මම ඔයා එකපැත්තකින් මකල-
දමන ඇතිතේ ජිවත් වෙනවා රත්තරන්. ඔයා ඕන තරම් මට වෛර කරන්න. මම පෙරලා හැමදාම ආදරෙන් ඉන්නම්.
මට සාප කලත් මම දුක් වෙන්නේ නැහැ. ආදරේ නාදුනන මම වගේ මිනිහෙක්ට ඒක වියයුතුදෙයක්.
හෙට ඔයාට නිවාඩුද? ඔව් කියල හිතනවා. අම්ම තවම රස්සාවට යනවද බබා? එයාව පරිස්සම් කරන්න. එයාට ගොඩක් වැඩ කරන්න බැහැ. මම දන්නවා ඔයා ඒවා එයට පහදලා දෙනවා ඇති කියල. හැමදේම. මතකයි එයා මහන්සි වෙනවා වැඩි කියල ඔයා තරහින් ඉන්නවා.
එයාගේ ගැන නිතර බලන්න කියල පතනවා. මම ඇත්තටම හිතනවා බබා ඒවා ගැන. බොරු ආදරේ කියල ඔයා කිව්වට කමක් නැහැ. හැමෝම කියන්නේ එකයි.
එත් මම ආදරෙයි. හොඳින් ඉන්න බබා. අයෙත් ලියන්නම්.

Wednesday 13 June 2018

අපේ හිත්

මම අද 4.07 හවස් වරුවේ ඔරෝලොසුව දිහා බලාගෙන හිටිය. අනේ බබා මම නිකන් වචන ටිකක් කියනවා නෙවේ.
මම ඒ අතීතේ මතක් කරනවා. මම දන්නවා මම දුන්න වේදනාව නිසා ඔයා එක අමතක කරන්න හදනවා ඇති.
එත් රත්තරන් මම කොහොමද මගේ ආදරේ අමතක කරන්නේ මට වැරදුනත්? මම තවම ඒ මතක ඇතුලේ මාවම ජිවත් කරවනවා,
මට උවමනාවක් නැහැ සතුටින් ඉන්න ඔයා ගැන මතකය අමතක කරලා. මම ඒවාට තවම ආදරෙයි. මගේ ආදරේ හැමදාම තියේවි.
එකට මුළු ලෝකෙම කියන්නේ බොරු ආදරේ කියල. එත් මම මුළු ලෝකෙම නැති උනත් මගේ ආදරේ වෙනස් කරන්නේ නැහැ.
ඒක හැමදාම මගේ හිතේ තියේවි. කවදාහරි මම හොඳ මිනිහෙක් වෙයි බබා. මම එතකන් වේදනාවෙන් ඉන්නවා. මම දන්නවා ඔයත් වේදනාවෙන් ඉන්නේ කියල. සමහර වෙලාවට මගේ පපුවට දැනෙන ලොකු බර, වේදනා ගතිය ඔයාගේ දුක වෙන්න ඇති. අපේ හිත් තවමත් තැනින් තැන හරි වේලි ගියතැන්, එක්ව සිටින තැන් ඇති අපි දුර උනත්. මගේ හිතනම් ඔයාගේ හිත හැමවෙලාවෙම හොයනවා. ඒක විඳගන්න උත්සහ කරනවා. අපේ හිත් තවමත් වේලිලා ඇති. ඒවා සමහර වෙලාවට ඔයා ලෙහල දමාවි. මම ආත්මාර්ථකාමී වෙලා උනත් ඔයාට ආදරේ කලේ බබා. මම මගේ ජීවිතේම ආදරෙන් ඉන්නවා. ඊට පස්සෙත් එහෙමමයි. මම දන්නවා මට හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. මම මෙච්චර නපුරු කෙනෙක්නම් ඇයි මම අමතක කරලා නොදා දුකෙන් ඉන්නේ. මටත් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන නේද බබා මම එච්චරම මෘගයෙක්නම්. මෘගයෙක් බව මම දන්නවා. එත් මට ඔයාව අමතක කරන්න බැහැ, කරන්න ඕනත් නැහැ, කරන්නෙත් නැහැ. මගේ හැගීම් හැමදාටම ඔයාට තියෙනවා. මම හැමදාම ඔයාගැන හිතනවා. අනේ මගේ වස්තුවේ පරිස්සම් වෙන්න. මගේ පොරොන්දු කඩන්න එපා. දුරකින් හිටියත් මේ ලෝකේ මට ඔයත් ඉන්න ඕන.මෘගයෙක් නිසා දුකින් ඉන්න එපා. මම කවදාහරි හොඳ කෙනෙක් වෙලා දුවල එන්නම්. අම්ම තාත්තව බලාගන්න. මම හැමදාම කොහේ හරි ඔයා වෙනුවෙන් ඉන්න්නවා. මම හැම තැනකම ඉන්නවා. ආයෙත් ලියන්නම්. දුක් වෙන්න්න එපා. මම කියන ඒවායේ දුක් වෙන්න දෙයක් හිතන්න එපා. තේරුම් ගන්න ඔයාගෙන් දුරස් වෙච්ච මගේ ජිවිතත් ලෙහෙසි එකක් නෙවේ මට කියල. කවදාහරි මගේ මේ ලියපුවා දැක්කොත් හිතන්න මමත් දුකින් හිටියේ කියල. හොඳින් ඉන්න රත්තරන්.

