Saturday 31 March 2018

සිත්

ඔබගේ අතුරුලේ, ඔබේම උකුලේ
ආදර බස් දෙඩවූ, කාලය වෙන්කර
මුදු සුව සිහිකර නිදි නෙත් බර,
තෙත් කල නෙත් බැමි කිම්දැයි සිහිකර,
නිදි නැති දුක් පිරි සුසුම් හෙලන සිත,

Friday 30 March 2018

දින 4 නිවාඩුවක්

දින 4 නිවාඩුවක්. මතක් වෙනවා හැම නිවාඩුවේම ඔයාව හොයාගෙන දුවපු හැටි. ඒ කාලේ අවසන් උනත් හැමදාම හිතේ තියෙනවා. අයේ කවදාහරි මම එහෙම දුවගෙන එයි බබා. අපි මේ සංසාරේ අණේක වාරෙක එහෙම එකිනෙකා වෙත ඇවිත් ඇති. මේ වාරේ අපිට වැරදුනා. මම වැරද්දුවා. අපි අයේ එකිනෙකා එකා වෙත කාලෙක දුවයි. මතකද අපි යන්න හිටපු ගාල්ලේ ගමන? ජන්ගල් බීච් එක බලන්න. හැමදේම මගහැරුණ. අද ඔයා කොහේ ඇද්ද? ගමනක්ද? මම දැක්ක සෙම්බුවත්ත බලන්න ඇවිත් දාපු ෆොටෝ. ඒවා හරිම ලස්සනයි. එත් මට දැන් ඒවා පෙනෙන්නේ නැහැ. එත් මම හැමදාම ඇවිත් ඔයාගේ පින්තුරේ බලල යනවා. කමක් නැහැ නොපෙනෙන්න හිටියට. මාව අමතක කලත්. මාව අමතක කලවග අවම වශයෙන් අමතක කරන්න එපා. අද හිටියනම් අපි අද කොහේ යයිද? කමක් නැහැ. මම වෙන්වෙලා ගියත් මට නිතරම මතක් වෙනවා. මට අමතක කරන්න උවමනාවක් නැහැ. මම තවම ඒ මතක ඇතුලේ ඉන්නවා. මතකද මම කන්න දුන්න බල්ලෝ දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් නැහැ දැන්. එක්කෙනෙක් අපි දෙන්නවම අඳුනනවා. තවම ඉන්නවා. අවුරුද්දත් ලගයි. මට හැම අවුරුද්දෙම මතක් වෙයි. අවුරුද්දට ඔයා දීපු ටීෂර්ට් එක. තවම තියෙනවා. අපේ මතක. ඔයා හැමදේම අමතක කරපු කලෙකත් මම මේවා බොහොම ආදරෙන්, වේදනාවෙන්, අමාරුවෙන් මතක තියන් ඉන්නවා.


