Sunday 29 April 2018

විකිණීයාම

මම මගේ ආත්මයම විකිනපු මිනිහෙක්. එත් මම ඔයාට වෛර කරන්නේ නැහැ. මම එහෙම කරන්නේ කොහොමද? ඇයි? ඔයා කවදාහරි මට වෛර කලත් කමක් නැහැ. අපි දුරස් උනත් මගේ සමහර පොරොන්දු කඩන්න එපා බබා. වැරදියට වටහ ගන්න එපා පොරොන්දු කිවම. මම මොකුත් නරක දෙයක් ගැන නෙවේ කියන්නේ. මම කොතන හිටියත් ඔයා මම ඔයාදිහත් බලාවි. මම එන්නේ නැහැ කරදර කරන්න. එත් මම හැමතැනම ඉන්න සුළගක් වගේ. ඔයා කවදාහරි මාව අමතක කරාවි. එත් මට අමතක වෙන්නේ නැහැ. කවදාහරි කෙනෙක් හම්බ උනාම, දුවාදරුවන් ඉන්නකොට මාව මතක් වෙලා මොකටද? ජීවිතේට ටිකකාලෙකට ලංවෙලා ගිය මායාවක් වේවි මම. මගේ ආත්මයක් කියල නැහැ. හැබැයි මම අයේ කොයි ලෝකෙක හරි හොඳ මිනිහෙක් වෙනවා. මට කිසිම දෙයක් කවදාවත් අමතක නැහැ. හැමදේම පුජනියයි. මම කවදාවත් තරහ නැහැ. බාදා කරන්නෙත් නැහැ. ඔයා හොඳින් ඉන්න ඕන කොහොමහරි. ලෝකේ ඔයා ඉන්න ඕන. මම මේක ලියන්නේ අප්‍රියල් මාසේ වෙසක් වැටුණු දවසක. මම 28 වෙනිදා දුප්පතෙක්ට උදව් කලා, මට ඔයාව මතක් උනා. ඒ පින් ඔයාට ලැබේවා. ඒ පින නිසාමද කොහෙද ඔයාගේ ෆොටෝ කීපයක් ලක්දිනිති අක්ක  දාල තිබුන. ගොඩක් කාලෙකින් දැක්කේ. හොදින් ඉන්න.

Saturday 28 April 2018

වෙසක් දිනය.

පහුගිය වෙසක් එක දවසෙත් අපි කතා කර කර ඉන්න ඇති. මම යන්න ඉස්සරවෙලා ගෙවුණු විනාඩියක් ගානේ මගේ ලෝකේ ලස්සනම කාලයක් ඒක. කෙසේවෙතත් ඔයා ලස්සනයි. බබා බලන්න සාරියකට කෙල්ලෙක්ගෙ තියෙන ලස්සන. ඔයා ලස්සනයි. කවදාහරි මගේ මේවා කියවන්න ලැබුනොත් මතක තියාගන්න වෙසක් දවස අප්‍රියල් මාසේ ආව දවසක උදැසනක මම මලක් දැක්ක කියල. ඒ කව්ද කියල මම. හරිම වැදගත් පෙනුමයි. බබා ලස්සන විතරක් නෙවේ වැදගත්කමත් බලන්න යම් දවසක ඇඳුමක. කෙසේ වෙතත් අද වෙසක් දවසේ උදෙන්මත් මට ඔයාව මතක් උනා. හොඳින් පරිස්සමෙන් ඉන්න. කවදාහරි මේ පිටුව මතක් වෙච්ච දවසක බලන්න. මට ඔයාව මතක් උනා කියල. අද පන්සල් යයි ඔයා අම්ම තාත්ත එක්ක. දන්සැලකට ගියේ නැහැ පන්සල් යන්න බැරි උනා කොහේ හරි අපි පන්සල් යාවි. හොඳින් ඉන්න බබා.

Thursday 26 April 2018

නොදුටු

ආත්මය විකිනු මිනිසුන් අතර සිට.
ලෝකයම විස්වාස නොකෙරුවත් මගේ පුවත,
ආලය මම වැනි නොමිනිසුන් දරු,
ලොවක් දැක ඇතිද කිසි දිනක හෝ?

i will be everywhere even though you dont see me.

Wednesday 25 April 2018

මම වැනි මෘගයන්ට

ඔයාගේ අලුත්ම පින්තූරයක් දැක්ක. ඒක ගොඩක් ලස්සනයි. මට ඉතින් අයේඔයාට ඇඳුම් අරන් දෙන්න ගොඩක් කාලයක් යයි. එත් අයෙත් දවසක් එයි. මම එහෙම දෙයක් අයේ දකින්න පින් කරලත් නැහැ, ඒවගේම අයිතියකුත් නැහැ. හැබැයි ඔයාගේ ඇඳුම ඇත්තටම ලස්සනයි වැදගත්. අපි ශෝපින්ග් කරලා ගත්ත ඇඳුම් අයේ ඔයා අඳින එකක් නැහැ. ඒවාට වෛර කරයි. මම ඔයත් එක්ක ගිහින් ගත්ත ඇඳුම් පුදුම විදියට පරිස්සම් කරන් ඉන්නවා. අඳින්න දුකයි. සමහර වෙලාවට ඉඹල බලනවා සුවඳ. නරුමයන් මෘගයන් අසරණ වෙන්නේ නැද්ද? මමත් අසරණයි. මම මුලින්ම ඔයාට අරන් දුන්න ගවුම තවම තියෙනවද බබා? රතු පාටයි ඒක. කමක් නැහැ. මේක අපේ මතක වැඩිම මාසයක්. ආදරේ හිතුන එකත් වැරදි. මම දන්නවා. ඔයා එත් කවදාහරි මේක කියවන්න දවසක් අවොත් මතක තියාගන්න මම හැමදාම මෙතනට ඇවිදින් මගේ වේදනාව ලියල ගියා. ඔයාගෙන් ඇත් වුන එකේදී පවා මගේ කතාව මම විතරයි දන්නේ බබා. එත් මම ඔයාව වේදනා මාවතක ගෙනිච්චේ නැහැ. එත් ආදරේ නිසාමයි. එත් දැන් ඒවා වේදනාවල්ම විතරයි. මම සතුටින් සතුට කරා දිව්වා වගේ හැමදාම පෙනේවි. ඔයාගේ හිනාව ලස්සනයි. මම කොච්චරනම් ඔයාට ඇවටිලි කලාද ඉස්සර අපි හමු උනාම ඔයාට අද සතුටුද කියල? මම ඔක්කොම කරලා තියෙන්නේ ආත්මාර්ථයම විතරද කියන්න? මම ආදරයක් කරලම නැද්ද? ඔයා හොඳින් කියල හිතනවා බබා. නින්දක් නැහැ අදත්. ඔයා නැගිටින්න තව පැයකුත් විනාඩි 30 තියෙන්නේ. ඉස්සර 4.58 නැගිටලා බැලුවම ගුඩ් මොර්නින්ග් මැසේජ් පුදුමම කාලයක්. පුජනියම මතක වස්තු. මම මෘගයට හිටියත් මටත් කුමාරියෙක් ආදරේ කලා. දෙවදුතිකාවන්ටම පමණයි මම වැනි මෘගයන්ට ආදරේ කරන්න පුළුවන් වෙන්නේ,


