Friday 31 August 2018

we walked in our path. holding hands together.

ඔයා හොඳින් ඇති කියල හිතනවා බබා. හොඳින් ඉන්න කියල පතනවා.
මට ඔයාව නිතරම මගේ හිතේ ඇතුලේ තියාගෙන ඉන්නවා. මතක් වෙනවා. හැමදාම-
එකමදේ කියනවා ලියනවා නෙවේ. එත් මට හැමදාම ඔයාව මතක් වෙනවා. මට දැනෙනවා.
එත් සමහර වෙලාවකට දුකක් එනවා. මට තේරෙනවා මාව දැන් මතක මායිමකවත් නැතුව ඇති කියල.
අදත් මම ඔයාව මතක් කරනවා. නින්ද අඩුයි. අපේ රූප මතක මැවෙනවා හැම අසිපියක් වාරයේම.
මතක් වෙනවා අපි සපෝර්ට් මිනිස්ට්‍රියේ චයිනිස් කැෆේ එකේ ලන්ච් ගත්ත විදිය. මතකයි එතන හිටපු තාරාවෙක් එක්ක-
ඔයා පින්තුර ගත්ත. මතකද?
මතකද එතන පාරදිගේ ඇවිදගෙන අවා සෙනසුරාදට එතන පුංචි පොළකුත් තියෙනවා.
ඔයාගේ අත අල්ලාගෙන මිරිකගෙන මම සතුටෙන් ඇවිදිනවා. ඔයා එක්ක මොකක්හරි කියල හිනාවෙනවා.
එතන තිබුන පුංචි පොකුණ ළඟ වැඩිවෙලා හිටිය ඔයාව අත්දෙකේ තියන්.
කාලය ගෙවෙනවා දැනෙන්නේ නැහැ හවස 4 ලන්වෙනකන්. පස්සේ දුකෙන් ගෙදර යනවා මම. මොකද ඊට පහුවදා හවසම-
මම ආයෙත් සති කීපයකට ඔයාගෙන් දුරස් වෙන නිසා. මම දුකෙන් පිස්සු හැදෙන නිසා.
මම මේක ලියනකොට ඔයා නිදි ඇති බබා. එත් ඔයා මගේ හිතේ. මම ඔයාව සිහිකරනවා. දැනෙනවා ඔයාව.
හොඳින් ඉන්න බබා.

Thursday 30 August 2018

picture

කොහොමද බබා? මතකද එකදවසක් මම ඔයාගේ ගෙදර ලඟම බස් ස්ටෑන්ඩ් එකට ඔයාව එක්කගෙන ගියා?
ඔයා බැහැල ගියා. මතක මගේ මුහුණත් ඉඹල ගියේ. ගියේ අම්මට මල් පැලයක් ගන්න ඕන කියල. එතනම මල් පැල කඩයක්-
තිබුන. ඔයා මුලින්ම දැක්කේ නැහැ. එත් පස්සේ දැක්ක මම ඔයා දිහා බලන් හිටිය පාර එහාපැත්තෙ ඉඳල. මම ඔයා දිහාම බලාගෙන හිටිය ඔයා දැක්ක මම බලන් ඉන්නවා. පස්සේ මම ආයෙත් එන්න අවා. මට දැන් ඔයාව පෙනෙන්නේ නැහැ. මම දන්නවා වැරදි මගේ අතේ කියල.
එහෙම ගොඩක් මම ඔයාගේ ඔය ඇස් දිහා බලාගෙන හිටිය. එක පින්තුරයක් තියෙනවා. එක ඔයාගේ වෙනුවෙන්මයි මම ගත්තේ.
මම හිතනවා ඔයාට මතක ඇති කියල. මතකද කියල බලන්න. ෆොටෝ එක අවසානේ ඇති ලිපියේ. මේ ෆොටෝ එකම දාල ඔයා මොකක්හරි වචන වගයක් ලියල එෆ්බි ෂෙයාර් කරන පින්තුරයකුත් හැදුව මතකයි. මම හැමදේම මතක් කරනව. අපේ අතීතේ හැමදේම ලස්සනයි.
අද හවසත් ඔයාව ගොඩක් මතක් උනා. මොකද මම හරියටම වැඩ ඉවර උනේ 4.00. ඉතින් ඉස්සරනම් ඔයා තව විනාඩි කීපෙකින් කෝල් එකක් ගන්නවා.
එතන ඉඳල අපි ගොඩක් කතා කරනවා. ඔයා හොඳින් කියල හිතනවා බබා. අයෙත් ලියන්නම්.
best picture which i ever captured. it was for you.

Wednesday 29 August 2018

today for the secoand time

im not a rock baba. to stay this way. but i cant hurt you. you may call me the worse thing you had. its ok. you are the best thing happened to me. im the worst i know. i have my feelings. they are and they were always on your side.they were always for you. i hope you are fine. i wish i could see you once. i dont want to hurt you coming closer. i know you will get hurt even seeing me. please take care your self baba. may the tripple gems bless you always.

though im so tired.

බබා ඔයා හොඳින්ද බබා? මට ගොඩක් දුකයි. මම දන්නවා ඔයත් මේ දුකෙන්ම ඇති. නැත්නම් ඉන්න ඇති.
ඔයා හොඳින් නම් මට ලොකු සැනසීමක්. මට ගොඩක් හිතුන මැසේජ් කරලා හරි සැප දුක අහන්න.
එත් ආයෙත් අඩවන්න වෙයිදෝ කියල මම ගොඩක් දුකෙන් මැසේජ් කලේ නැහැ. මට අයිතියක් නැහැ ඔයාගේ ජීවිතේට ආයෙත් එබෙන්නවත්. මගේ එහෙම බාදාවක් කරන්න තුන් හිතකවත් අදහසක් නැහැ. මගේ රත්තරන් හොඳින් නම් මට ලොකු දෙයක්. දුකින් ඉන්නවනම් ඔයාගේ දුක නිවෙන්න ඕන. හොඳින් ඉන්න මගේ බබා. අද ඩියුටි කරන ගමන් ලිව්වේ. ඒ නිසයි ටිකක් කෙටි. ඊයේ පෙරේදා මම ගොඩක් ලිව්වා ඔයාට. අද මම ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. එත් ඔයාව මට අමතක උනේ නැහැ. හොඳින් ඉන්න.ආයෙත් ලියන්නම්. තෙරුවන් සරණයි.

Tuesday 28 August 2018

ඔබගැන සිතමින්.

මම මේක ලියන වෙලාවේ ඔයා බොහෝවිට ගෙදරට ඇවිත් හෝ ලංවෙලා ඇති.
අපි කොච්චරනම් කතා කලාද බබා? මම සමහර වෙලාවට ශානි  තරහට බස් එකෙන් බහින්න කියල බල කලේ-
මට ඇතිවෙච්ච දුකට බබා එයාල කියන සමහර වචන වලට. මම ඔයත් එක්ක තරහකට නෙවේ. මේ හැම පැහැදිලි කිරීමම-
කරන්න උනේ අපි දුරස් උන වෙලාවේ උනත් මම ඒවා ගොඩක් වෙලාවට කලේ ඔයාට ආදරේටම තමයි.
මම වාහනේ ගත්තට පස්සේ ගෙදර අයටත් ඉස්සරවෙලා එක්කගෙන ගියේ ඔයාව. මතකද පලවෙනි දවස මම වාහනේ ආපු?
ජීවිතේට මෙච්චර වේදනාවකින් මම ඉඳල නැහැ බබා. මම දන්නවා ඔයත් එහෙමයි කියල. ඒ වේදනාවෙන්ම තමා කියල. මම ඔයාට ආදරේ කලා කරාවි හැමදාම. මම හැමදාම මේ ලෝකේ ඔයාගේ පැත්තේ. මට ගොඩක් මතක් වෙනවා. මට ඔයාව පෙනෙන්නෙත් නැහැ, දකින්නත් නැහැ ඇහෙන්නෙත් නැහැ. ඒ දඩුවමත් මම විදින්නම්. ඔයා සමහර වෙලාවට අපේ රිලෙෂන්ශිප් එකේ මාව තරහගස්සන්නද මන්ද සමහර වෙලාවට කෙයර්ලෙස් විදිහට මට සැලකුව.(බින්දුවක්වත් තරහක් නැහැ) ඒ වෙලාවට මට පිස්සු හැදුනේ වේදනාවෙන් බැනගත්තේ අදරෙටමයි. වෙන හේතුවක් නිසා නෙවේ. අපි දෙන්නම ආදරේ කලා. මට ඒක  විස්වාසයි. මම ඔයා ගැන නිතර හිතනවා. මතක් වෙනවා. හොඳින් ඉන්න බබා.

