Friday 30 November 2018

1-december

 හිතනවා බබා ඔයා හොඳින් කියල. අපි එක්ව හිටියනම් හවස මම ඔයාව ගේ ළඟටම ගිහින්-
බස්සවයි නේද? මතක බබා? ඒ කාලේ මතකද කර එක අපහු හරවන්නේ ෂෙඩ් එක ලඟින්.
ඊට පස්සේ ඉතින් අමාරුම විනාඩිය. යන්නම් කිව්වම ඔයා නළල ඉඹල බායි කියනවා.
මමත් එහෙමයි. පස්සේ මම ඔයා යනකන් කන්නාඩියෙන් බලන් ඉන්නවා. හිත බරකින්-
පුරෝගෙන ගෙදර යනවා. හොඳම දේනම් සිකුරාදා නම් මම දන්නවා ඔයා පස්සේ දවසෙත් හමු වෙනවා-
කියල. සෙනසුරාදා දවසක්නම් කොච්චර හිත බරකරගෙනද මම ගෙදර යන්නේ බබා. ගියෙත්.
ඒ කාලේ සම්පුර්ණයෙන්ම අමතක කරන කාලේ දෙසැම්බර් මාසේ වෙන්න ඇති. මට ඔය ඇස්දෙකට-
තවත් කඳුළු පොවන්න බැරි උනා. නපුරු කම කියල කියන. ආදරෙත් හේතුවක්. මම දන්නවා.
අපේ ජිවිත වල අමාරුම මාසය දෙසැම්බරය වෙන්න ඇති. මම ඔයාව නිතර මතක් කරනවා-
බබා. මට ඔයාව අමතක වෙන්නේ නැහැ. මම හැම වෙලාවකම ඔයා වෙනුවෙන් ඉන්නම්.
හොඳින් ඉන්න. තෙරුවන් සරණයි. ආයෙත් ලියන්නම්.

Monday 26 November 2018

4.30pm

බබා මම හිතනවා ඔයා හොදින් කියල. දැන් ඔයා මම අමතක කරන-
මාවතේ ගොඩක් දුර ගිහින් නේද? අමතක කරන්න යම් යම් අලුත් හේතුත් ඇති.
මම තරහ නැහැ හැබැයි. මාව අමතක කරන්න ලේසි උනාද අමතක උනාද?
ලේසියෙන් අමතක කරන්න ඕන උනත් මම දන්නවා ඔයා අමාරුවෙන් අමතක කරන්න-
ඇත්තේ කියල . මම ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ බබා. අමතක කරන්නත් බැහැ.
අමතක කරන්නෙත් නැහැ. හැමදාම මගේ හිතේ ඔයාට තියෙන තැන එහෙම්මම තියේවි මුළු ජිවිත-
කාලේ පුරාවටම. මම අර්ත්මර්ථකාමී වෙන්න ඇති. එහෙම කිව්වත් මම තරහ නැහැ.
ඒ හැම විදියටම මම ඉන්නේ ඔයාට ආදරේ කරන්න. මට ආදරේ දැනුන එක වරදක් ද බබා?
මේ ලඟදි දවසක මම ඔයා එක්ක කතා කර කර ගිය පාරක ආයෙත් ගියා. මම ඒ පාරේ-
ගොඩක් වාරයක් විදුලි වේගෙන් ගිහින් ඇති මිනිස්සු වෙනුවෙන්. එකත් එහෙම කරන්න කියල-
ඔයා මට කිව්වා මතකයි මම මෙහෙට එන්න ලං වෙලා දුකෙන් ඉන්නකොට. මම ඒ හැමදේම-
ඔයාව මතක් කරගෙන අදත් කරනවා. පිනක් වෙනවනම් ඔයාට ඒවා අයිති වෙයි. මමත් එහෙම පතනවා.
මේ වෙලාවේ ඔයා ගෙවල් පැත්තට යනවා ඇති. ඉතින් හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි.