Tuesday 24 April 2018

මතක සුවඳ

මම ඔයාගෙන් ඈත් උනත් මට ඔයාව මතක් වෙනවා හැම වෙලාවේම. හැමදාම උදේ පාන්දර. මතකද අපේ ගූඩ් මොර්නින්ග් මැසේජ් එක? ඒවගේම අපි උදේ හයයි හතළිහේ ඉඳල අට වෙනකන්ම කොච්චර හිනා උනාද? සතුටු උනාද? අපහු උදේ නමයට හෝ නමයි පහලවට. අපහු 12 හෝ 12.30 ඉඳල එක වෙනකන්. මම කොච්චර ඇවටිලි කලාද ඉස්සර ඔයා වෙලාවට එන්නේ නැහැ කියල. ඒවා කිව්වේ නිකන්මද? මට ඔයා එන්න පරක්කු වෙනකොට පිස්සු හැදෙන්න පටන්ගත්තේ ඇයි? ඔයා සමහර වෙලාවට මාව මුලින්කාලේ කොන් කලා වගෙත් කලා. මම එනකන් බලන් ඉන්නේ ආදරෙන්. ඔයා ඕනවට එපාවට මට උත්තර දුන්නේ. මම තරහින් කැගැහුව. බැන්න. තරහට නෙවේ. ඔයා ගලක් වගේ හිටිය. ගැහැණු ළමයින්ගේ හැටි එහෙම වෙන්න ඇති. මම කියන එක තේරෙන්නේ නැහැ වගේ හිටිය. තේරුම් නොගෙන හිටිය. මම ඒවා ඉවසුව. ඉවසුව. කෑගැහුවා, බැන්න, දුක් වින්ද, තරහ ගත්ත නිදි නැතුව හිටිය. මම තරම් ඔයා වෙනුවෙන් නිදි මරපු කෙනෙක් ඉන්නවනම් පෙන්වන්න. ඔයාව බලන්න විනාඩියක් එන්නත් මම ගොඩක් වැඩ කලා. මතකද මට ඔලුව කැක්කුමක් හැදුනා නිදි මදි නිසා? ඒක තවමත් මට ටිකක් තියෙනවා. මම එකට අසයි. මට එක නිසා අතීතය මතක් වෙනවා. මට ඒක නිසා ඒ ලස්සන කාලය අපහු මැවෙනවා. මම කොච්චර පැනඩෝල් බිව්වද? වෙලාවකට පුදුම හිතෙනවා. වේදනාව නවත්ත ගන්න මම කරපුව. බබා ඔයා එක්ක කවදාවත් මම තරහ නැහැ. හැබැයි සමහර ඔයා රිද්දවපු තැන් වල මම අසරණ වෙලා පිස්සෙක් වගේ මම බිව්වා. ඔයා වෙනුවෙන් වැඩියෙන්ම බොන්න ඇත්තෙත් මම තමා. එත් ඒ එකක්වත් වෛරෙකින් කරපුව නෙවේ. මම කොහොමද ඔයාට වෛර බදින්නේ? අනික වැරදි ඔක්කොමත් මගේ අතේ. මම දන්නවා මට ආදරේ හිතුන එක වැරදි. එත් ආදරේ මම කරපු වරදක්ම විතරද? පස්සේ අපහු මතකද තුනයි තිහට අපි අයේ කතා කරනවා. අපහු හතරට. හතරට කිව්වට හතරයි හයට වගේ. ඔයා සමහර කරපු හිතුවක්කාර වැඩ වලට බබා මගේ බඩෙයි අගෙයි මාළු නැටුවා. එත් මම ඒවා ඔක්කොම අමතක කලා. සමාව දුන්න, ඔයාට ඒවායේදී රිද්දුවේ නැහැ. හැබැයි මම මගේ වේදනාව කෑගහල කිව්වා. තෙරුම් ගත්ත කියල හිතනවා. එත් මගේ ජීවිතේට වෛරකරලා නැහැ ඔයාට. ඇත්තමයි. අපි වෙන්වෙන දවස වෙනකන්ම මට හැමදේම මතකයි. හැමදේම රත්තරන් වගේ වටිනවා. අපි බලපු පලවෙනි ෆිල්ම් එක මතකද? අපි කොච්චරනම් ලස්සනද ඒ කාලේ? මම අයේ කොයි ලෝකෙක හරි හමුවයි හොඳ මිනිහෙක් වෙලා. දැනට මම එහෙම නැහැ. ඔයා ඉස්සර වගේ නෙවේ. මගේ සහෝදරියන්ගේ ෆොටෝ එකකටවත් දැන් ලයික් දාන්නේ නැහැ. කමක් නැහැ. පුලුවන්නම් මගේ නරක කමට මට විතරක් දඩුවම් කරන්න. මම හැමදාම කොහේ හරි ඉඳල ඔයාව බලන් ඉන්නවා බබා. මම හැමතැනම ඉන්නවා. හැමතැනම ඉන්න හැමතනමදීම තියෙන දේවල් ටිකයි තියෙන්නේ. මම හිතන්නේ මෘගයෙක්ගේ හමක්, ශරීරයක් ඇතුලේ හිටියත් මම එහෙම දෙයක් කියල. ලගදිත් ඔයාගේ ඔෆිස් බිල්ඩිමට ඇවිත් ගියා. අපේ මතක සුවද ඒ හැමතැනම දැනුන. හොඳින් ඉන්න බබා.

Saturday 21 April 2018

අප්‍රියල් මතක.

