Tuesday 30 January 2018

පොහෝදින


සංසාරේ අපිට තේරුනානම් අපි මෙහෙම චක්‍ර ගත වෙන්නේ නැහැ. පෝය දවස අද. පන්සල පැත්තේ යන්න අසයි. මම හිතනවා තෙරුවන් හැමෝටම පිහිට වෙනවා කියල. නත්ති මේ සරණන් අන්ඥයන් බුද්දෝ මේ සරණන් වරන්. නත්තිමේ සරණන් අන්ඥයන් ධම්මෝ මේ සරණන් වරන්. නත්තිමේ සරණන් අන්ඥ්යන් සංඝෝ මේ සරණන් වරන්. බුදුන් දහම් සරණේ සිත පහදවා ගනිමු. මම අපේ හිත්වලට සැනසුම ලැබෙන්න ප්‍රර්ථනා කරනවා.

Monday 29 January 2018

නින්ද යන්නේ නැහැ. මම ළමා කාලයට යනවා.

පුදුමයි. එත් තවම මේ රූප රාමුව මගේ කණේ අවුරුදු විසි ගානක් තවම ඇහෙනවා. මේ සින්දුවේ දුකක්ද? සතුටක්ද තියෙන්නේ?

ඔබේ නමින් සැය බදිමි

දුටු ගැමුණු රජුරුවෝ රුවන්මැලි සෑය හැදුවේ තමන්ගේ නමින් නෙවේ. වෙනත් වෘක්ෂ දේවතාවෙක්ගේ නමින්. පුදුම හිතෙනවා. එත් තවත් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න ලැබෙන එක ලොකු දෙයක්. වෙන කෙනෙක්ගේ නමින් හොඳ කිරීමත් එහෙම දෙයක් කියල හිතෙනවා. එත් හොඳ කරන්න තරම් හොඳක් මගේ ආත්මයේ ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ? හොඳයි කියල කොටසක් මගේ නැහැ. මම කවදහරි මොන ආත්මෙකදී හරි හොඳ වෙලා හරි වෙලා එන්නම්. කුණු ගොඩක ඉන්න මිනිහෙක්ගේ ඇඟේ කොහෙද සඳුන් සුවද? කොතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්. මම ගැන කවි පවා ලියවිලා. රුක් ඇත්තන මල් සුවඳක් ජනේලෙන් එනවා. පුදුමයි. මම ඉන්න තැන් වලටත් එහෙම වෙනවද? පව් සේදෙන්නේ නැහැ. එත් මිනිසුන්ට පව් සෝදන්න කිව්වේ තව තව පව්කාරයන් වෙලා පලක් නැති නිසා.
කාලය යයි.

Thursday 25 January 2018

මගේ මතක.(කිසිවක් කිසිවෙක් අමතක නැහැ.)

මම අද ගමනක් ගියා ඇඳගෙන ගියේ ඔයා මට දීපු කමිසේ. මම එකට ගොඩක් කැමතියි. ඒක මට ලස්සනයි. හැම දවසෙම මතක් වෙනවා. මෙසේ උඩ කොළ හුලගේ යනවට තියෙල තියෙන ලස්සන පලිඟු කැටේ ඔයා මට දීපු මුල්ම තෑග්ග. හැමදේම හැමදාම මට මතක තියේවි.මම උත්සාහ කරනවා කොළඹ එන්න. කොළඹ හැම පාරක්ම අපේ මතකය හංගගෙන ඉන්න තැන්. කොළඹ මම යනකොට මට මතක් වෙනවා අපි ඇවිදපු තැන්. එත් මම ඒවා අමතක වෙනවට කැමති නැහැ. හොස්පිටල් එක ඉස්සරහ නිල් මානෙල් මලක් පිපිලා. දවසක් එකේ ෆොටෝ එකක් එවල. ඔයා ඒවගේ කිව්වා මට මතකයි. අපි ඈත් උනත් ඒවා මට මතකයි. අපි අයේ එකතු නොවුනත් අපේ මතකය හැමදාම ඒ පාරවල් වල අත් බැඳගෙන අවිදිවී. අපි මතු භවයක හරි හමු වේවි. ඔයා මාව අඳුන ගනීවිද? ඒ වාරයේ මගෙන් පලි ගන්න. පස්සේ අයේ වාරයක් අපි සන්තෝසෙන් හමු වෙයි. ඔයාගේ ලස්සන පින්තුර වගයක් දැක්කා. ඒවා ලස්සනයි. සපත්තු දෙකනම් මම දීපු තෑග්ගක් කියල දැක්කම මම ගොඩක් සතුටු උනා. මුද්දනම් අදුනගන්න අමාරුයි. ඒක දාගෙන ඉන්න. හන්දියේ මම තේ බොන කඩේ මතකද? ඔන්න එතනින් මට කතා කරනවා එන්නලු තේ බොන්න. ඒ මිනිස්සු හිතන්නේ මම හරිම අහිංසක කෙනෙක් කියල. මම ඒ වුනාට මිනිස්සුන්ට රිද්දන වැද්දෙක්. එයාලට මම අහිංසකයෙක්. මිනිස්සු ලෝකෙට පෙනෙන විදි. ඔය මම යන පාරෙත් අපි අනන්තවත් ටෙලිපොන් එකෙන් කතා කර කර ගිහින් ඇති. මම ගිහින් එන්නම්.

