Monday 22 January 2018

බ්ලොක්වීම හා විකාරවීම

මම දන්නවා දැන් හැම සමාජ ජාල පිටුවේම මම බ්ලොක්ඩ් ලිස්ට් එකේ. කමක් නැහැ. මට පැහැදිලි කරන්න අමාරුයි. එත් මොකටද? මම දන්නවා ලාස්ට් ගුඩ් බායි තැන ඉඳල දැන් මට කිසිම දෙයක් බලන්න දැක ගන්න අයිතියක් නැහැ. මම අයේ ඔයාගේ ජිවිතයට ඇතුළු වෙන්නේ නැහැ. මම කලේ පිටුපැම ආත්මාර්ථය. ඒ වගේ දෙයක් වෙන්න ඇති. මම වැරදි. මට වැරදුනේ. වින්දෙව්වේ මම විතරක් නෙවේ. වරද වරදමයි. මම එක කවදාහරි වින්දවයි.
ඔලුවත් නිදහස් නැහැ. හැමදේම අව්ලක් වගේ. එත් කමක් නැහැ. නිරව්ල් දේවල් මට දැන් අප්පිරියයි.. අනිත් අතට දැන් මම වැඩිපුර කියවන්නේ විකාර. හිතෙන්නෙත් විකාර.මට හැමදාම වැරදෙන්නේ පුරුද්දට වගේද? ඒක සංසාරේ මම ආපු හැටිද? අනේ මන්ද.

No comments:

Post a Comment