Monday 27 August 2018

4.58am

සඳුදා දවස ඔයා අද වැඩට යන්න ඇති කියල හිතනවා. අදත් උදේ 4.58 නැගිට්ට.
මතක් උනා හැමදාම උදේට ආපු ගුඩ් මොර්නින්ග් විශ් එක. මට හැමදේම මතකයි.
හැම මතකෙම ගොඩක් වටිනවා වගේම අදරනියයි. මාව මතක නැතත් මට ඒවා හැමදාම මතක-
තියෙනවා. තියේවි. ආදරෙත් හැමදාම තියේවි. මොනවා උනත් කලත් බබා මම ඔයාට වෛරයක් නැහැ-
තරහකුත් නැහැ. කරනදෙයක් කරන්න ඇත්තේ වේදනාව නිවාගන්න කියල හිතනවා. එත් ඒවගේම  නිවෙන්නේ නැහැ.
ඒගැන ගොඩක් හිතන්න දෙයක් නැහැ. ඒක මම දරාගන්න ඕන දෙයක්. මට හැබැයි ඔයා විඳපු විඳින දුක් ගැනත් දුකයි.
මම හැම වෙලාවකම බබා ඔයාගේ දුක දැනිල දුක් වෙනවා. සමහර අපේ කතාබස් වලට පස්සේ මම අයේ කෝල් කලේ.
මට ආදරේ කරන කෙනා එහෙම දුකෙන් ඉන්නවා බලන් ඉන්න බැරි උනා. ඒවා මතක්වෙනවා. මතක් වෙද්දී වේදනාවයි.
මට එහෙම හිතුනේ ආදරේ නැති හින්දද? ඔයා බනිවි මම ආදරේ කලේ නැහැ කියල. කරන්නේ නැහැ කියල.
බනින්න. තරහ නැහැ. අයෙත් ලියන්නම් බබා. හොඳින් ඉන්න.

Sunday 26 August 2018

මතක ගඟ

මම හිතනවා ඔයා හොඳින් කියල. ගොඩක් ඔයාව මතක් උනා බබා. එත් මම දන්නවා දැන් මාව මතක් වෙන්නේ නැහැ කියල. ඒක දුකක් උනත් මට මම තරහ නැහැ. ඔයා එහෙම කලේ හිත හදාගන්න හිතේ තියෙන දුකට වෙන්න ඇති. එත් මම වෙනස් වෙලා කොයි කාලෙක හරි ඔයාගේ ලඟට අයෙත් දුවගෙන ඒවි. මම පොරොන්දු වෙනවා මම වෙනස් වෙලා ඉන්නම් කියල. අයේ හිත රිද්දවන්නේ නැහැ කියල. මම හැමදාම ආදරේ කරාවි. ඔයා සමහරවිට මාව අමතක කරලා තියේවිද කියලත් හිතනවා. මට වරදින්න ඇති. එත් බබා මම ඔයාට ගොඩක් ආදරේ කරනවා කරාවි එදත් එහෙම කලා. හැමදාටම එහෙමයි. මට ඔයාව පෙනෙන්නේ නැහැ. එත් මට ඇස් වහන හැම වාරෙකදීම ඔයාව පෙනෙනවා. මට අද මතක් උනා අපි ආයෙත් ශෝපින්ග් කොම්ප්ලේක්ස් වල ඇවිදපු හැටි. මොකද ඔයා තෝරපු ඇඳුමක් මම අද ඇන්දේ. මතකද එම් සී එකේ ගත්ත ඩෙනිම් කලිසම? අද ඒක ඇන්ද. මතක ඉතින් මගේ දෙගොඩ ගලාවි. ඇස් දෙකත් තෙත් වේවි. තෙත් වෙනවා මේක ලියනකොටත්. කොච්චර ලස්සන කාලයක්ද. අද ඔයා නිවාඩු දවසක්. ඊයේ අම්මල එක්ක පන්සල් ගියාද? අපි දෙන්නට පන්සලකට යන්න බැරි උනා. එත් අපි පින්කරලා ඇති ඒ අපි එකට හිටපු කාලෙට ගොඩක්. ඒවා ඔයාට හා අම්මට අත්පත් වෙන්න ඕන ඔයාගේ. මතකද ආර්කෙඩ් එකේ කලා එනගමන් අපි ඉතුරු කරගත්ත කෑම ගෙනත් එතන අතුගාන මිනිස්සුන්ට දුන්න. හැමදාම ඒවගේ ලස්සනට ඔයාගේ හිත තියාගන්න බබා. කවදාහරි මගේ මේවා කියෙව්වොත් එහෙම වෙන්න. මම දුරක ඉඳල ඔයාව දැනෙනවා. සමහර වෙලාවට දැනෙනවා ඔයාගේ හිතින් මාව අයින් වෙනවා. මම ඔයාව මගේ හිතෙන් මැකෙන්න දෙන්නෙත් නැහැ. මැකෙන්නේත් නැහැ. ඔයාගේ උපන්දිනේ දවසේ ඔයාගේ උපන්දිනේ වෙනුවෙන් හිටපුවපු ගස් දෙකක් තියෙනවා. මම ඒවා ලඟට ගියා. ලොකුවෙලා දැන්. ඔයාගේ උපන්දිනේකට ගහක් හිටවපු කෙනා මම. හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

Saturday 25 August 2018

යම් දිනක කියෙව්වොත්

ඔයාව මතක් උනා. නිදියන්න හිතෙන්නත් නැහැ. මම මෙහෙම අනන්තවත් නිදි නැතිව ඉන්න ඇති අපි වෙන් උන දවසේ ඉඳල. හැමදේම හිතේ තදකරගෙන ඉන්න එක ලේසි නැහැ. මම දන්නවා ඔයත් එහෙමයි කියල. ඉස්සර ඔයාගේ ඇස් දිහා බැලුවම ආදරේ විතරක් නෙවේ ඒ ඇස් ඇතුලේ මාවත් පෙනුන. චායාවක් විතරක්ම නෙවේ හිතින්ම එන රුපයක් විදියට. මම දැන් ඒ ඇස් ඇතුලෙන් පන්නල දාල කියල දැනෙනවා. ඒවගේම තමා මගේ ගැන මතකත් දැන් අමතක වෙලා ඇති බබා ඔයාට. අමතක උනත් කරත් මම තරහ නැහැ බබා. හැමදාම මට කියන්න කියන්න තියෙන්නේ මම ආදරෙන් හිටිය, හැමදාටම එහෙම ඉඳීවි කියල. මම මගේ හිතට දැනෙනවා ඔයාගේ හිතින් මාව අමතක වෙලා යාම. එක දඬුවමක් විදියට කලත් මම තරහ නැහැ රත්තරන්. කවදාහරි මට පුළුවන් උනොත් මම හිටිය වේදනාව මේ වචන වලින් අඩුම ගානේ පෙන්වන්න ඒ මගේ ආත්මෙට අස්වැසිල්ලක් ගන්න නෙවේ. මේවා හැමදාම ඔයාව මතකේ තියාගන ලිව්වේ මගේ හිතේ ඔයා ඉන්න නිසා. මට ඕන නැහැ බබා මගේ හරි, හෝ මගේ හොඳ පෙන්වන්න. මට කවදාහරි ඔයාට වචනයක් කියන්න, ලියන්න ලැබුනොත් මට කියන්න ඕන මම ගැන නෙවේ. මගේ හිතේ ඔයාට ආදරේ ගොඩක් හැමදාම තියෙනවා හැමදාටම කියල.(හැමදාම කියනවා වගේ මම වැරදි කාරයෙක් උනත්) මම ඔයාට පෙනෙන්නවත් එන්නේ නැත්තේ කතා කලේ නැත්තේ මගේ අමන කමකට නෙවේ. මට බැහැ ඔය ඇස්දෙකේ කඳුළු බලන්න. මට බැහැ ඉවසන්න අත්දෙකෙන් මුහුණ වහන් අඬනවා බලන් ඉන්න. මම නරුම මිනිහෙක් වෙන්න ඇති එත් මමත් ආදරෙයි බබා. ඕනෑතරම් බනින්න. ඕන විදියකට දඬුවම් කරන්න. මම තරහ නැහැ. ගහන්න තියෙන හැම විදියකටම ගහන්න. දවසක දැක්කොත් මගේ මේ ලියුම් එකම එක දෙයක් තේරුම් ගන්න බලන්න. මම ඔයාට ආදරෙන් හිටිය කියල. හැමදාටම. හැම වෙලාවකම ජිවිතේ පුරාම. හොඳින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට.