මේ මාසේ තමා මට මතක අපි දෙන්නටම ඩෙංගු හදුනා. මම හිතන්නේ මට මතක විදියට මට මුලින් හැදුනේ. ඔව්. ඔයා අවුරුද්දට කුරුණෑගල ගිහිනුත් ආවට පස්සේ. මේ වාරයේත් ඔයා යන්න ඇති. කුරුණෑගල ෆිල්ම් එකක් බලන්න යන්න ඇහුව මට මතකයි කොහොමහරි අන්තිමට ගියේ නැහැ. බොහෝවිට(නෙවේ අනිවාර්යෙන්ම) ඒ මම නිසා. මට හැමදේම මතකයි. අයගේ වෙඩින් එකේ වැඩක්ද? නැත්නම් අය්යාගේ අනාගත බිරිඳගේ උපන්දිනේ හරි මේ මාසේ නේද? මට හැමදේම මතකයි බබා. මම අකමැති කවදාහරි ඒවා මට අමතක උනොත්. ජීවිතේටම තියෙන වටිනාම මතක මට ඒවමයි. මම ඔයාට වද දුන්නද? මම කවදාවත් වෙඉරයකින් නම් කිසිම දෙයක් කිව්වේ නැහැ බබා. හැමදේම යට මටවත් පාලනය කරගන්න බැරි වෙන විදියට තිබුනේ අදරේම තමා. ඔයා අමතක කරලා ඇති. විස්වාස නම් කීයටවත් කරන එකක් නැහැ. ඔව් ඒ මේ මාසේ. අයගේ ගර්ල්ට පෙන්ඩන් එකක් රත්තරනින් හදවන්න ඔයා එහාට මෙහාට මහන්සි උනා. මට මතකයි. මට තරහත් ගියා බබා. එකක් ඇයි ඔයාවම එකට යවන්නේ කියල. ඔයාව යවනකොට ඔයාට දුකහිතෙනවා කියල එයාලට දැනුනේ නැද්ද? මට මතක විදියට අවුරුදු මාසේ ඔයාට මම අරන් දුන්නේ ඇදුම් ටිකක් විතරයි. මට අනිත් අතට ගොඩක් දුකක් ඇති උනා ඇයි මට ඒවගේ එකක් හදවන්න ඔලුවට ආවේ නැත්තේ ඇයි කියල. එනිසාමයි මම නොරුස්සන ගතියෙන් ඇහුවේ ඇයි ඔයා ඕවට යන්නේ කියල.(වෙරයක් තිබුනේ නැහැ) තව උනේ මම අකමැත්ත පෙන්නද්දී ඔයා යන්න උත්සහ කලා. ඔවයේදී මට තරහගියේ ආදරේ නිසා කියල මට හිතෙන්නේ, මට මතකත් එහෙමමයි. මම කවදාවත් වෛරයෙන් හිටියේ නැහැ. එක මගේ යාලුවෙක් දවසක් කිව්වා ඔයා එයා එක්ක චැට් කලා පස්සේ නුගේගොඩ සුපර් මර්කෙට් එකේදී හමු උනා කියල. ඒ මිනිහා දැනගෙන හිටියේ මම ඔයා එක්ක යාළුවෙලා කියල. මට කේලම් කීපයක් කිව්වා. එත් මම ඒවා තබයකටවත් මායිම් කලේ නැහැ. මම දන්නවා මට උන්ගේ කතා වැඩක් නැහැ කියල.  මම ආදරේ කලේ නැහැ කියල ඔයත් කියනකොට මගේ ඇස්වලටත් තෙත ගතියක් එනවා. ඔයා අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නකොට මම යනවා කියල ඇවිත් ඈත ඉඳල බලල ගොඩක් දුක් උනා. එකක් ඔයා අසනීප වෙනවා අමාරුවෙන් ඉන්නවා දුක් වෙනවා මට බලන්න දුක හිතුන නිසා. අනික මම හැමදාම වේදනාවෙන් හිටියේ. මම වැරදි මම දන්නවා. තවමත් මම ඒ ජනේලෙන් ඔයා දිහා බලන් හිටිය වගේම ඒ පින්තුරේ මගේ ඔලුව ඇතුලේ මැවිලා පේනවා. ඒක හැමදාම එහෙම පෙනෙන්න ඕන මට. මට කිසිවක් අමතක වෙන්න උවමනාවක් නැහැ. ඉතින් බබා අප්‍රියල් වල අපේ කොච්චර ලස්සන කාලයක්ද? මේ කාලෙකට පස්සේ මම කවදාහරි කොහේ හරි හොඳ මිනිහෙක් වෙලා ඉඳීවි බබා. මම ඔයාව හමු වෙයි. සමහර විට ඒ වාරයේ මම දුක් විඳීවි. කමක් නැහැ. කොහොම හරි අපි හමු වේවි. මම මෘගයෙක් වෙලා ඉන්නේ නැහැ ඒ ජීවිතේදී.

Thursday 19 April 2018

ඔයා කුරුණෑගල ආවද අවුරුද්දට?

බබා ඔයා කුරුණෑගල එන්න ඇති නේද? මතකද පහුගිය අවුරුද්දේ අවුරුදු දවස් කීපය? ඔයයි අම්මයි ත්‍රිවිල් එකක කුරුණෑගල ගියේ. බබා මතකද ඔයා ඇඳල හිටිය රෝසපාට ඇඳුම?(ඒක අපි දෙන්නම තමා ගිහින් ගත්තේ. මතකද? මගේ ජිවිතේ ලස්සනම කාලයක් බබා.) එක දිගට දිගේ හරිම ලස්සනයි. මම කිව්වා බලන්න ලස්සන වගේම වැදගත් කම කියල. අපි රණ්ඩුත් උනා. මට ඒවා ඔක්කොම මතකයි. ඔයාට මාව අමතක උනා කියල මම තරහ වෙන්නේ නැහැ බබා. මට දුකයි. අදරේටම ආදරේ කරපු නිසා වෙන්න ඇති මට හැමදේම වැරදුනේ. එත් මම ඔයාට ආදරේ කරපු එක කරන එක වරදක්ද? ලෝකෙම මට බනිවි. මම ඔයාට සමහර වෙලාවට බැන්නේ ආදරේට බබා. දෙවියන් පල්ලා මම කවදාවත් වෙඉරයෙන් ඔයාට බන්නේ නැහැ. ආදරේට. මම දුරස් උනෙත් වරදක් උනාට. මගේ හිතට අවා ඔයාව ලං කරගෙන මම ඔයාට ලෝකේ නැති දහදුක් දෙනවා කියල. බබා ඔයා මගේ කාර් එකේ දවසක් කඳුළු ඇස්වල පුරෝගෙන අඬනවා මට තවම මැවිලා පෙනෙනවා. මම මගේ ජීවිතේම දුකින් ඉන්නේ. හැමෝම හිතන්නේ මම ලොකු සතුටකින් කියල. බබා ඔයා එක්ක විනාඩියක් ඉඳල යන්න කොළඹ එන්න මම දවස් ගණන් වැඩ කරපු කාලේ ගොඩක් ලස්සනයි. අපිට ඒ කලේ කොච්චර ලස්සනද? ඔයා ඒවා අමතක කරන්න ඇති. ඔව් බබා ඔයා හරි. මටවත් මගේ වටිනා කමක් පෙනෙන්නේ නැහැ. ඉතින් ඔයාව රිද්දවපු මම ගැන මතක තියාගන්න ඕනද? ඕනවෙන එකක් නැහැ. මම ජීවිතේම පොරොන්දු වෙනවා. අයේ කවදාහරි කොහේ ලෝකේ හරි අපි මේ අපේ අඳුරුම කාලේ අමතක කරලා ඉපදේවා කියල. ඔයා උදේක නැගිටිනකොට මම ඔයාගේ ඔලුව අතගගා ඉඳීවි. ඔයාගේ කෙස් වලු අතරෙන් හුස්ම ගනීවි. එත් මේ ජිවිතේ මම මෘගයෙක්. මම හැමතැනම හැමදාම මට පුළුවන් විදියට ඔයා දිහා බලන් ඉන්නවා. කවදාහරි මේවා කියවන්න ලැබුනොත් දුක් වෙන්න දෙයක් මෙතන මම ලියල නැහැ. මම ගොඩක් වේදනාවෙන් හිටිය විතරයි. එත් ඒවත් මගේ වරදම කියල මට තේරුණා. එත් මේ ඉන්න එකත් ඉන්න හේතුවක් ඔයා. දුක් වෙන්න එපා.

Wednesday 18 April 2018

ඔරලෝසුවක් තුල මතක.