Tuesday 12 June 2018

අද රාත්‍රියේ.

මිනිස්සුන්ට උදව් කරලා ඔයාව මතක් කරනවා. දෙයක් උනානම් පින් ටික ඔයාටම හිමි වෙන්න ඕන.
මට හැම වෙලාවේම මතක්වෙන ඔයා වෙනුවෙන් කරනවා ඒක. මම ගොඩක් නරක කෙනෙක් උනත් මටත් සැකයක් තියෙනවා මගෙත් හොඳ ගති එකක් හෝ දෙකක් ඇති කියල. ඔයාව රිද්දල මම මේ පැලැස්තර දාන්න හදනවා නෙවේ බබා. මම මගේ වේදනාව විඳිනවා. විඳවනවා.
ආදරේ අදුනගන්න බැරි උන මිනිහෙක් වෙන්න ඇති මම. එත් මගේ ඇතුලෙත් ආදරේ තියෙනවා.
මම ඔයාව රිද්දවන්න අපු රාක්ශයද, බබා?
මට නිතරම මතක් වෙන්නේ, මට නිතරම ඇස් තෙත්වෙන්නේ, වේදනාව දැනෙන්නේ මම කලේ බොරු ආදරේ නිසාද?
මම දන්නවා මම ආදරේට පයින් ගහපු මෝඩ මෘගයෙක්. එත් මම ආදරේ කලේම නැතිද?
මම ගොඩක් වේදනාවෙන් ඉන්නේ. මම කැමති මේවා හැමදේම අලුතෙන් පටන් ගන්නවානම්.
එහෙම උනොත් කොච්චර හොඳද. මම දුන්න වේදනාවයි වැඩි. ඒ හින්ද මම ගහන ඕනෑම පාරක් ඉවසගෙන ඉන්නම්.
මම ඒ කරපු ඒවා ගෙවල ඉවරවෙලා කාලෙක හරි අයෙත් ඔයාගේ ලඟට දුවගෙන එනවා. ඒ වතාවේ ඔයාව මාව පන්නල දාවි හරියටම මම කලා වගේ.
එත් මම අයෙත් කාලයක් ඉන්නම් පෙරුම්පුරාගෙන බබා. හැමෝම කියන බොරු ආදරේ සංකේතය මම. එත් මමත් ඉන්නම් කල්පයක් උනත්.
අපි හමු උනේ නිකමටම වෙන්න බැහැ. වෙන්නෙත් නැහැ. ලොකු හේතුවක් ඇති. මගේ ඔලුවේ හැමවෙලාවෙම ඔයාව මතක් වෙන්නත් හේතුවක් ඇති.
මම මෘග උනත් සසර අපි හමුවෙලා ඇති. අයෙත් කාලෙක මම ඔයා ලඟට දුවන්නම් බබා. අයේ අයේ හරි එහෙම කරන්නම්. මම හොඳ ආත්මයක් ලබල තියේවි.
හොඳින් ඉන්න. අදත් නින්ද අඩු දවසක්.

Monday 11 June 2018

හැමවෙලාවෙම

බබා ඔයාව අද උදේ ඉඳලම මතක් උනා.
මතකද මම යන පාරේදී ඔයා උදේ 6.40 විතර කතා කරන්න පටන් ගන්න තැන?
ඔයා වගේම මමත් හිතේ අමාරුවෙන් ඉන්නේ බබා.
ඔයා තවම ඒ හැම වෙලාවකදීම මට මතක් වෙනවා. මතකද අපි ඇවිදපු හැටි.
මතකද විහිලු කරගත්ත හැටි. මතකද අපි හිනා උන හැටි?
හැමදේම කල් ගතවෙලා ගියත් තවම හිත ඔයාව වගේම අපේ ඒ ලස්සන කාලය හොයනවා, මතක් කරනවා.
මොන කලෙකදී උනත් මට අමතකවෙන්නේ නැහැ. මම ඔයාට ආදරේ කලේම නැද්ද බබා?
මගේ ආදරේ බොරුවම කියලද ඔයා කියන්නේ? මතකද මම සිකුරාදාට බස් එකේ ආපු දවස් වල දඹුල්ලේ ඉඳල-මම හිටගෙන එනගමන්-
ඔයාට කතා කරන්නේ. මහන්සියක් දැනෙන්නෙම නැහැ. මම ඔයාව හමු වෙන්න එන නිසා.
මතකද බස් එකේ එනකන් අපේ කතාවල්? ලස්සනම කාලේ මගේ.
හැමදේම හැමවෙලාවෙම හැමදාටම මට මතකයි. මට අමතක වෙන්නේ නැහැ. කරන්නෙත් නැහැ.
මම ඔයාට වේදනා දුන්න. එහෙම කරන්න හිතල නෙවේ. මමත් ඔයාට ආදරෙයි ඔයා මට ආදරෙයි වගේම හැමදාම.
තවම ඒක මට දැනෙනවා. මට කොච්චර රිද්දුවත් මම තරහක් හිතට ගන්නේ නැහැ. විඳ ගන්නම් හැමදේම.
මම කොහොමද ඔයාට තරහකින් ඉන්නේ. මම එහෙම කවදාවත් ඉඳල නැහැ. ඔයාට දුක හිතුන වෙලාවල මගේ පපුව පැලෙන්න අවා.
ඇස්වලට කඳුළු අවා අනන්තවත්. හොඳින් ඉන්න රත්තරන්.

