Wednesday 28 March 2018

හිනාවෙන හැමෝම ඉන්නේ සතුටෙන්ද?

තවත් මාසයක් ඉවරයි. මම හිතනවා ඔයා හොඳින් කියල. අනේ හොඳින් ඉන්න. මට වෛර කලාට තරහ නැහැ. පොරොන්දු කැඩුවත් තරහ නැහැ. තරහ වෙන්න දෙයක් මට ඔයාගෙන් උනේ නැහැ. ඔයා ගත්ත හැම පියවරම හරි ඒ හැමදේම මට වේදනාවක් උනත් නැතත්. මගේ වේදනාව ගැන විතරද තමුසේ හිතන්නේ කියල ඔයා අසාවි. ඇත්ත. මම ඔයාව පැන්නුව. මමයි සමුගත්තේ. ඔයාට මතකද මම ඔයාට බැනපු විදි? මතක් කරලා බලන්න. මට තවම මතකයි. ඒවත් මතක් උනොත් ඔයාට තව ලේසි වෙයි එක්කෝ මට වෛර කරන්න හෝ අමතක කරන්න. සදාරණය කරන්න හදන්නේ නැහැ කිසිම දෙයක් බබා. එත් මගේ හිතේ වෛරයෙන් පිට උන හුගක් වචන වල තමා ආදරේ තිබුනේ. මම ඔයාව ලොකු වේදනාවකින් ඇත් කලේ. මම වැරදි ඔයා වැරදි නැහැ. අනිත් වැරදි කාරයා ආදරේ. හැම තැනම ඒක. ඒක හැමතැනම ඉන්නවා. ඒක අපි අතරට අවේ නැත්නම් මම ඔයාට වද නොදෙන්න තිබුන. එත් මේ ආත්මේ නැති උනත් මම වෙන ආත්මෙක හරි හමු වෙයි අපි එහෙම හමු නොවී හිටියනම්. එත් හමු වෙන්නත් හේතුවක් තියෙන්න ඇති. මම දන්නවා ඔයා අයේ මගේ මුහුණ බලන්නවත් කැමති නැහැ. බලන්නෙත් නැහැ. මාව මතකෙට ගන්නෙත් නැහැ. එත් කමක් නැහැ. මම ඒ හැම මතෙකෙම ජිවත් වෙනවා. සමහර මතක හුගක් දුකයි. හැබැයි ඔයාට අමාරු උන තැන්වල මම ඔයාගේ අත අල්ලාගෙන හිටියේ බොරුවට නෙවේ. වාසි ගන්නත් නෙවේ. මම පොඩි හරි දෙයක් දුන්නනම් කලානම් ඒවා කලේ දෙයක් ගන්න නෙවේ. ඒවා කේවල් කරන්න කරපුව  නෙවේ. මම දන්නවා ඔයා දැන් කියයි තමුසේ තව ඕවත් කියවනවා ලජ්ජා නැතුව කියල. කමක් නැහැ මගේ පැත්තෙන් කිසිදෙයක් කල්පනා කරන්න එපා. මට මතක් වෙනවා මම නුවරහරහා බස් එකේ කොළඹ ඇවිත් යනගමන් අපි ඇල්ලුව රණ්ඩු. එත් කවදාහරි දවසක මගේ මේ ලියන ඒවා දැක්කොත් කියවල බලන්න. මම ගොඩක් තැන්වල වැරදි වෙන්න පුළුවන් එත් මම වැරදි විතරමද කලේ? මම අදත් ගොඩක් සන්තොසවෙයි කවදාහරි ඔයා කිව්වොත් මම ඔයා වෙනුවෙන් පොඩි හරි දෙයකුත් කලා කියල. මම මගේ පර්ස් එකේ තිබුන සල්ලි විසිකරන්න හැදුව කියන්න එපා. ඔයා හොඳටම දැනගෙන හිටිය මම කොච්චරනම් අමාරුවෙන්ද ඒවා හම්බ කලේ කියල. මම කැත මිනිහෙක්, අයේ මොන බම්බුවටද මේවා මතක් කරන්නේ. වාසි හොයන්නද මිනිහෝ?(ඔයා අහයි, මගේ හිතත් කියනවා කටවහපන් කියල). කවදාහරි දවසක ඔයා කියයි තමුසේ වෙන් උන එකමයි හොඳ කියල. මම මොන මගුලටද ,එච්චර හොඳ මිනිස්සු ඉන්නකොට තමුසේ වගේ එකෙක් එක්ක එල්ලුනේ කියල. ඇත්ත. අපි හමු උනා.(මොකක්හරි හේතුවක් ඇති අනේ අපි හම්බවෙන්න හම්බවෙලා දුක් විඳලා යන්න උනත්. සමහර විට අපි හම්බ උනත් මම මුරුගයෙක් වෙලා. අයේ ඒ හමුවීම පලක් නැතුව ගියාවත්ද?). මට කරන ලොකු උදව්වක් අනේ.. ඔයා කොච්චර චෝදනකලත් වෛර කලත් කමක් නැහැ. බැන්නට කමක් නැහැ. මම වෙන් උනේ සතුටෙන් ඉන්න කියල කියන එක වැරදි. දත් පෙන්නන හිනාවෙන හැමෝම ඉන්නේ සතුටෙන්ද?

No comments:

Post a Comment