Wednesday 28 February 2018

දුරනේ දැන් අපි.

සමාජ ජාල වෙබ් අඩවි වලින් වෙන් උනෙත් ඔබගෙන් වෙන් වූ පසුවයි.
රසයක් තාලයක් නොදැනෙන සමාජ ජාලයක් ඇතුලේ ඉඳල වැඩක් නැහැ
එකයි මම එතන නැත්තේ.
එහෙම නැතුව පළිගැනීමකට නෙවේ. ඔයා හිතන්න ඇත්තේ මම ඔයාව විසිකරලා දාන්න එතනින් අයින් උනා කියල.
එත් මම ඔයා දිහා බලාගෙන හිටියේ.

හැමදාම හැමතැනම ඉන්නවා

හොඳින් ඉන්න. මම දන්නවා දවසක අයේ තනි උනාම මම පිස්සුවෙන් දගලයි. මට එහම වෙන්න ඕන. ඒක හොඳයි. ඔයත් තව ඇත් වෙන්න කල්පනා කරනවා කියල හිතනවා. කොහේ හිටියත් අපි අයේ හමු වේවි අපි වෙන් උනත්. ඒ කලෙක මම වෙනස් මිනිහෙක්. බොහෝ විට මේ ආත්මේ නෙවේ. මොනවා කරන්නද මේක මගේ කර්ම මාර්ගය. ඒක ගෙවල වෙනස් වෙලා එන්නම්. වෙර කලාට කමක් නැහැ. එත් අපි බෝසත් දෙව්දත් වගේ අත්මයෙන් ආත්මයටත් වෙඉරක්කරයො නොවේවා. වැරදි මම. ඒක ඇත්ත. එත් වෙඉර කරන්න දෙයක් මට ඔබ කරලා නැහැ. හොඳින් ඉන්න. මම හැමදාම හැමතැනම ඉන්නවා. කවදාහරි මේ බ්ලොග් එක මතක තිබුනොත් ඔයා බලාවි.

Tuesday 27 February 2018

නනින්ද දුරයි.

යමෙක් රිදෙන පාරක ඒ පාරෙන් අයින් කරලා ඉන්න වෙන වෙලාවලුත් එනවා. එක හරිද නැද්ද මම දන්නා තරමින් මට තේරෙන්නේ නැහැ. හැමදේම අපිට තේරෙන්නේ නැහැ. හැම වේදනාවකටම පපුවට බරක් එනවා. අපේ පපුවවල් හැමවෙලේම දුක් වේදනා ඉවසනවා. පුදුමයි. අන්තිමට ඒවා ලෙඩ වෙනවා. දෙන්න තියෙන උපරිම වදය මොලයට හිතට දෙන්න ඕන. එක ඉවසන්න මගේ ඔලුව දැනගන්න ඕන. හිතත් එහෙමයි. කෝපි බීලා වැඩි වෙලා පපුව ගැහෙනවා මැෂිමක් වගේ. අඩුගානේ ඔය දුරින්වත් මට ඉඳල හිටලා ඔබ දිහා බලන්න තියන්න. ඔතනිනුත් එහාට පන්නන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවැනි පාරටත් ඒක කලේ ඔයා.සුනිල් එදිරිසිංහ කියන්නේ මම කරපු දෙයක වේදනාව කොච්චරක් ඇතිද කියල. ටී එම් කියන්න තව වේදනාවල් මොනවද හිතට දැනෙන.  දුර සිටියත් ළඟ වගේ. දැන් නැතත්. අපි හමුවේවි. මම වැරදි. මමයි දුර උනේ. දඩුවම් ඇති තරම් දෙන්න පෙනෙනා දුරක හිඳ,නොපෙනෙනා දුර නොයන්න

ජේක් බග් ඔබ බිඳුණු හිත් ගැන කියන සින්දුව ලස්සනයි. අපි හැමෝම කැඩිලා බිඳිලා ගිය දේවල්. වැඩියෙන් හෝ අඩුවෙන්.

Monday 26 February 2018

අද දවසේ ගොඩක් ඔයා ගැන මතක් උනේ මේ දේ මටත් නොදැනී සිද්ද වෙච්ච නිසා වෙන්න ඇති.