Sunday 10 June 2018

තවමත් එක හිතින්.

බබා මට ඔයාව ගොඩක් මතක් වෙනවා. මගේ වැරදි නිසා අපි ඈත් උනත් මගේ හිත විඳවනවා.
මට මතක් උනා ඔයයි මමයි විහාරමහාදේවි පාර්ක් එකේ ඇවිදපු හැටි.
ඔයා එනකන් මම විහාර මහාදේවී එකේ පුටුවක් ලගට වෙලා හිටපු හැටි.
සමහර දවස් වලට මහින්ද රාජපක්ෂ රඟහල ඉස්සරහ මී ගහකට මුවාවෙලා ඔයා එනකොට හැංගිලා හිටපු හැටි.
මටම පුදුමයි බබා. එත් මම ආදරේ දනනවා. මමත් ආදරේ කරන දැනෙන, දැනුන කෙනෙක්.
මට තවම හිතෙනවා දැනෙනවා ඔයාගේ ආදරේ.
කවදාහරි දවසක වෙලාවක මාව අමතක කලත් මම ඔයාව අමතක කරන්නේ නැහැ.
ඔයා මට දඩුවම් දෙන්න උත්සහ කරයි. එත් එක සාදාරනයි බබා. මට ඊටත් වඩා රිදෙන්න ඕන.
එත් මගේ හිතත් පැලිලා හරි වේදනා විදිවි. මගේ පපුවේ වේදනාවක් ඇවිත් ඔයා එකවරම වේදනාව දරාගෙන නිශ්ශබ්ද වුන හැටි මට මතකයි බබා. හැමදේම වෙනස් උනත්. මගේ හැගීම් ඔයා කෙරේ වෙනස් වෙන්නේ නැහැ. අමාරුවෙන්, මෘග විදියට උනත් මගේ හිතේ පතුලක හැමදේම දැනගෙන අඬ අඬ ඉන්න මගේ සැබෑම ආත්මයත් තියෙනවා. අද ඉරිදා ඔයා රෙදි හෝදලා රෙස්ට් කරන්න ඇති. මම සමහර වෙලාවට ඔයා එක්ක රණ්ඩු උනේ මගේම හිතේ කොනක තිබුන අසීමිත වේදනාවක් දරාගන්න බැරුව බබා. එත් ඒ හැමදේටම වඩා ආදරේ තිබුන. (තියේවි හැමදාටම.) ආදරේ වැඩි නිසාම තමා මගේ වේදනාව පිටවෙනවා වැඩි. මම වේදනාවෙන් කෑගැහුවේ. ඇඬුවේ. මම තවමත් ඔයාගේ ඒ මතක වල ජිවත් වෙනවා. සදහටම එහෙම තියේවි. හොඳින් ඉන්න බබා.