Wednesday 24 January 2018

නින්ද නොයෑමේ ප්‍රශ්නය.

ආදරේට ගහල බැනල පන්නපු අයත් ලෝකේ ඉන්නවා. මට බැරි උනා ඔයාව තව තවත් දුක් මාවතක ඇදගෙන යන්න. ඔයා අන්තිම දවස් කීපයේ අඬපු ඒවා මගේ ඔලුව ඇතුලේ තවම ඇහෙනවා. ඒවා හැමදාම මට ඇසේවි. ඔයා ඒවා ඔක්කොම අමතක කරන්න. ඔයාට තේරෙයි මේ දුක කියල ඔයා කීප වතාවක් කිව්වා. මම ගලක් වගේ ඉඳල පෙන්නුවා. මම දන්නවා එත් ඇතුලේ මම කොච්චර ඇඩුවද. එත් වරද තිබුනේ මගේ අතේ. හදන්න බැරි වරදක්. ඔයා මතකද කලුපාට ගව්මක් ඇඳන් ආවේ එදා. ගොඩක් ඇඩුව. ඔයා විතරක් නෙවේ. මමත් ඇඩුව අන්තිමට මට පපුව කක්කුමකුත් අවා. ඒ බයවුන වාරයේ ඔයා දුකෙන් කිව්වා හරි මම ඔයාට යන්න දෙනවා කියල. මට හැමදේම මතකයි. මගේ මතකේ එච්චර හොඳ නැහැ. එත් අනේ මට ඒවා හැමදාම මතක තිබේවා! අපි කොච්චරනම් ඇඩුවද? මම දන්නවා.මටයි යන්න උනේ. මමයි ගියේ. අයේ නම් මම මගේ හිතට ආදරේ වැද්දගන්නේ නැහැ. කරපු එක හැමදාම මතක තියේවි මට. සංසාරේ අපි අයේ හමු වේවි. මට දඩුවම් දෙන්න එදාට. එත් කොහොම හරි අපි හමු වෙයි.නින්ද යන්නෙත් නැහැ. මම මතක් කරගන්නේ මම කොච්චර නරක කෙනෙක්ද කියල. නිදිපෙති බීලා නිදියන්න වෙලා තියෙන්නේ. නැත්නම් වෙන මොනවහරි බීලා නිදියන්න වෙන්නේ.

දුර හිටියත් ළඟ වගේ

අද ඔයා ලස්සනට ඉන්නවා දැක්ක පින්තුරෙක. සන්තොසෙකිනුත් වගේ. ඒක හොඳයි. සිනා විනෝද අතරේ රිදවපු මිනිස්සු අමතක කරන්න. මම දන්නවා කවදාහරි හිරි වැටුන අතක් වගේ. සමහර විට ගලක් වගේ වෙලා හැමදේම අමතක වෙලා යයි. රිදවපු අය අමතක කරන්න. වෙර කලත් කමක් නැහැ. ඒක කරන්න ඕන දෙයක් මම වගේ කෙනෙක්ට. එත් සතුටින් ඉන්න. ලස්සන ගවුමක්. ගොඩක් ලස්සනයි. මුද්ද අරකමද? හ්ම්ම්. මට සතුටුයි අඩුම ගානේ මගේ ජිවිතේ නැතත් ෆේස් බුක් එකේ ඔයාව දකින්න පුළුවන් එක. සන්තෝසෙන් ඉන්න. මම වද දෙන්නේ නැහැ. මම වැරදියටයි හැමදාම ආදරේ කලේ. හැමදේම වැරදිලා. එත් මම හැමතැනම ඉන්නවා. මම හැම තැනම ඉඳීවි. ඉස්සර මම කොච්චර රණ්ඩු කලාද ගල් හිතක් තියෙන කෙල්ලෙක් කියල. එක මොලොක් කරලා එකට පහර ගහල රිද්දපු මිනිහෙක්(අමනුස්සයෙක්) දැකල නැත්නම් මම යම් දිනක මේ බ්ලොග් එකේ මගේ ෆොටෝ එකක් දැන්නම් මගේ. ඒවා සසරේ අපි අරන් යන ඒවා. එත්... කමක් නැහැ. මේ මම ආදරේ කරපු විදිය වෙන්න ඇති. රිදවන්නම ඉන්න එකෙක් මම. අපි අයේ කවදාහෝ ආත්මෙක හමු වේවි. මම වෙනස් වෙලා ඉන්නම්. මම සතුටු වෙනවා දකින්න ලැබුණු එකට. අපි එක් වෙන්නේ නැතත් මම හැමදාම හැමතැනම ඉඳීවි. දුර හිටියත් ළඟ වගේ. ඈත උනත් ලොකු පරතරයක් නැහැ වගේ. ඇඬුවත් සතුටු වෙන දේවල් වෙනවා වගේ.