Thursday 22 November 2018

nothing is easy

බබා කීපයක් ලියන්න බැරි උනේ ඉන්ටෙර්නෙට් නැතුව.
මට නිතරම ඔයාව මතක් වෙනවා. අමතක වෙලා නැහැ ඔයා මාව අමතක කලත්.
ඔයාට මාව අමතක කරන්න අමාරු වෙන්න ඇති. මම දන්නවා මට දැනුන ඔයාගේ කඳුළු.
ඔයාව නොදැනෙන මනුස්සයෙක් නෙවේ මම. මම දන්නවා මගේ කොච්චර වැරදිද කියල.
එත් මට ඔයාට ආදරේ කරන්න අයිතියක් නැතිද? ආදරේ හිතුන එක වැරදිද බබා?
අමාරුවෙන් හෝ ලෙසියන් ඔයාට මාව අමතක වෙලා ගියත් මට ඔයාව අමතක වෙන්නෙත් නැහැ-
අමතක කරන්නෙත් නැහැ. මම නපුරෙක්ම මෘගයෙක්ම විතරනම් මම මෙච්චර ඔයාව මතක් කර කර-
මෙහෙම ලියාවිද අවුරුද්දක් තිස්සෙම? ඔයාට දුක් දෙන්න මට බැරි උනා බබා. මම දන්නවා දුක් නොදී ඉන්න-
ගත්ත තිරනෙත් දුකක්ම උනා. අපිට හැමදාම වරදින එකක් නැහැ. මට නිතර හිතෙනවා අපි නිකන්ම හමු වෙලා නෙවේ-
කියල. අපි හමුවෙන්න ගොඩක් ඉතිහාසයක් ඇති. හිතල බලන්න. මම ආයෙත් කාලෙක මිට වඩා හොඳ කෙනෙක් වෙලා-
ඔයාව හොයාවි. මම දන්නේ නැහැ මම දීපු දුක් වලට මට කොයි විදියට දඬුවම් දෙයිද ඔයා. කොයි විදියට ස්වභාව දර්මයෙන්ම-
දඬුවම් වේවිද කියල. ඒ කොහොම උනත් මම සියවාරයක් නෙවේ දහස් වාරයක් උනත් ඔයාව හොයාගෙන එන්නම්.
නැවතත් දුක් දෙන්නේ නැහැ. දෙන එකක් නැහැ. මට ඔයාට රිද්දන්න උවමනා උනේ නැහැ බබා.
හැමදාම මම ඔයාට ආදරේ කරාවි. මට මාව පැහැදිලි කරලා දෙන්නත් තේරෙන්නේ නැහැ. හැබැයි මම ඔයාට ආදරේ කලා, කරාවි.
හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි. මට අමතක නැහැ. ආයෙත් ලියන්නම්. මට ඔයාව පෙනෙන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ.
ඒ හැම දේම ලේසි නැහැ.

Tuesday 20 November 2018

meeting 2

ඔයා හොඳින්ද? මම හිතනවා එහෙම කියල.
දැන් නම් මාව බින්දුවක් වක් මතක නැතුව ඇති.(එහෙම කියන්නේ තරහකටවත්-
අපහාසයක් විදියටවත් නෙවේ. මතක තියාගෙන ඉන්න එකේ අමාරුව මම දන්නවා)
ඉතින් සමහර වෙලාවට අමතක කරන්න වෙනත් හේතු තියෙන්නත් පුළුවන්. මම තරහ නැහැ-
මගේ බබා. හැමදාම මම ඔයාව මතක් කරනවා. මම අපේ ඒ ඇතිතේ තවමත් ඉන්නවා.
ඉතින් අද අපි හමුවෙන දවසක් කියල මම හිතනවා. ඒ කොහොම උනත් මම ඒ කාලේ-
අදත් මතක් කරනවා. ඔයා හොඳින් ඉන්න. තෙරුවන් සරණයි. ආයෙත් ලියන්නම්.