Saturday 9 June 2018

දෙනෙත් හෙලන කල

කොහොමද ඔයාට බබා? මම අද ඔයාලගේ පැත්තේ අව යාලුවෙක්ගෙ වැඩකට. මට ඔයාව ගොඩක් මතක් උනා..
හැමදාම ආදරෙන් ගිය පාරක්. මතකද?
හඩමිනුත් අපි එකේ ගිහින් ඇති බබා. මතකද?මටනම් හැමදේම මතකයි. හැඬුවත් හිනා උනත් අපේ ආදරණියම මතක ඒ පාරේ.
මතකද ඒ පැත්තේ පාර්ක් එකේ ඇවිදපු හැටි? මම තවම මතක් කරනවා බබා. පෙට් ෂොප්  එක මතකද සුරතල් සත්තු විකුණන ෂෙඩ් එක ළඟ?
හැමදාම ඔයාව එතනින් බස්සල ඔයාගේ මුණ ඉඹල ආව විදිය. බොරුවට නෙවේ බබා ඇත්තටම හැමදාම මම ආදරෙන් ඔයාගේ ඔලුව හෝ කම්මුල ඒ ඉම්බේ. නරක අදහසකින් නෙවේ කියන්නේ. මතකද මම ඔයාගේ නළල ඉඹිනවා බැහැල යන වෙලාවේදී? මම ආදරෙයි බබා හැමදාම.
අන්තිම දවසේ පවා අපි නළල ඉඹල ගියේ. මම තවම ඒ මෘදු මතක ඇතුලේ ජිවත් වෙනවා. තවමත් ඔයාගේ මතක වල සුවඳ විදිනවා.
මම තවම ඔයාගේ ආදරේ විඳිනවා, ආදරේ කරනවා. හැමදාටම එහෙම තමා. හැමදාම ඔයාගේ ආදරේ මට දැනෙනවා.
මට කවදාවත් මගේ රත්තරන් අමතක වෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ කරන්නත් බැහැ.
මම කවදාහරි කොහෙහරි අයේ ඔයාගේ තුරුලට දුවගෙන ඒවි. මම අවාසනාවන්ත විදියට මේ ජිවිතේ ආදරේ ලබන්න සුදුසු මිනිහෙක් වෙලා නැහැ.
එත් මම බබා ඔයා ගැන හැමදාම හිතින් හිතනවා. ඕනෑතරම් බනින්න. කමක් නැහැ. එත් මම ඔයාව හිතේ දරාගෙන ඉන්නවා හැමදාටම.
අපි සංසාරේ හමු උනේ නිකමට වෙන්න බැහැ. මම හැමදාම ඔයාගේ මතක හිතේ තියන් ජීවත්වෙනවා.මම ඒවටත් ඔයාටත් සංසාරේ හැමදාම ආදරෙන් ඉන්නම්.
හොඳින් ඉන්න රත්තරන්. මහ රෑත් වෙනසක් නැහැ හිත ඔයාව හොයන් මතක හැමතැනම හොයනවා. මම ඇස් වැහුවම ඔයාව පෙනෙනවා.

Friday 8 June 2018

ගොඩක් මහන්සියෙන්

ඔයා හොඳින්ද රත්තරන්? අද මේ ලියන්නේ පැය 48 ඩියුටි එකක් ඉවර කරලා.
ගොඩක් මහන්සියෙන් උනත් මගේ හිතේ ඔයාව මැවෙනවා බබා. මම නිතර මතක් කරනවා.
මතක් උනා ඔයා ලස්සනට කියන සින්දු රෙකොර්ඩ් කරලා මට එවපු හැටි. මම ඒවාට ගොඩක් ආදරෙයි බබා.
ඒවගේම තමා මගේ හිත දන්නවා මම කාටද ආදරේ කියල. මම තවම එහෙම තමා. මම කොහේ හිටියත් මගේ හිතේ තියෙන දේ-
නවත්තන්න බැහැ. මම කොච්චර නරක උනත් මටත් ආදරේ දැනෙනවා. මමත් ආදරේ කරනවා. මේ සංසාරේ පුරාවට මම එහෙමම ඔයාට ආදරේ කරනවා.
මම වැරදි උනාට බබා මම ඔයාට රිද්දන්න හිතුවේ නැහැ. රිදවීම වැඩිවෙන එක වලකා දැමුවා. ඔයා මාව අමතක කරලා මාව මතකයෙන් ඈත් කරපු දවසක, මකලා දමපු දවසකුත් එයි. මම කොච්චර වේදනාවක් උනත් ඒක දරාගන්නම්. මම රිද්දපු ඒවාට මටත් රිදෙන්න ඕන. එත් මම ඒ මතක පිටු අතරේ හොරෙන්ම ජිවත් වෙන්නම්. ඒ සුවද හැමදාටම තියේවි මගේ හිතේ. අනේ මගේ රත්තරන් ඔයා පරිස්සමෙන් ඉඳීවි කියල මම පතනවා. මොනවා උනත්, කොහොම උනත් ඔයා නැති ලෝකෙක මට ඉන්න බැහැ. මම හැමදාම දුරින් හරි ඉඳල ඔයා දිහා බලන් ඉන්නවා බබා ආදරෙන්. මම මෘගයෙක් උනාට මමත් සුරංගනාවියෙක්ට ආදරේ කලා, කරනවා කරාවි. මට ඔයා බනිවි. බනින්න නෙවේ ඔයා මාව හමගැහුවත් මම තරහ නැහැ බබා. මම හැමවිටම ඔයාව මගේ මතකයේ, හදවතේ තියාගෙන ඉන්නවා. හොඳින් ඉන්න රත්තරන්. පොරොන්දු කඩන්න එපා. තෙරුවන් සරණයි මගේ ආදරේ හැමදාම.