Friday 24 August 2018

සෙනසුරාදා අපි හමුවෙන දිනයක් මතකද?

අමතක වෙලාම යන අතීතෙක ඉන්න එක ලේසි නැහැ බබා. එත් දුකෙන් උනත් මම ඉන්නවා මෙහෙට වෙලා.
හිතනවා ඔයා හොඳින් කියල. ඔයාව මට නිතර මතක් වෙනවා මතක තියාගන්න.  සෙනසුරාදා පෝය දවසක්. අද බොහෝවිටක අපි හමුවෙන දවසක්.
අපි කොච්චරනම් අද කතාකරයිද, හිනාවෙයිද හමු උනානම්. මගේ හිතේ මගේ ඔලුවේ ඔයාව හැමතැනකම. අද අපි හමු උනානම් මම බොහෝවිට ඊයේ බොහොවිටක ඇවිත් කොළඹ. බොහෝවිට හවස 4.30 වෙනකොට ඔයා ඉන්න පැත්තටත් ඇවිත්. මට තවම මතකයි ඔයාව ගෙදර ඇරලවා ආපහු මම ගෙදරගිය හැටි. අද ඔයා පන්සල් යාවි. මම ආයෙත් අපි ෆිල්ම් එකක් බලපු තැනකටවත් ගියේ නැහැ. මම අයේ යන්නේ නැහැ. ඒ මම එහෙම ගියේ ජිවිතේ අවසානම වතාවට ඔයා එක්ක. ඒ මතකයම මට ඇති. මම අයෙත් ඒ අපි ඇවිද්ද පියවර උඩ ආයෙත් ඇවිදින්නේ නැහැ. ඒවා ඔයාගේ හා මගේ මතකයන්ම පමණක් වගේම ඒවා ඒ තරම්ම වැදගත් පුජනිය ඒවා මට. අද උදෙන්ම නැගිටිද්දී ඔයාව මතක් උනා. සාමාන්යෙන් සෙනසුරාදා නම් හෝ නිවාඩු දවසක ඔයා බොහෝවිට අටත් නමයත් අතර මට කතා කරලා. මම ඔයාව අදත් ගොඩක් මතක් කරනවා. ඔයාගේ පාළුව මට දැනුන. හොඳින් ඉන්න බබා. මම ඔයා අමතක කරන ඇතිතේ හැමදාම ඔයාව මතක් කර කර ඉන්නවා.

Thursday 23 August 2018

12.30pm

මට ඔයාව නිතර මතක් වෙනවා. අද බොහෝවිට මම ඉක්මනින් වැඩ ඉවර කරලා ඔයාව බලන්න දුවගෙන එන දවසක්.
තවම මතක් වෙනවා ඔයාට අසනීප වෙලා හොස්පිටල් යවපු දවසේ මම කොච්චර වේගෙන්ද දුවගෙන ආවේ කියල.
වැසි සහිත කාලෙක ඔයාව එහෙ අසනීප උනේ. මගේ පපුව ඇතුලේ බෝම්බයක් පිපුරුව වගේ මට දැනුනේ.
තවමත් මතකයි නිල් කමිසයකුයි ඩෙනිම් එකකුයි ඇඳලා මම අවේ. එනවෙලාවේ ඔයාගේ අම්ම වෝඩ් එකේ හිටියා.
පුදුම දුකක් දැනුනේ ඔයා අසනීප මුහුණකින් ඉන්නවා දැක්කම. මට ඒ දැනුන හැමදෙයක්ම බොරුවක්ද එතකොට? ඔයා කියන්නේ එහෙමද?
මේ ලිපිය දැන් මම ලියින් ඉන්නේ ඔයාගේ දවල් විවේකෙට විනාඩි ගණනකට මෙපිටින්. මට ඔයා දැන් කතා නොකලත්, දකින්න නැති උනත් කෑම කන්නේවත් නැතිව ඔයා එනකන් මම බලන් හිටියා බොහෝ වෙලාවට. ඔයා අනන්තවත් මට කියල ඇති කන්න කියල. බොහෝවිට ඔෆිස් කාමරේ පාඩම් කරන ගමන් තමා මම ඔය එනකන් බලන් ඉන්නේ. මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා. ඔයා හොඳින් කියල හිතනවා. මට ඔයාගේ මුහුණ අනත මැවිලා පෙනෙනවා.
තව විනාඩි ගණනකින් ඔයා දවල් විවේකෙට එලියට එනවා. මට මතකයි අපි සුපර් මාකට් එකේ අතුලේදීත් හමු උනා. මම ඔයා එනකන් පහල පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ඉඳගෙන හිටිය. දුකින් ඉන්න එපා බබා. තෙරුවන් සරණයි.

4.06pm,

ඔයා හොඳින් කියල හිතනවා. එහෙම නැතිනම් මම හොඳක් වෙන්න කියල පතනවා.
මම ගොඩක් ඔයාව මතක් කරනවා බබා. මම දන්නවා දැන් මම ඔයාගේ මතක එලිපත්තෙවත් නැති කෙනෙක්. මට ඒක දැනෙනවා.
දන්නවා අයෙත් මගේ මතක ඔයා ඔයාගේ හිතට නගාගන්නේ නැහැ කියල. ඒක මගේ හිතට දැනෙනවා දැනෙනවා වගේ. ඒක මට දුකක්-
එත් ඔයාට එකෙන් පොඩ්ඩක් හරි හිතට සැහැල්ලුවක් දැනෙනවානම් මාව එතනින් පන්නල දාන්න. එහෙම කරලා තියෙන්නේ කියල මට හිතෙනවා.
හිතේ හැම දෙයක් හිතතද්දීම කරද්දීම ඔයාව මතක් වෙනවා මට. මට මතක් උනා ඊයේ අපි බයිසිකල් පැද්ද හැටි.අපි සැලසුම් කලා පන්සලකටත් යන්න.
ආදරේ අපේ හිත්වල තිබුන. ඔයා කොච්චර නැහැ කිව්වත් මම මේ තැන ඉඳල කියනවා මගේ හිතේ ආදරේ තිබුන. තියෙනවා කියල.
ඔයාට රිද්දන එක නෙවේ මගේ අදහස උනේ. එත් මම ආදරේ නොකර ඉන්නේ කොහොමද? මම ආදරේ කලා. හැමදාටම කරාවි.
මේ වචන බොරු කියල කියාවි ඔයා. එත් මම දන්නවා මගේ හිතේ තියෙන දේ.
මට ආදරේ තිබුනේ නැත්නම් මම මොකද මෙහෙම මෙච්චර මතක් කරන්නේ? ආදරේ නෙවේනම් තිබුනේ ඔයා නැතිඋන මිනිත්තුවකදිත් මට පිස්සු හැදුනේ ඇයි?
මම අද මේක ලියන වෙලාවේ ඔයා ඔෆිස් එක ඉවරවෙලා එලියට එන වෙලාව. මම දන්නවා ඔය 4.06 වෙනකොට මට කෝල් කරනවා. ඒ ඔක්කොම එදාවගේම මගේ හිතේ තියෙනවා. මම තවම ඒ කාල සටහනේ ඉන්නවා. ඒ ලස්සන ඇතිතේ අපේ ලස්සන කාලය. හොඳින් ඉන්න බබා. පරිස්සමෙන් ගෙදර යන්න. තෙරුවන් සරණයි.

Monday 20 August 2018

our times. happiness.

මම හිතනවා හැම මතකයක්ම නැතිවෙලා යයි මම ගැන. මම පොරොන්දු වෙන්නම් හැම මතකයක්ම ජිවිතේ පුරාවටම මතක තියාගෙන ඉන්නවා කියල.
හැමදේටම හැමදාටම නරක කාලයක්ම තියෙන එකක් නැහැ. මතු දිනයක් ගැන හිතන්නම් අපි අත් අල්ලාගෙන නැවතත් ඒ හිනා අතරම. දුකක් කියල දෙයක් අපි දන්නෙවත් නැතිව. නැවතත් අතින් අත තද කරගෙන හිනා වපුරන්න. සතුට උතුරන්න. දුකත් හැමදාම තියෙන එකක් නැහැ. දුක අපිටත් හැමදාම තියෙන එකක් නැහැ. අපි ආයෙත් හමු නොවී ඉන්න එකකුත් නැහැ. සංසාරේ එහෙම තැනක්. ජිවිතේ එහෙම තැනක්. මම  ඔයාට ගොඩක් ලස්සන තැනකම වේවා කියල. ඔයා හිනාවෙන සතුටින් ඉන්න. දුකක් එනවනම් අපේ අමිහිරි කාලෙන් හිතන්න එහෙත් හිටපු අය ඔයාට ආදරේ කලා කියල. හැමදාටම ආදරේ කරනවා කියල.