Monday 19 November 2018

meeting

බබා ඔයා හොඳින් ද? මම ඔයාව නිතරම මතක් කරනවා. සමහර වෙලාවට-
ඔයා හිතාවි කවදාහරි මොකටද ඔයා මම ලියපුවා බලන්නේ කියලත්.
මම බලකරන්නේ නැහැ බබා. තරහත් නැහැ මේවා නොබැලුවත්, මගේ පැත්තවත්,
නොබැලුවත්. මම තරහවක් නැහැ. මට මතකයි ඔයාව හම්බවෙන්න මම දුවගෙන එනහැටි.
හෙට දවස අපි හමුවෙන දවසක් අනිවාර්යෙන්ම. සති මැද නිවාඩුව නිසා. මම ඉතින්-
බොහෝවිට උදේ පාන්දරින්ම එයි ඔයාව බලන්න. ඉතින් මතකද ඒ කාලේ?
හිතනවා මේ වෙනකොට ඒවා අමතක කරලා ඇති කියල. නමුත් මම ඒ කාලේ ජිවත් වෙන්නම්.
හැමදාටම ආදරෙන් ඉන්නම් හැම වෙලාවේම. මම ඔයාට දුරක ඉඳල හරි ආදරෙන් ඉන්නම් බබා.
ඔයා පරිස්සමෙන් හොඳින් ඉන්න. අම්මත් හොඳින් ඇති කියල හිතනවා. එයාවත් බලාගන්න.
මම ආයෙත් ලියන්නම්

Saturday 17 November 2018

a saturday. our day

මම හිතනවා බබා ඔයා හොඳින් කියල. මට ඔයාව ගොඩක් මතක් වෙනවා.
මම ඉතානවා ඔයා හොඳින් ඉන්න උස්ත්සහ කරනවා කියල. ඔයාට-
මගේ ගැන දැන් මතකයක් නැති වීම සමහරවිට අස්වැසිල්ලක් වෙන්න ඇති.
කෙසේ වෙතත් මට දෙනෙත් වසද්දීත් දෙනෙත් අරිද්දීත් ඔයාව මතක් වෙනවා.
ඒ අමතක වෙච්ච අතීත කාලෙක මම ජිවත් වෙනවා. මම එතන ඉන්නම්.
මගේ බොහොමයක් දේවල් එතන තියෙනවා. ඉතින් මම ඒ හැඟීමට, ඒ අපේ කාලයට-
කැමතියි. මම එහේ හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නම්. නොදන්නවා නෙවේ මේවා-
මගේම වැරදි කියල. වරදින්න බැරිද බබා? මම ඔයාට ආදරේ තිබුනේ නැහැ කියලද ඔයා-
කියන්නේ? එහෙම කියල මට අපහාස කරන්න එපා. මම ඔයාට කවදාවත් අපහාස කලේ නැහැ රත්තරන්.
කරන්න ඉඩක්වත් තියන්නේ නැහැ. මම හිතනවා ඔයාට හොඳක් ම වෙන්න කියල.
ඉතින් හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

Thursday 15 November 2018

may be.

ඔයා හොඳින් කියල හිතනවා බබා. මම ඉතින් නොදක නොඇසි ඉන්නකොට-
සතුටකින් ඉන්නවම නෙවේ. නමුත් මට බහ බබා ඔයාගේ ඇස් ආයෙත් වරක් තෙමෙනවා-
දකින්න. මම නපුරු වගේම වැරදියි. එත් මම ඔයාගේ මුහුණේ හිනාවල් දකින්න-
වෙහෙසුන කෙනෙක්. ඉතින් මම එකයි නිෂබ්දව ඉන්නේ. නැතිව ඔයාව අමතක වෙලා නෙවේ.
ඔයවනම් මට දවස පුරාම මතක් වෙනවා. මතකෙට එනවා මම මතක් කරනව. මම දන්නවා ඔයා-
මාව අමතක කලේ හිතේ වේදනාවට කියල. ඉතින් මේක ලියන්නෙත් මධ්‍යම රාත්‍රියට ලං වෙලා.
අමතක වුනානම් මම හැමදාම මෙහෙම ඔයාට යමක් ලියල තියන්නේ නැහැ. ඒවගේමයි-ආදරේ නැතිනම්-
මහේම ලියන්නෙත් නැහැ. ඉතින් බබා ඔයාට තෙරුවන් සරණයි. ආයෙත් ලියන්නම්.