කමක් නැහැ. ඒක කරන්න උනාට. මම ඔයා මාව අයින් කලා අමාරු තීරණයක් වෙන්න ඇති. එත් මම අදත් ඇවිත් බැලුව. කමක් නැහැ. හැම පොරොන්දුවම තියෙන්නේ නැහැ. මම තමා රිද්දුවේ. මම දන්නවා. මේකේ ඔයාට මාව නොදක ඉන්න තියෙන එකම විදිය මේක තමා. මම අදත් ගොඩක් අමාරුවෙන් ඔයාගේ ඔෆිස් එක ලඟට ඇවිත් ගියා. මම ඔයාගේ පාටි එකේ ෆොටෝ බැලුවා. ඒවා හොඳයි. එහෙම තමා. අද එන ගමනුත් මම ලොකු කල්පනාවක ආවේ. කමක් නැහැ. ඔබේ නමට ගී ලියවේවි. මාව අමතක කරන පාරේ යන්න. මටනම් අමතක වෙච්ච දෙයක් නැහැ.එත් මම වගේ ආදරේ කරපු අයට රිද්දපු මිනිස්සුන්ට එහෙම වෙන්න ඕන. ඔයාගේ ප්‍රොෆයිල් එකේ මුරුගයෙක් එක්ක කුමරියෙක් ඉන්න පින්තුරයක් තියෙනවා. මම ඒ සතා වෙන්න ඕන. මම එහෙම වෙන්න ඇති. හැබැයි වෙන් උනත් පය 24 ම මට මතක් වෙනවා. ඇස්දෙකේ කදුළු පුරෝපුව තවම මතක් වෙනවා. මමයි එහෙම කදුළු දුන්නේ. දැන් ඒවා මේ විදයට ටික ටික මම වෙතම එයි. ඔයා කවදද මාව අයින් කලේ? පාටියේ ෆොටෝ මම බැලුව. එක්කෝ ඊට දවස් කීපයකට පස්සේ ඔයා මම පෙනෙන්න හිටපු අන්තිම තැනිනුත් විසි කරලා. ඒක කමක් නැහැ.දුකයි හැබැයි සාදාරනයි.විස්වාස කරන එකක් නැහැ. මම දැනගෙන හිටියේ නැහැ මම අයින් කරලා කියල. අනේ මගේ අම්මා පල්ල මම එදා ඒ පින්තුර බලල හිතුව මට තවම ඔයා බලන්න හරි පුළුවන් නේද කියල. මම අද කොළඹ ඇවිත් ඔෆිස් එක ලගටත් ඇවිත් ගියා හැමදේම මතකයි. මම ඒ අවිදිත්දිත් දැනගෙන හිටියේ නැහැ මාව ෆේස් බුක් එකෙනුත් පන්නල කියල.බත්තරමුල්ලේ ලොටරි කඩයකින් ටිකට් එකක් ගත්ත. එකත් අදමයි ගත්තේ. ඔයාගේ නමේ මුල් අකුරු වලින් තමා එක ගන්න බැලුවේ. මුල නමේ අකුරු ලැබුනේ නැහැ. බොරුනම් බලන්න ෆොටෝ එක පහල ඇති. ඉතින් හොඳින් ඉන්න. අලුත් කෙනෙක් හම්බ වෙයි. මාව මතක නෙවේ උන්නදකියන කියන එකත් අමතක කරන්න.කමක් නැහැ.ඇස්වල කදුළු පුරෝපුවට මට මේවා පාඩම්.මේක මම පැණි රහක් වගේ විදින්නම්.කමක් නැහැ දුක කොහොම වින්දත් කවුරු වින්දත් දුක. මම ආදරේ කරපු විදිය වැරදි ඇති. එත්....වෛරත් කරන්න. මම ඒවා දැනගෙන හිටිය. දුකින් ඉන්න එපා බබා. සතෙක් විදියට උනත් හැමතැනම මම ඉඳීවි. මාව බ්ලොක් කරලත් දැම්මේ නැත්තේ ඇයි? අපි මේ ආත්මේ නැතත් වෙන ආත්මෙක හරි හමු වෙයි. අද මට නින්දක් නැහැ. එත් කමක් නැහැ.ටිකට් එකේ දිනේ බලන්න බොරුනම්. මිනිස්සුන්ට මොනවහරි වෙනකොට ඒක දැනෙනවා වගේ. මටත් මොකක් හරි අද හිතුන.ඔයාගේ නම ඇතුලෙ අද මම වාසනාව හෙව්වා එකයි ඔයාගේ නමින් ලොතරැයිය ගත්තේ.ගෙදර අවම දැක්ක එකෙන් ටිකක් දුක හිතුන. පුළුවන් නම් අදම බ්ලොක් කරලත් දාන්න.

