Saturday 20 January 2018

කාලයෙන් කාලයට. සසරින් නැවතත් සසරට.

අද බැබකියු එකක්. මම මේ සංසාරේ කීවරක් බැබකියු වෙන්න ඇතිද? කාලයෙන් කාලයට. බුදුහාමුදුරුවෝ කිව්වා ඉහේ කෙස්ගානට අද කෙනෙක් විඳින දුක අපි විඳලා ඇති කියල. සංසාරේ අපි අඬපු කඳුළු මහා සාගරේට වැඩියි කියල. එහෙමයි ජීවිතය. අපි සංසාරේ අනන්ත වාරයක් එකට ඉඳල ඇති. වෙන්වෙලා ඇති. දුක් විඳලා ඇති. අඬල ඇති. අපි අයෙත් හමු වෙයි. ලෝකේ වෙනස් වෙනවා. එකම දේ අයේ අයෙත් වෙනවා. එකම ඩී එන් ඒ කේතය කීවරක් මේ සංසාරේ නැවත නැවත ඩුප්ලිකේට් වෙලා ඇතිද? කීවාරයක් මම මමම වෙලා ඉඳල ඇතිද? කර්මය සසර විෂය එහෙමයි. පුදුමයි. අපි අයේ හමුවෙයි මේ සංසාරේ.කාලය හරිම පුදුමයි. එයාලම තමා අපිව එකදිගටම මේ සසරට ඇද දැමු ප්‍රපංච. කර්මයත් ඒ වගේමයි. ඔයයි මමයි කර්මය නිසා කොච්චර හිරවෙලා ඉඳල ඇතිද. සංසාරේ දිගයි. අපි හමුවෙයි. අද මට නින්ද යයිද?

No comments:

Post a Comment