Thursday 29 March 2018

පැහැරගැනිම

නිදාගන්න ගිහින් වැසුණු ඇස් වලින් කඳුළු රූරා ගියේ කිම්දැයි නොකියමි.
නමුත් කඳුළු සැලුණු බව ඔබ දැනගත්තේනම් ඇති.
සිදුවන හෝ සිදුවූ එසේත් නැතිනම් කලදේ මෙසේ යයි නොකියමි.
කලදෙයින් හෝ උනදෙයින් වෛරයට බදුන් වන්නෙකු වෙමි.
මම එසේ වීමට කැමැත්තෙමි, ඒ මම එසේ වියයුත්තෙක් නිසාවෙනි,
මගේ හිත කිසිවෙකුත් නොදන්නා අතර කිසිවෙකුට කම්ද නැත.
සිනහවක් තිබුනත් එයද මමම යමක් වසන්නට යොදාගන්නකි.
මම හිත ඇතුලේ කකියන දේ නොකියමි, ඒ රකුසන්ගේ විදියයි.
ඒ වෙනුවට ඒවා සියල්ල මුලුගන්වා ලෝකය කියන්නසේම රකුසෙක් මෙන් සිටිමි.
සිනහව මදය, ඇතිවිට එය මගේ වේදනා වසනු ඇත,
නිතර එන තරහව කනස්සල්ල මටම කියන්නේ කිමදැයි මමම නොදනිමි,
ජිවිතයට ලැබුන හොඳමදේ, හොඳම හැගීම් පන්නා දමා ඇති අතර ඒ කිම්දැයි රස්සයන් දනීද?
ඒ කිම්දැයි ඇත්තේ යකකුට උවද ප්‍රශ්නයකි.
හිත අව්ල් වී වේදනාවෙන් තරහෙන් සිටින ජිවිත එවැනිය, එමෙන්ම එය රාක්ෂ සිතක සොබාවයයි
නමුදු ඔබ සිතනාමෙන් මම සිතක් නැත්තෙක් නොවෙමි,
ශාන්තුවරුන්, දේවදුතයන් දෙවියන්, වීමට වෙරදැරූ රකුසන් ලෝකයටම අමතක වී යනු ඇත,
එමෙන්ම එවන් උත්සාහයන් කල මමද කතා පොත්වලමෙන් භයානක රුපයක් කරනු ඇත.
නපුරු හිත් ආදරය සුව දැනී ආදරයෙන් වේලි නැවතත් උන්ගේ කරුමය විසින්ම ප්‍රේම විජිත වලින් එලිබැස
නික්මයාමට ඉඩසලස්වා ඇති අතර උන් නික්මගොස් ඇත.
ආදරය රකුසන් තුලද තිබිය නොහැකිද?
ආදරයක් දැනුනු හිතක් මම වැනි රකුසකුටද තිබිය නොහැකිද?
මගේ හිත මෙලොව සියලු මිනුම්දඩු වලින්ද නිර්වචන වලින්ද බොරු බව ලෝකයාම පවසනු ඇත.
එවැනි බහුතර අදහස් පිළිගෙන මෙසේ සිටිමි. ලෝකයට අපෙන්/මගෙන් ආදරය වැඩක් නොමැති අතර
මම වැන්නවුන් ආදරයක් කියා දෙයක් කර නොමැති බව ඔව්න් සමීකරණ මගින්ද වටහාදෙනු ඇත.
ඉතින් ආදරය උඹ හැමතැනටම පැමිණියා, එමෙන්ම මා තුළටත්.
මාකළ ආදරයෙන් වුනේ රිදීම පමණද?
මම කලේ සොරකමක්ද? පැහැරගැනිමක්ද? කියනු මැන


No comments:

Post a Comment