Thursday 29 March 2018

පැහැරගැනිම

නිදාගන්න ගිහින් වැසුණු ඇස් වලින් කඳුළු රූරා ගියේ කිම්දැයි නොකියමි.
නමුත් කඳුළු සැලුණු බව ඔබ දැනගත්තේනම් ඇති.
සිදුවන හෝ සිදුවූ එසේත් නැතිනම් කලදේ මෙසේ යයි නොකියමි.
කලදෙයින් හෝ උනදෙයින් වෛරයට බදුන් වන්නෙකු වෙමි.
මම එසේ වීමට කැමැත්තෙමි, ඒ මම එසේ වියයුත්තෙක් නිසාවෙනි,
මගේ හිත කිසිවෙකුත් නොදන්නා අතර කිසිවෙකුට කම්ද නැත.
සිනහවක් තිබුනත් එයද මමම යමක් වසන්නට යොදාගන්නකි.
මම හිත ඇතුලේ කකියන දේ නොකියමි, ඒ රකුසන්ගේ විදියයි.
ඒ වෙනුවට ඒවා සියල්ල මුලුගන්වා ලෝකය කියන්නසේම රකුසෙක් මෙන් සිටිමි.
සිනහව මදය, ඇතිවිට එය මගේ වේදනා වසනු ඇත,
නිතර එන තරහව කනස්සල්ල මටම කියන්නේ කිමදැයි මමම නොදනිමි,
ජිවිතයට ලැබුන හොඳමදේ, හොඳම හැගීම් පන්නා දමා ඇති අතර ඒ කිම්දැයි රස්සයන් දනීද?
ඒ කිම්දැයි ඇත්තේ යකකුට උවද ප්‍රශ්නයකි.
හිත අව්ල් වී වේදනාවෙන් තරහෙන් සිටින ජිවිත එවැනිය, එමෙන්ම එය රාක්ෂ සිතක සොබාවයයි
නමුදු ඔබ සිතනාමෙන් මම සිතක් නැත්තෙක් නොවෙමි,
ශාන්තුවරුන්, දේවදුතයන් දෙවියන්, වීමට වෙරදැරූ රකුසන් ලෝකයටම අමතක වී යනු ඇත,
එමෙන්ම එවන් උත්සාහයන් කල මමද කතා පොත්වලමෙන් භයානක රුපයක් කරනු ඇත.
නපුරු හිත් ආදරය සුව දැනී ආදරයෙන් වේලි නැවතත් උන්ගේ කරුමය විසින්ම ප්‍රේම විජිත වලින් එලිබැස
නික්මයාමට ඉඩසලස්වා ඇති අතර උන් නික්මගොස් ඇත.
ආදරය රකුසන් තුලද තිබිය නොහැකිද?
ආදරයක් දැනුනු හිතක් මම වැනි රකුසකුටද තිබිය නොහැකිද?
මගේ හිත මෙලොව සියලු මිනුම්දඩු වලින්ද නිර්වචන වලින්ද බොරු බව ලෝකයාම පවසනු ඇත.
එවැනි බහුතර අදහස් පිළිගෙන මෙසේ සිටිමි. ලෝකයට අපෙන්/මගෙන් ආදරය වැඩක් නොමැති අතර
මම වැන්නවුන් ආදරයක් කියා දෙයක් කර නොමැති බව ඔව්න් සමීකරණ මගින්ද වටහාදෙනු ඇත.
ඉතින් ආදරය උඹ හැමතැනටම පැමිණියා, එමෙන්ම මා තුළටත්.
මාකළ ආදරයෙන් වුනේ රිදීම පමණද?
මම කලේ සොරකමක්ද? පැහැරගැනිමක්ද? කියනු මැන


Wednesday 28 March 2018

හිනාවෙන හැමෝම ඉන්නේ සතුටෙන්ද?

තවත් මාසයක් ඉවරයි. මම හිතනවා ඔයා හොඳින් කියල. අනේ හොඳින් ඉන්න. මට වෛර කලාට තරහ නැහැ. පොරොන්දු කැඩුවත් තරහ නැහැ. තරහ වෙන්න දෙයක් මට ඔයාගෙන් උනේ නැහැ. ඔයා ගත්ත හැම පියවරම හරි ඒ හැමදේම මට වේදනාවක් උනත් නැතත්. මගේ වේදනාව ගැන විතරද තමුසේ හිතන්නේ කියල ඔයා අසාවි. ඇත්ත. මම ඔයාව පැන්නුව. මමයි සමුගත්තේ. ඔයාට