මම අපේ මතක අතරෙන් ඇවිදිනවා. ලියන්න බැරි උනා මේක ගැන. මම හුගක් අව්ලෙන් හිටියේ කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. පහුගිය සති කීපයකට ඉස්සරවෙලා අසරණ මිනිහෙක්ට මම ඔයාගේ නමින් උදව්වක් කලා. මතකද අපි අසරණ මිනිස්සුන්ට පිහිට උනා? මම පතනවා ඔයේ ලස්සන චරිතයම වෙයි කියල දිගටම. හොඳින් ඉන්න බබා. කමක් නැහැ දැක්ක ඊට දවස් කීපයකට පස්සේ නංගිවත් එෆ්බි එකෙන් එලවල. තරහක් නැහැ. හොඳින් ඉන්න.

Sunday 19 August 2018

pain

ගොඩක් වේදනාවෙන් වගේම දුකකින් ලියන්නේ අද. මම දැක්ක ඔයා අද මගේ නංගිව-
ෆේස්බුක් එකෙන් අයින් කරලා තියෙනවා. කමක් නැහැ බබා. තියන හැම විදියටම මට රිද්දවන්න.
කැමති විදියකට රිද්දුවට කමක් නැහැ බබා. මමත් වින්දින්නම්. රිද්දනවානම් ඕන තරම්. මම පව් කරගත්ත-
ඔයත් එහෙම කරගන්නේ ඇයි කියල හිතුනත්. මම නිසාවෙන් ඔයාට රිදුන. එත් මම ඔයාගේ වටේ ඉඳපු යටත් රිද්දුවේ-
නැහැ. මෙහෙම කරද්දීත් මම ඉවසගෙනම ඉන්නවා. තවත් ගොඩක් ඉවසන්නත්. රිද්දවන්න තවත්.
පැණි රැසක් කියලම හිතන් ඉන්නම්. හිතාගන්නම්. වෛරයක් නැහැ කවදාවත්. මම දන්නේ නැහැ ක්‍රමයක් මගේ හිතේ තියෙන දේත් කියන්න.
එත් මම දන්නවා මම ජීවිතේම ආදරේ කරයි. හැමදේම මම කලේ නරකම කියල හිතන්න. මම දන්නවා ඔයා හිතන් ඉන්නේ එහෙම වෙන්න ඕන.
මාස කීපයකට ඉස්සර වෙලා මාව ඩිලීට් කරපු වෙලාවේ මට දැනුන දේම ආයෙත් මට දැනුන. මම දන්නවා ඔයාගේ වේදනාව කොහොම වෙන්න ඇතිද කියල.
මම වින්දින්නම් බබා. කැමති විදියකට රිද්දවන්න.
මම ඔයාගේ දිහා බලන්නේ නැතුව ඉන්නවා නෙවේ. මම ඔයාට අයේ රිදවීම කියන නාමයවත් ගෙන්වන්න දුකෙන් බයෙන් ඔයා දිහා බලන් ඉන්නවා.
ඔයාට කතාකරන්න අකමැත්තෙන් ඉන්නවා නෙවේ. අයෙත් ඔයාට රිදෙයිද කියල දුකෙන් ඉන්නවා. හිතන්න එපා හැමදේම මට ලේසි කියල.
වේදනාව කියන එක ඔයා අනන්තයක් හිතේ දරන් ඉන්නවනම් මමත් එහෙමමයි කියල මට ඔයාට කියන්න ඕන.
මම බනින්නේ නැහැ. වෛර කරන්නෙත් නැහැ. මම දන්නවා මාව දැන් දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති කුණු කසල මතකයක් කියල. ඒවිතරක් නෙවේ මාව අමතක වෙලා කියලත් දන්නවා. ඒවා හැම එකම නිසා දුක් වෙනවා. එත් මම මෙච්චර ආදරේ කරනවා මිසක් මට වෛරයක් නැහැ. නංගි ඔයාගේ ෆොටෝ එකකට ලයික් කලාම ඔයා ඔය විදියටද බබා පිළිතුරු දුන්නේ. කමක් නැහැ. මම හැමදේම දරාගන්නම්. ඕනෑතරම් රිද්දවන්න බබා. කමක් නැහැ. මට රිද්දවන්න. දරාගන්න බැරි වෙන්නම රිද්දවන්න. හැමදාම ආදරෙන් ඉන්නම්. තෙරුවන් සරණයි.

Saturday 18 August 2018

අපේ සතුට.

ඔයා හොඳින් ඇති කියල හිතනවා බබා. ඔයා සතුටෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්-
මම දන්නවා සතුට කියන දේ පතන්න අපිට අමාරු උනත් දැනටමත් ඔයාට සතුට හමු වෙලානම් මම ඔයාට තව තවත් සතුට පතනවා.
බොහෝ වෙලාවට ඔයා මම වගේ දුකෙන් ඉන්නවත් ඇති. එහෙමනම් මතක් කරන්න දුර උන්නත් ළඟ උන්නත් මගේ හිත හැමදාටම ඔයාට ආදරේ කරනවා කියල. ඔයා දුකෙන් ඉන්නකොට මගේ හිත හිනා වේවි ඇති කියල හිතන්න එපා බබා. ඔයා එහෙම හිතුවත් මගේ හිත එහෙම නැහැ. දුක මටම උරුමයක් වෙන්න ඇති. දැනට දුක තිබුනත් ඔයා වගේ ලස්සනම හිතක් තියෙන කෙනෙක්ට දුකම තියෙන එකක් නැහැ. මම දන්නේ නැහැ මගේ හිතට මට මොනවා වෙයිද කියල. මොනවා උනත් කමක් නැහැ. මම ඔයාට වගේම ඔයාගේ හිතටත්. ඔයාට වගේම ඔයාගේ ආදරේටත් ආදරේ කලා. මට වැරදුනත්. මම වරද්දව ගත්තත් මගේ හිත හැමදාම ඔයාගේ ළඟ. කවදාහරි මගේ මේ ලියපු ඒවා දැනුනොත් බබා බොරු කිය කිය හිටිය කියල හිතන්න එපා.(පුලුවන්නම් එහෙම නොහිත ඉන්න බලන්න කරුණාවෙන්) මම මෙච්චර කල් මෙහෙම ඔයාගේ මතක අතරේ දුකෙන් උනත් ආදරෙන් ඉඳීවිද මම බොරු කාරයෙක් විතරනම්. ඔයා ගොඩක් ලස්සනයි. මම ලස්සනට විතරක් ආදරේ කලේ නැහැ බබා. මතකද අපි දුප්පත් මිනිස්සුන්ට කෑම කලා එලියට එනගමන් කෑම ඉතුරු කරගෙන ඇවිත් දුන්න. මට මතක අන්තිම වතාවට අපි එහෙම කලේ බර්ගර් කින්ග් එකේදී හා රේස් කෝස් කැෆේ එකේදී. මම ඔයාගේ වෙනුවෙන් ඔයාගේ හොඳ වෙනුවෙන් වෙනත් විදියක සතුටක් හැදුව. මම කියන්නේ නැහැ ඔයාගේ හිතට මම කරුණාව ගෙනාවේ කියල. එත් අපි එහෙම සතුටු උනේ නැද්ද? අනික් මිනිස්සු අහක බලන් යනකොට ඔයයි මමයි අසරණ මිනිස්සුන්ට සල්ලි දීල සතුටු උනා. ඔයයි මමයි කෝටිපතියෝ ලක්ෂපතියෝ නෙවේ බබා. අපි දෙන්නටම තිබුනේ ත්‍යාගශීලි කම. මම අදත් ඔයාව ගොඩක් මතක් කරනවා. හොඳින් ඉන්න රත්තරන්. මම ඔයාට ආදරේ කලේ නැහැ කියල ලෝකෙම කිව්වත් කවදාහරි මම ඔප්පු කරන්නම්. කරාවි. මම තමා ඒක වැඩියෙන්ම කලේ කියල. මම දන්නවා මම නපුරු කමක් කලා. හැබැයි මම ආදරේ කලා. කරාවි, හැමදාම. මම හිතල දුකක් දෙන්න ආවේ නැහැ බබා. තෙරුවන් සරණයි. අයෙත් ලියන්නම්. බොරු කාරයෙක්නම් මෙහෙම මතක අතරේ දුකින් ආදරේ ගැන හීන මවයිද? හොඳින් ඉන්න.