may be

Wednesday 14 November 2018

hope you are fine

ඔයා හොඳින් ඇති කියල හිතනවා බබා. අපි අමාරුවෙන් පහුකරපු කාලයක් මේ.
ඒවගේම අපි ආදරෙත් කරපු කාලයක් මේක. මම කිසිම දෙයක් අමතක කරලා නෙවේ.
මතකයි තවමත් ඔයාගේ පළවෙනිම තෑග්ග මට දුන්න. මම ඒක ඔයා මට දුන්න කවරෙත් පරිස්සම් කරගෙන-
එක දුන්න ඉටි උරෙත් පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නවා. මම ඔයාට ආදරේ කරනවා හැමදාටම.
අපි වෙන් උනේ මගේ වරදින් බව මම නොදන්නවා නෙවේ. ඒ හැඟීම මට හැමදාම වද දෙනවා වගේම එකයි අත්තත්.
මමයි වැරදි. ඒවගේම මම ඒවාට විඳවාවී. ඒ වගේම මම ආදරෙත් කරාවි. මේක ලියන වෙලවනම් අපි ඉස්සර නින්දට යන වෙලාව-
කවුද කාටද උදේ ඇහැරවන්නේ කියලත් කතා කරගෙන අපි නින්දට යන්නේ. මතකද?
මුලින් මුලින් ඔයා මාව උදේට කෝල් කරලා නැගිට්ටනවා. පස්සේ මම ඔයාට කතාකලා කාලයක්.
මම හිතන්නේ අපි වෙන් වෙනකන්ම වගේ. බබා මම ඉතින් ඔයාව මුළු හිතින්ම හැම වෙලාවේම මතක් කරනවා.
නින්දට යන වෙලාවෙත්. ආපහු නැගිටින වෙලාවෙත්. හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි.

Monday 12 November 2018

always 2

බබා ඉතින් මම අදත් අපේ මතක මාවතක් මැදින් ගියා.
ඔයාට දැන් මාව මතක නැතිද බබා? කමක් නැහැ. මට ඒක අහන්නවත් අයිතියකුත් නැහැ.
අමතක වෙලා ගියත් මාව. ඔයා මගේ ලෝකේ හැමදාටම ඉඳීවි. සංසාරෙත් හැමදාම මගේ හිතේ තියේවි.
මම හැමදාම ඔයාට ආදරෙයි බබා. මම අමතක උනා කියල දුකක් මට හිතුනත් මට වෛරයක් නැහැ.
ඔයාට වෛරයක් කරන්න මගේ හිතට හිතාගන්නවත් බැහැ.
ඉතින් පිල්ලැව පන්සල වටේට මම ඔයත් එක්ක බයිසිකල් පදිනවා මම අද දැක්ක.
ඉතින් මම මේ මතක ඉමේ ඉන්නම් හැමදාටම ඔයාව හිතේ දරාගෙන.
මම නපුරුයි. මම මෘගයෙක්. එත් මම ආදරේ කලා හැමදාටම කරනවා.
ඔයා මට ආදරේ දීපු දේවතාවියක් බබා. ඔයා මම වගේ මෘගයෙක්ටත් ආදරේ කලා.
මම කවදාවත් ඒ ආදරේ අමතක කරන්නෙත් නැහැ. මම හැමදාම අපේ මතක හිතේ දරන්.
ආදරේ හිතේ දරන් ඉන්නම්. හොඳින් ඉන්න බබා.

