Wednesday 14 March 2018

කවදාහරි කොහේදී හරි

මම දන්නවා ඔයාට හිතුනේ මෙහෙම කියල.
මේ සින්දුව ඔයා ගැන වගේමයි.
මමයි හැමදේම බලාපොරොත්තු සුන් කලේ.
මම වැරදියි මම දන්නවා.
ආදරේට හිතට එන්න එපා කියල තහනම් කරන්න මට බැරි උනා.
මම හිතන්නේ එක කරන්න අමාරු දෙයක්. ඒ නිසයි.
ඔයා කවදා හරි කොහොම හරි මාව අමතක කරාවි එක දන්නවා.
එත්...
කවදාහරි කොහේදී හරි තැනකදී තේරේවි මාව වැඩක් නැති මොනමගුලක් ද කියලත්.
ඒවගේම තමයි යම්දිනක මම වෙනුවෙන් වෙන් උන කාලය ගැනත් පසු තැවේවී
මම වැඩක් නැති ආදරයේ මිරිගුවක්ම කියල හිතාවි. එක ඔයා කරනවට මම වෙඉර කරන්නේ නැහැ.
මම ඒ නපුරු චරිතය වෙන්නම්. එත් මගේ ඇතුලේ හැම දේම නපුරුද?
මම මගේ ඇතුලෙම පැටලිලා.
හොඳින් ඉන්න මම වෙනුවෙන්. අපි වෙනුවෙන්. අපි වෙන් උනත්.

No comments:

Post a Comment