Monday 8 December 2014

නිදහස සමරා

දැන් යුද්දය ඉවරයි. එය සදහා හමුදාව, ආරක්ෂක ලේකම්, හමුදාපති, හා අනිකුත් සන්නද්ධ හමුදාපතිවරුන් පොලිසිය සහ ජනපති තුමා කල මහගු සේවාව ජන සිත් තුල සදා නොමියන මතකයන් වී ඇත. යුද්ධ ජය ලැබූ දින රුසියාවේ අප නේවාසිකාගාර පරිසරය තුල ලංකා කොඩි රැගත් ශිෂ්‍ය පෙළපාලිය තවම මට මතකය. මගෙන් අලුත් යෝජනා කීපයක් අලුත් අභියෝග වශයෙන් ඇත. ඒවා පැරදවීමට කටින් නොව වැඩෙන් සටනට බැසීමට ආණ්ඩුවට සිදුවනු ඇත.
1) ලංකාව ණය බරින් නිදහස් කිරීම.
2)ලාංකික සියලු පවුල් සදහා ඉස්තිර අදායම් මාර්ග හෝ රැකියාවක් සැම පවුලක අයෙක්ටම ලබාදීම. නිසි වැටුපක් දීම.
3)සැම හිසට සෙවනක් ලබා දීම.
4)මහ පක්ෂ දෙකේ විකාර වැඩ නොව දේශපාලන ජාතික ප්‍රතිපත්තියක්.
5)ලංකික ඒකීය භාවයට හානි කරන විදෙස්ගත ලාංකිකයන් මෙන්ම විදේශිකයන් හේතු සාධක සහිතව තනු විනිවිද පෙනෙන නීති පද්දතියක් හරහා දඩුවම හෝ පුරවැසි භාවය අත්හිටුවීමේ පිළිවෙතක්.(මෙය ආන්දෝලනාත්මක නමුත් කාලීන අවශ්‍යතාවක් වෙමින් පවතී.රුසියාව,චීනය ඇමරිකාව,ඉන්දියාව සමාජවාදී දකුණු ඇමෙරිකානු රටවල් ක්‍රියාත්මක කරයි. වැඩිවිස්තර සුප්‍රසිද්ද ඇමෙරිකා රුසියා මග්නිට්ස්කි ලැයිස්තු පිළිබද කියවීමෙන් දැනගත හැකි වනු ඇත.)
6)රට තුල පළමු රටට අවශ්‍ය සියලු අහාර නිපදවීමේ වැඩ සටහනක්.(ඉතාමත් දරුණු අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. කෘෂිකාර්මිකව ස්වයන්පොෂිත අනිත් රටවල් අන්තර්ජාලය තුල බලන්න.)
7)ඉවක් බවක් නොමැතිව ඉන්දියානු චීන භාණ්ඩ වලට අප රට වෙළඳ පොලක් කරදීමට වඩා තාක්ෂනය නිරන්තරයෙන් අනෙත් රටවලට නොමිලේ හෝ අඩු වියදමින් ලබාදෙන රුසියාව, කියුබාව, වැනි රටවලින් දැනුම ලබා දේශීය තාක්ෂණ නිපැයුම් වැඩි කිරීම. විදේශ වලින් මෙරටට ගෙන්වන නිෂ්පාදන අඩු කර ඒවා දේශීයව නිපැයීම.
8)විදේශ කොම්පැනි හා විදෙස් පුද්ගලයන්ට අයත් ලංකාවේ මාධ්‍ය කොම්පැනි අධ්‍යනයට, පාලනයට හා ලංකාවේ සුබ සිද්ධිය උදෙසා රජයේ මාධ්‍ය කොමිසමක් පත් කිරීම(ඇතැම් ලාංකික ඉංග්‍රීසි.දෙමළ,සිංහල, පුවත් පත්. සැමදා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක ඉන්දියානු සිරස, බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රියාත්මක සංදේශය, වැනි වැඩ සටහන් කෙතරම් ලංකාවට විස ප්‍රචාර ගෙන යයිද? රුසියාවේ Russia today මාධ්‍ය ජාලය තම රටේ වටිනාකම,සංස්කෘතිය දේශපාලන ප්‍රතිපත්ති ඇමෙරිකාව තුලට, බ්‍රිතාන්‍ය තුලට සාර්ථකව ගෙන යන අන්දම බලන්න. අප රටෙනම් සංදේශය නම් බ්‍රිතාන්‍ය ගැති මාධ්‍ය සිංහල ප්‍රවුත්ති නාමයෙන් ලංකාවට බ්‍රිතාන්‍ය දේශපාලන හා ප්‍රතිපත්ති හදුන්වා දෙමින් සිටි.)
9)සොරකම අනිවාර්යෙන්ම නවතා දැමීම.(අමාරුම කාර්ය වනු ඇත. නමුත් හරි දේ කර හෙට ගෙදර ගියත් එය නින්දාවක් නොවනු ඇත.)
10)සුදුස්සන්ට පමණක් අමාත්‍ය ධුර ලබා දීම. උදාහරණයක් ලෙස කට හැකර පවිත්‍රාට බලශක්ති අමාත්‍යවරිය ලෙස කල හැකි බිබික්කමක් නැති බව අප හැමෝම දනිමු. ගොනෙක්,හරකෙක්,බුරුවෙක්,තක්කඩියෙක්,අනුවණයෙක්,අධ්‍යාපනය නොලැබුවෙක් වන සජින් වාස්ට විදෙස් කටයුතු අමාත්‍යංශය අධීක්ෂණයට දීම ආණ්ඩුවේ ගොන්කමක් වී හමාරය.
11)සියලු රජයන් තේරුම් ගතයුතු දෙයක් නම් බලය ගත්පසු තම දරුවන්ට නිසි අධ්‍යාපනය දීමට ජනපතිට නීතිමය අයිතියක් ඇත. නමුත් රේස් පැදීම ජන ප්‍රසාදය,මෙන්ම රටේ සල්ලිද අපතේ යැවීමක් මෙන්ම පහත් වැඩකි. මේ වැරදි හදාගන්න.
12)මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රශ්න විමසීමට රාජ්‍ය ආයතනයක් මෙන්ම විනය පවත්වාගැනීමට නීති විශාරධයන්, හා විශ්ව විද්‍යාල කුලපතිවරුන්ගෙන් සමවිත ස්වාදීන ආයතන පිහිටුවීම.
13)රාජ්‍ය ඒකීයත්වයට හානි නොවන කොමිෂන් සභා වහා ආරම්භ කිරීම.
14)සියලුම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් නිරීක්ෂණයට රාජ්‍ය ආයතනයක් හා නිතිය ඔව්න්ට තදින්ම ක්‍රියාත්මක කිරීම.
වෙනත් දේ බොහෝ ඇත කියන්න. දැනට මේ ඇති. ඔබේ අදහස් ලියා දන්වන්න. නැතිනම් කොමෙන්ට් කරන්න. 

http://en.wikipedia.org/wiki/Magnitsky_Act
http://en.wikipedia.org/wiki/RT_%28TV_network%29
http://www.bbc.com/news/world-europe-19644897
සංවර්ධනයට ගෙන යන චීන ඉන්දීය ව්‍යාපෘති ඇත්තටම අපිට ඇති ආදරය නිසාද?
http://humansarefree.com/2011/10/muammar-gaddafi-truth.html
https://www.youtube.com/watch?v=PCJ8JqtGahQ

No comments:

Post a Comment