Friday 17 August 2018

for you.

ඔයා හොඳින් කියල හිතනවා. හිතේ දුකින් ඇති. මමත් එහෙමයි.
මම මගේ දුක වැඩි හෝ නරක යමක් කියන්න අදහසකින් නෙවේ එහෙම කියන්නේ,
යම් දිනක ඔයා දැක්කම මට බනීවි මේවා කියෙව්වොත්. මම දන්නවා.
ඔය අත් දෙකෙන් මට බත් උයල කවල තියෙනවා ඔයා. මට ගොඩක් මතක් වෙනවා.
ඒ හැඟීමට මම හැමදාම ආදරෙයි. මම නරක මිනිහෙක් උනත් මම ආදරේ කරන්න හැදුව, ආදරේ කලා. හැමදාටම කරාවි.
මම තරහකින් නැහැ. ඊයේ ගොඩක් මතක මැදින් මම ආවේ. ඒ පාරේ මම අනන්තවත් දුකෙන් ගිහින් ඇති. ඔයාට මතකද මම ඒ පාරේදී අඬලා තියෙනවා අපේ කතා බහකින් පස්සේ. ඔයාව බලන්න ඇවිත් යන ගමන්. ඔයත් අඬ කිව්වා මතකයි අඬන්න එපා කියල. මම බොරුවට නෙවේ ඒ.
කෝල් නැති වෙච්ච වෙලාවට පිස්සු හැදුනේ. ඔයා ෆොනේ එක ඔෆ්ෆ් කරන් හිටියම පිස්සු හැදිලා දැඟලුවේ. එක එක මිනිස්සු මැසේජ් කරපු වෙලාවට වේදනාවෙන් කැගැහුවේ වේදනාවට ආදරේට මිස නරක හිතකින් නෙවේ. මට වෛරයක් කවදාවත් තිබුනේ නැහැ. මට මොනම හේතුවකටවත් ඒ කලෙත් මේ කාලෙත් හැමදාමත් ඔයාට වෛරයක් නැහැ. මට වෛරකරන්න බැහැ. මම කරන්න පුළුවන් දේ කලා කරනවා හැමදාම කරාවි. ඒ ආදරේ.
ඔයා හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි. අයෙත් ලියන්නම්/

Thursday 16 August 2018

memory lane

අද ආයෙත් මම කාලෙකින් අපේ මතක මාවතක ඇවිද්ද.
මතක නැතිව ඇති ඔයාට. මම ඔයාව බලල යන ගමන් යන දිගන හුන්නස්ගිරිය 18 වංගුව හසලක පාර.
මම වාහනේ විශේෂෙන්ම හුන්නස්ගිරියේ තේ බොනගමන් ඔයාට කෝල් කරපු කඩේට ගියා.
මතක අපේ ගොඩක් ඒ මාවතේ. මතකද ඔයාව බලන්න ඇවිත් යනගමන් අපේ කතා.
සිනහව, කඳුළු රණ්ඩු හැමදෙයක්ම මතක් කර කර අද ඒ පාරේ මම ගියා. ඒ කඩේ ළඟ නැවතිලා එදා වගේම තේ එකක් බිලා ගියා.
ගොඩක් මහන්සි වෙලා හිටියත් මම අමතක කලේ නැහැ. කරන්නෙත් නැහැ.
ඔන්න ඒ කඩේ ෆොටෝ එකකුත් ඇති. ඔයාට අමතකව ගියත් මම තවම ඒ මතක අතරේ.
ආයෙත් ලියන්නම් ගොඩක් මහන්සියෙන් ඉන්න ගමන් ලිව්වේ. හොඳින් ඉන්න බබා.




Tuesday 14 August 2018

සතුට සහ කඳුල

හැමදාකම හැම වෙලාවකම මම ඔයාව මතක් කරනවා බබා.
ඒවගේමයි මම දන්නවා ඔයාගේ හිතේ දැන් මාව මකලම දමපු කටුගෑවුණු චිත්‍රයක්.
නොදන්නවා නෙවේ වරද මගේ අතේම කියල. එත් ආදරේ කෙරුව,කරන මගේ හිතේ වේදනාව තියෙනවා.
ඔයාගේ වගේම මගේ හිතෙත් වේදනාව ගොඩයි. මම දන්නවා ඒවගේම දැනෙනවා ඔයාගේ වේදනාව.
සමහවිට මාව දැන් දැනෙන්නේ නැතුව ඇති ඔයාට. අමතක වෙලා යනකොට එහෙම තමා. එත් මට ඔයාව දැනෙනවා.
හැමදාම ඒ දැනීම තියේවි. අපි වේදනාවෙන් උනත් හමු උනේ හේතුවක් ඇතුව වෙන්න ඕන බබා. දුක් වෙන්න එපා.
මොන දුකක් මට ආවත් දුන්නත් කමක් නැහැ. ඔයා දුකෙන් තියල මම සතුටු උයනක ඇවිදින්න පිය මැන්නා නොවේ.
ඔයා කඳුළු හලද්දී මම හිනා උනානම් මට කියන්න. අම්මගෙන් පස්සේ කඳුළු දැකල අඬපු, දුක් උන තවත් අය හිටියනම් මමත් ඒ කෙනෙක්.
කවදාත් ඔයාගේ දුකේදී ඒක මගෙත් දුකක් උනා මිසක් මට සතුටක් තිබිල නැහැ. තියෙන්නෙත් නැහැ.
ඔයා අඬන වෙලාවේ මමත් අඬල ඇති අනන්තවත්. අපිට සතුටත් ලැබේවි බබා.
හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

Monday 13 August 2018

ගොඩක් දුක් ඉවසාගෙන ලියමි.

ඔයා හොඳින් කියල හිතනවා බබා. හොඳින් ඉන්න බලන්න.
මම හැමවෙලාවෙම ඔයාව මතක් කරනවා මම අමතක වෙලාගිය දෙයක්/කෙනෙක් උනත්.
මතකය මගේ ගැන තියෙන්නේද හෝ තියන්නේද නැතිනම් ඇතිකරන්නේ වේදනාවක් විතරක් කියල-
නොදැනීමකින් කතා කරනවා නෙවේ. මම ආදරේ කලා. මම ඒක දන්නවා.
ආදරයක් මගෙන් දැනුනේ නැද්ද කවදාවත්ම ඔයාට? මම ඇවිත් ගියාම නෙවේ බබා.
දුරකින් උනත් මම ඉඳීවි හැමදාම ඔයාගේ පැත්තේ. මාව අමතක උනාට කමක් නැහැ. මොකද මට අමතක නැති නිසා. සැමදේම අදවගේ මතකයි.
දුකින් නම් ඉන්නේ එහෙම ඉන්න එපා. මමත් දුකින් තමා. හැමදාකම දුක අපිට තියන එකක් නැහැ.
ඔයාගේ අමතක ඇතිතේ ඔයා අමතක කල මම හැමදාම ඔයාව මතක් කර කර ඉඳීවි. හැමදාම ඔයාගේ පැත්තෙන්.
ඔයා දැන් බනිවි තමුසෙට පිස්සු කියල. කියයි තමුසේ ආදරයක් තිබුනානම් මෙහෙම කරයිද කියල.
මම අහගෙන ඉන්නම්. එත් පුලුවන්න්නම් ඔප්පු කරන්න එකින් එක අරගෙන මම ආදරේ කලේ නැහැ කියල පුලුවන්නම්.
පුලුවන්නම් කරන්න බබා. ගල් හිතක්, මෘග හිතක් වෙන්න පුළුවන්. එත් ආදරේ කිරීම කරන්නම බැරිද?
මම ආදරෙයි ආදරේ කලා. හැමදාටම කරාවි. අද ඔයා ඔෆිස් ගිහින් ඇවිත් මේක ලියන වෙලාවේ නිදි ඇති. නැත්නම් ඉන්ටෙර්නෙට් එකේ ඇති.
එත් මම ඔයාව මතක් කරනවා කියලත් දැනෙන්න ඇති. හොඳින් ඉන්න බබා.

Saturday 11 August 2018

අද දවසට ලියන දෙවැනි පොස්ට් එක. you are always in my mind.