Tuesday 23 January 2018

දුක හාදු නොදී කනේපාරවල් දුන් රැයේ

සුදු හාමිනේ මගේ උඹ අද ඔන්ලයින් ඉඳල මම උබේ ෆොටෝ ඔක්කොම ආයේ ආයේ බැලුව. ගොඩක් ලස්සනයි. මම ඒවා ඔක්කොටම පිටුපාපු වසළය සක්කිලියා. සනතෝසයි ඒ මම තමයි. ඒ මගේ චරිතේ. මම සතෙක් මුළු ප්‍රේම වෘතන්තේ පුරාවටම. කමක් නැහැ ඒ මම තමා. මම ජීවිතේට පැතුවේ නැහැ එහෙම වෙන්න එත් මම අන්තිමේදී එහෙම තමා උනේ. මම ආදරේ කලා වැරදි විදියට දැන් මම ආදරේ දුක විඳවනවා ආදරෙන් මම සන්තෝසයි ඒ විදිය. බීලා බීලා මොලේ අව්ල් වගෙත් වෙලා ගුඩ් නයිට්. සතුටුයි ඔන්ලයින් හිටපු එක ගැන. මමත් මිනිස් වර්ගයේ. ගුඩ් නයිට්. හිමි උනත් නැතත් උඹ ම....මයි/ අන්සතු හදකට උනත් පෙම් කලාට තහංචි දාන්න බැහැ

Monday 22 January 2018

කවියක තිබුන අපේ කථාවේ ඔබ විඳි වේදනාව.

ඔයාට අපි වෙන් උන දවසේ ඉඳල දැනෙන්න ඇත්තේ මෙහෙම තමා. මට හොඳටම විස්වාසයි. හැම විනාඩියෙන් විනාඩියටම ඔයා මට ආදරේ කලා මම දන්නවා. මට වැරදිලා තිබුන. මම වරද හරිගස්සුවේ නරකම විදියට. මට කියන්නවත් බැහැ මගේ ක්‍රමය. ඒතරම් ඒක වේදනා දෙන දෙයක්. මම දන්නවා මම වැරදි. ලෝකේ එහෙම ආදරය කරන්න බැරිද? එක හිත දෙතැනක නතර වෙලා. මම දන්නවා අන්තිමට මම රිද්දුව. එත් මම සතුට පතා රිද්දුවේ නැහැ. එත් එකයි හැමදේම සිද්ද උන විදිය. මට ඕන උනා මේ දුක් විලෙන් ඔයාව පන්නල දාන්නත්. පුදුම සතෙක් නේද? මම දන්නවා. අදහවස අයෙත් කොහෙන්ද මන්ද මේ ඉංග්‍රීසි කවිය දැක්ක. පපුව පැලුනා. මම ගියා. ඔයා කවියේ තිබුන දේවල් දරාගත්ත. මම සතුටුවෙන්න ගියේ නැහැ. හැබැයි තවත් ඔයාව මේ කටුක පාරේ ඇදගෙන යන්න මට බැරි උනා. මම අයේ ඔයාට ලන්වෙන්නේ නැහැ. මම දන්නවා ඒ දුක අයේ මම කාටවත් දෙන්නේ නැහැ. හැබැයි කවදාහරි ඒ දුකම මට දැනේවි. එකයි සසර හැටි. කවියට කොමෙන්ට් කරපු මිනිස්සු මම මේ කවියේ ඉන්න චරිතෙට හුගක් වෙර කරනවා. හුගක් බැනල තිබුන. මම දන්නවා ඒ මටම තමා. මම අයේ දුක් දෙන්නේ නැහැ. මම අයේ ඔයාගේ දෑහැට පෙනෙන්නවත් ඉන්නේ නැහැ. හැබැයි මම හැමතැනම ඉන්නවා.