Sunday 11 November 2018

always

මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා. මම ඔයාට දුක් දෙන්න-
බැරි නිසා තමා අද දුරකට ගියේ. මම ඔයාට ආදරේ කලේ නැතිද?
මම ඉතින් මතක් කලා, ගොඩක්. අපි ගිය පාරවල් වල මම යනවා.
එත් මම ඊ ගිය කිසිම තැනකට යන්නේ නැහැ. මතකද ෆිල්ම් බැලුව,
දිය උයන ළඟ ඇවිද්ද, මතකද හැමදාම අපි හමු උන වෙන්විගිය ආර්කෙඩ් එක?
එම තැන්වල මම දැන් යන්නේවත් නැහැ. ඒවා හැමදාම මගේ මතකේ, අපේ ලස්සනම-
කාලයේ පුජනීය දේවල් විදියට තියේවි. අපි ආයෙත් අවිදිවී.
මතකද ඔයාගේ අතින් මට කවනවා? මමත් පොඩි එකෙක් වගේ කනවා.
මම මගේ මතක හැමදාම තියාගන්නම්. මම හැමදාම ආදරේ කරාවි, කරන්නම්.
ඉතින් මගේ ගැන දැන් මතකයක් නැතුව ඇති, මම දන්නවා කොච්චර අමාරු වෙන්න ඇතිද-
කොච්චර අඩන්න ඇතිද කියල. අමතක කරන්න සම්බන්දකම් හෝ තවත් හේතු තියෙන්නත් පුළුවන් බව මම නොදැන නෙවේ බබා.
 මට ඒවා නොදැනුනත් නෙවේ. මට ඔයාගේ දුක දැනෙනවා බබා.මට හැමදාම ඔයාගේ හැගීම් දැනුන. දැනෙනවා.
ඉතින් මේක මම අද ලියන්නේ ඔයා උදේ කෑමට එලියට එන්න ටිකකට ඉස්සරවෙලා.
මගේ බබා හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

Thursday 8 November 2018

රිදවීම

බබා මම හිතනවා ඔයා හොදින් කියල. මතකනම් මේක අපිට හුගක්ම හිත් රිදවුණු-
කාලයක්. ඔව් මම ඔයාගේ හිත රිදවපු කාලයක්. මම ඔයාට රිද්දන්න හැදුවේ නැහැ.
අවසානෙටම මට බලන් ඉන්න බැරි තත්වෙටම අවා මම ආදරේ කරන කෙනා විඳින දුක දැකල.
මම රිද්දන්න ආව කෙනෙක් නෙවේ. මම එහෙම කවදාවත් හිතුවේ නැහැ. මම බබා කවදාවත්-
හිතල නරකක් කරන්න හැදුවද? මම ඇත්තමයි කලානම් දෙයක් හොඳක් කරන්න උත්සාහ කලා.
නොදන්නවා නෙවේ මගේ වැරදි. මම වැරදියි. මට මගේම ආදරේ එච්චර විඳවනවා බලන්න බැරි උනා.
ඇත්තටම මට පෙනුනේ දුකට හේතුව මම කියල. එක නෙවේද ඇත්ත? මම කිව්වා සමහර වචන-
සමහර දේවල් මට අදටත් මතක් නොවෙනවා නෙවේ. මම ඒවා කිව්වේ ඔයාව මේ දුකෙන් ඈත් කරන්න.
ඒ කියපු ඒවා මම දන්නවා මට තවම මතකයි. හිතේ එහෙම දෙයක් නොතියාගෙන එහෙම දෙයක් කියල-
ඈත් වෙන්න දුන්න. මට ඕන උනේ ඔයාට දුක් නොදෙන්න. මගේ හැම ස්ටෙප් එකක්ම වැරදි ඇති.
මම ඔයාට ආදරේ කලා, කරාවි කරනවා හැමදාටම. මම කොයි කාලෙක හරි අයෙත් ඔයාව හමු වේවි.
මම තරහක් නැහැ. ඔයා තරහ උනත් මම පතනවා ඒවාට මාවම විඳවන්න කියල. ඒවා කොහොමහරි-
මගේ පිටින් ගෙවී ගිහින් කවදාහරි මට ඔයාව දකින්න ලැබේවා. මම බදා කරන්න එන්නේ නැහැ. කවදාවත්.
කතා නොකර, නොදක ඉන්න එක, ඔය හඬ නොඇසි ඉන්න එක සැපක් නිසා මෙහෙම ඉන්නවා නෙවේ.
නමුත් මට ඔයාගේ ඇස් වලට තව කඳුළු දෙන්න බැහැ. මම කැමති නැහැ ආදරේ නම් රිද්දන්න.
රිද්දුවනේ. තවත් රිද්දන්න කැමති නැහැ. මම ඉතින් දන්නවා දැන් අපේ පොරොන්දු එහෙමත් අමතක ඇති.
අවසාන පොරොන්දු කීපයක් අපි දුන්න මම හිතනවා කඩන එකක් නැහැ කියල.
කැඩුවත් තරහ නැහැ බබා. හොඳින් ඉන්න ඔයා. තෙරුවන් සරණයි.

