Sunday 14 January 2018

මනස අව්ල් වීම

 රෝලින්ග් ස්ටෝන් සංගීත කණ්ඩායමේ ගීතය මෙතනින්

රෝලින්ග් ස්ටෝන් සංගීත කණ්ඩායමේ තවත් ලස්සන ගීතයක්. අතීතය දිහා බැලීමේදී හිතට දැනෙන දුක තමා මේ සින්දුවේ කියවෙන්නේ කියල මට හිතෙනවා.
තරුණ කාලය ළමා කාලය දිහා වැඩිහිටි අයෙක් බැලුවම දැනෙන දුක වගේ එකක්. අතීතය දිහා බැලුවම දුක විතරමද අපට තියෙන්නේ. අපි වෙන්වෙලා නිහඩ වෙලා තවත් දවසක් ගෙවිල යනවා. නිහඬ හිත් ඇතුලේ තියෙන ගොෂාව, තර්ක, දැනුම, දැනීම් හැඟීම් නිතර කතා කරන හිත වල නැහැ. කතා කරන අය හිස් කියනවා නෙවේ. මේ අපේ හැටි. අපිට උන දේවල් අපි කල දේවල් අපේ ඔලුවේ තියෙන දේවල් කියා ගන්න බැහැ කියන්න අයත් නැහැ. ඉතින් මමත් අනික් අය හිනා වෙනකොට හිනා වෙලා කතා කලොත් කතා කරලා ඉන්නවා. ඔලුව ඇතුලේ ලොකු මත ගැටුම්. ඒවා නිරාකරණය කරන්න අමාරුයි. කතා කරන්න කියන්න යන වෙහෙසත් දාල ඒවා ගැන හිතනවා. නිහඬව ඉන්න එකත් උලුව ඇතුලේ යන මහා කලබගැනියට යන්තමට සරිලන බෙහෙතක්. අතියත් දුකක්. කඳුළු විලේ මම පින්නව. ඔයා ඔන්ලයින් ඉඳල. එකත් පුංචි බෙහෙතක්. අද නින්ද යන්නේ නැහැ, නින්ද යන්න මටත් බොන්න තමා වෙන්නේ.
 

No comments:

Post a Comment