Wednesday 24 January 2018

දුර හිටියත් ළඟ වගේ

අද ඔයා ලස්සනට ඉන්නවා දැක්ක පින්තුරෙක. සන්තොසෙකිනුත් වගේ. ඒක හොඳයි. සිනා විනෝද අතරේ රිදවපු මිනිස්සු අමතක කරන්න. මම දන්නවා කවදාහරි හිරි වැටුන අතක් වගේ. සමහර විට ගලක් වගේ වෙලා හැමදේම අමතක වෙලා යයි. රිදවපු අය අමතක කරන්න. වෙර කලත් කමක් නැහැ. ඒක කරන්න ඕන දෙයක් මම වගේ කෙනෙක්ට. එත් සතුටින් ඉන්න. ලස්සන ගවුමක්. ගොඩක් ලස්සනයි. මුද්ද අරකමද? හ්ම්ම්. මට සතුටුයි අඩුම ගානේ මගේ ජිවිතේ නැතත් ෆේස් බුක් එකේ ඔයාව දකින්න පුළුවන් එක. සන්තෝසෙන් ඉන්න. මම වද දෙන්නේ නැහැ. මම වැරදියටයි හැමදාම ආදරේ කලේ. හැමදේම වැරදිලා. එත් මම හැමතැනම ඉන්නවා. මම හැම තැනම ඉඳීවි. ඉස්සර මම කොච්චර රණ්ඩු කලාද ගල් හිතක් තියෙන කෙල්ලෙක් කියල. එක මොලොක් කරලා එකට පහර ගහල රිද්දපු මිනිහෙක්(අමනුස්සයෙක්) දැකල නැත්නම් මම යම් දිනක මේ බ්ලොග් එකේ මගේ ෆොටෝ එකක් දැන්නම් මගේ. ඒවා සසරේ අපි අරන් යන ඒවා. එත්... කමක් නැහැ. මේ මම ආදරේ කරපු විදිය වෙන්න ඇති. රිදවන්නම ඉන්න එකෙක් මම. අපි අයේ කවදාහෝ ආත්මෙක හමු වේවි. මම වෙනස් වෙලා ඉන්නම්. මම සතුටු වෙනවා දකින්න ලැබුණු එකට. අපි එක් වෙන්නේ නැතත් මම හැමදාම හැමතැනම ඉඳීවි. දුර හිටියත් ළඟ වගේ. ඈත උනත් ලොකු පරතරයක් නැහැ වගේ. ඇඬුවත් සතුටු වෙන දේවල් වෙනවා වගේ.

No comments:

Post a Comment