මතකද මම ඔයාට බැනපු විදි? මතක් කරලා බලන්න. මට තවම මතකයි. ඒවත් මතක් උනොත් ඔයාට තව ලේසි වෙයි එක්කෝ මට වෛර කරන්න හෝ අමතක කරන්න. සදාරණය කරන්න හදන්නේ නැහැ කිසිම දෙයක් බබා. එත් මගේ හිතේ වෛරයෙන් පිට උන හුගක් වචන වල තමා ආදරේ තිබුනේ. මම ඔයාව ලොකු වේදනාවකින් ඇත් කලේ. මම වැරදි ඔයා වැරදි නැහැ. අනිත් වැරදි කාරයා ආදරේ. හැම තැනම ඒක. ඒක හැමතැනම ඉන්නවා. ඒක අපි අතරට අවේ නැත්නම් මම ඔයාට වද නොදෙන්න තිබුන. එත් මේ ආත්මේ නැති උනත් මම වෙන ආත්මෙක හරි හමු වෙයි අපි එහෙම හමු නොවී හිටියනම්. එත් හමු වෙන්නත් හේතුවක් තියෙන්න ඇති. මම දන්නවා ඔයා අයේ මගේ මුහුණ බලන්නවත් කැමති නැහැ. බලන්නෙත් නැහැ. මාව මතකෙට ගන්නෙත් නැහැ. එත් කමක් නැහැ. මම ඒ හැම මතෙකෙම ජිවත් වෙනවා. සමහර මතක හුගක් දුකයි. හැබැයි ඔයාට අමාරු උන තැන්වල මම ඔයාගේ අත අල්ලාගෙන හිටියේ බොරුවට නෙවේ. වාසි ගන්නත් නෙවේ. මම පොඩි හරි දෙයක් දුන්නනම් කලානම් ඒවා කලේ දෙයක් ගන්න නෙවේ. ඒවා කේවල් කරන්න කරපුව  නෙවේ. මම දන්නවා ඔයා දැන් කියයි තමුසේ තව ඕවත් කියවනවා ලජ්ජා නැතුව කියල. කමක් නැහැ මගේ පැත්තෙන් කිසිදෙයක් කල්පනා කරන්න එපා. මට මතක් වෙනවා මම නුවරහරහා බස් එකේ කොළඹ ඇවිත් යනගමන් අපි ඇල්ලුව රණ්ඩු. එත් කවදාහරි දවසක මගේ මේ ලියන ඒවා දැක්කොත් කියවල බලන්න. මම ගොඩක් තැන්වල වැරදි වෙන්න පුළුවන් එත් මම වැරදි විතරමද කලේ? මම අදත් ගොඩක් සන්තොසවෙයි කවදාහරි ඔයා කිව්වොත් මම ඔයා වෙනුවෙන් පොඩි හරි දෙයකුත් කලා කියල. මම මගේ පර්ස් එකේ තිබුන සල්ලි විසිකරන්න හැදුව කියන්න එපා. ඔයා හොඳටම දැනගෙන හිටිය මම කොච්චරනම් අමාරුවෙන්ද ඒවා හම්බ කලේ කියල. මම කැත මිනිහෙක්, අයේ මොන බම්බුවටද මේවා මතක් කරන්නේ. වාසි හොයන්නද මිනිහෝ?(ඔයා අහයි, මගේ හිතත් කියනවා කටවහපන් කියල). කවදාහරි දවසක ඔයා කියයි තමුසේ වෙන් උන එකමයි හොඳ කියල. මම මොන මගුලටද ,එච්චර හොඳ මිනිස්සු ඉන්නකොට තමුසේ වගේ එකෙක් එක්ක එල්ලුනේ කියල. ඇත්ත. අපි හමු උනා.(මොකක්හරි හේතුවක් ඇති අනේ අපි හම්බවෙන්න හම්බවෙලා දුක් විඳලා යන්න උනත්. සමහර විට අපි හම්බ උනත් මම මුරුගයෙක් වෙලා. අයේ ඒ හමුවීම පලක් නැතුව ගියාවත්ද?). මට කරන ලොකු උදව්වක් අනේ.. ඔයා කොච්චර චෝදනකලත් වෛර කලත් කමක් නැහැ. බැන්නට කමක් නැහැ. මම වෙන් උනේ සතුටෙන් ඉන්න කියල කියන එක වැරදි. දත් පෙන්නන හිනාවෙන හැමෝම ඉන්නේ සතුටෙන්ද?

