Sunday 21 September 2014

හරිත නගර

අපගේ අගනුවර හෝ වෙනත් නගරවල තද උෂ්ණත්වයක් තිබීමට හේතු මොනවා වියහැකිද? මම හිතන්නනේ නිතර රත්වෙමින් ඇති මහාමාර්ග, කොන්ක්‍රීට් ඉදිකිරීම්, අදික වාහන එමෙන්ම අඩු වෘක්ෂලතා කියන කාරණයයි සිතමි. මම ඇතැම් විදෙස් මාධ්‍ය තුල මහා මාර්ග අසලින් අයිනේ සිටුවා ඇති ගස් දැක ඇත්තෙමි. ඒවායින් සෙවන මෙන්ම අලංකාරයත්, සිසිලසත්, සැලසේ. නමුත් කොලඹ ප්‍රධාන අනෙකුත් නගරවල මෙම තත්වය නොමැත. තියෙන ගස්ද කපා වනසා ඇත. කාලෙන් කාලෙට පාර මැද්දේ කුඩා පඳුරු වර්ග හෝ මල් වැවීමට නිර් අර්ථ උත්සාහ ගනු අනන්තවත් දැක අතිමි. මම යෝජනා කරන්නේ කොළඹ වන ගහනය වැඩිකළ යුතු බවයි. එසේ වැඩිකළ යුත්තේ තේරුමක් ඇතුවය. අපි අලංකාරය සෙවන පමණක් නොව අධික උෂ්ණත්ව වැඩිවීම කොළඹ තුල පාලනය නැතිනම් යාමනය කල යුතුය. මේසදහා ශක්තිමත්, සිසිලස ගෙනදෙන අලංකාර, දේශීය වටිනාකමක් ඇති ශාක භාවිතා කල යුතු යයි යෝජනා කරමි. එවන් සුදුසු ශාකයක් ලෙස නා ගස දකිමි. ඔබද මේ පිළිබද හඩක් නගා ගසක් සිටුවා දැනටමත් ලක්මවට ප්‍රශ්නයක් වෙමින් පවතින උෂ්ණ අධික ශුෂ්ක දේශගුණය හා අදිරියේදී අපට විශාල ප්‍රශ්නයක් වීමට ඇති අඩු වර්ෂාපතන තත්ත්වය, හා දිගුකාලින ප්‍රශ්න වීමට ඇති පස නිසරු වීම වලක්වමු. ලංකාව දුහුවිල්ලෙන් පිරි උෂ්ණාධික කතරක් නොව. පල වැලින් පිරි හරිත බිමක් කරමු.


මාවතක් අයිනේ ඇති දර්ශනීය ගස් පෙළක්.නගර වල මෙවැනි හරිත වර්ණයක් මැවීමට හැකිය. කෙතරම් අලංකාරද?









ලංකාවේ ජාතික වෘක්ෂය, සාහිත්‍ය කතාවල එන ගසක් මෙන්ම මතු බුදුවන බුදුන්ගේ බුද්ධත්වයට සිසිලදෙන ගස ලෙස ප්‍රකට, සිසිල දනවන අතිශය සුවඳ මල් පිපෙන නා ගස.

No comments:

Post a Comment