බබා ඔයා හොඳින් කියල හිතනවා. අද දවසට ලියන දෙවැනි පොස්ට් එක.
මට ඔයාව නිතර මතක් වෙනවා. මුල කාලේ සින්දු රෙකොර්ඩ් කරලා එවපු විදිය මතක් වෙනවා.
ලස්සනම කාලේ අපේ ජිවිතවල. මම ඔයාව පන්නන්න හැදුව නෙවේ බබා. මට බැරි උනා ඔයා විඳින දුක බලන්න.
මම වැරදි වෙන්න පුළුවන්. මම වැරදි. ඔව්. එත් මම ආදරේ කලේ නැද්ද බබා ඔයාට? මම හැමදාම ඔයාට ආදරෙයි.
මම ඔයාගේ ඔෆිස් එක ලඟට ඇවිත් ගියා ලඟදි. මම දන්නවා ඉතින් ඔයා ඉන්නවා කියල. මම ඒ පහස විඳලා ගියා.
මම ඔයාගේ ඇස්දෙකට පෙනිලා ඔයාට කඳුළු දෙන්නේ නැහැ අයේ. මතක තියාගන්න ඔයාගේ හිතට, ඔයාට, මමත් හැමදාම ආදරෙන් හිටිය කියල.
ඔයා කෙනෙක්ගේ අත ගත්ත දවසට මාව ඉක්මනින්ම අමතකවෙයි දැනට අමතක වෙලා නැතිනම්. ඒ කාලෙත් මේ මුළු ජීවිතෙත් මම ඔයාට ආදරේ කරනවා.
ළඟ හිටියේ නැතත්. මම වෙන් උනේ වාසි අරන්  පැනල  යන මනසිකත්වෙන් නම් බබා මම මොකද මෙච්චර ඔයාව මතක් කරන්නේ. මම ආදරේ නොකර හිටියේ නැහැ.මම ආදරේ කලේ නැහැ කියල මට අපහාස කරන්න එපා. කෙරුවත් මම තරහ නැහැ. මට ඕන දඩුවමක් දෙන්න.
මෙච්චර ඔයාව මට මතක් වෙයිද මම කුහකනම්? මම නපුරුයි කිව්වට කමක් නැහැ. මම කුහක නැහැ. සමාවෙන්න මේවා ලිව්වට.
කවදාහරි දවසක බැලුවොත් හිතන්න මමත් ආදරේ නිසා ගොඩක් දුක් වින්ද කියල. ඒ ආදරේ හැමදාම මට තියෙනවා. හැමදාම තියේවි.
හොඳින් ඉන්න බබා. මම අමතක වෙයි. ඒ අමතක ඇතිතේ මම ජිවත් වෙයි.
මම ඔයාගේ හතුරෙක් නෙවේ. මම හතුරුකම් කලේ නැහැ බබා. මම ඔයාව ආරක්ෂා කලා. මට වැරදුනු ඒවාට සමාවෙන්න.
මමත් ආදරේ කලා. දැනුනේ නැද්ද? මම ඔයාට හැමදාම හොඳ දේ පතනවා බබා.
තෙරුවන් සරණයි මගේ රත්තරන්ට.

my memories.

අනන්ත දුකකින් උනත් මම නිතරම ඔයා ගැන හිතවා බබා.
මට ඔයාව නිතරම දැනෙනවා. මම විහිලුවට. මේකේ විහිලු ලියනවා නෙවේ.
කවදාහරි දැනගන්න මේවා කියෙව්වොත් හෝ කවදාහරි මේක බැලුවොත් මම නිතර-
අපේ මතක අතර. ඔයාගේ මතක අතර ඇවිද ඇවිද හිටිය කියල.
ඔයා මට වෛරයක් හිතුනත් හිතුවත් මම තරහ නැහැ රත්තරන්. සමහර වෙලාවට මට දැනෙනවා-
මගේ ගැන මතකයක් ඔයාට දැන් නැහැ කියල. දැනෙනවා මම ඔයාගේ ලෝකෙන් දැන් තුරන් වෙලා කියල.
ඒ කොහොම උනත් මගේ ලෝකේ ඔයා ඉන්නවා හැමදාටම. ඔයාගේ වේදනාව නිසා වෙන්න ඇති මාව අමතක කලේ.
මම ඇවිත් ඔයාගේ  පින්තුරය බලල යනවා බබා ෆේස් බුක් එකේ. මම ඔයා වරක් චෝදනා කරපු දම්මිකා එක්ක සම්බන්ද තිබුනේ නැහැ.
මම හැමදාම ඒ ලැබුණු පණිවිඩ ඉල්ලීම් ප්‍රතික්ෂේප කලා. ඇත්තමයි. මට තවම ඒ වේදනාව තියෙනවා. කමක් නැහැ.
ෆේස් බුක් වැඩිය මම අච්ටිව් නැහැ. හැබැයි ඔයාව බලල යනවා. මට ඒක නැති කරන්න එපා. ඔයා කිව්වා මාව අයින් කරන්නේ නැහැ-
කියල. එත් මාව අයින් කලා. මට දුකයි. එත් මට ඒටිකත් නැති කරන්න එපා බබා.
ඔයා දැනගන්න මම ඔයාගේ අම්මට තාත්තටත් වඩා ආදරේ කලා සැලකුව බබා. තවම එහෙමයි.
ඔයා ඕනෑතරම් හේතු කියන්න. බනින්න. මම එයාලටත් වඩා ඔයගැන බලනවා කෙයා කරනවා බබා.
මට ආදරේ තිබුනේ නැහැ කියල ඕන තරම් මට බනින්න. මට කැමති තරමක් රිද්දන්න. කමක් නැහැ. බින්දුවක තරහක් නැහැ. මගේ ආදරේ හැමදාම තියේවි.
තෙරුවන් සරණයි ඔයාට බබා. මම අයේ ලියන්නම්.

Thursday 9 August 2018

දුකින්

හිතන්න එපා බබා මගේජිවිතේ ලෙහෙසි කියල.
මම කියන්නේ නැහැ ඔයා ගත්ත දුක. මම ඔයාටදුන්න දුක ලේසි කියල.
එත් මගෙත් හිතේ වේදනාව ගොඩක් තියෙනවා.
දවසේ වැඩි වෙලාවක් මතක් වෙන්නේ ඔයාව. ඇයි අපිට මෙහෙම උනේ,
මම හමුවෙන්න පෙර ඔයා සතුටෙන් හිටිය කිව්වා. මට මතකයි.
මම ගොඩක් දුකෙන් ඉන්නේ. අද දවසටම ලියන දෙවැනි වතාව. මම තවමත් ඔයාගේ මතකයන් අතර.

දුකින් උනත් තරහක් නැහැ බබා.

මෙතරම් වැරදි මම මෙතරම් ආදරය කෙරු, හා කරන නිසාද?
ආදරය කියන දේ මම කලේම නැතිද සුදු ඔයාට? ඔබ සිතන් හිටියේ මම කවදාවත්-
ඔබ ගැන නොහිතන නොහිතු නපුරු මිනිසා කියාමයි නේද? බබාඔයාගෙන් වෙන්වීමේ දුකෙන්-
මම විදින, වින්ද වේදනා දන්නේ මම පමණමයි. මම දන්නවා ඔයත් ගොඩක් දුකක් වින්ද බව. විඳින බව.
අනන්ත වාර ගණනක් මම පැතුවා ඔයාගේ හඬ ආයෙත් වරක් අහන්න. ඇත්තමයි මට ගොඩක් හිතුන ඔයාට කෝල්-
එකක් හරි දෙන්න. මම එහෙම කලේ නැත්තේ මම අමතක කල නිසා නෙවේ. යම් දිනක යම් වෙලාවක මට ඔයාට මම මේ ලියපු ඒවා පෙන්වන්න බැරි උනොත් මම දන්නවා මම අයෙත් සැරයක් ආදරේ අමතක කලා කියල ලේබලයක් ගහගත්ත මනුස්සයෙක් වෙනවා. එත් මම එහෙම අයේ කතා කලේ නැත්තේ මම ආදරේ නිසාමයි. මට අයෙත් ඔයාගේ ඇස් වලට කඳුලු දෙන්න බැහැ බබා. මම එහෙම නරකම කෙනෙක් නෙවේ. මම කීපවාරයක් ඔයාගේ ඔෆිස් එක ලඟට ඇවිත් බලන් ඉඳල ගියා. මට අයේ රිද්දවන්න බැහැ බබා. ඔයා අඬන වෙලාවේ මම කවදාවත් හිනැහිලා තියෙනවද? නැහැ බබා/ ඔයා අඬපු හැම දවසෙම මටත් ඇඩුන. මතක් කරලා බලන්න. වෙලාවට මම අයේ ඒ අපි දවස් වල කාරෙකේ යනගමන් තනියෙන් මග නැවතිලා ඇඬුවා. මමත් පිරිමි මිනිහෙක් මට කියන්න බැහැ මම හැමවෙලාවෙම අඬනවා, අඬනවා කියල. මම එත් ඕනෑතරම් අඬන්න ඇති. මට තවම මතකයි ඔයා අසනීපෙන් ඉන්න වෙලාවේ ඉස්පිරිතාලේ මම දුර ජනෙලෙකින් ගොඩක් වෙලාවක් ඔයා දිහා බලාගෙන හිටිය. ඔයා දැනගෙන හිටියේ නැහැ ඔයා දිහා මම බලනවා කියල. එකසැරයක් ඔයා දැක්ක. මම යනවා කියල අත වනල මම ආයෙත් ඔයා දිහා බලන් හිටිය. ඔයා ඇඳ උඩට නැගල ෆෝන් එක තියාගෙන හිටිය. මම ගොඩක් අමාරුවෙන් බබා හැමදේම විඳින්නේ. පස්සේ මම විනාඩි 15 විතර ඉඳල ගිහින් කාර් එකේ ඉඳගත්ත. මම දන්නේ නැහැ මගේ කමිසේ තෙත් වෙනකන් කඳුළු වැටුනා. ඔයා කෝල් කලා. මම කිව්වා මම යන ගමන් ඉන්නේ කියල. මටත් ආදරේ දැනෙනවා දැනුන බබා. මම තවමත් ගොඩක් එහෙමමයි. මම නපුරු වෙන්න ඇති. එත් මම ආදරේ නැද්ද බබා?
විකාර ලියනවා වගේ කියල ඔයා හිතාවි. මම දන්නවා ඔයා කවදාහරි මේවා බලලත් බනින්න ඉඩ තියෙනවා. එත් මම මට දැනුන දේ ලිව්වා බබා. මම ගොඩක් දුකෙන් ඉන්නේ මේදවස් වල. මම දන්නවා, මට ගොඩක් දැනෙනවා ඔයාගේ ඇස් වල මම නැහැ කියල. ඔයාගේ හදවතෙනුත් මම විසි උනා කියල මට දැනෙනවා. හොඳින් ඉන්න බබා. හැමදාම මම ඔයා ඔයාගේ මව වෙනුවෙන් ගොඩක් තෙරුවන් සරණ පතනවා. මගේ හිතේ තරහක් නැහැ බබා. මම ඔයාට  ආදරේ කලා. කරනවා. කරාවි හැමදාම. තෙරුවන් සරණයි.