Thursday 7 June 2018

අද දවසේ.

බබා ඔයා හොඳින්ද? මම ඔයාව මතක් කරනවා ගොඩක්. සමහර විට ඔයාට දැනෙනවත් ඇති.
ඔයා මාව අමතක කරන්න උත්සහ කරනවා ඇති. ඒකට කමක් නැහැ.
මම තරහ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන්ම ඔයා කරාවි. මම හැමදාම දුකින් ඉඳීවි ඔයාව මතක් කර කර.
මම නිතර ඔයාව මතක් කරනවා අපි දුරින් හිටියත්. අදත් ගොඩක් මතක් උනා.
අපි කොච්චරනම් වෙනදට කතා කලාද. ඉස්සර ඔයා ගොඩක් ෆිල්ම් බැලුව පස්සේ අපි කතා කිරීම තමා-
ගොඩක් දුරට කලේ. ඒ කලේ හරිම ලස්සනයි. මම දුකින් ඉන්නේ. ඒක එහෙමමයි.
මම වැරදි උනත් මගේ හිතේ ඔයාව පිරිලා. මම ඒක මකන්න උත්සහ කරන්නේ නැහැ.
මම ඒ මතකවලට හැමදේටම ගොඩක් ආදරෙයි. ඔයාට වගේම.
හැමදේම රත්තරන් හා සමානව වටිනවා. ඔයාව මතක් වෙනවා හැමදාම 4 වෙනකොට. මම 4 වෙනකොට මතකද යම් යම් වැඩවගයක් ඉවර-
කරලා දුවල ඇවිත් ඔයා එක්ක කතා කරනවා. හැම දේම තවම ඒ විදියටම තමා. මම ඒ මතක ඇතුලේ සුවද විඳ විඳ ජිවත් වෙනවා දුකින් උනත්. මම වැරදි මම දනනවා. හොඳින් ඉන්න රත්තරන්. අයේ ලියන්නම්.

Wednesday 6 June 2018

කඳුළු

වැඩ කරන ගමන් කඳුළු බින්දු කීපයක් කොලේ උඩට වැටුනේ ඔයාව මතක් වෙලාම තමයි. මතක් උනා ඔයා කොච්චර කඳුළු හලන්න ඇතිද කියල.
මම මෘගයෙක් උනේ ඇයි? ආදරේට පයින් ගහපු ආදරේ අඳුන ගත්තේ නැති මම වගේ මිනිස්සු මේ විදියට කදුළු සලනවා ඇති.
එත් මට දැනුන ඔයාගේ ආදරේ, මමත් ආදරෙයි. හැමදාටම. මම ජිවත් වෙනකන්ම ඊට පස්සෙත් මම මගේ ආදරෙන් හිත පුරවන් බලන් ඉන්නම් ඔබටම.
මම ඔයාට වගේම ඔයාගේ ආදරේටත් ආදරේ කලා මගේ රත්තරන්. ඔයා මට වස්තුවක්.
මම ඔයාව රිදවන්න හිතුවේ නැහැ බබා.
අදත් ඔයාව මට ගොඩක් මතක් උනා. හැමදාම වගේ. ඔයා බනිවි මට. කවදාහරි දාල ගිහින් බයිලා කියවනවා කියල.
මම දන්නවා බබා. එහෙම කිව්වට කමක් නැහැ. එත් මම මෙච්චර නපුරෙක් නම් ඇයි මට ඔයාවම හැමවෙලාවෙම මගේ හිතට එන්නේ?
කවදාහරි දවසක අයෙත් මට ඔයා මගේ නම කියල කතා කරාවි කියල මම හැමදාම හිතනවා බබා.
එක කරන්න අමාරුයි කියල මම දන්නවා. එත් මම ඒ බලාපොරොත්තුව ඇතුලේ ජිවත් වෙන්නම්. මට ජිවත් වෙන්න වෙන බලාපොරොත්තු ගොඩක් ගැන හිතන්න බැරි නිසා. මම ඔයාට තවමත් මගේ හැගීම් වෙනස් කරලා නැහැ. අනේ රත්තරන් ඔයාට කරදර කරන්න එන්නේ නැහැ. එත් මටත් හිතක් තියෙනවා. එත් හැමතැනම මම වැඩ කරලා තියෙන්නේ හිතක් පපුවක් නැහැ වගේ. මම දන්නවා එක. හැමදාම මම මොකක්හරි පොඩි හරි හොඳ දෙයක් කරලා මගේ රත්තරන්ට හිතින් හොදක් වෙන්න කියල පතනවා. ඔයාගේ උපන් දිනේ දවසේ ගහක් හිටෙව්වා මේ අවුරුද්දේ. පස්සේ මේවා ඔයා කියෙව්වොත් දකීවි. බලන්න ඒක ලස්සනද කියල. හැමදාම හැමෙලවේම ඔයාව මතක් වෙනවා. හොඳින් ඉන්න මගේ බබා.