බබා ඔයා හොඳින්ද? මම දන්නවා මම නිසා රිදවීම විතරයි. මම දෙන්නෙත් රිදවීම විතරයි. මම ඔයාව විහිලුවකට ගත්ත නෙවේ. ආදරේ හිතීම වරදක්ද? මම ආදරේ කරන්න හිටියේ නැහැ කාටවත්. එත් අපි හමු උනා. මට ආදරේ හිතුනේ වල් කමක් නිසා නෙවේ. මට ඔයා ගැන ආදරේ හිතුනා. ආදරේ හිතිමත් වරදක්ද? ඔයාට දැනුනේ නැද්ද බබා මගෙන් බින්දුවක් වත් ආදරේ? මම ඔයාට ආදරේ කියල නාමයක් වත් දුන්නේ නැද්ද? මම අවස්ථාවදියෙක්ම විතරද එතකොට? ඔයාට රිදෙන්න පුළුවන් කියල හිතෙන ගොඩක් තැන් වලදී මම ඔයා එක්ක හිටියේ නැද්ද? ඒ මම හිටියේ මගේ තියෙන ආත්මාර්ථකාමී කමකටද? ඔයාගේ සමීප අය ඔයාට නැති වෙයිද කියල මම කොච්චරනම් බයකින්ද හිටියේ. එත් මම දන්නවා ඒවා දැන් ඔයාට කිසිසේත්ම වැඩක් නැහැ. ඔයා බොහෝවිට මාව දැන් ගොඩක් අමතක කරලත් ඇති. මම ගැන කිසිම හොඳක් මතක නැතුව ඇති ඔයාට. මම වැරදි තමා. එත් මම ආදරේ කරපු එක වැරදිද? මට ඔයගැන ආදරයක් ඇති උන එකත් නරකද? ඔයා ගොඩක් හොඳ කෙනෙක්. මට ආදරේ හිතුන. එත් මම ඔයාගෙන් ප්‍රයෝජන ගන්න ඇවා නෙවේ. මම මෙච්චර මෘගයෙක්නම් ඇයි මට මෙච්චර වේදනාවක්? මම ආදරේ වෙළදාමක්නම් කලේ මම මෙහෙම මගේ ජිවිතේ දුක් වෙයිද? ඔයාව මෙච්චර මතක් කරයිද? අද හවස හතරට මම ඔරලෝසුව දිහාම බලන් හිටිය. අපේ ඒ ආදරණීයම කාලේ. ඔයා හවස හතරට මට කෝල් කරනවා. හරියටම කිව්වොත් හතරයි හතරට, හතරයි හයට විතර වගේ. මගේ ඇස්වලට කදුළු අවා. මට අමතක වෙන්නේ නැහැ. ඔයා කවදාහරි මමත් වේදනාවක් විඳලා කියල හිතුනොත් අනේ කෝල් එකක් දෙන්න. මගේ ලොකු කම් නැහැ. මම සැර උනානම් බැන්නනම් ඒ හැමදෙයකම යට ආදරේ තිබිල තියනවා. මම දන්නවා මට මුළු ලෝකෙම කියන්නේ අවස්ථාවාදියා කියල. ඔයා කියන්නෙත් එකමයි. නමය නමයි 15 වෙනකන් මම බලන් හිටිය මතකයි. උදේ 4.58 නැගිට්ටම උදෙන්ම ෆේස් බුක් එකේ ගූඩ් මොර්නින්ග් කියන්න කෙනෙක් මට නැහැ වෙන. අයෙත් එහෙම වෙන්නෙත් නැහැ. උදේ වැඩට ගිහින් ඉන්නකොට උදේ 7 ඉස්සර ඔයා කෝල් කල කාලය කොච්චර ලස්සනද? ඒ කෝල් එක පරක්කු උනාම මට පිස්සු වැටෙන්න පටන් ගත්ත. ඒ හඬ ඇහුනේ නැත්නම් මම පිස්සුවෙන් වගේ ඔයාව හෙව්වා(එකට හැමෝම කියන්නේ ආත්මාර්ථ කාමී කම කියල. ඔයත් කිව්වේ එහෙමමයි. කමක් නැහැ. කවදාවත් තරහ නැහැ මම මට කොච්චර වයිර කලත්) මතකද? ඔයාටයි මටයි දෙන්නටම ඩෙංගු හැදුනේ මේ අප්‍රියල් මැයි මාස වලදී. ඩෙංගු වලින්නම් පරිස්සම් වෙන්න බබා. තෙරුවන් සරණයි.

Monday 16 April 2018

මෘගයකු විසින් ලියන ලදී.

සින්දුවක් ඇහුවම එක හරියට මටම කරන බැනීමක් වගේ බොහෝ වෙලාවට. මගේ වැරදි මම නැහැ කියන්නේ නැහැ. මම දන්නවා. විඳවනවා. ඔයා මම බොරුවක් විදියට විසි කරලා දැම්මට මම තරහවක් නැහැ. ඒක එහෙම කලාට මම තරහ ගන්නේ කොහොමද? මම ඒ කියන නපුරු මිනිසාමනම් ඇයි මම තවමත් මේ විදියට දුක් වෙන්නේ?එහෙම හංවඩු ගහනකොට මම ඉන්නම්. මම තරහෙන් නෙවේ බබා මේවා කියන්නේ. අපි වෙන් උනාට මම ඔයාව දුරස් කලේ වෛරෙකට නෙවේ. ඒවගේ දෙයක් මේලෝකේ මිනිස්සු කරන්නෙත් නැහැ කරලත් නැහැ වෙන්න ඇති. එත් මට ඔයාව දුකක ගිල්ලවල දාන්න ඕන උනේ නැහැ. ඔයා දැන් පෙනෙන්න ඉන්නෙවත් නැත්තේ බොහෝවිට මට තරහෙන් වෙන්න ඇති. මාව බොරුවකට මායාවකට රැවටීමකට සමාන කලාට කමක් නැහැ. මට දැනුනු ඒ දේත් මායාවක්ද එහෙමනම්? (මම ඔයාට ඇනුම්පද කියනවා නෙවේ.). ආදරය දැනීම කිරීම වරදක් වෙලා. ඒකයි මම මෙහෙම ඉන්නේ අද. එහෙම හිතට දැනෙන, දැනුනු එක වැරදිද. ආදරේ ආත්මාර්ථකාමී වගෙත් තමා. එත් මම හැමදේම අත්මර්තයටමද යෙදෙව්වේ බබා? මට ඔයාගේ දුක දැනුනේ නැද්ද කවදාවත්ම? ඔයාගේ ෆේස්බුක් එකේ අන්තිම පොස්ට් එක මට කෙලින්ම ඔලුවටම ගහපු ගල් පාරක් වගේ. හරි මම වැරදි. එත් මම හීනෙකින්වත් හිතල මිනිස්සුන්ට රිද්දවන්නේ නැහැ. මිනිස්සුන්ට රිදෙනවා දකිනකොට මට රිදෙනවා. ඔයාට රිදුන වෙලාවලට මම කොච්චරනම් දුක් උනාද? ඒවා හැමදේම අද නම් කරන්නේ බොරු කියල(බොරු ආදරේ කියල){බොරු ආදරේ කියල දවසක් බැනගෙන අපි ගිය රණ්ඩු මතකද?} කමක් නැහැ මුළු ලෝකෙම එහෙම කිව්වත් කමක් නැහැ. හැමදේම වැරදුනානම් මම කවදාහරි දවසක හදාගන්නම්. මම කොහෙහරි අයේ ඔයාව හමු වේවි. අවුරුදුත් ඉවරයි. ගිය සැරේ අවුරුදු මතක් වෙනවා. මට මොන අතීතේ තිබුනත් සිංහල අවුරුද්දකට ඇඳුම් ගන්න මම ඔයා එක්ක තමා පළමු වරට ගියේ. ඒවා අමතක කලාට මම වෛර නැහැ. නින්ද යනවා හරි අඩුයි. මෘගයන්ට එහෙම වෙනවා ඇති.