කවියට ලින්ක් එක මෙතනින්. කොමෙන්ට් කියවා බලන්න 

කවිය පහතින් 



Tears Of A Broken Heart
© Bianca Santamaria
Published: October 2008
I have given all my love to you, but what do I get in return?
A broken heart.
I have given you my heart, and you stomp on it like a doormat.
I have given you my youth and you took advantage of my un-experienced heart and played with my emotions.
I gave you all the trust, but you misused it.
I gave you the benefit of the doubt, and you proved everyone right.
I gave you my life and you killed me day by day.
I want to pull my aching heart and tear it piece by piece so I no longer love you.
I want to lose my memory so I no longer think of you.
I want to go so far so I no longer have to see you.
I want to cry, but I no longer have any more tears to fall down
my sad, lonely face.
I want to sleep, but my dreams haunt me with you in them.
I can't seem to find a way out. What do I do?
I don't want anyone to see this, not even you.
How do I get out of this?
How do I stop this misery? How do solve this mystery?
I can't seem to find anyone to make me feel the way you do,
The way you look at me,
The way you say my name,
The sound of your voice when you tell me that you care.
I love you so much I think I'm going to die from this pain that haunts day and night.
How can I forget you? If the only love I know is you.
How can I move on? If life is not the same without you.
I want to break free and move on, but I think I'll be doing something wrong.
I just have to close my eyes and let things fly and let the days pass me by.
 

e given you my youth and you took advantage of my un-experienced heart and played with my emotions.
I gave you all the trust, but you misused it.
I gave you the benefit of the doubt, and you proved everyone right.
I gave you my life and you killed me day by day.
I want to pull my aching heart and tear it piece by piece so I no longer love you.
I want to lose my memory so I no longer think of you.
I want to go so far so I no longer have to see you.
I want to cry, but I no longer have any more tears to fall down
my sad, lonely face.
I want to sleep, but my dreams haunt me with you in them.
I can't seem to find a way out. What do I do?
I don't want anyone to see this, not even you.
How do I get out of this?
How do I stop this misery? How do solve this mystery?
I can't seem to find anyone to make me feel the way you do,
The way you look at me,
The way you say my name,
The sound of your voice when you tell me that you care.
I love you so much I think I'm going to die from this pain that haunts day and night.
How can I forget you? If the only love I know is you.
How can I move on? If life is not the same without you.
I want to break free and move on, but I think I'll be doing something wrong.
I just have to close my eyes and let things fly and let the days pass me by.


Source: https://www.familyfriendpoems.com/poem/tears-of-a-broken-heart

බ්ලොක්වීම හා විකාරවීම

මම දන්නවා දැන් හැම සමාජ ජාල පිටුවේම මම බ්ලොක්ඩ් ලිස්ට් එකේ. කමක් නැහැ. මට පැහැදිලි කරන්න අමාරුයි. එත් මොකටද? මම දන්නවා ලාස්ට් ගුඩ් බායි තැන ඉඳල දැන් මට කිසිම දෙයක් බලන්න දැක ගන්න අයිතියක් නැහැ. මම අයේ ඔයාගේ ජිවිතයට ඇතුළු වෙන්නේ නැහැ. මම කලේ පිටුපැම ආත්මාර්ථය. ඒ වගේ දෙයක් වෙන්න ඇති. මම වැරදි. මට වැරදුනේ. වින්දෙව්වේ මම විතරක් නෙවේ. වරද වරදමයි. මම එක කවදාහරි වින්දවයි.
ඔලුවත් නිදහස් නැහැ. හැමදේම අව්ලක් වගේ. එත් කමක් නැහැ. නිරව්ල් දේවල් මට දැන් අප්පිරියයි.. අනිත් අතට දැන් මම වැඩිපුර කියවන්නේ විකාර. හිතෙන්නෙත් විකාර.මට හැමදාම වැරදෙන්නේ පුරුද්දට වගේද? ඒක සංසාරේ මම ආපු හැටිද? අනේ මන්ද.

Saturday 20 January 2018

කාලයෙන් කාලයට. සසරින් නැවතත් සසරට.

අද බැබකියු එකක්. මම මේ සංසාරේ කීවරක් බැබකියු වෙන්න ඇතිද? කාලයෙන් කාලයට. බුදුහාමුදුරුවෝ කිව්වා ඉහේ කෙස්ගානට අද කෙනෙක් විඳින දුක අපි විඳලා ඇති කියල. සංසාරේ අපි අඬපු කඳුළු මහා සාගරේට වැඩියි කියල. එහෙමයි ජීවිතය. අපි සංසාරේ අනන්ත වාරයක් එකට ඉඳල ඇති. වෙන්වෙලා ඇති. දුක් විඳලා ඇති. අඬල ඇති. අපි අයෙත් හමු වෙයි. ලෝකේ වෙනස් වෙනවා. එකම දේ අයේ අයෙත් වෙනවා. එකම ඩී එන් ඒ කේතය කීවරක් මේ සංසාරේ නැවත නැවත ඩුප්ලිකේට් වෙලා ඇතිද? කීවාරයක් මම මමම වෙලා ඉඳල ඇතිද? කර්මය සසර විෂය එහෙමයි. පුදුමයි. අපි අයේ හමුවෙයි මේ සංසාරේ.කාලය හරිම පුදුමයි. එයාලම තමා අපිව එකදිගටම මේ සසරට ඇද දැමු ප්‍රපංච. කර්මයත් ඒ වගේමයි. ඔයයි මමයි කර්මය නිසා කොච්චර හිරවෙලා ඉඳල ඇතිද. සංසාරේ දිගයි. අපි හමුවෙයි. අද මට නින්ද යයිද?