Tuesday 5 June 2018

ඔබ ගැන සිතමින්.

ඔයා හොඳින් කියල හිතනවා බබා. මම දන්නවා මාව මතක් වෙනකොට අනන්තවත් තරහ යනවා ඇති.
මගේ ගැන හොඳක් මතක් කරන්න දෙයක් නැහැ මම දන්නවා. මම ඔයාට වගේම ආදරේටත් ආදරේ කලා බබා.
කරනවා කරාවි. මම ඔයාව රිද්දන්න හැදුවේ නැහැ වස්තුව. මම තවමත් ඔයගැන හිතනවා. ඔයාට අමතක හෝ අමතක කරන කලෙකදිත් මට ඔයාව ඇස් වහන හැම වාරයක් පාසාම මැවිලා පෙනේවි. ආදරේ එහෙම දෙයක්. ඒක මගේ හිත ඇතුලට අවා. ඒක මට දැනුන.
ඔයාගේ ඒ ආදරේ මට දැනුන. කවදාහරි මට වෛර කලත් නැතත් මම ඔයගැන හැම මොහොතකදීම මතක් කරමින් උන්න කියල මේවා කියෙව්වොත් තේරුම් ගන්න බබා. මගෙනම් ජීවිතේට ඔයාව අමතක වෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. අපි අත්වැල් බැඳගෙන හිනාවෙවී පාරේ ඇවිද්ද හැටි මට මතකයි බබා.
සෙනසුරාදා හවස ඇවිදලා මහන්සියටත් නෙවේ වෙන්වීමේ හිතේ බරෙන් මම වේදනාවෙන් හැමදාම අපහු ගෙදර ගිය හැටි මතකයි. මතකද? ඔයාව අර්කේඩ් එක ඉස්සරහින් බස් එකට නග්ගවල මම යනවා. මම තවම හිතින් ඒ පාරේ ඇවිදිනවා බබා ඔයා එක්ක. මම සමහර වෙලාවට එතනට ඇවිත් යනවා අපිව මතක් කරලා.
මම වැරදි උනත් මෘග හිතකට උනත් ආදරේ දැනුන බබා. එහෙම හිතකට දැනෙන්න ඔයා ආදරේ කලා. මොන ප්‍රශ්න, රණ්ඩු ආවත් මම ඒවා හැම එකේදිම ඒවා අමතක කරලා අයේ ඔයාට ආදරේ කලා.  ඒ වාසියකට නෙවේ. එත් එහෙම කියල කිව්වට මම ඔයා එක්ක තරහ නැහැ. මම කොහොමද තරහක් ගන්නේ ඔයා එක්ක. අද හරියටම මම කොළඹ ඉඳල එනවා වගේ. මතකද ගුඩ් මොර්නින්ග් කියනවා 4.55 නැගිටලා. ඔයා නැගිටිනවා පහට. මම සමහර දවස් වලට ඔයාට කෝල් කරලා නැගිට්ටවනවා. පස්සේ ටිකක් කතා කරලා උයන්න යනවා ඔයා. අයේ එහෙන් මෙහෙන් ඉඳල හිටලා කතා කලත්. අනිවාර්යෙන්ම කතා කරන්නේ 6.40 උදේ. ඒ ඔයා බස් ස්ටෑන්ඩ් එකේ බස් එකට නගින්න ඉන්නකොට. එතන ඉඳල දිගටම හරි. නැත්නම් යේ 7.30 හරි කතාව. මතකද? මම වාහනේ යනවා ඒ වෙලාවට? දොඩන්ගස් ලන්ද හරියේදී අනිවාර්යෙන්ම කතා කරනවා ඔයා. 8 ට ඔයා ඇතුලට යනවා. 9.15 නැත්නම් 9.30 අයෙත්. ඊටපස්සේ අපහු 12.30 ඉඳල එක වෙනකන්. පස්සේ අපහු 3.30. ඊටපස්සේ 4ට කිව්වට 4.06 වගේ අයේ. මට හැමදේම මැවෙනවා බබා. මම තවම ඒ ලෝකේ ඉන්නවා. මම ඔයාට රිද්දන්න අවා නෙවේ. මටත් ආදරේ දැනුන. මට හැමදාම ඒ හැඟීම මගේ හිතේ තියෙනවා ඔයා ගැන. සදහටම. ආත්මයෙන් ආත්මේටම. මම හොඳ මිනිහෙක් වෙයි රත්තරන්. මම එන්නම් ඔයා ලඟට දුවගෙන. හොඳින් ඉන්න බබා. අයේ ලියන්නම්.

(ෆොටෝ එකේ තියෙන්නේ ඔයාගේ උපන්දිනේ දවසේ මම හිටවපු ගහ. කමක් නැහැ පීසා එක බාර නොගත්තට. මම තරහ නැහැ බබා. මම දන්නවා වේදනාවක අමාරුව.)


