Monday 5 March 2018

ඇසුරු සැන

මහ වැස්සක දිය වෙලා යද්දී පිළිම නෙලන්නෙමි
බොර දිය මත හිඳගෙන රූප රටා අදින්නෙමි.
නුඹේ නිල්  දෙනෙතේ කදුළු තිබුණු හැටි සිතනෙමි.
මහ වැස්සක බිම බලාන පියවර ගනින්නෙමි.

හිනා ගෙනා දින පහුවී බොහෝ කල් ගිහින්.
නෙත් බරකල අප කතාවේ පිටු ඉරී ගිහින්.
ඔබ ඇවිදපු රළු මග මත අද මම පිය ඔසවම්
මම දන්නෙමි ඔබ හිතන්නේ මා හමුනොවුනානම්,
ඔබ  සතුටු ද ඒ සැනෙකත් අපට නොලැබුනානම්?
ඔබ සතුටුද කියන්න අපි හමුනොවුනනම්? 

No comments:

Post a Comment