Friday 19 January 2018

වන අශ්වයන්(රෝලින් ස්ටෝන් ගීතය)

ඔබ මේ ආකාරයම කියල මම දන්නවා. වරදිනවා හරි යනවා. මම නරක උනත් මම හැමදාම එකදෙයක් හිතේ තියන් ඉන්නම්. මම දීපු වේදනාවම අපහු මට දෙන්න. අස්සයන් දාලවත් අදින්න බැරි අලි දාලවත් අදින්න බැරි මොලය විතරක්ම නෙවේ. නමුත් එකම දෙයක් නැති උන විදියෙන්ම ඒ විදියටම අයේ ලැබෙන්නේ නැහැ. ලබන ආත්මෙකද? අද ගොඩක් මහන්සි ඒ වගේම මම කල්පනා කරන්නේ පපුවේ එන අමුතුම පෛන් එක මොකක්ද කියල. කොහොම උනත් මේ සින්දුව කාලෙකට පස්සේ අද අයෙත් මගේ දවසේ සින්දුව.

Tuesday 16 January 2018

රාත්‍රී වැඩ මුරයේ නිදි මරාගෙන. මතක මන්ධිර සැදීම


මගේ උත්සාහය ඔබ වෙනුවෙන් යමක් කිරීමටයි. හොඳ දෙයක් කෙරුවට පව් නැහැනේ. එත් හොඳ දෙයක් උනත් කරන්න මහන්සිය කාලය ඕන. මම ඒවා මගේ නින්දට ඇරියස් තියල ගන්නේ. එහෙම තමා. මේක අපේ මතකයන් වෙනුවෙන් කරන දෙයක්. ඒවා අමතක වෙයිද? කවදාවත් අමතක කරන්නේ නැහැ කියපු ඒවා පවා? අපි අතර තියෙනවනම් දැන් තියෙන්නේ එකම එක පොරොන්දුවක් විතරයි. එක කඩන්න එපා ඔක්කොම අමතක කලත්. එක කඩන එකක් නැහැ කියල මම හිතනවා. මම පාඩුවේ ඉන්නවා.

Monday 15 January 2018

හමුවීම වෙන්වීම


අද මම ඔයාලගේ කාර්යාලය ලඟින් ගියා. මේ විදියට මම ඉඳල හිටලා ඇවිත් යනවා. මාව දකින්න බැහැ. මම එහෙම වෙයි පුළුවන් හැම වෙලාවේම. මම ඔයාගේ නමින් ලොකු දෙයක් කරනවා මගේ මට්ටමෙන්. එකේ තියෙන්නේ මගේ දැනුම. දැනුම බෙදල දෙන්නම් ඒක කරන්නේ ඔයාගේ නමින්. අණබෙර ගහන්නෙත් නැහැ ගහන්න ඕනත් නැහැ නිහඩවම ඒවා වෙයි. අයේ අයේ මම මේවිදියට ලංවෙලා යනවා.