Sunday 15 April 2018

අවුරුද්දක්.

ඔයා හොඳින් ඉන්නවා කියල හිතනවා. දුකින් උනත්. මමත් සතුට කියන දෙය නිසා නෙවේ ඉන්නේ. අවුරුද්ද පහුවෙලා යන්න යනවා. මට මතකයි මාව එෆ්බි එකේ ඩිලීට් කරන්න ඉස්සරවෙලා ඔයා සින්දුවක් දාල තිබුන ඔබෙන් ඇමතුමක් එන තුරා කියල. එත් මම කතා කලේ නැහැ. ලොකු කමටවත් කුහක කමටවත් රිද්දන්නවත් නෙවේ. මම කතා කලානම් බබා ඔයා අපහු දුක් සාගරේක ගිලෙනවා. මට වැරදුනා(ආදරය කිරීමත් වරදක්ද? මිනිස්සු අදරේදී ආත්මාර්ථ කාමී වෙලා. මම රිද්දන්න හිතුවේ නැහැ.) එත් මම ආදරේ නොකලද? මම ආදරේ නොදී හිටියද? මම කතා නොකළේ එකම හේතුව අයේ ඔයාට දුකක් නොදෙන්නයි. සමහර විට ඔයා ඒක වැරදියට තේරුම් අරන් ඇති. ඉතින් අවුරුද්දෙත් ඔයාව අමතක කරලා මම අවුරුදු කෑවා නෙවේ.(අවුරුද්දට කෑවත් මට දිරවගන්න බැහැ වගේ.) මම ඔයාට කෝල් එකක්වත් නොදුන්නට මම ඔයාට මම නිසා අපහසුවක් වෙන තරම් ලගට අවේ නැහැ. එත් ඒ දේ ලඟට නොඑන්නේ කාගේද? මම හිතෙනවා බබා ඔයාට අඩුම ගානේ මගේ හිතේ තිබුන ප්‍රාර්ථනාවක් වත් දැනෙන්න ඇති කියල. දැනුනානම් මට සතුටුයි. ඒ ඇරෙන්න අනිත් හැම ක්‍රමයටම ඔයාට අවුරුදු සුබ පැතුමක් දෙන්න මම ගොඩක් උත්සහ කලා. මම ෆේස්බුක් වැඩිය එන්නේ නැහැ. එතන අපි හමු උන තැන. හැමදාම එහෙම තියේවි. මම ගොඩක් උත්සහ කලා. මම සුබපැතුමක් එවුව කියල හෝඩුවාවක් වත් ලැබුනොත් සතුටුයි. ඔයා කවදාහරි දැනගනීවි බබා මම හැමතැනදිම ඔයාව මතක් කරනවා කියල. මම දන්නවා වැරදුන හැමදේම මුල ඉඳල අගටම. එත් මම සතුටෙන් ඉන්න පැනලාගියා කියල ලේබෙල් ගහන්න එපා. අපේ නංගි ෆේස් බුක් එකේ ඉස්සර පොස්ට් දැම්මම ඔයා ලයික් කරනවා. මේ සැරේ එහෙමවත් මම දැක්කේ නැහැ. ඔයා පලිගන්නවද? කමක් නැහැ ඒක හොඳනම්. මම බලන් හිටිය අඩුමගානේ ඔයා එයාගේ එවටවත් ලයික් එකක් දායි අවුරුද්දේ කියල. කමක් නැහැ බබා. සුබ අලුත් අවුරුද්දක්.

Saturday 14 April 2018

I tried

baby I tried my best to pass a greeting for the new year. i just sat for the new year table. i remembered you. i hope some other time we will meet. Someday. happy sinhalese new year baby. take care. wishing you and your family a long life. please dont break my promise.

Thursday 12 April 2018

සුබ අලුත් අවුරුද්දක්

අවුරුදු ලබනවා. මම හිතනවා ඔයා අම්ම එක්ක ශෝපින්ග් කරන්න ඇති කියල. වෙන කෙනෙක් එක්ක කලත් මම වෙර කරන්නේ නැහැ. මොනවා උනත් ඔයාගේ හිත සතුටු වෙනවනම් එක ලොකු දෙයක් මට. අප පලවෙනි වරට හමු වෙලත් මම ඔයාගෙන් ඇහුවා ඔයාට සතුටුද සතුටුද කියල. මට මතකයි. එහෙම ඇහුවේ ඇත්තටම මට දැනිච්ච සතුටට. ඔයා කිව්වා මතකයි ගහක් හිටවනවානම් ඔයාගේ කාමරය ලගින් හිටවන්න මාව මතක් වෙන්න කියල. මම අද එකක් හිටවනවා. කාමරේ ළඟ. මීට ඉස්සරවෙලත් එහෙම එකක් හිටෙව්ව්වා. ඔයා මම මෙහෙ එන්න ලෑස්ති වෙලා අප්සට් එකේ ඉන්නකොට කිව්වේ ඔයා යන්නේ මිනිස්සුන්ට සේවය කරන්න කියල. මම තවම ඒ වචනටික කනේ තියාගෙන වැඩ කරන්නේ. අද උදෙත් අමතර පැය දෙකක් වැඩකලා. ඒවා ඔක්කොම ඔයා වෙනුවෙන් හා ඔයා නිසා. මම හිතනවා බබා ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම හොඳින් කියල. මගේ අම්මලට වගේම එයාලටත් දිගාසිරි වේවා. මට මතකයි අම්ම අසනීප වෙච්ච වෙලාවේ ඔයා ගොඩක් අමාරුවෙන් හිටියේ. හැමදේම මතකයි අපි වෙන් උනත්. අපි එහෙම උනත් මම හැමදාම හිතන්නේ හේතුවක් තියෙන්න ඇති අපි හමු වෙන්න. මට වෙර කලත් අපි වෙරක්කාරයෝ නොවී ඉමු. මම අයේ කොහේ හරි ඉන්නවා. මම ගොඩක් හොඳවෙලා ඉඳීවි. මම ගොඩක් විස්වාසවන්ත වෙලා ඉඳීවි. මම ගොඩක් කාරුණික වෙලා ඉඳීවි.(මම දැන් මෘගයෙක්). මෘගයෙක්ට ආදරේ කරන්න පුළුවන් දේවතාවියෙක්ට විතරයි මම හිතන්නේ. ඔයා එහෙම කලා. දුක් වෙන්න එපා. මට දුක කවදාහරි ඔයා ඔයාගේ පොරොන්දු එක්කක් නැර කඩල දැම්මොත්. අපේ අන්තිම පොරොන්දු නොකඩ ඉන්නයි අපි තීරණය කලේ. අඩුම ගානේ අවසන් කීපය හරි තියන්න බබා. ඔයා මට රිද්දන්න ඔවම කරන්න ඕන නැහැ. දවසක් එයි රිද්දන්නත් හොඳටම. එදාට අයේ පව් පින් බලන්න එපා බබා. රිදවන්න කමක් නැහැ. ඒක කරන්න මට ඇස්දෙකට අන්නවගේ අඩෙන්න, ඇඟ කෑලිවලට කපනවා වගේ වේදනාව දැනෙන්න. එක කරන්න. මම වින්ද්වන්න ඕන. හැබැයි පොරොන්දු කීපය කඩන්න එපා අනේ.

