Wednesday 3 December 2014

මානව හිමිකම් සම්මාන ලැබිය යුත්තෝ.














පසුගිය දිනක කොළඹ යම් ස්ථානයක මානව අයිතිවාසිකම් සම්මාන උත්සවයක් තිබුණා (2014). හොදක් කරලා තියෙනවනම් අනිවාර්යෙන්ම සම්මානයට පාත්‍ර වියයුතුයි. නමුත් මේ සම්මාන ගත්ත සමහර අය රටේ මානව අයිතීන් රැකුමට කළදේ මොනවාද? යන්නත් කිව්වනම් කොච්චර වටිනවද?(දන්නා කවුරු හරි මේ හේතු දන්නවනම් කරුණාවෙන් අපිටත් ලියා දන්වන්න.) තරහින් කියන දෙයක් නෙවේ මානව අයිතිවාසිකම් සම්මාන අරන් ෆොටෝ සිය ගණන් ගහල ෆේස්බුක් එකේ දැම්මට සම්මා ගන්න තරම් මේ ය කලේ මොනවද කියල මට සැකයි. පුදුමයි මානව දයාව පතුරන තවත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අයට ලැබුණු සම්මනයක්නම් නැහැ.තව ගොඩක් මානව හිමිකම් සුරැකීමේ සම්මානයට පාත්‍ර වියයුත්තෝ ඉන්නවා. නමුත් ඔව්න් සැමදාම නිහඩ සේවයක් කරන්නේ. ඇයි ඒවා සමහර මාධ්‍ය ආයතනවලට , සමාජ ක්‍රියාකාරීන්ට , රාජ්‍යනොවන සංවිධාන වලට නොපෙනෙන්නේ?  සම්මාන දෙනවනම් මිනිස්සු තව කොච්චර ඉන්නවද මේ රටේ සම්මානනීය අය. මේකියන සම්මාන උළෙලෙත් අපිට පසක් උනේ මාර්කට් කරන්න බැරි මිනිසුන්ට සම්මාන දීමෙන් වැඩක් නැහැ කියන අඥාන රීතිය/නීතිය නැවත සිහි කැඳවීමක් පමණක් යයි මම සිතමි.මානව සම්ම්මාන යන්නෙත් මානව අයිතීන් රැකපු මිනිසුන්ට වඩා ජනමාද්‍ය තුල නට නට ඉන්න නිළියන්ට නළුවන්ටද?
මම 5 දෙනෙක්ගේ නම් කියනවා ඇත්තටම මානව හිමිකම් සම්මානයක් ලංකාවේ ලැබියයුතු. හිතල බලන සේක්වා.(මේ සමහර අයත් ජනප්‍රිය තමා නමුත් ඇත්තටටම වැඩක් කරලා තියෙන අය).
සුනිල් මාදව ප්‍රේමතිලක.(සාහිත්‍ය හරහා කළ කී දේ)
එඩ්වර්ඩ් ජයකොඩි (සාහිත්‍ය හා ගායනය.)
හසන්ත හෙට්ටිආරච්චි.(මම දොරමඩලාවේ ලොකු රසිකයෙක් නෙවේ නමුත් එකෙන් සමාජයේ කොච්චර අයිතිවාසිකම් ගැන කතා වී ඇතිද?)
දරණාගම කුසල ධම්ම (මම ආගම පටලවා ගත්ත කියන්න එපා. මම බුද්ධාගමේ කෙනෙක් නිසා මේ නම යෝජනා කලේ. හැබැයි අගරදගුරු තුමත් හොඳ මිනිසෙක්. යෝජනා කලයුතු කෙනෙක්)
මොහාන් සමරනායක(ලංකාව,ලංකාවේ මිනිස්සුන්ගේ අයිතීන් හා සුබසෙතවෙනුවෙන් මානව වර්ගයේ යහ පැවැත්ම වෙනුවෙන් වැඩකරපු පුදුම අවංක නිවුණු මිනිසෙක්)



ඇත්තටම කියන්නම් තව නම් කී නොකී ගොඩක් අය ඉන්නවා. මීට වඩා සේවාවන් කළ මිනිසුනුත් ඇති.(මම දන්නා තරමින් ආරක්ෂක හමුදාවකට කවදාවත් මේවගේ සම්මාන දෙන්නේ නැහැ. නමුත් ලංකාවේ හමුදාවේ මහා උත්තමයෝ යුද්දයේ අවසන් අවුරුදු දෙක තුල ජීවිත 6500 පමණ පරිත්‍යාග කර, ලොව විශාලතම ත්‍රස්තවාදයෙන් දුකට පත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම අති සාර්ථකව නිමකළ බව මතකද? ගුණ නොගැයූ මානව හිතවාදීන් පිරිසක් නොවේද? සමහර හමුදා විරුවන්ගේ මළ දේහයවත් හමු වී නැහැ.)

මානව හිමිකම් සම්මාන ගත්ත අයට මානව හිමිකම් ගැන අවම වශයෙන් පාටමලාවකට නිදහස් ශිෂ්‍යත්වයක් වත් දුන්නනම් කියල සිතෙනවා. මොකද මේ සම්මාන ගත්ත සමහරුන් වැඩිපුර කරලා තියෙන්නේ අඩනිරුවත් රංගන කිරීම පමණක් නිසා.
වීරයන්, සම්මනනියයන්, නායකයන්, තෝරන විට අපි මිට වඩා හිතන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. ඔය සමහර සම්මාන ගත්ත අයට වඩා යාපනේ බිම්බෝම්බ ගලවන තවම විවහයක්වත් කරගත්තේ නැති අහිංසක මනවහිතවාදීන් කියක් ඉන්නවද? මේවා තරහින්,මඩ ගහන්න, චරිත ඝාතනයට කියන දේවල් නෙවේ. හිතේ වේදනාවට කියන දේවල්.


කිලිනොච්චි ඉදිරි ආරක්ෂක වළල්ල බින්දහෙලිමේ ,එහෙයුමේදී දිවි පිදුවන් පහත දැක්වේ. මේවා කලේ කවුරුන් වෙනුවෙන්ද?. (ඔබලාට මොවුන් ගැන මතකයක් තිබේද?)මේ මිනිස්සු මෙහෙම වැටිලා පොලව බදාගෙන, පස ඉඹගෙන, අවසන් හුස්ම ඇරියේ උඹල අපේ මනවහිමිකමක් වෙච්ච නිදහසේ ජීවත්වීමේ අයිතිය රකින්න. 

























මේ වගේ ලාභ,බාල, නිසි තේරීමක් නැතුව දීපු සම්මාන වලට වඩා වටිනා විදියේ සම්මාන වලින් අපේ සබැ මානව හිතවාදීන් අගයිමට ලක්වේවා! ඉන් තවත් අපේ පරපුර දිරිමත් වේවා! යයි පතමි.

No comments:

Post a Comment