Tuesday 6 November 2018

a little before the lunch.

මට ඔයාව පෙනෙන්නත් නැහැ. ඇහෙන්නෙත් නැහැ. මම ඔයාට කරදර-
කරන්න එන්නේ නැහැ. මම ඔයාව නිතර මතක් කරන්නම්. ඇස් වහගෙන ඔයාව-
හිතින්ම මැවෙනවා. ඉතින් මම තරහවක් නැහැ බබා. මම හිතනවා අපි කවදාහරි ආයෙත් හමුවේවි කියල.
බයවෙන්න එපා මම ඔයාට වචනෙකින්වත් බාදාවක් කරන්නේ නැහැ. මම කවදාවත් ඔයාට නරකක්-
කරන්න හිතුවෙත් නැහැ එහෙම හැදුවෙත් නැහැ බබා. සමහර විට ඔයාට වෙච්ච නරක දේ මම වෙන්න ඇති.
කොහොම උනත් මම ඔයාට ආදරේ කලා බබා. හැමදාටම කරනවා. මම දන්නේ නැහැ එත් මට ඒක නවත්වන්න ඕනත් නැහැ.
ආදරේ නවත්තවන්න පුළුවන් දෙයක්ද? අපිට අමාරුම කාලයක් වෙන්න ඇති. එත් හොඳ කාලෙකුත් තියේවි.
මට ඔයාව අමතක වෙන්නෙත් නැහැ අමතක කරන්නෙත් නැහැ. මම හැමදාම ඔයාව හිතේ තියාගෙන ඉන්නම්.
නිතිපතාම ආදරේ තියේවි. මට පෙනෙන්නේ ඇහෙන්නේ නැති උනා නැති කලා කියල මම තරහ නැහැ.
මාව බ්ලොක් කරපු එක සාදාරනයි. සමහර විට ඔයාට මේ වෙනකොට හිතන්න වෙන දෙයක් තියෙන්නත් පුළුවන්.
එහෙම හේතුවක් වෙන කෙනෙක් ඔයාට හිටියත් මම තරහ නැහැ. මට කියන්න ඕන මම ඔයාට ගොඩක් ආදරේ කලා-
ඒවගේම හැමදාම කරාවි කියල. මම දන්නේ නැහැ මට මේක ඔයාට පෙන්වන්න පුළුවන් වෙයිද කියලවත්. එත් මගේ-
හිතේ තිබුන දේ මේ ලෝකේ තියේවි. අද ඔයා ලන්ච් එකට එන්න ටික වෙලාවකට ඉස්සරවෙලා මේක ලියන්නේ.
මම කවදාහරි ඔයාට බැනල තියෙනවනම් ඒ ආදරේට මිසක් මගේ තරහකට නෙවේ බබා. සමාවෙන්න. අම්මත් හොඳින් කියල මම හිතනවා. එයාව හොඳින් බලනවනේ ඔයා. ආයෙත් මම ලියන්නම්.
ඉතින් හොඳින් ඉන්න.