Sunday 14 January 2018

මනස අව්ල් වීම

 රෝලින්ග් ස්ටෝන් සංගීත කණ්ඩායමේ ගීතය මෙතනින්

රෝලින්ග් ස්ටෝන් සංගීත කණ්ඩායමේ තවත් ලස්සන ගීතයක්. අතීතය දිහා බැලීමේදී හිතට දැනෙන දුක තමා මේ සින්දුවේ කියවෙන්නේ කියල මට හිතෙනවා.
තරුණ කාලය ළමා කාලය දිහා වැඩිහිටි අයෙක් බැලුවම දැනෙන දුක වගේ එකක්. අතීතය දිහා බැලුවම දුක විතරමද අපට තියෙන්නේ. අපි වෙන්වෙලා නිහඩ වෙලා තවත් දවසක් ගෙවිල යනවා. නිහඬ හිත් ඇතුලේ තියෙන ගොෂාව, තර්ක, දැනුම, දැනීම් හැඟීම් නිතර කතා කරන හිත වල නැහැ. කතා කරන අය හිස් කියනවා නෙවේ. මේ අපේ හැටි. අපිට උන දේවල් අපි කල දේවල් අපේ ඔලුවේ තියෙන දේවල් කියා ගන්න බැහැ කියන්න අයත් නැහැ. ඉතින් මමත් අනික් අය හිනා වෙනකොට හිනා වෙලා කතා කලොත් කතා කරලා ඉන්නවා. ඔලුව ඇතුලේ ලොකු මත ගැටුම්. ඒවා නිරාකරණය කරන්න අමාරුයි. කතා කරන්න කියන්න යන වෙහෙසත් දාල ඒවා ගැන හිතනවා. නිහඬව ඉන්න එකත් උලුව ඇතුලේ යන මහා කලබගැනියට යන්තමට සරිලන බෙහෙතක්. අතියත් දුකක්. කඳුළු විලේ මම පින්නව. ඔයා ඔන්ලයින් ඉඳල. එකත් පුංචි බෙහෙතක්. අද නින්ද යන්නේ නැහැ, නින්ද යන්න මටත් බොන්න තමා වෙන්නේ.
 

Saturday 13 January 2018

සසර ණයකරුවා

දිනපොතක් මම කවදාවත් ලියල නැහැ. හැබැයි මම බ්ලොග් එකක් ලියනවා. අද පුදුම දවසක් පැය 24 බලල බලල හවස නරක දෙයක්. එකත් පුදුමයි බන අහගෙන වැරදි පාරේ මොලේ අව්ල් වෙනකන්. හැමදාම වගේ. මගේ යාළුවා කියනවා සංසාරේ කියන්නේ අපි අපේ බැඳීම්වල ගනු දෙනු ඉවර කිරීම කියල. ඒ කියන්නේ මුගලන් මහා රහතන් වහන්සේ අම්ම තාත්තට ඇඟ කුඩු වෙනකන් ගහපු එකේ ගනු දෙනුව ඉවර උනේ මුගලන් මහා රහතන් වහන්සේ අපවත් වෙනකන් ගුටි කලා. අපි අතරෙත් ගනුදෙනුවක්ද? මොනවා උනත් මොකක් උනත් මම ඒක අසාවෙන් ගෙවනවා වැඩියෙනුත් ගෙවන්න කැමති. ගනුදෙනුවක්මද අපිත් විසඳුවේ? ඒ කියන්නේ මට රිදිලා. රිදවපු කෙනා ඔයාද? එක ගෙවුණු හැටිද මේ? හ්ම්ම් කමක් නැහැ. හැබැයි ඒ කියන්නේ අපි ආදරේ වගේම වයිරයෙනුත් ඉන්න ඕනද? මම එහෙම ඉන්නේ නැහැ. හැබැයි ගනු දෙනුවනම් මම අපහු හමු වෙන්නම්. දන්නේ නැහැ මම කොහොම ඒක කරයිද කියල. බන වැඩසටහනේ කියනවා හේතු පලය අනුව හැමදේම උනා කියල. ඒත මම කොච්චර රිද්දුවද? ගනුදෙනුවනම් එකත් මම ගෙවන්න ඕනේ . අපි හමුවෙයි. හේතු පලේ හරි මම දන්නවා විස්වාසෙකුත් තියෙනවා. එකට ඉන්න බැරි උනත් උඹව අමතක නොවෙන හේතුවකුත් මට තිබිල. මගෙන් පලිගත්තත් අපි අයේ හමු විය යුතුමයි ඒ භාවයේ.මම ඉන්නම් ඒ කාලේ රිදවන්න අවසරයි. මම නය ගෙවන්නම්. මගේ ක්‍රමයයි වැරදි. නැවත අපි හමු වේවි සත්තයි. මීට සංසාරගත ඔබේ නය කරුවා.

ගීතයක් රචනා කරමින්.

අදත් මම ගොඩක් වෙලා බලන් හිටිය තැනක. එත් ඔයා පෙනෙන්න නැහැ. පැය 24 ම බැලුව. කමක් නැහැ අපිට ලංවෙන්නත් බැහැ. මම හෙටත් ඇවිත් එතනම බලනවා. හැමදාම. කරදරයක් නැතුව ඉන්නවනම් එච්චරයි. මම පෙනෙන්නේ නැහැ. පෙනෙන්න ඉන්නෙත් නැහැ. එත් හැම තැනකම මම ඉන්නවා. අවා නවා කියල තරහත් නැහැ. මේ දවස් වල මොළෙත් එච්චර හොඳ මදි වගේ මගේ 
.........................................................................................................................................................................
 ඒවගේම පරණ සින්දුවක් අහනවා. යේ මම ඒ කාලේ වගේමයි. මේක මුලින්ම ඇහුවේ යාලුවෙක්ගෙ දුරකතනයේ තිබිල. තේරුම දන්නේ නැතුවත් මුලින් හිත ගියා. තේරුම දැනගත්තම කොහොමත් හිත යනවා. ඔක්කොම තේරුනෙත් නැහැ. එත් පස්සේ මෙන්න මේවගේ ඉංගිරිසි හාදයෙක් සින්දුව ගැන දාපු පැහැදිළි කිරීමකුත් දැක්ක. ලස්සනයි. ඒවගේම අනුවේදනීයයි.