Tuesday 27 March 2018

හොඳින් ඉන්න

මට දැන් ඔයාව පෙනෙන්නේ නැහැ. එත් ලගදි ඔයා ගිය මගුල් ගෙදරක ෆොටෝ එකක ඔයාව ඉන්නවා දැක්ක.
දැන් මම අමාරුවෙන් එහෙම හොය හොයා ඔයා දිහා බලන්නේ. එහෙම බලන වෙලාවක අයේ දැක්ක පහුගිය ලඟම දවසක දාලා තිබුන ෆොටෝ කොමෙන්ට් එකක්. මම හැමදේම සුරා කාපු කෙනෙක් එකේ විදියට. මුරුගයෙක් නම් (මම දන්නවා මම මුරුගය කියල) මුරුග වැඩ කරලා වාසි අරන් හිතේ අමාරුවෙන් ඉන්නේ මම වෙන්න ඇති. මම ලංනොවී දුරස් උනේ මට වෙන කරගන්නම දෙයක් නැති තැන. එත් ආදරේටත් අගුලක් දාන්න පුළුවන් උනානම් බබා මම ඔයා කව්ද කියලවත් දන්නෙවත් නැති නන්නාදුනන මිනිස්සු. ඔයා මට වෛර කරයි අනිවාර්යෙන්ම අමතක කරයි. එත් මම මේවා ඔක්කොම හිතේ දරාගෙන ඉන්නවා. මම නරක වෙන්න ඇති එත් හෘද සාක්කියක් නැතිද මට? මට දුක දැන්නෙන්නේ නැද්ද? ඔයා මට ගහන ලේබලේ කමක් නැහැ. මමනේ සමු දුන්නේ. එත් තවම වේදනා වින්දිනවානම් ඒ ගොඩේ මමත් ඉන්නවා. ඔයා හිතුවේ ඔයාට විතරයි දුක කියල. මමත් ඉන්නේ දුකකින් තමා. ඒ චෝදනාව දකින දකින හැම සැරේම මම දුක් වෙනවා නෙවේ. මම ඉන්නේ දුකෙන්. මම මේ ගමන යන්නේ ගොඩක් දුකෙන්. මම ලබන ආත්මේ හරි අනේ මට හමුවේව කියනකොට මම ලගින් ඉන්නවත් කවුරුත් නැහැ. ඔයා මාව පෙනෙන මානෙත් අතහැරලා ගියා. බබා ඔයා කවදාහරි රටත් අතැරලා යයි. එහෙමනේ? මම කවදාවත් ඩිලීට් නොකරයි කිව්වා එත් එහෙම උනා. වෙන මොනවද කැඩෙන්න තියෙනේ? අනේ කමක් නැහැ මගේ හිත කඩන්න. කමක් නැහැ. ඊළගට වෙන කොහාට හරි යයි. මම මගේ ලෝකේ දුකෙන් ඉන්නම්. මම නම් මේලෝකේ කොහේ හරි ඉන්නවා. අමතක වෙන්නේ නැහැ. මම මට දැනුන විදිය(අපි කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳල) මම මේකේ ලියන්නේ නැහැ. මම එකත් මාර්කෙට් කරගත්ත කෙනෙක් කියයි. මම මේකේ ලියලතියන්නේ බබා කවදාහරි දවසක වැරදිලා හරි ඔයා කිව්වොත් උඹ හරි සනීපෙට සැප වින්ද කියල අනේ මම මේකවත් අඩුම ගානේ පෙන්වන්නම්. මම දන්නවා ඔයා සමහර වෙලාවට මම ඉස්සර වේදනාවෙන් රණ්ඩු කරනකොට ඒවා දැනෙන්නේ නැහැ වගේ හිටිය. මම ඒ දුකට පත් උනේ බොරුවට නෙවේ. වෙන් උනත් මම මෘගය උනත් මමත් ආදරේ කරපු මෘගයෙක්. මම හැමදාම ඉන්නම් මගේ හිතේ තියෙන වේදනාවෙන්. දඩුවමක් ඒක මටම.(අපෝ නැහැ මට ඊට වැඩිය විඳවන්න ඕන) මම වේදනා විඳින්න බයවත් නෙවේ. ඔයා කවදාහරි මාව සදහටම අමතක කලත් මම ඉඳීවි මෙහෙම. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මම සතුටින් ඉන්න කෙනෙක්ව මගේ ජීවිතෙන් පැන්නුව කියන එක සැර වැඩි නැද්ද? කමක් නැහැ මම ඒවා වින්දවන්නම්. මම සතුටෙන් ඉන්නේ කියල මාව හංවඩු ගහන්න එපා අනේ කරුණා කරලා. මම ආදරේ දැනගෙන හිටියේ නැහැ කියලත් අපහාස කරන්න. මම දන්නවා වේදනාවට පිලුතුරක් ගන්න ඔයා හැමදේම කියයි. සාදාරනයි එක අතකින්. හැම පොරොන්දුවම කලා පෙන්වයි. අසාදරණද? නැහැ. එහෙම කරන්න. මම බාරගන්නම්. මමත් මගේ කැක්කුම කවුරුත් නැති අහන්න කෙනෙක් නැති තැන්වලට ගිහින් මුමුණනවා කෑගහනව. කමක් නැහැ. හොඳින් ඉන්න බබා.

Monday 26 March 2018

living with the neighbour named pain.

