Friday 24 October 2014

මවු භාෂාවේ අගය

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වෙබ් පිටුවේ හා ට්විටෙර් පිටුවේ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉංග්‍රීසි ඉගෙන ගන්නා ලෙස පොස්ටුවක් දැක්කෙමි. දැන් ලංකාව තුල ඉංග්‍රීසි නොදත් අයට අනාගතයක් නොමැතිද? අපේ රටේ බොහොමයක් අම්මල තාත්තල ඉංගිරිස් හොඳින් දන්නේ නැති උනාට මෙරටේ හොඳින් ජීවත් උනා නේද? එමෙන්ම ඒ කියන විදියට අපි ඉංග්‍රීසි දන්නේ නැත්නම් අපිට අනාගතයක් ඇත්තෙම නැතිද? අනාගතය අදුරුද? මෙයට දිය හැකි පිළිතුර අපි ඉංග්‍රීසි ඉගෙනගතයුත්තේ අප දැනුම, අපේ වැඩ පහසු කරගැනීම සදහා බවයි. එමෙන්ම කිවයුත්තේ ඉගෙන ගත්තේ අහකනොයන බවයි. එමෙන්ම අපි හැමෝම ඉංග්‍රීසි පොඩි පඅන්තියේ සිටම ඉගෙන ගන්නා බවයි. එමෙන්ම අපි මෙම භාෂා හොඳින් ඉගෙන ගත යුතුමය. නමුත් මේ භාෂාව ඉගෙන ගතයුත්තේ සුපිරි මාර්කෙට් එකේ බඩු ,මිලට ගන්නා විට වටපිටාවේ ඉන්න අය ඉදිරියේ රැගීමට නොවේ. ආපන ශාලාවේදී හෝ අහර ගන්නා තැන බොරු රැගුම් ඉදිරිපත් කිරීමට නොවේ. කිසිවකු තමන් ඉගෙනගත් ඉංග්‍රීසියෙන් අනාගතය ආලෝකමත් කරගැනීම වරදක් නොවේ. නමුත් ලංකාව තුල සිංහල බැරිකම නම්බුවක් වීම වැරදිය. ඇතැම් මහා නෝනා මහත්මයන්ට සිංහල බැරිය එමෙන්ම එය උන්ට නම්බුවකි. මෙය සාමාන්‍ය තත්වයක්ද? සිංහල බැරි ලාංකිකයන්? මේ අය ඉංග්‍රීසි කපර්ල උනාට එංගලන්තෙට යන්න බල්ලොවගේ ගිහින් වීසා ගන්න ඕන. තව ඉතින් ඔය මහ ඉංගිරිසි රට රාජ්ජවල ගිහින් සිංහල අමතක කරලා සුද්දගෙන්ම කෙලව ගත්ත දවසට අපහු එන්න තියෙන්නේ මේ අපේ සිරිලකටම තමා. එහෙම වෙච්ච සමහර අයට තවමත් සිංහල මතක් වෙලා නැහැ. කරුමේ ඔය ඉංගිරිස් කාරයන්ගේද? නැතිනම් ඔය පව්කාරයන්ගේ බර දරා සිටි ලංකාවේද? ඇමෙරිකානු එංගලන්ත රටවලට අප රටවල් තුල ඒ අයගේ එජතයන් අවශ්‍යවී ඇත. නමුත් ඇමරිකාවට හෝ ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි හොඳින්ම දන්නා ලංකා දේශප්‍රේමින් කිසිදිනක අවශ්‍ය වී නැත. අයි? ඔවුන්ගේ කොන්ත්‍රාත් ක්‍රියාකළ යුත්තේ ලංකාවට ආදරය කරන්නන් අතින් නොවන නිසාය. එයට හේතුව උන්ගේ සමහර සැලසුම් අපට විසකුරු ඒවා නිසාය. මින් කලකට පෙර මෙවැනි කොන්තරාත්තු නිරන්තරයෙන් කරගැසුවේ කොළඹ සුපිරි පන්තියේ ජාත්‍යන්තර පාසල් වලින් පිටවූ සිංහල බැරි හෝ අමතක ඉංග්‍රීසි සිංහල හෝ ලාංකිකයන් අතිනි. නමුත් වසර කිහිපයකට පෙර සිට ඔය තානාපති සේවාවලට අවබෝධ වුයේ ජනතාව අතරට ඉක්මනින් යාමට හෝ නියම සේවාව ලබා ගැනීමට සාමාන්‍ය ලංකික ශිෂ්‍යන් පොළඹවා ගතයුතු බවයි. ඉතින් එදා ඉඳන් ඔන්න ඔයවගේ ඉංගිරිසි සැලසුම් අප වෙත එනවා. ඔබ හැමෝම ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගත යුතුයි. නමුත් ඒ අපේ ඉංග්‍රීසි අධ්‍යාපන සුද්දන්ට කත් ඇදීමට හෝ උන්ගේ අපේ ජාතියට විස කැවීමේ සැලසුම් වල බින්කුන්ඩන් වැනි අතකොලු වීමට නොවේ. ඉංග්‍රීසි ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලංකික ප්‍රජාවගේ උන්නතිය සදහාය. අපේ අවභෝදය සහාය. මගේ සහෝදරයනි සහෝදරයනි මේ රටේ බැංකුවක, කාර්යාලයක, රෝහලක,පාසලක විශ්ව විද්‍යාලයක හෝ ඕනෑම තැනක සිංහල භාෂාව කතාකළ හැක. එයට ඔබට ලාංකිකයන් වශයෙන් අයිතියක් ඇත. ඉතින් එය කිරීමට මැලි වෙන්න එපා.

තව ඔබලා දන්නවද යුරෝපය තුල පවා අපට වඩා කුඩා රටවල් තම භාෂාවෙන් පමණක් වැඩ කරයි. ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා තම භාෂාවෙන් ලබා දෙයි. ඉරානයේ ජානාධිපති රෞහනි එංගලන්තයේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිධාරියෙකි නමුත් ඔහු ජාත්‍යන්තර සාකච්චා සම්මන්ත්රණ පවත්වන්නේ මවු බසිනි. මෙය ජාතියක ජාති ආලයයි. රුසියන් ජනපති පුටින් ඉංග්‍රීසි බස ඉගෙනගනිමින් සිටි. නමුත් ඔහු භාවිත කරන්නේ රුසියන් භාෂාවයි. ජෙර්මන් චාන්සලර් වරිය ඉංග්‍රීසි භාෂාව දනී නමුත් ඇය කතාකරන්නේ ජෙර්මන් භාෂාවයි. ඉතින් අප අපේ රට තුල සිංහල කතාකිරීමට මැලි ඇයි? අපි ලජ්ජා අයි? අපි පැකිලෙන්නේ ඇයි? දෙස බස ආගම අපේ සංස්කෘතිය රැකගැනීම අපේ වගකීමකි. ඔබේ අවධානය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ට්විට්ටර් පොස්ටුව පලකිරීමට බැලීමේදී මා එම වෙබ් ට්විට්ටර් පිටුවෙන් අස්කර මාහට අහි කිසිවක් බැලිය නොහැකි වන සේ පිටුව වෙනස් කර තිබුණි. මෙයට බොහෝවිට මා එම පිටුවේ පලකල පිළිතුර හේතුවන්නට ඇත. කම් නැත. මම ඔබෙන් ඉල්ලන්නේ අප රටට ආදරය කරනා ලසයි. එවිට තානාපති උගුල්වල අපි නොවටෙනවා ඇත.

No comments:

Post a Comment