Monday 4 June 2018

සැමදින

මට ඔයාව ගොඩක් මතක් වෙනවා වස්තුවේ. මම ඔයාට අයේ වැඩ දෙන්නේ නැහැ.
මම හැමදාම ඔයගැන හිතනවා. ඔයා මට බනිවි. එත් මම කොච්චර නපුරෙක් උනත් මටත් ආදරේ දැනෙනවා.
මම ඔයාට තුරු උනා නෙවේ බබා. සමාවෙන්න. මම ආදරේට පයින් ගහපු මෝඩයෙක්.
මට හැමදාම ඔයාව දැනුන. මටත් ආදරේ හිතුන. ආදරේ කිරීම වරදක්ද බබා?
ඔයාගේ මම ඔයාගේ උපන් දිනේ දවසේ ගහක් හිටෙව්වා. ඒක අද ලස්සනට පැල වෙලා.
මම ඔයාගැන හැමවෙලාවෙම මතක් කරනවා රත්තරන්.
මම මෘග ආත්මයක් ලැබුවත් මට ඔයා නිසා ආදරේ ලැබුන. මට ආදරේ හිතුන වස්තුව මට සමාවෙන්න.
මට මතකයි ඔයා අන්තිමට මට කිව්වා ඔයා මට රිද්දනවා කියල.
මම ඒක හිතෙන් දරාගත්තේ ගොඩක් අමාරුවෙන්. මම රිද්දවන්න උවමනාවකින් නෙවේ හිටියේ.
එත් මට ඔයාට දුක් දෙන්න බැරුවගියා බබා. මටත් හිතක් පපුවක් තියෙනවා.
මම හැමදාම නරක ඒවා විතරද පෙන්නුවේ? මම ඔයාට, ඔයාගේ පැවැත්මට ගොඩක් ආදරේ කලා.
අදත් නිදි නැහැ. මට ඔයාව මැවී මැවී පේනවා අස් වසන වරක්‌ පාසා. හිතන හිතන තප්පරක් පාසා මට මතක් වෙනවා.
මම හැමදමටම ඔයාට........, හොඳින් ඉන්න මගේ රත්තරන්.
කවදාහරි කියෙව්වොත් තේරුම් ගන්න විතරයි. දුක් වෙන්න එපා. මට මගේ හිතේ ඔයා වෙනුවෙන් හැමදාම ඒක තියෙනවා. සදහටම.

Sunday 3 June 2018

වසන්තය

ඔයා හොඳින්ද මගේ රත්තරන්? අනේ මට ඔයාව පෙනෙන්නේ නැහැ. ළඟිනුත් නෙවේ ඉන්නේ.
අනේ මගේ රත්තරන් පරිස්සමෙන් ඉන්න. අනේ පරිස්සමෙන් පාරේ යන්න. අනේ අයේ දැන්-
ඩෙංගු බෝවෙන කාලයක්. අනේ පරිස්සමෙන් හිදිවී කියල පතනවා ඔයා. හැමවෙලාවෙම මට ඔයාව මතක්-
වෙනවා රත්තරන්. ඔයා එක්ක ඇවිදපු හැටි මතක් වෙනවා. ඒක වසන්ත කාලය හා සමානයි මුළු ජීවිතේම.
මට හිතෙනවා මම ජිවත් උනා කියා. මට ආදරේ දැනුන බබා. මම ආදරේ කලා, කරනවා කරාවි. මතකද ඉස්සර සෙනසුරාදා ඉරිදා ගෙදර ඇවිත් ඉඳල අයේ-
අපහු යනගමන් වෙච්ච රණ්ඩු. මට තවම රැව් දෙනවා. ඒවා උනේ අදරේටම තමා.
මම ඔයාගේ ආදරේටත් ආදරේ කලා. එත් අවාසනාවන්ත විදියට මට තියෙන්නේ මෘග ආත්මයක් බබා. මම දුක් වෙනවා. වැලපෙනවා.
කවදාහරි කාලෙක මම ඔයාගේ තුරුලට අයේ දුවයි. වැළද ගනීවි ඔයාව.(බයවෙන්න එපා මම ඔයාට වදයක් වෙන්නේ නැහැ)
මම පතනවා කවදාහරි ඔයාට මතක් වෙලා මේ පිටුව බලයි කියල. නැත්නම් එක මම එහෙම්මම තියෙන්න අරින්නම්.
එත් මම හැමදාම මෙතනට ඇවිත් ඔයා ගැන මතක් වෙච්ච හැමදෙයක්ම ලියල යනවා.
ඔයා මට එලියදුන්න ඉරක්, හඳක්, වගේම ලස්සනම ආත්මයක්.
මම මගේ මෘග ආත්මේ කවදාහරි ගෙවල ඉවරවේවි බබා. මම ඔයාට හැමදාම මගේ හිතේ තිබුන හැගීම නැති කරගන්නේ නැහැ.
ඔයා දන්නවා මට ඔයාව අමතක කරන්න බැරි බව. මට අමතක කරන්න ඕනත් නැහැ.
මගේ රත්තරන් පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.