mine

අද ඒ කියන්නේ දිවාලි දවසේ අපි එකට හිටියනම් මම ඔයාව බලන්න-
දුවගෙන නෑවිත් තියේවිද බබා? අද එහෙමනම් අපි ඇවිදින එකක් නැද්ද?
එහෙම උනා නම් අපි කොහේ හරි එකට ලන්ච් එකක් ගන්න එකක් නැද්ද?
දියත උද්‍යානයේ ඇවිදින එකක් නැද්ද? අපි අවිදිවී, හිනාවෙවී, කතා කරාවි,
අත් අල්ලාගෙන හිනාවෙවී. නැතිනම් ඇස්වල කඳුළු පුරෝගෙන ඉඳීවි.
මම ඔයාට ආදරේ කලේම නැතිද බබා? මම ආදරයක් කියල දෙයක් තිබුනෙම නැති-
මෘගයෙක්ම පමණද? බබා මම ඔයාට ආදරේ කලා ගොඩක් ආදරේ කරාවි මේ සන්සාරේම.
මගේ ආදරයක් දැනුනේම නැතිද බබා? මම නම් හිතන්නේ නැහැ අපි නිකන්ම හමු වෙලා,
නිකන්ම වෙන්වෙලා ගියා කියල. මම දන්නවා, මට දැනෙනවා ඊට එහා අපේ සම්බන්ද කමක් ඇති.
මේ වතාවේ මම නිසා ඔයාට රිදෙන්න ඇති. මම රිද්දවන්න හිතුවේ නැහැ. රිද්දවන්න පතාගෙන අවෙත් නැහැ බබා.
ඒ කොහොම උනත් මම ඔයාට ආදරේ කලා. මම හැමදාටම කරාවි ආදරේ. ඔයා කැමතිනම් නැහැ කියල කියන්න.
මගේ හිතේ හැගීම මම දන්නවා. ඔයා හොඳින් කියල හිතනවා බබා. තෙරුවන් සරණයි.

Monday 5 November 2018

we are

බබා ඔයා හොඳින් කියල හිතනවා. ඒවගේම මට ඔයාව නිතර මතක් වෙනවා, උනා, ඒවගේම වේවි.
ඉතින් මම ඈත් උනත් අපි ඈත් උනත් මට ඔයාට තවමත් හිතේ යමක් තියෙනවා.
ඒක හැමදාටම තියේවි. මට ඉතින් මතක් වෙනවා හැමවෙලාවෙම වගේම, මට නොදැනෙනවා නෙවේ-
ඔයාගේ දුරස්වීම. ඔයාගේ හිත හැමදාම මට දැනුන. ඒවගේම මට දැනෙනවා මම දැන් ඔයාගේ හිතේ-
හෝ සිතුවිලිවල නැහැ කියල. මම තරහ නැහැ බබා. තරවෙන්නේ කොහොමද වැරදි තියෙන්නේ මගේ අතේ.
ඒ කොහොම උනත් කමක් නැහැ. කවදාහරි මගේ හිතේ තිබුන දේ පෙනුනොත් මේ ලියල තියෙන ඒවා තමා.
ආත්මාර්ථකාමී කියල බනින බව මම නොදන්නවා නෙවේ. කවදාහරි ආවෙගේ නිවුන දවසකත් ආයෙත් බලන්න.
මම ඉතින් හැමදාම ඔයාගේ මතක ඇතුලේ ජිවත් උනා කියල. මම ඉතින් ඔයාව දකින්නෙත් නැතුව ඉන්නේ.
පෙනෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. මම දන්නවා ඒක ඔයා තරහකට වඩා හිත හදාගන්න කරපු දෙයක් කියල.
ඒවගේම මට ඉතින් නොදැනෙනවා හෝ නොදන්නවා නෙවේ මේ වෙනකොට මාව අනිවාර්යෙන්ම අමතක කරන්න-
වෙන විදියේ හේතු තියෙන්න පුළුවන් කියන එක. තව පැයකින් විතර වගේ ඔයාගේ ටී ටයිම් එක.
ඉතින් මම අපේ ඇතිතේ ජිවත් වේවි බබා. කවදාහරි දවසක් එනකන්.
හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි හැමදාම.