ලෝකේ හැමදේම හැමවෙලාවෙම වැරදියට උනත්. මාව හැමවෙලාවකම වෙර කරන්න මිනිහෙක් විදියට පෙනුනත් මම වෛරය සදහාම විතරකුත් නෙවේ ඔයා ටිකක් හිතන්න. එකමදේ මම ඔයාව දුක පාරක ඇදගෙන ගියේ නැති එක. සමහර වෙලාවක මම ඔයාට බැන්න විදිය වැරදි. මම දන්නවා. මම එහෙම කලේ වෛරෙකින් නෙවේ බබා. හිතින් අඬ අඬ මම එහෙම වචන කිව්වේ. මම කියන වචනවලින් ඔයාට වෙච්ච වේදනාව මතක් වෙලා මම රෑ තිස්සේ ඇඬුවා. පස්සේ උදේට මගේ ඔලුව පුපුරන්න වගේ කැක්කුම හදුනා. පැනඩෝල් අපිට යා දෙයිද? කැක්කුම අඩුකරන්න කරපු ඒවා මම විතරයි දන්නේ. හැබැයි බලු වැඩ කලේ නැහැ. මම කිව්ව දම්මිකා කියල කෙනාව පටලවලත් මට දවසක් ඔයා අනංමනං කිව්වා බබා. ඒවා වෙන මිනිසුන්ටනම් හිත පැරවෙන දේවල්. එත් මම මොකුත් කිව්වේ නැහැ. මොකද මමත් ඔයාට දුක් දුන්නේ. මම දැනගෙන හිටිය ඔයාගේ වේදනාව. මම මගේ වැරදිවල වේදනාව, ඔයාට දැනෙන දුකේ වේදනාවත් වින්ද. බොරුනම් නෙවේ. ඇත්තමයි. ඔයා ඒවගේ ඒවා කිව්වත් මම ඒවා ගණන් ගත්තේ නැහැ. මම වේදනාවට එහෙම දෙයක් පැතුවේ නැහැ. සන්තුවරු වෙන්න පෙරුම්පිරුවේ පින්කරයෝම විතරද? අපිවගේ මිනිස්සු හැමදාම දුක් වින්ද කියල ලෝකෙම දන්නේ නැහැ. මම දන්නවා ඔයා විඳපු දුකත් බබා. ඔයා අඬනකොට කිසැරයක් මම ඔයාගේ ඔළුව මගේ අත් දෙකේ රඳවාගෙන හිටියද? අපි විඳපු ඒවා දන්නේ අපිමයි. දෙය්යෙක් කියල කෙනෙක් හිටියොත් එයත් දකීවි. මේ ලියුම ලිව්වේ සිංහල අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියල. මේකේ දෙවැනි චෙදේ ලිව්වේ ගොඩක් රැවෙලා. නින්දගියේම නැහැ. ඔයා වරක් මගේ මේ ලිපි බැලුව. ඔයාට අයේ මතක් වෙලා බලපු දවසක කියවන්න. සුබ අලුත් අවුරුද්දක් ඔයාට හා පව්ලේ අයට. මම අම්මට තාත්තට ඔයාට දිගාසිරිම පතනවා. මම මැසේජ් කරන්නේ නැත්තේ ලොකුකමට, කුහක කමට, මනුස්සකමක් නැති කමට හෝ ආදරේ කියල නාමයක්වත් ගැවිලා නැති කමට නෙවේ. මම මැසේජ් නොකරන්නේ මම ලංවෙන හැම තැනටම වේදනාව විතරයි නිසා. කෙසේවෙතත් මගේ මේ ලියන ඒවා කවදාහරි දකින්න ලැබේවි. මම අවුරුද්දට සුබ පතන එක අමතක කලේ නැහැ ඔන්න. ගොඩක් මතක් උනා. මගේ කාමරේ ළඟ එහේ ක්වාටස් එකේ ජනේලේ පැත්තේ අඹ ගහක් අද හිටෙව්වා. ඒක හිටෙව්වේ ඔයාව මතක් කරන ගමන්. කාමරේ ළඟ ඔයා වෙනුවෙන් එකක් හිටවන්න කිව්වා මතකයි තවමත්. පොරොන්දු කඩන්න එපා බබා. තෙරුවන්ම සරණයි.සුබ අලුත් අවුරුද්දක්!.

Wednesday 11 April 2018

එන්න තියෙන ඩෙංගු උවදුරු කාලේ

මට තවම මතකයි කිව්වා ඔයා මට රිද්දනවා මම යනවා. හොඳින් ඉන්න කියල. ජීවිතේම පපුව පුපුරලා ගිය වචන පේලිය. මම අනන්තවත් ඔයා මාව ගණන් නොගෙන ඉන්න වෙලාවට, මම කියන එක නොතේරුන වගේ ඉන්න වෙලාවට, ඔයා ගලක් වගේ හිටපු වෙලාවට ගොඩක් දුක් වෙලා තියෙනවා, ගොඩක් ඇඩුව(විස්වාස නොකලට කමක් නැහැ) මගේ ගෙදර පිටිපස්සේ තියෙන බෝතල් සාක්කි දෙයි මම කොහොමද හැමදාම රණ්ඩුවෙලා නිදා ගත්තේ කියල. ඒත් ඒ කාලේ මගේ ජිවිතේ මම ගොඩක් හොඳ දේවල් විඳපු කාලයක්. හැම රණ්ඩුවක් අවසානෙම අපි අයේ යාලු උනා ඒ කාලේ. දැන් අපි වෙන් වෙලා. මමම තමා ඒවා කලේ. මම තමයි ඔයාව පැන්නුවේ එක විදියකට. ඊට පස්සේ මම දන්නවා සාදාරන තීරණයක් ඔයා මාව පැන්නුව අපි පළමු වරට හමු වෙච්ච තැනින්. මම හැමවෙලේම බලන් ඉන්නවා. ඒ මොන වේදනාවටත් වඩා ඔයා වෙන් වෙද්දී කියපු වචන ටික මගේ හිත කම්පා කරනවනවා. මට සමහර වෙලාවට තරහ ගියෙත් මට දුක ඉවසන්න බැරි කමට. ඒවගේම මම ඒවාට තරහ නැහැ. ඔයා මම ගිය අවුරුද්දේ මාර්තුවල එනකොට කිව්වා ඔයා යන්නේ මිනිස්සුන්ට සේවය කරන්න කියල. මම සැර උනත් අදත් ඒ වචන මතක් කරනවා. ඒ විදියට වැඩ කලා. සමහරෙක් ඇවිත් කියනවා මහත්තය නිසා තමා මෙයාව බේරුනේ කියල. මම ඒ වෙලාවට ඒ වචන අපි අතර හුවමරුවෙච්ච, ඔයාගේ දිරි ගැන්වීම මතක් කරනවා. ඒවා ඔය නිසාම මම කරපුව වෙන්න ඇති. තවම මගේ මේසේ උඩ ඔයා දුන්න කොළ හුළගේ යනවට තියෙන පලිගු කැටේ තියෙනවා. ඒවා හැමදාම මතකයි. අවුරුද්ද ලගයි ඒවගේම මේ වැසි කාලේ. මට මතක් උනා ඊළගට එන්න තියෙන ඩෙංගු උවදුරු කාලේ. එකෙනුත් බේරිලා ඉන්න. මට පණිවිඩ යවන්න විදියක් නැහැ. ෆේස්බුක් එකේ ෂෙයාර් කලත් ඔයාට පෙනෙන එකක් නැහැ. මොකද ඔයා දැන් මගේ පිටුවේ නැහැ. මොනවා උනත් පරිස්සම් වෙන්න. අවුරුදු අපි සමරුවනම් අපි මේ දවස් වල මොනවා කරයිද? ඒවත් හිතෙනවා. කොහොම උනත් හොඳින් ඉන්න. වෙර කලාට කමක් නැහැ.