Saturday 2 June 2018

සිතිවිලි අතර.

ඔයා හොඳින් කියල හිතනවා බබා. ඔයාව අමතක වෙන්නේ නැහැ මට.
මට අදත් ඔයාව මතක් වෙනවා. මම ඔයාව අමතක කරන්න උත්සහයක් ගන්නේ නැහැ.
අඩුමගානේ මගේ මතකේ හරි ඉන්නවා ඔයා මගේ ලගින් නැතත්.
මතක් උනා අපි නුවර, ජන්ගල් බීච්, හා බෙල්ලන්විල යන්න ප්ලැන් කරපු හැටි.
නියිට් එකක් කරන අතරේ එහාට මෙහාට දුවන ගමන් ලියන්නේ බබා. මම ඔයාට වේදනා දුන්නත්-
මම තුන් හිතකවත් ඔයා විඳවනවා බලන්න ආසාවක් තිබුනේ නැහැ. මම දන්නවා රත්තරන් මම කොච්චර නපුරුද කියල-
එකේ විඳවීම මම දැන්ම විදවනවා. මම රහක් කියල හිතාගෙන විදිනවා. ඔයා ඊට අමතරව දඩුවමක් දුන්නත් මම ඉවසන්නම් බබා
ඔයා අද ගෙදර ඇත්තේ. අම්මත් ගෙදර ඉන්න දවස. ඔයා මාව අමතක කරන්න උත්සහ කරනවා ඇති. එකමයි මට ඔයා මිනිත්තුවක්පාසා මතක් වන්නේ. අනේ ඒ නැතත් මම නිතර හිතනවා ඔයා ගැන. මාව ඔයා හමගැහුවත් මම තරහ නැහැ බබා. එහෙම කරලා මදි මට.
අද ඔය ගෙදර ඇත්තේ. අම්ම තවම යනවද වැඩට බබා? පරිස්සම් කරගන්න එයාව.
ඔයා කවදාහරි ඔයාගේ මැකීගිය, අමතකවී ගිය අතීතෙට මාව දාවි. මගේ සදාදරණීයම මතක ඒවයි. මම නම් මගේ මුළු ජීවිතේම ඒ කෙටි කාලය ඇතුලේ ජිවත් උනේ. ඒක මට කවදාවත් අමතක කරන්නත් බැහැ වෙන්නෙත් නැහැ. මතු ආත්මෙත් අමතක කරන්නේ නැහැ. මම හොඳ මිනිහෙක් වෙන්නම්. පොරොන්දු වෙන්නම්. හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි ඔයාට.

Friday 1 June 2018

රත්තරන්.

ඔයා හොඳින් කියල හිතනවා බබා. පෝය දවසේ පන්සල් යන්න ඇති නේද අම්ම එක්ක?
මට ඔයාව හැමදාම හැම වෙලාවේම මතක් වෙනවා. මම දන්නවා මතකෙට නගන්නවත් මට-
අයිතියක් නැහැ කියල. එත් මටත් ආදරේ කියන දේ තේරෙන්නේ නැද්ද? මෘග කුලේ උනත් ආදරේ කරන්න බැරිද?
මමත් ගොඩක් දුකින් ඉන්නේ. මම සතුටින් ඉන්න පිට උනා කියන අසාදාරන වචනේ කියන්න එපා බබා.
මම එහෙම නෙවේ. මම දන්නවා ඔයා මෘගයන්ටත් ආදරේ කලා. එහෙම කරන්න හැම මනුස්සයෙක්ටම බැහැ බබා.
ලස්සනම හා කරුණිකම හිතකට විතරයි මම වගේ මිනිහෙක්ට ආදරේ කරන්න පුළුවන්.
මම හැමදාම කොහේ හරි ඉඳල ඔයා දිහා බලාගෙන ඉන්නවා. මම මොන ලෝකෙදි හරි හොඳ මිහිහෙක් වෙනවා ඔයාගේ නාමෙන්.
මම ඔයාව හොයාගන්නවා බබා. මට දැන් ඔයාව පෙනෙන්න්නේ ගොඩක් දුරින්. එටිකත් ඔයා කවදාහරි නැති කරාවි.
මට ඕනෑම දඩුවමක් දෙන්න බබා. ඔයාට හොඳයි කියල හිතෙනවනම් රත්තරන්. ඔයා කවදා මාව අමතක කලත්-
මගේ හිතේ ඔලුවේ ඇඟේ ඔයා හැමදාම ඉඳීවි. හොඳින් ඉන්න රත්තරන්.