හිරගේක හිටපු මිනිසෙක් අහසට ආදරේ කරනවා වගේ දේවල් ලෝකේ වෙන්නේ නැද්ද?
හැමදේම දැන් දුන්න වෙස්සන්තර ජාතක කතාවේ බෝධිසත්ව තුමා කෙතරම් වේදනාවෙන් ඉන්න ඇතිද?
දෙපැත්තටම වේදනාව විතරක්ම නෙවේද? ආදරේට පයින් ගහල සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවද?
නරුමයන්ට මුරුගයන්ට වේදනාව කියන දෙය දැනෙන දෙයක් නෙවේද?
ලංවෙන හැමකෙනාටම වද දෙන මිනිස්සුන්ට උදාහරණයක් වෙලා මම.
මට තවම මතකයි මම ඔයාට බැනපුව. මම දන්නවා අමතක කරලා ඇති මාව මේ වෙනකොට.
එත් මම තවම දවසේ ගොඩ වෙලාවක් ජිවත් වෙන්නේ මනුතාපය කියන එක ඇතුලේ,
ආත්ම වේදනාව කියන එක ඇතුලේ. නරුමයෝ ගොඩක් සාර්ථක වෙනවනම් ඒ හෘද සාක්කිය හා හිතක් නැති එවුන්ම තමා.
තවම මතක් වෙනවා ඔබගේ ඇස්වල කදුළු පිරුනහැටි. ඒ වෙලාවට තෙතමනයක් කියල දෙයක් හිතේ නැතුවාක් මෙන් මම කැගහපු හැටි.
මට පපුවේ කැක්කුමක් ආව හැටි. හිත් කඩපු එවුන්ට පපුවේ කැක්කුම් නොඑවිද? ඔයාට වේදනාව තේරෙන්නේ නැහැ කියපු හැටි.
ඒවා දැනෙන මිනිහෙක් නෙවේ මම වගේ මම ඉඳපු හැටි. ආදරේ හැම තැනටම ඔය විදියට රිංගනවා කියල දන්නවනම්. මම කෙසේවෙතත් ඔබ
මේ විදියට දුකට පත්කරන පාරක මම යන්න යන්නේ කියල දන්නවනම් මම එදා එන්නේ නැහැ. එහෙමනම් අපි අත් අල්ලාගෙන කොළඹ පාරවල් වල ඇවිදින්නේ නැහැ. ආදරේ අපිට අපි අතරේ දැනෙන එකක් නැහැ. අපි නන්නාදුනන මිනිස්සු එහෙමනම්. විනාඩියකට හරි ඔයාව ඒ හමුවීම මම නරකයි කියන්නේ නැහැ. සංසාරේ අපි ගොඩක් හම්බවෙන්න ඇති. මේ වාරෙත් එහෙමමයි. කරුමෙට මොකක්ද උනා. ඒවගේම මම දෙපයින් ඉන්න මුරුගයෙක්. හැබැයි අපි මේ ආත්මෙත් හමුවෙලා. හැමෝටම පෙනෙන්න මම හිනාවෙලා වගේ ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ මම හිතක් පපුවක් නැති තෙතමනයක් නැති මිනිහෙක් නැත්නම් නරුමයෙක් කියල. මම දන්නවා. මේ සංසාරේ කවදාවත් මම ලඟට අයේ ආදරේනම් එන්න එපා!! මම ඒවා ලබන්න තරම් සුදුසු නැහැ කාගෙන්වත්.




Friday 23 March 2018

devil'S letter

im quite sure you are whispering to your self or may be even blaming your self for meeting that damned one. or may be you are still in pain and that pain simply making you to hate. thats right you are doing. I cant forgive my self for being broken and still break the broken :(  this is where i touchingly thought i really could be one of the devil's closes associates. or some times not an associate simply the him. im the devil or the one who is very similar to him but yet i never hate you. i couldnt hate you. hate is devils job. you did no wrong, but i was wrong. being wrong may makes me to be me :(

Thursday 22 March 2018

හිත් වේදනා අඩු නොවෙනා සැමදා.

ආදරය හිතීම ජිවිතේ ලොකුම වරදක්.
මම කලේ හෝ මට උනේ ඒක වෙන්න ඕන.
මම හිතන්නේ මට උනේ ඒකයි කියල.
ඔයා මට බැනල තිබුන මම දැක්කා.
කවදාහරි ඔයා මම ලියන දේ දකීවි.
මම වැරදි වෙන්න ඇති.
මම හිතන්නේ මම වැරදි කියල.
(මට හිතෙනවා මගේ හිතත් වැරදියි කියල)
මම අයේ ආදරේ කරන්නේ නැහැ.
මට මතක් වෙනවා සුරංගනා කතාවක් එක මිනිහෙක් ගැන
මට බනින්න ඇති වෙන්න වෙඉර කරන්න.
මාව ඩිලීට් කරලා විසිකරලා දමපු එක ගැන මට දුක්
වෙන්න අයිතියක් නැහැ. ඒවගේමයි අනේ ආදරේත් මාවෙත නාවානම්.
මට මෙහෙම වෙනවා මදි. එත් කමක් නැහැ.
මම හැමතැනම ඉන්නවා. ඒක එහම තමා.

මම හොඳින්ම දන්නවා වෙන කෙනෙකුගේ හිතේ තියෙන වේදනාව මටත් කාවද්දා ගන්න.
මට ඒක තේරෙනවා. මම අනිත් අතට ඔයාව විසිකලා නෙවේ එක මාර්ගයකින් අයින් කලා.
මම මෙහෙම සංසාරෙත් ඔයාට අනන්ත වද දීල ඇති.
අලුගොසුවෙකුට උනත් හෘද සාක්කියක් තියෙනවා. අලුගොසුවෙක් අපිට සක්කිලියෙක් වගේ පෙනුනත් හිතින් කොච්චර දුක් වෙනවා ඇතිද?
අලුගොසුවෙක් කවුරු ගැන දුක් වෙනවා ඇතිද? වේදනාවෙන් ඉන්නවා ඇතිද? අලුගෝසුවා තමන්ගේම හෘද සාක්කියේ වින්දවන්නෙක්.
සංසාරේ කොච්චර දිගද? මම හැමතැනම ඉන්නවා. කවදාහරි අපි හමුවේවි. මේ භවේ මම පරම හතුරා උනත්. අයේ කාලෙක මට එහෙම ඉන්න ඕන නැහැ.