Tuesday 10 April 2018

නිරෝගී සුව දිර්ගායුෂ

බබා අවුරුදු මාසෙත් ඇවිල්ලා. අපි වෙන් වෙලා ගියා. බබා ඔයයි මමයි හිටියනන්ම් අපි මොනවා කරයිද? අපි කොළඹ අවිදිවී ගොඩක්. අත් අල්ලාගෙන. අත් අල්ලාගෙන මේ ලෝකේ වෙන ප්‍රශ්න නැහැ වගේ දැනෙන ඒ මොහොත. බබා මම අපි හිනා වරෙක හිනා වෙමින් වරෙක අඩමින් ගිය පාරවල් වල අයේ යනවා හිත පිරෙන්න හිත බරවෙන්න දේවල් හිතේ දරාගෙන. බබා හැමෝගෙම හිත්වලට නෙත් වලට මම දුෂ්ටයෙක්. මම දුෂ්ටනම් ඔය කියන තරම් ඇයි මම මෙච්චර දුකකිනුත් ඉන්නේ? දුෂ්ටයන් දුක හිතෙනවද? මම අපි ගිය ඒ මාවත් වල අයෙත් ගියේ හිතේ ඇතුලෙන් දහස් වාරයක් අඬ අඬ. හැම ආදර සින්දුවකම ගායක ගායිකාවෝ මට බනිනවා වගේ මගේ ඔලුවට. බබා මතකද මම ඔයාට බැනපුවා? සමහර තැන් වලදී මම අසාදාරන විදියට බැන්නේ. එත් සමහර වෙලාවට මට තිබුන දුකට ආදරේට. මට තරහ ගොඩක් ගියා ඔයා අර චැට් ඩිලීට් කරපු දවසේ, තව අර ඕස්ට්‍රේලියාවේ මනුස්සයෙක් මැසේජ් කරපු දවසේ. කමක් නැහැ මම ඒවායේදී පිස්සු වැටුනේ ආදරේට මිසක් වෙරෙකට නෙවේ. ඒ දවස් වල ඔයා බබා ගලක් වගේ හිටියා. චැට් ඩිලීට් කරපු දවස මතකද? මම දැන් ඔයාගේ හතුරා(ඔයා හිතන්නේ එහෙමයි) එත් මම ඔයාට ආදරේ කරපු කෙනා. ඔයා ඒවායේදී දීපු හේතු ඔයා කිව්ව වචන වලින් මම විදෙව්වා ගොඩක්. එත් බබා මම ඒ හැම තැනදීම වෙර කලේ නැහැ. ආපහු ආදරේ කරන්න හේතු හෙව්වා මිසක්.(මම දන්නවා මම කරපු ආදරේ වැරදි එකක් ලෝකේ නැති එකක් කියල. කවුරුත් පිළිගන්නේ නැහැ මම ආදරේ කලේ කියල. කමක් නැහැ.) අපි යන එන පාරවල් වල මතකද? දවසක් ඔයා අඬල ඇස් දෙකේ කදුළු පුරෝගෙන මගේ දිහා බලාගෙන කිව්වා "ඔයාට මගේ දුක තේරෙයි කවදාහරි කියල." ඇත්ත බබා. ඒවා මම දන්නවා. එත් මම ඔයාව පන්නපු එකට මගෙනුත් මට සමාවක් නැති බව මම දන්නවා.(මට බැරි උනා බබා ඔයාව දුක කටුක පාරක ඇදන් යන්න.) එත් මම මතු භවේක හරි බලන් ඉන්නවා බබා අයෙත් අත්වැල් අල්ලාගෙන ඇවිදින්න. වෙර මිනිහෙක් විදියට නෙවේ. මම එදාට අයේ මම නරක මිනිහෙක් වෙන එකකුත් නැහැ එහෙම හංවඩු ගැහෙන්න දෙයක් කරන එකකුත් නැහැ. ඔයාගේ මාලේ තවම මගේ බෑග් එකේ. ඒවා මගේ සදාතනික මතක බබා. මතකද මම මාලේ ගත්ත දවස? ඔයාගේ පලවෙනි තෑග්ග මතකද මට දුන්න? පලිගු කැටයක්? පෑනක් දුන්න මතකද? ඒවා මම මැරෙනකන්ම මම රත්තරන් වගේ තියාගන්නවා. අමතක වෙන්නේ නැහැ. මම නැති උනත් දවසක ඔයා මේවා කියවයි. මම හිතන්නේ නැහැ ඔයාට මගේ මේ පේජ් එක මතකයි කියල. එත් මම කවදාහරි එවන්නම් ඒක බලන්න. බබා මම අවංකවම හොඳ මිනිහෙක් නෙවේ මම දන්නවා. එත් මට තරන් ඔයාගේ දුකයි ඇස් වල කඳුලටයි රිදුන කෙනෙක් ඉන්නවනම් කියන්න. ඔයා අඬපු ඒවා මට හීනෙන් පෙනෙන්න්නේ ඇයි? මම අලුත් අවුරුද්ද ළඟ නිසා පිළිකා ලෙඩෙක්ට සල්ලි දුන්න ඒ අපේ අම්මගෙයි ඔයාගේ අම්මගෙයි නිරෝගී සුව පතල.(ඇත්තමයි ඒ සල්ලි ඒ මිනිස්සු අතට දෙනකොට මම එහෙම පැතුවා) මම දන්නවා ඔයාට අම්මගේ ආදරේ කොච්චරද කියල. මට බලන් ඉන්න බැහැ එයාලට දුකක්නම්.(මට අයිතියක් නැහැ කියල කියන්න කමක් නැහැ.) ඔයාගේ ෆේස් බුක් එකෙත් ලියල තිබුන ඔයාට අම්මගේ වටිනාකම. මට තවම මතකයි මාව ඩිලීට් කරලා දැම්මත්. එහෙම දෙයක් කරලා එහෙම දෙයක් පැතුවේ අවංක හිතකින්. මට දවස් ගානකින් මේකේ ලියන්න බැරි උනේ මට එහාට මෙහාට යන්න උන නිසා. තව කොළඹ මම ඔයාලගේ ඔෆිස් එක ලඟට අවා හුගක් රෑ වෙලා. ෆුඩ් සිටි එක ඇරලා තිබුනේ. මම එකේ ඇවිද්ද අපේ මතක මියැදෙන්න එපා කියල හිතින් කියා කියා. අයේ මතක් උනා ඔයා කවදාහරි මේවා ඔක්කොම අමතක කරලා අතැරලා යයි කියල. එක ලොකු දුකක් මටත් බයක්. මම පැතුවේ මොන ලෝකෙක හරි ඔයා ඉන්න තැනක්. ඔයා ඒ දඩුවමත් දෙනවා මම දැක්‌කා ඊයේ රෑ. කමක් නැහැ ඔයාට එක සතුටක් නම්. ඔයාට අද සතුටුද කියල හැමදාම ඔයාව හමු වෙලා යන්න ලෑස්ති වෙලා ඒ දවස්වල මම ඇහුවේ මම ඇත්තටම ඔයා සතුටුවෙනවා දැකල ලෝකේ ලොකුම සතුටක් ලබපු කෙනෙක් නිසා. ඔයාට සතුටුනම් මාව මරල දැම්මත් කමක් නැහැ. හැම පොරොන්දුවම කඩලා දාන්නේ නැත්නම් පින් අයිති වෙයි බබා. සුබ අලුත් අවුරුද්දක්. ඔයාටත් අපේ දෙමව්පියන්ටත් නිරෝගී සුව දිර්ගායුෂ ලැබෙන ඕන!