Wednesday 8 August 2018

මැයි ගස.

ටික ටික හරි අමතක කරාවි ඔයා. දන්නවා වේදනාව.
 වේදනාවෙන් හිටියේ නැහැ කියන දේ හිතන්න එපා බබා. මගේ හිතේ තියෙන වේදනාවක් මම දන්නේ.
සමහරවෙලවකට ඉස්සර වගේ තවමත් පපුවේ කැක්කුමක් එනවා. බයවෙන්න එපා. මම බෙහෙත් ගන්නවා.
එත් එක එන්නේ බෞතිකවම නෙවේ. එකේ හිතේ කැක්කුමත් තියෙනවා කියල මට හිතෙනවා.
ඔයා කවදාහරි අමතක කරලා මාව ඔයාගේ හිතෙන් අයින් කරපු කුණු පිඩක් ගානට හිත හදාගනිවී. එක එහෙම වුනාට මම-
තරහ නැහැ. මට දුක හිතෙයි. දුක තියෙයි ගොඩක්. කමක් නැහැ. මතක්වෙනවා අපි ඇවිදගෙන ගිය පළමු දවසේ අකිලව හමු වෙලා ඔයා මගේ අත-
තදින් අල්ලගත්ත. මට හැමදේම මතකයි. එකේ අනිත් පැත්තත් කවදාහරි වෙයි මට. එත් මගේ හිතේ තිබුනේ බොරු අදරය කියල කියන්න එපා.
එහෙම දෙයක් නම් මම කලේ. එහෙම ආදරයක්නම් මට හිතුනේ (හැමදාටම තියේවි) මම ඇයි හිතින් විඳවන්නේ බබා? ඇයි මට අමාරුවක් හිතේ මෙච්චර?
අමතක වීම කියන එක ඇතුලේ ඔයාට මා යම් දිනක අමතක උනත් මගේ ජිවිතේ ඔයාගේ මතක හැමදාම මාව ජිවත් කරවයි. මට මතකයි ටොරින්ග්ටෝන් මැයි-
ගහක් යටදී ෆොටෝ එකක් ගත්ත ඔයා මගේ. මම මේක ලියන වෙලාවෙත් එකදිහා බලාගෙන ඉන්නේ. මම අපේ මතක වල ජිවත් වෙනවා. මට කවදාවත් ඔයා ළඟ නැති උනත් ඔයා නැති ලෝකෙක ඉන්න තියන්න නම් එපා. මට මේ ඉල්ලීම අයේ අයේ කරලා ඉල්ලන්නේ මට ඒ දඩුවම නම් දෙන්න ලෑස්ති වෙන්න එපා රත්තරන්. කරුණා කරලා. මම හැමදාම ඔයාව මතක් කරනවා. ඔයා හොඳින් ඉන්නම ඕන. මට වෙන්නම් මොකුත් ඕනෑම නැහැ.මම වගේ මෘගයන් නිසා හිත කලකිරවගන්න එපා. අම්ම හොඳින් කියල හිතනවා. එයාව ගොඩක් පරිස්සම් කරගන්න බබා. හොඳින් ඉන්න. මම ආයෙත් ලියන්නම්. මේකාලේ අපේ මතක මට මතක් උනා. මම ඒවා හැම එකම ලියන්නේ නැහැ. සතුට දුක හැමදේම අපේ ලස්සන ඇතිතේ. මම හැමදාම ඔයාව මතක් කරනවා. බයවෙන්න එපා මම කරදරයක් වෙන්නේ නැහැ ඔයාට කවදාවත් අයෙත්. හොඳින් ඉන්න.

Tuesday 7 August 2018

so precious

i think you have forgotten me already baba. anyway even when you have forgotten me im living in our past when we took many walks holding our hands together. we never knew what to come. but definitely we were so happy. i was happy and you did the same. i was do desperate and committed to love you. i know i have biggest faults. but do you think i never felt love? i felt your love. do you think baba that i never loved you? i love you. I wish baba i never born this way. so i wont be this person. anyway im still thinking of you. i know im not in your thoughts now. i know if i see your eyes i wont see my self there again. but i want to tell you that im not angry. yet you are always in my mind. you are always in my thoughts. i wish we could take that planned walk to the temple. can you remember how we rode bicycles together in a evening? that was also after some cries. you did cry. i cried too. i became a person who is getting pains physically in chest region. that all ok. all the pains i had with you are so divine to me. all the memories are so divine and so precious to me. i wish we could offer a flower in the temple. i remember we planned so. take care your self baba. tonight also im in our memories. i will write to you again.

Monday 6 August 2018

so tough. but i do love.

ඔයා හිතාගන ඉන්නවා ඇත්තේ ඔයාගේ වේදනාව මට දැනුනේ නැහැ කියල වෙන්න ඇති බබා.
වේදනාව ගැන මම නොදැන හිටිය කියල හිතෙනවත් ඇති. මම ඔයාට ආදරේ කලේම නැතිද බබා?
ඔයා මට වෛර කරනවා ඇති කියල මම හිතන්න කැමති නැහැ බබා. මම එහෙම කියන්නේ තරහකට නෙවේ.
එහෙම කලත් මම තරහ නැහැ. මට තවම ඔයාව දැනෙනවා. මට හැමදාම ඔයාව දැනේවි.
ඔයාට මේ වනවිටත්  මතකයක් නැති වෙන්න පුළුවන් බබා. මට හිතෙනවා මම දන්නවා ඔයාට ඕන මාව අමතක කරන්න.
ඔයා අමතක කරාවි. එත් මම ඔයාව අමතක කරන්නේ නැහැ. මට බැහැ. මට එහෙම කරන්න ඕනත් නැහැ.
 ඔයාට හැමදාම මගේ ආදරේ තියේවි.

Sunday 5 August 2018

ලියමි ඔබට.