Monday 19 March 2018

කවදාවත්.

අපි වෙන් උනත්.
මාව අමතකලත්.
මම දිහා නොබැලුවත්
මම මුරුගයකුසේ සේම සිතුනත්.
මම..........
කොහේ හෝ කවදාහෝ.
මතු භවයකදී නිසැකවම
අපි හමුවේවි,
එදින අපි නන්නදුනනන් නොවී ඉමු.
වෙඉරයෙන් බැදී නොඉදිමු.
තරහ නැහැ c

Friday 16 March 2018

ඔබට ලියු කවි.

සීතල හදවතක් වේදනා හදුනනු නැති සේම,
ආල හැගුම් වෙත පිටුපෑ සිතම,
ගල්ගසුනු වේදනා නොහදුනන ගලක්ම
වේදනා නැතිලෙසම හිඳි ගලක්මය මම

අත් වැල් බැදන් සිටි මොහුමද ඒ
දිනයේ පෙර සිනාවෙන් සිටි මේ?
සාහසික කමමද මේ ආල පෑ ඔහුගේ?
වේදනා ගෙන ආ ආල කුමරාමද දෙවියනේ?

ඔබට අනන්තවත් මෙහෙම හිතෙනවා ඇති. මම දන්නවා. මම කන්නාඩිය ඉස්සරහට යන්නේ නැහැ.
ඇඩිලේ ඔබේ පෙම්වතාත් මෙහෙමමමද ඔබව දිනෙක හැර ගියේ? පුදුමයි ඒ මිනිහත් මම එයාට කිව්වා වගේම
මාව අමතක කරන්න එපා කියල. පුදුමයි ඒ මම වගේම කෙනෙක් වෙන්න ඇති රිදවීම විතරක්ම උන. නුඹේ සින්දුවේ ඒ
වේදනාව කෑගහන විදිය. අනේ එත් අයේ මම වගේ මිනිහෙක්ව? මාව කොහොම හරි ඔයා අමතක කරයි.
එත් තරහ වෙන්නේ නැහැ. තරහ වෙන්න මට බැහැ. එංගලන්තේ උනත් මම වගේ එවුන් ඉඳල. පුදුමයි එකත් කියල මාව අමතක කරන්න එපා කියල.
ලෝකෙට මාව පෙනෙන්නෙත් කවියේ තියෙන විදියටමයි. ඇඩිලේ උඹට වෙනස් උනත් වෙන විදියකින් ඒ විදියටම පෙනිලා. යමක් පිච්චෙමින් මුළු අත්මේම අළු කරනවා.




Thursday 15 March 2018

Wednesday 14 March 2018

එදා මෙදා තුර.

මේ සින්දුව ඇයි මාව සිය වරක් අඬවන්නේ?
සින්දුවේ කියන්නේ වේදනාවෙන් උනත් වෙන් වෙලා හිටපු දෙන්නේකුගෙන් එක්කෙනෙක්ගේ
වෙන්වීමක්.
කොහේ හිටියත් කමක් නැහැ. ඇති තරම් වෙරෙන් හිටියත් මේ දේ සිදුවෙන්න එපා.
කරන්නත් එපා. අපි වෙන් උනත් කමක් නැහැ. නැවත හමු වේවි.


කවදාහරි කොහේදී හරි

මම දන්නවා ඔයාට හිතුනේ මෙහෙම කියල.
මේ සින්දුව ඔයා ගැන වගේමයි.
මමයි හැමදේම බලාපොරොත්තු සුන් කලේ.
මම වැරදියි මම දන්නවා.
ආදරේට හිතට එන්න එපා කියල තහනම් කරන්න මට බැරි උනා.
මම හිතන්නේ එක කරන්න අමාරු දෙයක්. ඒ නිසයි.
ඔයා කවදා හරි කොහොම හරි මාව අමතක කරාවි එක දන්නවා.
එත්...
කවදාහරි කොහේදී හරි තැනකදී තේරේවි මාව වැඩක් නැති මොනමගුලක් ද කියලත්.
ඒවගේම තමයි යම්දිනක මම වෙනුවෙන් වෙන් උන කාලය ගැනත් පසු තැවේවී
මම වැඩක් නැති ආදරයේ මිරිගුවක්ම කියල හිතාවි. එක ඔයා කරනවට මම වෙඉර කරන්නේ නැහැ.
මම ඒ නපුරු චරිතය වෙන්නම්. එත් මගේ ඇතුලේ හැම දේම නපුරුද?
මම මගේ ඇතුලෙම පැටලිලා.
හොඳින් ඉන්න මම වෙනුවෙන්. අපි වෙනුවෙන්. අපි වෙන් උනත්.