Wednesday 4 April 2018

අවුරුදු ළගයි

හැමදේම වැරදිලා ගිහින්. මම දන්නවා. එත් හැමවිටම ලෝකය මම දුෂ්ටයකු විදියටම තමා නම් කරන්නේ. ඒකට කමක් නැහැ.
එත් ඔයත් එහෙමමයි නේද? ඒක හරි. ඔයත් ඒ විදියටම මම ගැන හිතන්න ඔයාට හේතු තියෙනවා. ඒක නිවැරදි. මම එත් කවදාවත් ඔයාගෙන් පලිගන්න දෙයක් කරන්න අදහස් කලේ නැහැ. එහෙම මිනිහෙක්නම් මම තවම දුරක ඉදල හරි මේ විදියට හෝ දුක් වෙයිද? අවුරුදු ලගයි. අපි අවුරුද්දට ශෝපින්ග් ගියා මතකයි. අපි නුගේගොඩ පාරවල් වල ෂොප් ඇතුලේ අත් අල්ලාගෙන ඇවිද්ද. බබා මම ඔයාගේ හැමදාම ආසාකලේ හැමදේම පෙනෙන ඇඳුමක් අන්දවල ලෝකෙට පෙන්වල ලෝකෙම මිනිස්සු කුණුහරුප හිතන්න සලස්සවන විදියේ දෙයක් නෙවේ. ඔයාට අරන් දුන්න රෝසපාට දිගටි ඇඳුම මතකද? එකට කෙල්ලෙක් විදියට ඔයාගේ පෙනෙන ලස්සනයි, වැදගත් කමයි වෙන කිසිම ඇඳුමක තිබුනේ නැහැ. ඇත්තමයි. කොහේදී හරි දවසක (අවුරුදු ශෝපින්ග් එකෙදීමද මන්ද) අපි තව දිග ගවුමක් ගත්තා මතකයි. ඔයා ඒ ගව්මට ගොඩක් ලස්සනයි. ගවුමට ඔයා ලස්සනක් මිස ගවුම නිසා ඔයා ලස්සනයි කියනවා නෙවේ. ඔයා ඒ ඇඳුම වලට අවන්කවම ලස්සනයි. ඔයා තේරුව ටී ෂර්ට් එක තවම මම තියන් ඉන්නවා. දැන් මට ඒවා අදින්න දුකයි. මම අදින්න අකමැති නිසා නෙවේ. ඒක ඉරුනොත් මට අතක් නැති උනා වගේ. කවදාහරි දවසක ඔයා මේවා කියෙව්වොත් ඔයා දැනගනීවි ඒවා හැමදාටම මට වටින ඒවා කියල. නිල්පාට ටී ෂර්ට් එකක්, එකේ සුපර් මැන් ගේ ලකුණ ගහල තියෙනවා. හොඳින් ඉන්න මම දුෂ්ටය උනත් මේ ආත්මේ. මේ ආත්මේ විතරයි.

Sunday 1 April 2018

හැමතැනම ඉන්නවා.

දින හතරේ නිවාඩුවේ අවසාන දවස. අපි එකට හිටියනම් මම අද හවස නැතිනම් උදේ පාන්දරින් එනවා වැඩට. මතකද බස් එකේ එනගමන් ගිය වලි. මම සමහර දවස් වලට ඇඩුව එනගමන්.(පස්සේ කාලෙක ඔයා ඇඩුව මම නිසා){අඩවන්න නෙවේ හිතුවේ}. බනින්නේ නැහැ බබා, ඔයා කාලයක් ගලක් වගෙ මට සැලකුව.(කමක් නැහැ, මම ඒ මතක හැමදේටම ගොඩක් ආදරෙයි. ඒ මගේ වගේම අපේ අතීතේ) මම ඩෙනිම් අදින්නේ නැහැ කියල විහිලු කලා. මම වෙනස් උනා. අම්ම කිව්වත් ඩෙනිම් අඳින්නේ නැතිමම ඩෙනිමක් අන්ද.(එහෙම වෙනස් උනේ ආදරේ හින්දද? නැත්නම් අවස්ථාවාදියෙක් හින්දද මම?) ඔයා නම් එක වචනෙන්ම අවස්ථාවාදී කම කියයි. කමක් නැහැ. ඔලුව නමන් ඉන්නම්. මට ඔයාට දුක දැනෙනකොට දුක දැනුන. ඔයාගේ අම්ම අසනීප වෙනකොට මට දුකයි. මට හිත විකාර වෙනවා එතකොට. එකමයි මම ඔයත් එක්ක අම්මව විසේසඥ උපදෙස් ගන්න යවුවෙත්.(ඒවා හැමදේම අවස්ථාවාදී ක්‍රියා නේද බබා?) මම වැරදි උනා, රිදවුවා. එත් ආදරේ බොරුවක්ද මට දැනුනු? ඔයා කරන සමහර චෝදනා වේදනාවම තමා. කමක් නෑ. මම අනිවාර්යෙන්ම ඒවා විදින්න ඕන. ඔයාට මොකක්ද උවමනාවකට අම්ම නය උනා කිව්වම මගේ ඇස් වලින් කදුළු බේරුනා. මට නවත්ත ගන්න බැරි උනා.(ඒවා ඔක්කොම රඟපෑම් කියලම කියන්න. මම තරහ නැහැ.) ඔයා කන ගමන් මට කවපුව සිහි උනා. හැමදාම රෑට ඇස් වැහුවම ඔයා අඬපු හැටි පේනවා. ඔයා මට වංචා කාරය කියල ලියපු එක මතක් වෙනවා. අවුරුද්දට අපි ශෝපින්ග් ගියා මතකද? බම්බලපිටියේ අපි ශෝපින්ග් කලා මතකද? හැමදාම වටිනාම මතක. බබා හොඳින් ඉන්න.පොරොන්දු කඩුවට මම තරහ නැහැ ඒක දුක උනත්. දුකකදී කරදරයකදී කියන්න මම ඉන්නවා. මම හැමතැනම ඉන්නවා.