ගොඩක් ඔයාව මතක් උනා. ඒවගේම යම් දෙයක් නිසා ගොඩක් බය උනා.
මට ඔයාව පෙනෙන්නේ නැහැනේ බබා. කරකියාගන්න දෙයක් නැතුව හිටියා.
මම කියන්නේ නැහැ මොකක්ද හේතුව කියල.
අසරණ වුණා කිව්වොත් හරි. ඔයා හොඳින් කියල හිතනවා.
මම අමතක කලාට කමක් නැහැ. තරහ නැහැ.
හවස ආයෙත් මතක් උනා ඔයා රෙකොර්ඩ් කරලා එවපු ඔයා කියපු සින්දු.
ලස්සනම කාලයක් ජිවිතේ. මමත් ආදරේ කලා බබා ඔයාට. ඒවගේම කරනවා හැමදාටම.
අද ඉරිදා. හෙට උදෙන්ම ඔයා වැඩට යාවි. මගේ හිත පුරාම ඔයා ඉන්නවා.
පරිස්සමෙන් ඉන්න බබා. හොඳින් ඉන්න. මටදීපු අන්තිම පොරොන්දු කීපය කඩන්න එපා.
අපි අඬ අඬ වෙච්ච පොරොන්දු කීපයක් තිබුන. මාව මතක නැතත් ඒවා කඩන්න එපා.
හැමදාම ඔයගැන හිත හිත ඉන්නේ. අදත් නින්ද එන්න පරක්කුවෙයි. එත් හැමදාම වගේ ඔයාගේ මතක-
අදත් ඒවි. හැමදාම මගේ එක්කමයි.

Saturday 4 August 2018

හැමදාම මතකයි..

අද ඔයා ගෙදර ඉන්න ඇති කියල හිතනවා බබා.
අද සෙනසුරාදා. ඔයා අදවගේ දවස් වලට උදේ 8 විතර වෙනකන් නිදාගත්තා.
ඉස්සර මුලින්ම මම එක්ක කතා කලෙත් සෙනසුරාදා දවස් වල වගේ මට මතක.
මතකද අපි මුලින් කතා කරපු හැටි? මට තවම මතකයි බබා. මම කොච්චර නපුරු උනත් මගේ-
තවම ඒ මතක ගොඩක් තියෙනවා. අමතක වෙන්නේ නැහැ මගේ මොලේ අසනීපයක් උනේ නැත්නම්.
ඔයාට දැන් මගේ මතක ටිකක්වත් නැතුව ඇති. මම කියන්නෙත් නැහැ බබා මාව මතක තියාගන්න,
මාව මතක් කරන්න කියල. මට දුකයි. එත් මම මට එහෙම උනාට මම ගැන දුක් වෙන්නේ නැහැ.
මම ඔයාට දුන්න දුකට මේක වෙන්න ඕන. එත් මගේ හිතේ දුකක් නැත්තේ නැහැ. එකගැන ඔයා කවදාවත් දුක් වෙන්න ඕන නැහැ.
දන්නවා ඔයාගේ හිත කොච්චර හොඳද කියල. මගේ හිතේ ලස්සන දෙයක් තිබුනෙම නැද්ද බබා? මගේ හිතේ ලස්සන තැන් තිබිලම නැද්ද?
සමහර වෙලාවකට අපි රණ්ඩු උනත් මම ඔයාගේ අහිංසක හිතට ආදරෙයි. හැමදාම එහෙම වෙයි.
මේදවස් වල මට නිතර දැනුන, මගේ හිතට දැනුන ඔයා මාව අමතක කලා කියල. කමක් නැහැ රත්තරන්.
මම අමතක කරන්නේ නැහැ ඔයාව. මම කොහේ කොතැනක හිටියත් ඔයා දිහා බලනවා. කරදර කරන්නේ නැහැ.
මගේ ආදරේ හැමදාම තියේවි. මම තරහ නැහැ.

Friday 3 August 2018

ඔබ වෙනුවෙන්

හිත හදාගෙන ඉන්නවා නෙවේ රත්තරන්.
 විඳිමින් ඉන්නවා. යම් දිනක ඔයා මේවා බැලුවොත්.  උනොත් කියන්න-
මම මේවා ලිව්වේ ඔයාව තවදුරටත් දුකට .පත් කරන්න නෙවේ.
 ටොරින්ග්ටෝන් ඇවිදපු දිගේ මම අයේ යන්නේ නැහැ. එත් මම තැන් කීපයක් දිහා-
පහුගිය සතියේ බලන් උන්නා. මම දැක්කා ඇවිදපු හැටි. මට මතකයි ඔයා ඇඳපු දිග නිල් දුහුල් කලිසම.
කලිසම කියන්නම් මම වෙන වචනයක් නම් දන්නේ නැහැ. අගෞරවයක් කරන්න නෙවේ එහෙම කිව්වේ.
මට මතකයි ඔයා ඇඳගෙන ආපු සුදු මල් තියෙන දිග ගවුම.  ලස්සනක් මම දැක්කේ ඔයාගේ.
හැමදාම මට ඔයා වගේ. මට ගියා සමහර වෙලාවට ඉන්ටෙර්නෙට් එකේ වුන දේවල් වලට.
මම ඒ  නිසා මිසක් ඔයාට වෛරයකට නෙවේ. මම දන්නවා බබා ඔයා අයේ කවදාවත් මගේ ඇස්දෙක දිහා බලල,-
මගේ මුහුණ දිහා බලල කතා කරන්නේ නැහැ. ඔයා අයේ මම ගිය පාරකවත් යන්නේ නැහැ. මම කියන්නේ මට වෛරකලාට-
කමක් නැහැ. එත් වෛරයෙන් ඉන්න ඕන නැහැ. ඒක ඔයාගේ හිතට හොඳ නැහැ. මම වගේ මෘගයන්ට කල දේ පලදේ.
දුක් වෙන්න එපා රත්තරන්. මම දිහා නොබැලුවත්, කතා නොකලත්, ලඟින් නොහිටියත් හැමදාම ඔය හිතට, ඔය මුහුණට ආදරෙයි.
මට සමාව දෙන්න එපා ඕනත් නැහැ. එත් මම ඔයා ඉදිරියේ ඉන්නවා දන නමන් ගොළු වෙලා. අන්ධ වෙලා.
අන්ධ වෙලා මට ඔයාව නොපෙනෙන නිසාම. ඔයා වින්ද දුක ඔයාටවත් ලෝකේ කාටවත් දැනෙන්න එපා.
මම වින්ද දුක මගේ ඇතුලෙම සාන්ද්‍ර වෙලා මාවම පිච්චේවි. එකට මම සතුටුයි.
ප්‍රවුත්ති බැලුවනම් දැනගනීවි බබා අද මම වැඩකරපු දිනයක් නෙවේ. ස්ට්‍රයික් අද. එත් මම අද මගේ ලඟට ආපු-
හැම අසරණ ම්නිහෙක්ටම උදව් කලා. මම වැඩ කලා. මේ හැම පිනක්ම මම ඔයාටත් ඔයාගේ අම්මටත් තාත්තටත් අනුමෝදම් කරනවා.
මට අද ගෙයින් එලියට අඩිය තියන පලවෙනි වතාවේම මතක් උනේ ඔයාව. මට මතක් උනා ඔය කිව්වා "ඔයා දුක් වෙන්න එපා ඔයා දුරට යන්නේ අසරණ මිනිස්සු වෙනුවෙන්. ඔයා යන්නේ එයාලට සේවය කරන්න." ඒ ටික ඔලුවේ තියාගෙන මම අද ගියේ. එකේ හැම පිනක්ම ඔයාට.
මම එහෙම පෙළඹුනෙත් අද එහෙම කරන්න ඔයාගේ වචන නිසාමයි. ඔයා මම වගේ නපුරෙක්ට ආදරේ කරපු දේවතාවියක්.
මම ඔයාට රිද්දුව. හිතකින් නෙවේ රත්තරන්. මටත් ආදරේ හිතුන. ආදරේ කලා. හැමදාටම ආදරේ කරාවි. හැමදාම.
අමතක වෙලා ගියත්, අමතක කලත් මගේ  තරහක් නැහැ. ඒ අමතකවෙච්ච කාලේ මම ජිවත් වෙන්නම්.
හැමදාම මගේ හිතේ මගේ ලෝකේ ඔයා ඉන්නවා. මට අමතක නැහැ. අමතක කරන්නෙත් නැහැ. මම පොරොන්දු උන විදියමයි.
හොඳින් ඉන්න බබා.

Wednesday 1 August 2018

looking at you

ගොඩක් අමතක වෙලා ඇති මම..
මතකද අත් අල්ලාගෙන හිනා වුන හැටි.
මතකද දවස හමුඋන තෙමන්සලක.
ජිවිතේ කොහේ ගැලුවද මම දන්නේ නැහැ.
හැබැයි තවමත් නුඹේ මතක උයන මැද.
අමතක උනත්, කලත් තරහ නැහැ නුඹ ගැන.
මට වෛර කලත්. නුඹට ආදරෙන් ඉදිමි දිවි ඇතිතෙක්.
හැමදිනම නුඹ දෙස බලන්.