Saturday 10 March 2018

මතුදාක

වරදින්න ඇති. අපි වෙන් වෙලා යන්න ඇති.
වැරදි මගේ අත ඇති.
සිතේ දුක් පුරවන් හිතැති.
අපි වෙන් වෙලා යන්න ඇති.
සසර දිගු බව දනිමි,
නුඹව දුක් පාරෙන් පැන්නුවෙමි
මතුදාක හමු වේවි අපි
කොතැනහෝ අහම්බෙන් වගේ.

මම දන්නවා ආදරේට පයින් ගැහුවම ඒ මිනිස්සු ගල් වගේ වෙනවා. එයත් එහෙම හිටියා කාලයක්. මම කොච්චරනම් ඒක කියා කියා බැන්ද?
ඉතින් අයෙත් ඒවගේම වේවි ඔයා. අපි වෙන් උනා. හිත ගඩොලක් වගේ වේලිලා තදවෙලා පිච්චිලා ඉවර උන දවසක මාව අමතක වේවි.
අයේ මතක් නොවුනට මම දන්නවා. අපි හමු නොවේවි මේ භවයේ. එත්...
අයේ කොහේ හරි කවදාහරි මේ චරිත විදියටම නොවුනත් අපි හමුවේවි. එදාට වෙර නොකර ඉන්න පුලුවන්නම්.
(ලංකාවටම එෆ්බි බ්ලොක් දවස් කීපයක්. ,,,, මාව එෆ්බි එකෙන් පැන්නුවත් මම නිකන් ඒ පැත්තේ ඇවිත් යනවා. මේදවස් ටිකේ එකත් නැහැ. අඩුම ගන්නේ ඒ ප්‍රොෆයිල් එකවත් දකින්න බැහැ.රජය උඹලටත් හෙනගහයි කවදාහරි මට වගේම.)
 

Friday 9 March 2018

දවස් ගානකට පස්සේ

අපි වෙන්වුනත් මෙහෙමයි.
සිත් දුර උනත් එහෙමයි.
දුරක උන්නත් අප සිත් අත් අල්ලන් හිදිවී.
වෙන් වීම අවසනම නොවනු මැණ
කොහේ හෝ කවදාහෝ....
(ලංකාවේ උන කලබල අස්සේ ෆේස්බුක් එකත් බ්ලොක්. එයත් හැමදේමත් හොඳින් යයි සිතමි.)

Monday 5 March 2018

ඔබට ලියු ගී.

පුරුදු ගණදුර වඩිනු මැන සෙනෙහෙ පන්නා දැමු දොරින්.
නේක තරු කැළ එලිය දෙයි දෝ සඳක් බැබළු උයන්.
ඔබේ නැති කම ඔබේ අඩුවෙන් මල් වැරූ පෙම් උයන්.
කොනක තනිවෙමි සමරමින් සදා උණුසුම් මතකයන්.


සීත කාලය නිමා කරමින්
කෙදිනහෝ එනවදෝ
පුරුදු උණුසුම අරන්.
සිනහ සැණකෙළි සුව අරන්.
අයේ එනවද රත්තරන්.




ඇසුරු සැන

මහ වැස්සක දිය වෙලා යද්දී පිළිම නෙලන්නෙමි
බොර දිය මත හිඳගෙන රූප රටා අදින්නෙමි.
නුඹේ නිල්  දෙනෙතේ කදුළු තිබුණු හැටි සිතනෙමි.
මහ වැස්සක බිම බලාන පියවර ගනින්නෙමි.

හිනා ගෙනා දින පහුවී බොහෝ කල් ගිහින්.
නෙත් බරකල අප කතාවේ පිටු ඉරී ගිහින්.
ඔබ ඇවිදපු රළු මග මත අද මම පිය ඔසවම්
මම දන්නෙමි ඔබ හිතන්නේ මා හමුනොවුනානම්,
ඔබ  සතුටු ද ඒ සැනෙකත් අපට නොලැබුනානම්?
ඔබ සතුටුද කියන්න අපි හමුනොවුනනම්? 

හදේ කොතැනක.

