Monday 8 January 2018

පින්චිනා ආච්චිගේ මළගෙදර.

පින්චිනා ආච්චි මැරිලා. කතාව එහෙන් මෙහෙන් ආරංචි උනා. මගේ ඉස්පිරිතාලෙට ඇවිත් පදිංචිවෙලා වගේ හිටපු කෙනෙක්. එත් හැමෝටම එහෙම තමා. ලෙඩවීම අසරණ වීම මරණය. බුදු හාමුදුරුවෝ ජාති ජරා මරණ කිව්වා. ළමයි කිපදෙනේක්ගේ අම්ම කෙනෙක්. අවුරුදු අසුවත් පැනල වකුගඩුත් හොඳ නැහැ. බඩට වතුර පිරෙනවා. මගේ දෙවැනි පෙරිටෝනියල් කරාමය දැම්මෙත් මේ ආච්චිට. එක විදියකට එක එල්ලේම නැතත් එයාගේ මේ කුණු වෙලා යන සරිරේ මට ඉගැන්නුවා. ප්‍රැක්ටිකල් එහෙම තමා වෛද්‍ය විද්‍යාවේ. අද අවසන් කටයුතු. ළමයි ගොඩක් හිටියත් ඉස්පිරිතාලේ ළඟ හිටියේ මොලේ හොඳ නැති පුතා විතරයි. මට මතක නිහාල් වගේ එත් නම ලාල් කියල අද දන්නේ. ලාල් මම ඔයාගේ කුස පුරවගන්න සල්ලි කීප වරක් දුන්න. මට සතුටුයි ඒක ගැන. මොකද මම දොස්තර කෙනෙක් උනත් මම මුරුගයෙක් වගේ මාවම පෙනෙන්නේ. ඒ අතින් ඉස්පිරිතාලේ අපිට අම්මට උඹ වගේ ආදරේ කරපු එකෙක් ලොකු පාඩමක් කියල දුන්නේ. එනිසාමයි අද මල ගෙදර අවෙත්. මලගමේදී තමයි දැනගත්තේ මේවිදියට විකාර විදියට පිස්සෙක් වගේ ඉන්න ඉස්සරවෙලා උඹත් ගනියෙක්ව බැඳලා කොල්ලෙක් සවි ශක්තිය ඇති එකෙක් විදියට උන්න එකෙක් කියල. බිරිඳ උඹේ ආදරේ උඹව දාල ගිය. පිස්සෙක් වෙච්ච උඹ හිතුවේ අම්මගේ ආදරේ උණුසුම හැමදාම උඹ එක්ක ඉඳීවි කියල. ඒ හැම ආදරේම එකතු කරලා උඹ ආදරේ කලේ අම්මට. දැන් එයා මැරිලා. කෙනෙක් කිව්වා උඹ අම්මව කරේ තියාගෙන පාරට ගේනවා ත්‍රි විල් එකක් ගන්න ඉස්පිරිතාලේ යන්න කියල. උඹ ලබන ආත්මෙක ලොකු මිනිහෙක් වෙයි ලාල්. එක විස්වාසයි. හරිම පුදුමයි උඹව ආදරේ දාල ගියා. මම ආදරේකට පිටුපැව. හිතපන් උඹ තනිකමේ වේදනාවෙන් පිස්සෙක් උනා. මිනිස්සුන්ට ආදරේ නැතුව එහෙම වෙද්දී මම වගේ උන් ආදරේට පිටුපැව. උබේ පිස්සු ඔලුවට දුක කියාගන්න වචන ගලපගන්න බැරි හැටි මම දැක්ක. එකත් උඹටමයි උනේ. ඔලුවේ,හිතේ තියෙන දුක කියාගන්න බැහැ උඹ පිස්සෙක් වෙලා නිසා. මෙහෙම තමයි ලාල් ජිවිතේ. මම උඹේ කතාව ඉන්ටෙර්නෙට් එකේ මාර්කට් කරනවා නෙවේ. මේ උඹේ කතාවත් නෙවේ. මම කියන්නේ අයේ උඹ මෙහෙම ආත්මෙක ඉපදෙන්න එපා.ආදරේ නිසා අසරනවෙච්ච වෙච්ච උඹව බලාගන්න දරුවොත් නැහැ. හිටපු එකම කෙනා අම්මත් දැන් නැහැ. මම උඹගේ ගෙදර හිටියේ හරිම අපහසුවෙන්. මොකද මිනිස්සු මම දිහා අමුතුවට බලන නිසා. දොස්තර මොකද මෙහෙ කියල. එච්චර දුක්පත් ගෙදරකට මම කවදාවත් ගිහින් නැහැ ලාල්. එත් ගෙදරනිසත් මගේ හිත අව්ල් වගේ. ඒ මගේ මහන්තත්ත කම. මගේ මෝඩ කම. දනයෙන් ඉදිමිච්ච හිත. ලාල් උඹත් අසරණවෙලා. එත් උඹ මට ලොකු වීරයෙක් වගේ පෙන්නේ. මට ගොඩක් සතුටුයි මම ඉස්පිරිතාලේදී අම්මටයි උඹටයි උදව් කරපු එකට. උඹයි උඹේ අම්මයි එකතු වෙලා නිහඬවම මට කියල දුන්න පාඩම සල්ලි දීල ගන්න බැහැ. මම අයේ උඹව දකින එකකුත් නැහැ. හරිම පුදුමයි. ආදරේ නිසාම අපිට වෙන දේවල්. හරිම දුකකින් ඉන්නේ ලාල්. උඹ දුකෙන්ඔලුව අව්ල් කරගන්නකොට අපි වගේ අය බීලා ඔලුව අව්ල් කරගෙන ප්‍රශ්නේ අමතක කරනවා. පුළුවක් කලක් ජිවත් වෙලා අම්මගාවට ගිහින් සතුටින් ඉඳපන්.

No comments:

Post a Comment