To me this song is about a man who secretly loves a girl who doesn't know it. He is scared to tell her because she might get scared. How he explains it seems to be an obsession that he cannot control and he feels very frustrated by his feelings for her. He desperately wants to tell her he loves her but something is holding him back.

"I don't want the world to see me, because I don't think they'd understand" suggests that he doesn't know how to tell anyone/ express his feelings or he doesn't want people to know because they won't get it or he could be referring "world" as the girl he likes (she won't understand).

"When everything's made to be broken" suggests that he thinks it is wrong to be in love with this girl for some reason, or he tried to stop himself from loving her but can't help it.

"I just want you to know who I am" shows that he really wants the girl to know him on the inside and to know his deep feelings and not to see him as what he seems (how everyone else sees him). He would like her to understand his feelings for her - what makes up his world. It could also mean that she doesn't know who this man is at all and he wants her to meet him.

"when everything feels like the movies" shows that the love he has for this girl is like a love story from a movie - he loves her so much that it's almost un-real/ hard to believe.

ඒවගේම එතන තව ගොඩක් සාධාරණ පැහැදිළි කිරීම් තිබුන මගේ හිත ගියේ මේකට. මොකද දන්නෙත් නැහැ. එත් සින්දුව රස විඳින්න අමතක කරන්න එපා. 

සින්දුව මෙතනින්-Goo Goo Dolls - Iris

Monday 8 January 2018

පින්චිනා ආච්චිගේ මළගෙදර.

