Sunday 14 September 2014

සාහිත පන්හිඳ

ලාංකික ලේඛකයන්ගේ පොත් නොකියවූ අතිශයින් තම පිළිබද අධි තක්සේරුවෙන් යුත් විචාරකයන් ඇතැමෙකුගේ බොලද බස ඇසූවෙමි. අපේ මවුබසට පෙරලුනු ඉංගිරිසි ඇතුළු වෙනත් භාෂා වල පොත් විශාල ගණනකි. මේවා කියවීම රසවිදීම ඉතා වැදගත්. නමුත් සංසන්දනය කල්පනාවෙන් කලයුතු දෙයක්. මේලෝකේ සියලුදේ සාපේක්ෂය. අපිට හොඳයි නොපෙනෙන සමහරදේ අන් යට ඉතා හොන්දවියැහැක. මෙලොව නිරපෙක්ෂදේ සෙවීම බොහෝවිට නිරර්ථක උත්සාහයන්ය. එනිසා යමෙකු ලොව දක්ෂම ස්රෙෂ්ටම ලේඛකයා තොල්ස්තොඉ යයි පවසයිනම් මම එකග නැත. කිම්ද එය ඔබට සාපේක්ෂ තීරණයක් නිසාය. අද සමාජයේ සමහර ලේඛකයන් විචාරකයන්ට හිමිව ඇති ප්‍රසිද්දිය උපයෝගී කරගෙන යමෙක් අන් අය තම මතයට නම්මවා ගැනීම අදහස් ඔලුව මත බලෙන් පැටවීමකි. මාටින් වික්‍රමසිංහ ලංකාවේ ශ්‍රේෂ්ටම ලේඛකයා යනුවෙන් ගුරුවරුන් අපට කරදෙන හදුන්වාදීම අපි අපිම රවටගනිමකි. එය මිනිසුන් ගනුලබන සාපේක්ෂ තීරණයකි. පොත කියවා බැලීමටත් පෙර ලේඛකයා ශ්‍රේෂ්ට යයි කීමෙන් පොත කියවා අවසන ගතයුතු පාඨක තීරණය පාඨකයා මත බලෙන් පැටවිමකි. ඇතැම් විට මෙවැනි හදුන්වාදීම් පාසල් පොත්වල,පුවත්පත්වල සහ පෙරවදනවල් වල බොහෝ ලියවී ඇත. මේ නිසා නොමගයන ළමුන් මිනිසුන් කොපමණවත් ඇත. සාහිත්‍ය රසවිදීමට යම් යම් ඉගැන්වීම් කල හැක. නමුත් කෘතියක අවසන් තීරණය කියවන්නා සතු මිසක ලේඛකයහෝ විචාරකයා සතුනොවේ. විචාරකයන් අපට රසාස්වාදනය ඉගැන්වියයුතුයි මම සිතමි. ලේඛකයා හා කෘතියේ හොඳ නොහොඳ තේරීම පාඨකයා සතු දෙයකි. අපේ පොත් අප මෙන්ම පිටරටියන්ද වෙනත් බසකට හරවන්නේ නැති කලෙක ලොව විශිෂ්ටම ලේඛකයන් ගොර්කියයි කීම, හෝ හෙමින්ග්වෙයි යයි කීම අපගේ අදුරු අනාගතය පිළිබද ඉඟි යයි නිතර සිතේ. මා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කල දර්ශනය ඉගැන්වූ ගුරුතුමියගේ නිවන ගැන අර්ථදැක්වීම අප සංස්කෘතිය හා පසුබිම විදෙස්වලට නිසි අයුරින් පෙන්වා නොදීම බව මට සිතුනි. යම් දිනක අප සාහිත්‍ය විදෙස් වලට ගෙනයාමට නම් අප සංස්කෘතික පසුබිම හා අනික්දේ ද ඔව්න්ට පහදා දියයුතුය. එවිට රසවිදීම කල හැක. අපගේ සාහිත්‍ය භාවිතයෙන් තොරව විදෙස් කෘතිවලට නම්බුනාම දීම අපගේ දීන කම හැරෙන්න්නට වෙන කිසිත්කියානොපායි. ඔබගේ උලුව හදවත මෙන්ම අපරටේ චින්තනයත් කුමනම හෝ අනිත් රටකින් තනන භාජනයක හැඩය ගන්නා දිය දෝතක් නොකරන්න. ඔබට, ඔබේ හිතට රටට ගැලපෙනදේ ගැනීමට ඔබගේ සරසය වැඩේවායි පතමි.

No comments:

Post a Comment