Tuesday 13 February 2018

අතීත කාලය

හෙට එකට හුගක් දෙනෙක් තෑගි හුවමාරු කරගන්න දවසක්. මෙවර ඔෆිස් පාටියට ඔයා යනවා ඇති කියල හිතනවා. හෙට පෙබරවාරි 14. පාටියට ගිහින් මම බැනපු දවස 18. වෙන්වීම සිදු උනත්. තවම මගේ මතය තියෙනවා. අපි හමුවෙලා මේ පෙබරවාරියට අවුරුදු දෙකකටත් වැඩි. මම වැරදි. අපි අයේ හමු වෙන්නේ නැහැ. මමයි නරක. මමයි වැරද්දුවේ. ලියන්න කියන්න හැමදේම බැහැ. එත් මේක නොලියා බැරි මාසයක්. ඉන්ටෙර්නෙට් එකේ තිබුන ඔබේබැනුම් මම දැක්කා. ඒවා මටම කියපු මටම හරි යන ඒවා. මම දන්නවා. යම්දිනයක ඔබගේ හිතත් හිරිවැටිලා සීතල වෙලා යම් තරහකුත් එක්ක වේදනාබර අමතක කල අතීතෙට මේ කාල පරිච්චේදේ දමයි. අපි කොහොම දැමුවත් සමහර නොමිනිස්සු ජිවත් වෙන්නේ ලෝකෙටම අමතක වෙච්ච කාල වල.

Friday 9 February 2018

සංසාර ගති ගුණ

සංසාරේ කොහේ හරි අපි හමු වෙලා ඇති.
සංසාරේ කොතනකහෝ අපි මුණගැසේවි
ජෝතිපාලගේ සින්දුවක් අහනගමන් හිතුවේ.
අපිට හරි ගියේ නැතත්. අපි හරිගියේ නැතත්, අයේ වරක් ඒවි.
පුදුම මාසයක් පෙබරවාරි.
හමු වෙන අයගෙත් මාසේ පෙබරවාරි. කෙටිම මාසෙත් පෙබරවාරි.
අපි එකට නැතත්. මම හැමතැනම ඉන්නවා.
අපි හමු නොවුනත්. සසර හැමෝටම එකයි. ඒක දිගයි.
හමුවීම් වෙන්වීම් සසරට නවත්වන්නත් බැරි වේවි.
දික් වීම නිමක් නැති වීම සසර විදිය උනත් එකේ ගට්ටන,
හැලහැප්පීම් හමුවීම් වෙන්වීම් නවත්වන විදියක් නැහැ.
නැත්නම් බුදුහාමුදුරුවන්ට දේවදත්තව මුනහසේවිද?
ඒක සසරට බාරදෙමු දැනට.

Sunday 4 February 2018

නිදහස් දවස

ඔලුව නිදහස නැති නිදහස. අපි කවුරුත් නිදහස් නැහැ. මේ මාසේ තමා ඔයා ගිය අවුරුද්දේ ඔයාගේ විකාර ඔෆිස් පාටියට ගියේ. මේ මාසේ සිදුවීම් ගොඩයි. අපි වෙන් උනත් අපි හමු උනේ මේ මාසේ. ලෝකේ පුදුමයි. සතුටයි දුකයි හැම දේම මෙහෙ තියෙන්නේ. නිදහස් දවස උනත් මගේ හිතනම් තවම අගුලු දාල. කොච්චර නිදහස් දේවල් තිබුනත් අපි හිරකාරයෝ අපේම ආත්මේ.සංසාරේ එහෙමයි.සංසාරේ දිගයි අපි හමුවේවි. අපි අනන්ත වාරයක් මෙහෙම හමුවෙලා වෙන් වෙලා ඇති. අපි පෙබරවාරියේම මේ සංසාරේ අනන්ත වාර ගණනක් හමු වෙලා ඇති. එකයි ලෝක ස්වභාවය. අපි ඉන්න සංසාරේ.හමුවීම වෙන් වීම. යලි හමුවේවි. එකයි ලෝකයේ හැටි