පින්චිනා ආච්චි මැරිලා. කතාව එහෙන් මෙහෙන් ආරංචි උනා. මගේ ඉස්පිරිතාලෙට ඇවිත් පදිංචිවෙලා වගේ හිටපු කෙනෙක්. එත් හැමෝටම එහෙම තමා. ලෙඩවීම අසරණ වීම මරණය. බුදු හාමුදුරුවෝ ජාති ජරා මරණ කිව්වා. ළමයි කිපදෙනේක්ගේ අම්ම කෙනෙක්. අවුරුදු අසුවත් පැනල වකුගඩුත් හොඳ නැහැ. බඩට වතුර පිරෙනවා. මගේ දෙවැනි පෙරිටෝනියල් කරාමය දැම්මෙත් මේ ආච්චිට. එක විදියකට එක එල්ලේම නැතත් එයාගේ මේ කුණු වෙලා යන සරිරේ මට ඉගැන්නුවා. ප්‍රැක්ටිකල් එහෙම තමා වෛද්‍ය විද්‍යාවේ. අද අවසන් කටයුතු. ළමයි ගොඩක් හිටියත් ඉස්පිරිතාලේ ළඟ හිටියේ මොලේ හොඳ නැති පුතා විතරයි. මට මතක නිහාල් වගේ එත් නම ලාල් කියල අද දන්නේ. ලාල් මම ඔයාගේ කුස පුරවගන්න සල්ලි කීප වරක් දුන්න. මට සතුටුයි ඒක ගැන. මොකද මම දොස්තර කෙනෙක් උනත් මම මුරුගයෙක් වගේ මාවම පෙනෙන්නේ. ඒ අතින් ඉස්පිරිතාලේ අපිට අම්මට උඹ වගේ ආදරේ කරපු එකෙක් ලොකු පාඩමක් කියල දුන්නේ. එනිසාමයි අද මල ගෙදර අවෙත්. මලගමේදී තමයි දැනගත්තේ මේවිදියට විකාර විදියට පිස්සෙක් වගේ ඉන්න ඉස්සරවෙලා උඹත් ගනියෙක්ව බැඳලා කොල්ලෙක් සවි ශක්තිය ඇති එකෙක් විදියට උන්න එකෙක් කියල. බිරිඳ උඹේ ආදරේ උඹව දාල ගිය. පිස්සෙක් වෙච්ච උඹ හිතුවේ අම්මගේ ආදරේ උණුසුම හැමදාම උඹ එක්ක ඉඳීවි කියල. ඒ හැම ආදරේම එකතු කරලා උඹ ආදරේ කලේ අම්මට. දැන් එයා මැරිලා. කෙනෙක් කිව්වා උඹ අම්මව කරේ තියාගෙන පාරට ගේනවා ත්‍රි විල් එකක් ගන්න ඉස්පිරිතාලේ යන්න කියල. උඹ ලබන ආත්මෙක ලොකු මිනිහෙක් වෙයි ලාල්. එක විස්වාසයි. හරිම පුදුමයි උඹව ආදරේ දාල ගියා. මම ආදරේකට පිටුපැව. හිතපන් උඹ තනිකමේ වේදනාවෙන් පිස්සෙක් උනා. මිනිස්සුන්ට ආදරේ නැතුව එහෙම වෙද්දී මම වගේ උන් ආදරේට පිටුපැව. උබේ පිස්සු ඔලුවට දුක කියාගන්න වචන ගලපගන්න බැරි හැටි මම දැක්ක. එකත් උඹටමයි උනේ. ඔලුවේ,හිතේ තියෙන දුක කියාගන්න බැහැ උඹ පිස්සෙක් වෙලා නිසා. මෙහෙම තමයි ලාල් ජිවිතේ. මම උඹේ කතාව ඉන්ටෙර්නෙට් එකේ මාර්කට් කරනවා නෙවේ. මේ උඹේ කතාවත් නෙවේ. මම කියන්නේ අයේ උඹ මෙහෙම ආත්මෙක ඉපදෙන්න එපා.ආදරේ නිසා අසරනවෙච්ච වෙච්ච උඹව බලාගන්න දරුවොත් නැහැ. හිටපු එකම කෙනා අම්මත් දැන් නැහැ. මම උඹගේ ගෙදර හිටියේ හරිම අපහසුවෙන්. මොකද මිනිස්සු මම දිහා අමුතුවට බලන නිසා. දොස්තර මොකද මෙහෙ කියල. එච්චර දුක්පත් ගෙදරකට මම කවදාවත් ගිහින් නැහැ ලාල්. එත් ගෙදරනිසත් මගේ හිත අව්ල් වගේ. ඒ මගේ මහන්තත්ත කම. මගේ මෝඩ කම. දනයෙන් ඉදිමිච්ච හිත. ලාල් උඹත් අසරණවෙලා. එත් උඹ මට ලොකු වීරයෙක් වගේ පෙන්නේ. මට ගොඩක් සතුටුයි මම ඉස්පිරිතාලේදී අම්මටයි උඹටයි උදව් කරපු එකට. උඹයි උඹේ අම්මයි එකතු වෙලා නිහඬවම මට කියල දුන්න පාඩම සල්ලි දීල ගන්න බැහැ. මම අයේ උඹව දකින එකකුත් නැහැ. හරිම පුදුමයි. ආදරේ නිසාම අපිට වෙන දේවල්. හරිම දුකකින් ඉන්නේ ලාල්. උඹ දුකෙන්ඔලුව අව්ල් කරගන්නකොට අපි වගේ අය බීලා ඔලුව අව්ල් කරගෙන ප්‍රශ්නේ අමතක කරනවා. පුළුවක් කලක් ජිවත් වෙලා අම්මගාවට ගිහින් සතුටින් ඉඳපන්.

සමුගැනීම පමණද.

ජේම්ස් ඇයි මේ සින්දුව ගයන්න විශේෂ හේතුව? ගූඩ් බායි කිව්වම හැමෝටම පෙනෙන්නේ දමල යෑමක් විතරයි වගේ. ඔබත් මම ගිය පාරේම ගියාද? කෙනෙකුට වුන රිදීමත් එහෙම උනා කියල අපහු ඔබටම උන රිදීමත් මේ සින්දුවේ අදහසේ නැද්ද? හරිම අමුතුයි එත් සින්දු කියන්න බැරි උනත් ලෝක දෙකක අතරමන් වෙලා කරකියා ගන්න දෙයක් නැතිවෙලා හැමෝටම රිදෙන රිදවූ නිසාත් නැවත රිදෙන ඒ අප්‍රසිද්ධ පාරේ ඇවිදල තියෙන්නේ ජේම්ස් ඔබයි මමයි විතරද? වරදින හා වැරදි බව දැන දැන කල ආදරයේ වේදනාව අපට දැනීමත් දැනි දැනී රිදීමත්. නැවත හරි ගස්සවනු බැරි වේදනා ඇති කල අපේ කල්කිරියාවට සමාවක් නැහැ. ආදරේ පුදුම ආත්මාර්ථකාමී කමක්. අපි මී පැණි ගොඩකට වැටුණු මැස්සෝ වගේ. අවශ්‍යතාවයද, රසයද හැමදේම තදින් ඇලිල දැන් දුක දීල දුක් විඳලා මතක ලෝකයේත් අයේ අයේ අපි දුකෙන්.