Friday 2 November 2018

wish

ඔයා හොඳින් කියල හිතනවා බබා. ඔයා අද වැඩට යන්න ඇති.
මේ වෙලාව ඉතින් අපි කතාකරන වෙලාවක් ඉස්සරනම්. මතකද?
මගදී අම්ම එකපාරටම ගෙදර ඇවිත් කියනවා දැන් ඔය ෆෝන් එක අල්ලාගෙන හිටිය-
ඇති කියල. එතන ඉඳන් ඉතින් වීඩියෝ කෝල් නැහැ. චැට්.
මට හැමදෙයක්ම මතකයි. මතකද මම ඉස්සර උදේ වැඩට එනකොට ඔයා
උදේ හත වෙනකොටත් කෝල් එකක් හෝ මැසේජ් එකක් දානවා.
සමහර දේවලට මට තරහ ගියා. සමහර මගේ යාළුවොත් සම්බන්ද වෙන ප්‍රශ්න වලදී.
ඒ වෛරයකට නෙවේ බබා ආදරේටම තමා. ඔයා කතා නොකලාම,
පරක්කු උනාම මට පිස්සු හැදුනේ නිකන්ම නෙවේ. ඒක හේතුවක් කියල-
දන්නෙත් මමම තමා. කැමතිනම් කැමති තරම් බනින්න. මම තරහක් නැහැ.
වැරදි මගේ අතේ කියල නොදැන නෙවේ. එකේ වේදනාව මට තියෙනවා.
මම ඔයාට නරක කරන්න හිතන් හිටියේ නැහැ. හැබැයි දැන් මට ඔයාව පෙනෙන්නේවත් නැහැ.
එකට කමක් නැහැ. කියන්න ඕන උනේ මට ඔයාව නිතර මතක් වෙනවා කියල.
හොඳින් ඉන්න බබා.

Thursday 1 November 2018

times

බබා ඔයා හොඳින්ද? නිතර මට මතක් වෙනවා. මාව අමතක කලාට මගේ තරහක් නැහැ.
දන්නෙත් නැහැ ඉතින් කවදාහරි මම මේවා ඔයාට පෙන්නුවත් බලයිද කියල. මම මොකුත් නරක-
බලාපොරොත්තුවකින් නෙවේ ලියන්නේ. මට කියන්න ඕන උනේ අපේ ආදරේ කතාව ගොඩක් දිගයි කියල.
අමතක කරන්න මට උවමනාවක් නැහැ. මම ඉතින් හැමදාම මේ මතක සාගරේ ඉඳීවි. අපි අවුරුද්දක් එකහමාරක්-
වෙන්න ඇති හමුවෙලා කතා කරලා ආදරේ කරලා. එත් අපි ඇත් උනත් මම හිතන්නේ නැහැ අපි හමු උනේ
වරදකින් අහඹුවකින් කියල.
කෙටි කාලයකදී උනත් මට මේක මතක සාගරයක්. මම හැමදාම ඔයාව මතක් කරනවා.
ඉතින් සමහර මිනිස්සු තප්පරයක් ඇතුලෙත් ජිවිත කාලයක් ගෙවනවා. අපේ කාලයත් අපේ ජීවිතවල මතක සාගරයක්.
ඒ කාලේ, ඒ මතක ඇතුලේ මම ජිවත් වෙනවා. මම හිතනවා නිතර අපි හමුවෙන්න හේතුවක් ඇති කියල.
ඒ හේතුව හොයාගෙන මම ආයෙත් කාලෙක ඒවි ඔයාව හොයාගෙන. මම දන්නේ නැහැ මොනවා වෙයිද.
නිතර ලියපු මේ ලියුම් වලින් මට කියන්න ඕන උනේ/ ඔයාට අමතක වෙලාම ගිය කාලෙකත් මම මේ මතක ඇතුලේ ජිවත් උනා කියල.
ඔයාගේ ටී ටයිම් එකට තව පැයක් වගේ තියෙන්නේ. මට ඉතින් හැමදේම මතකයි. හොඳින් ඉන්න බබා. ආයෙත් ලියන්නම්.