රෑ දෙකත් පහුවෙලා. නින්දක් නැහැ. පුදුම සින්දුවක්. කෙනෙක් හිත කඩල බිඳලා සම්බන්දතාවයක් විනාස කරලා දැම්මම අනිත් කෙනාට මෙහෙම හිතෙනවා ඇති. එයා හිත රිද්දවපු හිත කඩපු හා ඒ ආදරේ විනාස කරපු මිනිහව අමතක වෙලා යනකන් මග බලන් ඉන්නවා. ඇගිලි ගනිනවා ඒ කෙනාවත් ඒ ආදරෙත්(නැතිවිගිය. තමාට අනිකා විසින් අහිමි කල ආදරේ) අමතක වේවා කියල. මෙහෙම ඔයාටත් හිතෙනවා මම දන්නවා. මාව අමතක කරයි. කරන්න. මට එක වෙන්න ඕන දෙයක්. එහෙමයි අපි වගේ මිනිස්සුන්ට වෙන්න ඕන. හිත ගලක් කරගනීවි කවදාහරි. ගල්හිතක් තියෙන්නේ කියල මම අල්ලපු රණ්ඩු මතකයි. ඒවගේම හිත සිතල ගලක් කරගනීවි ඔයා. මේ සින්දුවේ තියෙන්නේ මම මට ආදරේ කරපු කෙනාව විසි කරලා දැම්මම එයාට හිතට දැනුනු දේ. ඒවා කරපු මාව අමතක කරන්න අමාරු වෙන එකක් නැහැ. ඉස්සරත් ඔයා දැනෙන්නේ නැහැවගේ ඉඳල තියෙනවා. මම රන්ඩු කලා ඒවාට. ඒවා ඉවරත් උනා. අපි වෙන් උනා. වෙන් උනත් අපි හමුවේවි. මතු බවයක හරි. හැබැයි දෙවදත්තයි බෝධි සත්වයෝයි නොවී නම් හොඳයි. ඒ උත්තමයෝ ගියේ එකම පාරක නෙවේ. උත්තමය කිව්වේ දේවදත්තට මම මිනිහත් කවදාහරි නිවන් දකින නිසා. ඔයා හිත සිතල ගලක් කරලා මාව සම්පුර්ණයෙන්ම අමතක කරලා දාවි. සංසාරේ අපි හමු උන හැටි.


Friday 2 March 2018

හඩන හිනැහෙන නෙතු ඔබේ.

අපි කවදාහරි අයේ හමු වේවි. වෙන් උනේ මගේ වැරදි නිසා හා මගේ කීම නිසා උනත්.
මේ වාරයේ නැතත්. මේ ආත්මයේ නැතත් මම බලන් ඉඳීවි.
අපි වෙරක්කරයෝද? ඔබේ දෑස දෙස බලන් හිටියා මට මතක් වෙනවා.
ඒවා අඬනවා මම බලන් හිටියා. ඒවා මම අඩෙව්වා.
මට මතක් වෙනවා. මට නින්ද එන්නෙත් නැහැ බොහෝ වෙලාවට.
මගේ මුණ අයේ නොබැලුවට කමක් නැහැ. මම දුරින් ඉඳන් බලන්නම්.
අපේ අවසාන පොරොන්දු කීපයක් තිබුන ඒවා කඩෙන එකක් නැහැ නේද?
ඉන්න කොහේ හරි. දැක්කොත් කතා කරන්න.


කමක් නැහැ තරහ නැහැ.

මට කවදාහරි වෙර කරන්න පටන් ගත්තම.මට පෙනෙන්න ඉන්න එකක්ම නැහැ.
මට දඩුවම් ලැබෙන්න ඕන. මම දන්නවා. එත්.
මාව මුරුගයෙක් විදියටම හැදින්නුවට කමක් නැහැ. මම එහෙමනේ හිටියේ.
මම කොච්චර බැනල ඇතිද. එත් ඔයා මාව අමතකම කරලා දාපු දවසක් වෙරයක් විතරයි ඔයාට තියෙනවා ඇත්තේ.
අනික කවදාහරි කෙනෙක් ලැබුනම මම මොනතරම් අවැදගත් වගේම කමකට නැතිද කියල තේරෙයි. එක එහෙම වෙයි.
මාම රිද්දපුවා මොනතරම් කාලය විනසකිරීම් වෙයිද? ක්‍රමය වැරදි වෙන්න ඇති. මම කලේ මම යන වේදනාකාරී ගමනෙන් ඔබව ඈත් කරපු එක.
අපි කොච්චර දොරවල් වැහුවත් ගෙදරට හුලගක් එක නවතෙයිද? ඒවගේම එන්න එපා කියල තහනම් කලත් හිතට ආපු දේවල් තියෙනවා.
අපි වෙනුනත් අපිව ලෝකෙට මතක තියෙයිද? ඔබට මාව අමතකවෙයිද? නින්ද යන්නේ නැහැ.අමතක කලාට වරදකුත් නැහැ. තරහකුත් නැහැ.